BREAKING NEWS

‘ජාතික ලැයිස්තු මංකොල්ලය’

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය බ‍්‍රහස්පතින්දා බත්තරමුල්ලේ පිහිටි එහි ප‍්‍රධාන කාර්යාලයේදී පක්‍ෂ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ සහ ප‍්‍රධාන ලේකම්, ප‍්‍රියන්ජිත් විතාරණ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් රැස්විය.

එහිදී ප‍්‍රධාන වශයෙන්ම සාකච්ඡාවට භාජනය වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවට අත් වූ ඉරණම පිළිබඳවය.

‘‘මේක තමයි, මේ රටේ විතරක් නොවෙයි මා සිතන අන්දමට ලෝකයේ පවා ජාතික ලැයිස්තුවක් සම්බන්ධයෙන් සිදු වූ බරපතලම මංකොල්ලය. 40 දශකයෙන් පසුව ඉතිහාසයේ ප‍්‍රථම වතාවට අද ලංකා සම සමාජ පක්‍ෂයට පාර්ලිමේන්තුවේ නියෝජිතයෙක් නැති වී තිබෙනවා. ඣඡුෑ කාරක සභාවේ සභාපතිවරයා ලෙස විශිෂ්ට භූමිකාවක් ඉටු කළ ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම්වරයා වන ඩිව් ගුණසේකර මහතාට අද ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු නියෝජනය කිරීමේ අවස්ථාව අහිමිකර තිබෙනවා. අවම වශයෙන් පැරණි වමේ ව්‍යාපාරයට අයත් එම පක්‍ෂ දෙකේ පාර්ලිමේන්තු නියෝජනයවත් සලකා බැලිය යුතුව තිබුණා, ජාතික ලැයිස්තුව සකස් කිරිමේදී එසේ නොසලකා හරිමින් කටයුතු කර එජනිස ජාතික ලැයිස්තුව ‘අනාථයන්ගේ ලැයිස්තුවක්’ බවට පත් කළා. ජාතික ලැයිස්තුවක් ‘පින්නවල අලි අනාථාගාරය’ වගේ විය යුතුද? මේ තත්වය ජනතාව දැඩි පිළිකුළෙන් හෙළා දකිනවා. මේක යහපාලනයකට නොවෙයි කවර අන්දමේ පාලනයක මූලධර්මයකටවත් අදාළ වන්නේ නැහැ. අපි කණගාටු වෙනවා එවැනි තත්වයකට එජනිස ජාතික ලැයිස්තුව හදපු අය පත්වීම ගැන.’’ විමල් වීරවංශ මහතා එහිදී අවධාරණය කළේය.

‘‘රාජ්‍ය අනුග‍්‍රහය සහිතව ප‍්‍රචාරක කටයුතු සඳහා කෝටි සංඛ්‍යාත මුදලක් වැය කරපු ජනතා විමුක්ති පෙරමුණට අවම වශයෙන් 5%ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබාගන්න බැරි වුණා. අද ඉතිහාසයේ කවරදාවත් නොවූ ආකාරයට ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර 02ට ජවිපෙ නායකයන් මරා ගන්නවා. ලාල් කාන්ත සහෝදරයා පළාත් සභා මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙලා, තමන්ගේ විරෝධය පක්‍ෂ නායකයාට පෙන්වලා තියෙනවා. ‘පරාජිත අපේක්‍ෂකයන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යවන්නේ නැහැ’ කියලා කෑගහපු ජවිපෙටත් අද මාතරින් ප‍්‍රතික්‍ෂේප වුණු හඳුන්නෙත්ති සහෝදරයාව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යවන්න සිදු වෙලා තියෙනවා.

මේ සියලූ අර්බුද මැද්දේ මේ අය ඒවා වහගන්න ජානිපෙට මඩ ගහන්න හදනවා. ඒකෙන්ම තේරෙනවා ඔවුන් අද වැටිලා තියෙන අසරණකම’’ජානිපෙ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා එහිදී පෙන්වා දුන්නේය.

‘‘ඉදිරියේදී අපට අභියෝග රැසකට මුහුණ දීමට සිදු වෙනවා. ඒවාට මුහුණ දීමට අපි සූදානම්. විය යුතුයි. මේ රටේ ප‍්‍රගතිශිීලී, වාමාංශික බලවේග බෙලහීන කරලා තමන් අපේක්‍ෂා කරන, තමන් බාරගත්තු කොන්ත‍්‍රාත්තුව ඉතාම වේගයෙන් ක‍්‍රියාත්මක කරන්නයි මේ ආණ්ඩුව සැරසෙන්නේ. ඒකට පූර්ව කොන්දේසිය තමයි විරුද්ධ පක්‍ෂය යටත්කර ගැනීම. ඒ න්‍යාය පත‍්‍රයයි දැන් ක‍්‍රියාත්මක වෙන්නේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ජනාධිපතිවරයා හරහා ජාතික ආණ්ඩුවක කොටස්කාරයෝ කරන්න යන්නේ ඒකට. ඇත්ත වශයෙන්ම මෙතැන තියෙන්නේ ජාතික ආණ්ඩුවක් නොවෙයි, හවුල් ආණ්ඩුවක්. මේ හවුල හැදෙන්නෙත් එජාපය සහ ශ‍්‍රී ලනිප කොටසක් අතරයි. අද එකසිය ගණනක ඇමති මණ්ඩලයක් හැදෙන ලකුණු පෙන්වලා තියෙනවා.

මේ රටේ ජාතික ආරක්‍ෂාව දුර්වල කරන්න, බටහිර අධිරාජ්‍යවාදීන් ලබා දීපු කොන්ත‍්‍රාත්තු ටික ඉටු කරන්න, තමන්ට උදව් කරපු කල්ලිවලට කප්පම් දෙන්න නම් විපක්‍ෂයක් නැති වෙන්න  ඕනේ. ඒ න්‍යාය පත‍්‍රයයි මේ ක‍්‍රියාත්මක වෙන්නේ, ‘තමන් පත් කළ නියෝජිතයන්ට ඒ උගුලට හසු වෙන්න ඉඩ දෙන්න එපා!’ කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිය යුතුයි.’’

ජානිපෙ නියෝජ්‍ය සභාපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

 

2015-08-30 jnp gossip

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*