BREAKING NEWS

ජාතික අලුත් අවුරුද්දේ අලුත් අභියෝගය ජය ගැනීමට අදිටන් කර ගනිමු!

wish3

සිංහල බෞද්ධ හා දෙමළ හින්දු ජනතාව පමණක් නොව සමස්ත ශ‍්‍රී ලංකාවාසීන්ම ඒකාත්මික කරවන තවත් ජාතික අලුත් අවුරුද්දක් අදට යෙදී තිබේ.

නිවෙස් අලංකාරවත් කරමින් කැවිලි පෙවිලි සාදමින්, අලුත් ඇඳුමින් සැරසෙමින් මේ ජාතික අලුත් අවුරුද්ද අප සමරන්නේ ඉපැරණි සංස්කෘතිකාංග රැසක් සමගිනි. කැවිලි පෙවිලි හුවමාරුව තුළින් අසල්වැසියන් සමග අන්‍යෝන්‍ය සුහදතාව වර්ධනය කර ගැනීම, අවුරුදු ක‍්‍රීඩා හා බැඳුණු උත්සව තුළින් ගම්වාසීන් අතර සමගිය, එකමුතුකම වැඩි දියුණු කිරීම ආදී එවැනි සංස්කෘතිකාංග තුළින් ශක්තිමත් වනුයේ ජාතික සමගියයි.

ජාතික අලුත් අවුරුදු උත්සවයේදී ඉතා වැදගත් තැනක් ලැබෙන්නේ අලුත් අවුරුදු චාරිත‍්‍ර ඉටු කිරීමටය. එකම දිනයක, එකම සුබ මොහොතක, මුළු මහත් ජාතියම එම චාරිත‍්‍ර ඉටු කරමින් බලාපොරොත්තු වන්නේ තම ජීවිතවලට නව ආරම්භයක් ලබා ගැනීමටය. සිදු වූ පරණ වැරදි නිවැරදි කරගනිමින් අලුත් බලාපොරොත්තු සපිරි දිවි ගමනකට අදිටන් කර ගැනීමට සුදුසුම මොහොත වන්නේද මේ ජාතික අලුත් අවුරුද්දයි.

ඒ වෙනුවෙන්, දිනූ නිදහස රැක ගැනීමේ අභියෝගය ජාතිය හමුවේ මතුව ඇති මේ අවස්ථාවේදී එම අලුත් අභියෝගය ජය ගැනීමේ අදිටනද ඇති කර ගන්නා ලෙස මුළුමහත් ජාතියෙන් ඉල්ලා සිටින්නෙමු.

සැමට සුබ ‘‘ජාතික අලුත් අවුරුද්දක්’’ වේවා!

විමල් වීරවංශ(පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ,
2015.04.12

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*