BREAKING NEWS

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ 45 වැනි උපන් දිනය අදට (07) යෙදී තිබේ.

11043464_10204296187740200_8920303063394927208_oආයුබෝ වේවා!
විමල් වීරවංශ නම් ඔහු…
45 වැනි වියට පා තැබූ වගයි

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ 45 වැනි උපන් දිනය අදට (07) යෙදී තිබේ.

කළුතර තිස්ස විද්‍යාලයේ ඉගෙනුම ලැබූ විමල් වීරවංශ මහතා පාසල් වියේදීම සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ක‍්‍රියාකාරිකයකු ලෙස ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට එක්විය.

උසස් පෙළ හදාරමින් සිටියදී පූර්ණකාලීනව ජවිපෙ හා සම්බන්ධ වන විට විමල් වීරවංශ මහතා කළුතර තිස්ස විද්‍යාලයේ පළමු පෙළ ක‍්‍රිකට් කණ්ඩායමේ වර්ණලාභී ක‍්‍රීඩකයකු ද විය. 1990 දශකයේ මුල් අවධියේදී ලක්මිණ, ලක්දිව, හිරු ඇතුළු ජනතාවාදී පුවත්පත් ගණනාවක විවිධ වගකීම් දරමින් පුවත්පත් කලාවේදියකු ලෙස කටයුතු කළ විමල් වීරවංශ මහතා එවකට ප‍්‍රකටව සිටියේ ‘විමලසිරි ගම්ලත්’ යන අන්වර්ථ නමිනි.

ජනතා විමුක්ති පෙරමුණ යළි ගොඩනැගීමේදී පුරෝගාමී වැඩ කොටසක් ඉටුකළ විමල් වීරවංශ මහතා ජාතිය ගලවා ගැනීමේ පෙරමුණ යටතේ 1994 මහ මැතිවරණයට තරග වැදුණු මාතර දිස්ත‍්‍රික් කණ්ඩායමේ නායකත්වයද දැරීය.

1997 වන විට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය නියෝජනය කරමින් ප‍්‍රචාරක ලේකම් ධුරයට පත් වූ විමල් වීරවංශ මහතා පක්‍ෂයේ ප‍්‍රකාශන ආයතනයෙන් නිකුත් කළ නියමුවා, සීනුව ඇතුළු නියමුවා ප‍්‍රකාශනයන්හි ප‍්‍රධාන කර්තෘවරයාද විය.

1997 සිට 2008 දක්වා කාලය තුළ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්වරයා ලෙස පොදු ජනතාවත් පක්‍ෂයත් අතර මනා සන්නිවේදනයක් ඇතිකළ හැකි වෙබ් අඩවි, වෙබ් රේඩියෝ මෙන්ම ‘රශ්මි ටී.වී. නාලිකාවද’ හඳුන්වා දෙමින් ඔහු මෙරට දේශපාලන ප‍්‍රචාරක කලාවට නව මුහුණුවරක් ලබාදුන්නේය. ඒ අතරම තම අසමසම චතුර කථිකත්වයද යොදා ගනිමින් ජනතා විමුක්ති පෙරමුණේ මතය නගරයේ සිට ගම් දනව් දක්වාත්, මහ මැදුරේ සිට පැල්පත දක්වාත් රැගෙන යාමට අමිල මෙහෙවරක් ඉටු කළේය.

විමල් වීරවංශ මහතා මහජන නියෝජිතයකු ලෙස පළමු වරට තේරීපත් වූයේ 1997දී කොළඹ මහ නගර සභාවටය. ඉන් අනතුරුව 1999 දී බස්නාහිර පළාත් සභාවට තේරී පත්වූ අතර, ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී කණ්ඩායමේ නායකත්වයද දරනු ලැබීය.

2000 ඔක්තෝබරයේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණෙන් කොළඹ දිස්ත‍්‍රික්කයට තරග වදිමින් ඔහු පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත්විය. පසුව 2001 දෙසැම්බරයේ පැවති මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණෙන් කොළඹ දිස්ත‍්‍රික්කයට තරග වැදුණු විමල් වීරවංශ මහතා වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය. 2004 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ජනතා විමුක්ති පෙරමුණ තරග වැදුණු අතර එහිදීද කොළඹ දිස්ත‍්‍රික්කයට තරග වැදුණු විමල් වීරවංශ මහතා දිස්ත‍්‍රික්කයේ වැඩිම මනාපය ලබාගත්තේය. වීරවංශ මහතා 2008 අපේ‍්‍රල් 08 වැනිදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින් ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වන තෙක්, එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ නායකත්වය දැරීය. ඔහු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් නායකයකු ලෙස අනගිභවනීය සේවයක් ඉටු කළේය. එහිදී ඔහු විසින් බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදයට එරෙහිව සහ විවිධ ජනතා ගැටළු අරභයා පාර්ලිමේන්තුවේදී සිදුකළ විශේෂ ප‍්‍රකාශයන් මුළුමහත් රටම අවදි කරවීමට සමත්විය.

ජනතා විමුක්ති පෙරමුණ රටට දෝහී වෙමින් තමන් ලැබූ ජයග‍්‍රහණ පසෙකලා පරාජයන් සියතින් වැළඳ ගන්නා තත්ත්වයක් තුළ ‘පක්‍ෂයට පෙර රට’ යන ස්ථාවරයේ සිට 2008 අප්‍රේල් 08 වැනිදා විමල් වීරවංශ මහතා ජවිපෙන් ඉවත් වූයේ එහි තවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 10 දෙනකු සමගිනි.

ඉන් අනතුරුව විමල් වීරවංශ මහතා ඉහත පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ද සමග 2008 මැයි මාසයේ 14 වැනිදා ජාතික නිදහස් පෙරමුණ නම් වූ ජාතිකවාදී දේශපාලන පක්‍ෂය බිහි කරමින් එහි නායකත්වයට පත්විය.

‘බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදය පරාජය කළ යුතුය, එය කළ හැකිය’ යන ජාතිකවාදී මතය සමාජගත කරමින් එතෙක් පැවති ‘යුද්ධයෙන් කොටි පැරදවිය නොහැක’ යන බෙදුම්වාදීන්ට උඩගෙඩි දෙන මතය පරදවා රණවිරුවන්ට චිත්ත ධෛර්ය ගෙනදුන්, රට දිනවන මතවාදී මෙහෙයුමේ ප‍්‍රමුඛයා වූයේද විමල් වීරවංශයන්ය.

ඔහු 2010 දී යළි පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ කොළඹ දිස්ත‍්‍රික්කයෙන් එජනිස මනාප ලැයිස්තුවේ ප‍්‍රථම ස්ථානයට පත් වෙමිනි. 2010 දී බිහිවූ නව ආණ්ඩුවේ ඉදිකිරිම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය ධූරයෙන් පිදුම් ලැබූ විමල් වීරවංශ මහතාගේ සංකල්පයක් අනුව බිහිවූ ‘ජනසෙවණ’ ජාතික නිවාස සංවර්ධන මෙහෙයුම මෙරට නිවාස අහිමි පිරිස්වල ‘නිවාස සිහිනය’ සැබෑ කරන්නක්ම විය.

කුමන්ත‍්‍රණකාරී ලෙස මහින්ද රාජපක්‍ෂ පාලනය බිඳ දමමින් බිහිවූ ‘යහපාලනය’ රටේ සාමකාමී පැවැත්ම හා ස්ථාවරභාවය අනතුරේ හෙළමින් යන මේ ගමන ආපසු හැරවීමට සමත් මහා ජන බලවේගයක් ගොඩනැගීමේ ජාතික අරගලයේ පුරෝගාමියා වී සිටින්නේද මහා සංඝරත්නය වෙතින් ජනහිතකාමී දේශහිතෛශී ශ‍්‍රී ලංකා පුත‍්‍ර ගෞරව නාමයෙන් ද පිදුම් ලබා ඇති විමල් වීරවංශ නම් මේ උදාර මිනිසාමය.

විමල් වීරවංශ මහතාණෙනි! ඔබට ආයුබෝ වේවා!

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Narada Reply

    තම දශක ගණනාවක දේශපාලන ඉතිහාසය තුල ජාතියේ නිදහස, ස්වෛරීභාවය හා අභිවෘද්ධියම පිණිස, සියළු අවිනිශ්චිත, අර්බුදකාරී තත්වයන් තුලදී – ජය පරාජය කුමක් වීමට නියමිතව තිබුනත් – නිවැරදිව මවුබිම වෙනුවෙන් සිටගත යුතු පැත්ත හඳුනා ගනිමින්, අධිරාජ්‍යවාදීන් හා ඔවුන් විසින් මෙහෙයවනු ලබන ජාතියේ සතුරන්ට එරෙහිව, තම ආරක්ෂාව පවා නොතකා, අපමණ ප්‍රහාර වලට මුහුණ දෙමින්, “අතරමැද සාමයක් නොමැතිව” මවුබිම වෙනුවෙන් අඛණ්ඩ සටනේ නිරතව සිටින ඔබට යෝධ බල ශක්තිය ලැබේවා…

Leave a Reply

*