BREAKING NEWS

ජාතික අභිලාෂයන් මත පදනම් වූ ජාතියට අනන්‍ය ගමනට යළි පණ පොවමු!

12469961_1079821948734901_1983260352_oජාතික අභිලාෂයන් මත පදනම් වූ ජාතියට අනන්‍ය ගමනට යළි පණ පොවමු! බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් අපගේ මාතෘභූමිය 1815දී ගිල ගන්නා විට එය හැඳින්වූයේ ‘සිංහලේ’ නමිනි. ඔවුන් නාමික නිදහසක් ස්ථාපිත කොට පෙරළා යන විට එයට ලබාදී තිබූ නම වූයේ ‘ශ‍්‍රී ලංකාවයි’ ‘සිංහලේ’ ශ‍්‍රී ලංකාව බවට පත්වීම සිදු විය යුතුව තිබුණේ මේ පොළොවේ ජීවත් වූ අපගේ ජනතාවගේ අභිලාෂයන්ට අනුවය. නමුත් 1815 දී බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට ගිවිසුමක් මගින් රට පාවා දීමට ‘සිංහලේ’ ප‍්‍රභූ පැලැන්තිය ගත් වැරදි තීරණය හේතුවෙන් අපට උරුම වූයේ ‘සුද්දාගේ’ අභිලාෂයන් අනුව ගොඩනැගූ රාජ්‍යයකි. යුද්ධයෙන් බැරිවුණු තැන රජු හා ප‍්‍රභූ පැලැන්තිය අතර භේදය හා අසමගිය වපුරා ‘සිංහලේ’ ගිල ගැනීමට ‘සුද්දා’ සමත් විය. ඒ වැරැද්ද හේතුවෙන් අපේ ඓතිහාසික ගමනේ සම්ප‍්‍රදායන් හා උරුමයන්ට අනුකූල ‘මහා වෙනස’ අපට ජාතියක් ලෙස අහිමි විය. අපේ මුතුන්මිත්තන් සතු වූ විශිෂ්ට පාරම්පරික දැනුම, නිර්මාණ හැකියාව ආදී සියල්ලේ සාරය මතින් ගොඩනැගිය යුතු වූ ජාතික රාජ්‍යය, මේ පොළොවේ ගොඩනොනැගුණේ මීට වසර 200කට පමණ පෙර එනම් 1815දී සිදු වූ එක් ඓතිහාසික වැරැද්ද හේතුවෙනි. එම ඓතිහාසික වැරැද්දෙන් පාඩම් උගෙන, ජාතියක් ලෙස ජාතික අභිලාෂයන් මත පදනම්ව අපටම අනන්‍ය වූ ගමනකට දුෂ්කරතා මැද්දේ වුව අපි ප‍්‍රවේශ වී සිටියෙමු. ඒ ගමන ‘සුද්දාගේ’ පූර්ණ ආශිර්වාදය යටතේ ක‍්‍රියාත්මක වූ බෙදුම්වාදී ත‍්‍රස්තවාදය 2009 දී පැරදවීමත් සමග වේගවත් වී තිබිණි. එය දරා ගැනීමට නොහැකි වූ සුද්දන් ද කළුසුද්දන් හා ඔවුන්ගේ ගැත්තන් ද ‘අවුල් හවුලක්’ නිර්මාණය කර ‘ව්‍යාජ වෙනසක්’ පිළිබඳව හඩ නැගූහ. 2015 ජනවාරි 08 වැනිදා එම ‘ව්‍යාජ වෙනසට’ රටම නතුකර ගැනීමට ඔවුන් සමත් වූයේ 1815ට නොදෙවැනි ඵෙතිහාසික පාවාදීමක් තුළිනි. ඒ අනුව ජාතියට දෙවැනිවරටත් වැරැද්දවීමට ‘සුද්දා’ සමත්විය. 2015 ජනවාරි 08 වැනිදා සිදු වූ ‘ආප්ප විප්ලවය’ හේතුවෙන් අද වන විට රට බේරාගත් රණවිරුවන් දංගෙඩියට දක්කන ‘සුද්දන්ගේ උසාවියක්’ නිර්මාණය වී තිබේ, රට බෙදීයාමේ දිශාවට ඇදගෙන යමින් තිබේ. ආර්ථික, සමාජ, සංස්කෘතික පරිහානියකට මුළුමහත් සමාජය ඇද දමා තිබේ. ඒ නිසා 2016 වසරේදී රට මුහුණපා ඇති ඉහත කී අනතුරුදායක තත්ත්වය පරාජය කිරීම සඳහා රටට හිතැති ශ‍්‍රී ලාංකික සුජාත දූ පුතුන් තරයේ අධිෂ්ඨාන කරගත යුතුව තිබේ. ජාතික අභිලාෂයන් මත පදනම් වූ ජාතියට අනන්‍ය ගමනකට යළි රට රැගෙන යා හැක්කේ එවැනි දැඩි අධිෂ්ඨානයකින් සටන් වැද ‘ආප්ප විප්ලවය’ ආපසු හැරවුවහොත් පමණි. ඒ වෙනුවෙන් රොද බැඳ ගනිමු. සැමට සුබ නව වසරක්!

විමල් වීරවංශ(පා.ම)

නායක,

ජාතික නිදහස් පෙරමුණ,

2016.01.01

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*