BREAKING NEWS

ජාතික සමගිය වඩවාලීමට අදිටන්කර ගනිමු!

‘ජාතික සමගිය වඩවාලීමට අදිටන්කර ගනිමු!’

සිංහල බෞද්ධයන් සහ දෙමළ හින්දූන් පමණක් නොව ශ‍්‍රී ලංකාවාසී සියලු ජනතාව ජාතික සමගියෙන් බැඳ තබන තවත් ජාතික අලුත් අවුරුද්දක් අදට(14) යෙදී තිබේ.

අප මෙම ජාතික අලුත් අවුරුද්ද සමරනු ලබන්නේ ඉපැරණි සංස්කෘතිකාංග රැසක්ද සමගිනි. ඒ අතර වන කැවිලි පෙවිලි හුවමාරුව තුළින් අසල්වාසීන් සමග අන්‍යෝන්‍ය සුහදතාව වර්ධනය කර ගැනීම සහ අවුරුදු ක‍්‍රීඩා හා බැඳුණු උත්සව තුළින් ගම්වාසීන් අතර සුහදතාව, එකමුතුකම වැඩි දියුණු කිරීම ආදී යහපත් ගුණාංග රැසක් අප ජීවිතවලට එක් කරනු ලබයි. අවසන ඉන් ශක්තිමත් වන්නේද ජාතික සමගියයි.

එසේ යහපත් ගුණාංග රැසක් අප ජාතියක් ලෙස ජීවිතවලට එක්කර ගන්නා මේ අවුරුදු සමයේ බොහෝ දෙනකුට එහි ඉහළම සතුට හිමිකර ගත නොහැකි වී ඇත්තේ මන්ද? ඒ ඔවුන් මුහුණ දෙන සමාජ – ආර්ථික දුෂ්කරතා හේතුවෙනි. එහෙයින් ඉදිරිය්දී මුළුමහත් ජාතියටම මේ ජාතික අවුරුදු උත්සවයේ ඉහළම සතුට භුක්ති විඳිය හැකි සමාජයක් අප නිර්මාණය කරගත යුතුව තිබේ. ඒ සඳහා වන අධිෂ්ඨානය කුළුගන්වන සුබ ජාතික අලුත් අවුරුද්දක් පතන්නෙමු!

විමල් වීරවංශ (පා.ම.)
නායක,
ජාතික නිදහස් පෙරමුණ
2017.04.14

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    ඔබේ වටිනා අලුත් අවුරුදු පණිවුඩයේ සඳහන් පරිදිම ජාතීන් අතර සමගිය වඩවන අලුත් අවුරුද්දක් සහ සියළු ජාතීන්ට යහපත් හෙට දවසක් ප්‍රාර්ථනා කරනවා.

    ප්‍රියතම මන්ත්‍රීතුමා, කලින් තිබුණු ප්‍රවෘත්තියට අවුරුදු ක්‍රීඩා ගැන මම කරපු විහිළුවට සමාව ඉල්ලනවා.

    It was nothing but a light hearted joke. I most sincerely apologize if it hurt your feelings.

    එදාට පස්සේ දැන් තමයි ඒක කියැව්වේ. අනිත් එක මම video බලන්න හරිම කම්මැලියි. මම කියැව්වේ news එකේ caption එක විතරයි. මම ඒක ලියනකොට video එක බලලා තිබුනේ නැහැ. අද දැන් තමයි බැලුවේ.

    I am so sorry Wimal. I mean it. මම ලේසියෙන් ලියපු දෙයක් ගැන සමාව ඉල්ලන කෙනෙක් නෙමෙයි. පසු තැවෙන කෙනෙකුත් නෙමෙයි. වෙන කාගෙන්වත් ලියපු දේකට සමාව ඉල්ලුවා කියලා මතකයක් නැහැ. හැබැයි ඔබට කල විහිළුවට දැන් පසු තැවෙනවා වගේම සමාවත් ඉල්ලනවා. (තරහද? I love you so very very much).

    • Champa Reply

      අද තමයි මම ආපහු ඇවිල්ල news හරියට බැලුවේ. දැන් කියැව්වහම දැකපු දෙයක් දැකල හිනහා ගියා. විමල් ගැන කියලා තියෙන. විමල් නැති ජාතික නිදහස් පෙරමුණක්??? I want to laugh. ජනතාව ඉන්නේ විමල් එක්ක. විමල් ඉන්නේ කොතනද, මිනිස්සු එතන ඉන්නවා. කවුද මේ කතාව හැදුවේ? So lame! They should try again.

      “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ” හෙවත් බැසිල්ගේ පක්ෂේ “ගෝල්ෆේස් එකේ” තියනව කියන මැයි රැළිය පැත්තක තියලා විමල් ගැන බය වෙලා දඟලනවා කියලා මට විතරක් නෙමෙයි ලංකාවටම පේනවා.

      විමල්ට බය වෙලා. ඉස්සරත් බය වුනා. තාමත් බයයි කියල පේනවා.

      2015 පෙබරවාරි විමල් කිව්වේ නැත්නම් මහින්දව ආපහු ගේනවා කියල කිසි කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. වෙන කවුරුවත් නෙමෙයි, මහින්දම stage එකට නැගලා කිව්වත් මම ආපහු එනවා කියලා, පිස්සෙක් කියල මිනිස්සු හිනා වෙලා නිකම් ඉඳියි. මිනිස්සු විශ්වාස කලේ මහින්දව නෙමෙයි, විමල්ව. විමල් කිව්වොත් කරනවා කියල මිනිස්සු දන්නවා. අදටත් රට වෙනුවෙන් සැබෑ ආදරයක් තියෙනවා කියලා මිනිස්සු විශ්වාස කරන්නේ විමල්ව.

      විමල් ඉස්සරහට එයි කියලා, ජාතික නිදහස් පෙරමුණ ඉස්සරහට එයි කියලා සෑහෙන බයක් ඇතිවෙලා තියෙනවා කියලා පේනවා.

      2007 විමල් හිටපු, 1990 ගණන්වල නැවත ගොඩ නඟපු JVP එකේ ශක්තිය දැකලා ඒකට බය වෙලා ඒ පක්ෂෙ දෙකඩ කරන්න උගුල් ඇදපු (JVP නොවෙන) මිනිස්සුම, ඊට අවුරුදු 10කට පස්සේ 2017, එදා වගේම අදත් විමල් ඉන්න ජාතික නිදහස් පෙරමුණේ ශක්තිය දැකලා ඒක දෙකඩ කරන්න උගුල් අදින්න දත කන බව පේනවා.

      විමල් වීරවංශයි, ලංකාවයි, ජාතික නිදහස් පෙරමුණයි බැඳිලා තියෙන්නේ එකට. එකම දම්වැලක පුරුක් තුනක්. මේක කඩන්න බැහැ. කඩන්න හිතන්නවත් එපා. කැඩෙන්නෙත් නැහැ. කඩන්න හිතන එවුන්ටත් වගතුවක් වෙන්නේ නැහැ.

      විමල්ව හිරේ දමලා පක්ෂෙ වට්ටන්න හැදුවා. හරි ගියේ නැහැ. විමල් හිරේ ඉඳගෙන පක්ෂෙ ඉදිරියට අරන් යන්න කටයුතු කළා. විමල් තමන් මානසිකව නොවැටී හිටපු නිසා ජාතික නිදහස් පෙරමුණේ කිසි කෙනෙකුත් මානසිකව වැටුනේ නැහැ. විමල් ශක්තිමත්ව හිටපු නිසා මිනිස්සුත් ශක්තිමත්ව හිටියා, විමල් කවදා හරි එලියට එනතුරු ජනතාව බලා හිටියා. විමල්ව හිරේ දමපු මිනිස්සු හිතුවේ ඒකෙ අනිත් පැත්ත.

      දවස් අසූ ගණනක් හිරේ ඉඳලත්, ඇප ඉල්ලීම් එක පිට එක ප්‍රත්ක්ෂේප වෙලත්, තමන්වම ඉලක්ක කරගෙන අයුක්තියක් අසාධාරණයක් සිද්ධ වෙලත්, අවනීතියට එරෙහිව දවස් 8ක් උපවාසයක් කරලා තමන් ශාරීරිකවවත්, මානසිකවවත් වැටිලා නැති බව විමල් මුළු රටටම පෙන්නුවා.

      අනිත් එක විමල් ව හිරේ දැම්මට පස්සේ අනිත් මිනිස්සු කරපු දේවල් දැක්කහම හොඳටම තේරෙනවා, “මැයි දිනේට” විමල් එළියේ ඉඳියි කියලා බලාපොරොත්තු නොවුණු විත්තිය. ඒ නිසා ජාතික නිදහස් පෙරමුණ ඇතුලේ ප්‍රශ්න තියෙනවා කියලා නොයෙකුත් කතා හදනව මැයි දිනේට ඉස්සෙල්ල.

      විමල් තරම් මේ රටේ අපහාස, අවමාන, අවලාද, මානසික පීඩා වලට ලක්වුණු තවත් දේශපාලකයෙක් නැහැ. විමල්ව තරම් වට්ටන්න හදපු තවත් දේශපාලකයෙක් නැහැ. නමුත් විමල්ට කවුරු මොනවා කලත් මේ රටේ ජනතාව විමල්ව අත ඇරලා යන්නේ නැහැ කියල ඉතිහාසයම ඔප්පු කරලා තියෙනව.

      විමල් සිරගත කිරීමට විරුද්ධව ජාතික නිදහස් පෙරමුණ සංවිධානය කරපු විරෝධතා වගේම, විමල් වෙනුවෙන් විමල් දන්නෙවත් නැති මම වගේම තවත් බොහෝ දෙනෙක් විමල් වෙනුවෙන් කතා කරලා තියෙනවා.

      ජාතික නිදහස් පෙරමුණේ හැමදෙනාටමත්, විමල්ව වට්ටන්න හිතන අනිත් හැමෝටමත් එක දෙයක් මතක් කරලා දෙන්න කැමතියි.

      2008 නේද ජාතික නිදහස් පෙරමුණ පටන් ගත්තේ? එදා ඉඳන් අවුරුදු 8ක්, 2016 වෙනකම් විමල් පක්ෂේ ඇදන් ගියේ තනියම. ජාතික නිදහස් පෙරමුණ කියලා මිනිස්සු හිතුවේ විමල්ව. දැක්කේ විමල්ව, දන්නේ විමල්ව. 2015 මහා මැතිවරණෙට ඉදිරිපත් වෙලා හිටයත් පක්ෂේ අනිත් අය ගැන මිනිස්සුන්ට ඒ හැටි මතකයක් තිබුනා කියල මම හිතන්නේ නැහැ. ඊට පස්සේ 2016 මුල ඉඳන් මම දැක්ක විමල් පක්ෂෙ වැඩ කටයුතු delegate කරලා තියෙනවා. (පක්ෂෙ ඇතුලෙ වැඩ කරපු හැටි මම දන්නේ නැහැ). ඊට පස්සේ තමයි මේ රටේ ජනතාව ජාතික නිදහස් පෙරමුණේ අනිත් අයව දැක්කේ. හරියට දැක්කේ. අවධානයක් යොමු වුනේ. ජයන්ත පක්ෂෙ මාධ්‍ය හමු වලදී දැක්ක. වීරකුමාරව මම නම් ඇත්තටම දැක්කේ 2016 අයවැය විවාදේ වගේ තමයි මතක. මොන යම් හේතුවක් නිසා හරි විමල් පක්ෂෙ වැඩ delegate කරපු නිසා, විමල් සිරගත කරපු වෙලාවේ විමල්ට පහසු වුනා හිරේ ඉඳගෙන වුනත්, මානසිකව සහ ශාරීරිකව තමන්ව වට්ටන්නත්, ඒ හරහා තමන්ගේ පක්ෂෙ කඩන්නත් කරපු කුමන්ත්‍රණය පරාජය කරලා පක්ෂෙ ඉදිරියට අරන් යන්න.

      විමල් වෙනුවෙන් කතා කරන්න මේ රටේ හැමෝටම අයිතියක් තියෙනවා. ජාතික නිදහස් පෙරමුණේ නායකයා වුනාට විමල් අයිති මේ රටට. ජනතාවට.

      විමල්ගේ පහනෙන් බොහෝ දෙනෙක් එලිය බැලුව. හැබැයි ඒ එලියෙන්ම බැබලිලා ඊට පස්සේ ඒ පහන නිවා දමන්න හිතන්න තරම් කුරිරු මෘග මිනිස්සුත් හිටිය. හැබැයි පහන නිවුණේ නැහැ. අද තිබුනටත් වඩා දීප්තියෙන් බබලනවා. හැමදාම තමන් අඳුරේ ඉන්දගෙන අනුන්ට එලිය දීපු විමල්, තමන්ගේ පහන තමන් පැත්තට හරවා ගත්තොත් අනිත් හැමෝටම ඉන්න වෙන්නේ අඳුරේ.

      කටු අකුල්, හිරිහැර බාධක තාවකාලිකයි. ඒ බාධා වලට කටු අකුල් වලට වයසයි. ලංකා දේශපාලනයේ මේවා තිබුනා හැමදාම. විමල් තාම තරුණයි. විමල්ව අද වට්ටන්න හැදුවත් ඊට වඩා ශක්තියකින් විමල් හෙට නැගිටින එක වලක්වන්න කාටවත් බැහැ.

      2008 විමල්ව අයින් කරන්න හදපු JVP එක අද තියෙන්නේ කොහෙද? 39 අද 6ට බැහැලා. විමල් ජාතික නිදහස් පෙරමුණ පටන් ගත්ත කාලේ විමල් එක්ක එකතු වුනු අය, නන්දන ගුණතිලක සහ අනිත් නම් මට මතක නැහැ, අද ඒ ගොල්ලෝ කොහෙද කියල කවුරුවත් දන්නේ නැහැ. තව ජාතික නිදහස් පෙරමුණෙන් තරඟ කරලා පස්සේ වෙන පක්ෂ වලට එකතු වුනු මට හරියට මතක නැහැ, උතුරු මැද හෝ මධ්‍යම පළාත් සභාවල, ඒ ගොල්ලෝ තම ඉන්නවද මම දන්නේ නැහැ. තව 2014 මහා මැතිවරණෙට ඉස්සෙල්ල විමල්ගේ ජාතික නිදහස් පෙරමුණ අතෑරලා සිරිසේනට එකතුවුණු සංවිධායකයෝ හිටිය මට මතක හැටියට දකුණු පළාතේ. ඒ ගොල්ලන්ට සිරිසේනගේ ආණ්ඩුවේ තනතුරු ලැබුනද? විමල්ව අතෑරලා ගිය මේ කිසි කෙනෙක් අද ඉන්නවද නැත්ද කියල නැහැ. හැබැයි විමල් එදාටත් වඩා ශක්තිමත්ව අදටත් ඉන්නවා.

      අර කතාව ඇත්තමයි කියමු. (වීරකුමාර කියල තිබුන එහෙම එකක් නැහැ කියලා). විමල් ගොඩ නඟපු ජාතික නිදහස් පෙරමුණෙන් විමල්ව අයින් කලොත් (I want to laugh) විමල්ව බිමට වැටෙනවද? කොහෙත්ම නැහැ, විමල් වැටෙන්නේ ජනතාවගේ අත් දෙක උඩට. වැටෙන්නේ විමල්ව වට්ටන්න හදන මිනිස්සුන්ව මිසක්, විමල් නෙමෙයි. පුළුවන් නම් කරලා බලන්න.

      විමල් වීරවංශ කියන්නේ සාමාන්‍ය දේශපාලකයෙක් නෙමෙයි. විමල් ජාතික වස්තුවක්. විමල්ව අකටයුත්තක් කරන්න, අසාධාරණයක් කරන්න කාටවත් ඉඩක් ලැබෙන්නේ නැහැ. මොකා නීතිය අතට අරන් මොන බලපෑම් කලත් අවසානයේ විමල්ව හිරෙන් නිදහස් කරන්නත් සිද්ධ වුනා කියන එක අමතක කරන්න එපා.

      විමල් මේ රටේ වාසනාවට, ජාතියේ පිනට උපන්න, රටක් වටින, සිංහල දේශපාලන නායකයෙක්. දැනට වයස්ගත වෙලා ඉන්න සිංහල දේශපාලකයන්ගෙන් පස්සේ සිංහලයන්ට නායකයෙක් නැහැ. දැනටමත් අරාජික වෙලා තියෙන රටට, ඉදිරියට ශක්තිමත් සිංහල නායකත්වයක් අවශ්‍ය වෙනවා. සිංහල ජාතියම එකමුතු කරන ජාතික නායකත්වයක් අවශ්‍ය වෙනවා. විමල්ව නැති කරන්න හදන්නේ බල ලෝභී දේශපාලකයෝ කියන එක මේ රටේ ජනතාව දන්නවා. ජාතික නායකත්වයක් නැති වුනොත් සිංහලයට ඉදිරියේදී වෙන්නේ මොකක්ද කියන එක ඇස් කන් අරගෙන ඉන්න ඕනෙම සිංහලයෙකුට පේනවා. ඒ නිසා රටේ පිනට උපන්න විමල්ව ආරක්ෂා කරගන්න මේ රටේ ජනතාව ඉදිරපත් වෙනවා. විමල්ව සිරගත කලෙත් විමල්ව නැති කරන්න හදන්නෙත් මේ රටට කිසි ආදරයක් නැති, බල ලෝභීන්, දේශද්‍රෝහීන් සහ ජාති ද්‍රෝහීන්.

      සිංහල නායකයෙක්ව නැති කරන්න, ඒකට සම්මාදම් වුනොත් ජනතාව නියම වෙලාවට ඒවාට උත්තර දෙයි. විමල්ට අයුක්තියක් කරන්න හිතන එවුන් කවදාවත් සිංහල ජාතියටවත් ජනතාවටවත් යුක්තිය ඉෂ්ඨ කරන්නේ නැහැ.

      විමල් කියන්නේ තනි බලයක්. සාමුහික බලයක් නෙමෙයි. විමල් වගේ ශක්තිමත් දේශපාලකයෙක්, තනි බලයකින් හිට ගන්න පුළුවන් දේශපාලකයෙක් ලංකාවේ තවත් නැහැ. අනිත් හැමෝටම නැගිටින්න පිරිස් බලය ඕනේ. එහෙම නැත්නම් රාජ්‍ය බලය ඕනේ. නැත්නම් මානසිකව කඩා වැටෙනවා. විමල් තමන්ගේ තනි ශක්තිය ගැන විශ්වාසය තියෙන කෙනෙක්. අසාමාන්‍ය ආත්ම විශ්වාසයක්, අසාමාන්‍ය චිත්ත ශක්තියක් තියෙන කෙනෙක්. විමල් පිරිසකට තමන්ගේ ශක්තිය දෙන කෙනෙක් මිසක්, පිරිස් බලයෙන් තමන්ගේ ශක්තිය ගොඩ නඟා ගත්තු කෙනෙක් නෙමෙයි. ඒ නිසා විමල්ව තනි කරලා වට්ටන්න පුළුවන් කියලා හිතන්නේ දේශපාලන අඳබාලයෝ. විමල් කවුද කියලා තවම අඳුනාගන්න බැරි වුනු දේශපාලන අනාථයෝ. දේශපාලන ඕපපාතිකයෝ.

      ඔබට ශ්‍රී දළදා සමිඳු පිහිටයි, විමල්. (I miss you. I didn’t see you for ages!). අපි හැමෝම ඔබට හුඟක් ආදරෙයි. මම වගේ openly කිව්වේ නැතත්, රටට ආදරේ හැම සිංහලයම ඔබටත් ආදරෙයි. කවුරු නැතත් ඔබට මේ රටේ ජනතාවත්, මමත් ඉන්නවා. ඔබත් මමත් ජනතාවත් අතර තියෙන බැම්ම, අපි පණ වගේ ආදරය කරන අපේ මව්බිම. අපේ බැඳීම කඩන්න නම්, රටක් නැති වෙන්න ඕනේ. කාටවත් පුලුවන්ද එහෙම කරන්න? මේ රට නැති කරන්න?

      • Champa Reply

        තව පොඩ්ඩක් කියන්න තියෙනවා. ඉස්සෙල්ලත් කිව්වා වගේ විමල්ව මේ රටේ ජනතාව සලකන්නේ රටටම අයිති වස්තුවක් විදියට. එහෙම කිව්වේ කවුරු අකැමති වුනත් මෙහෙම කතා කරන්න මට අයිතියක් තියෙනවා කියල කියන්න. 2015ත් මම කතා කලා. 2016ත් කතා කළා. 2017ත් කතා කරනවා. 2020 වෙනකනුත් මට පුළුවන් කතා කරන්න. ඕනේ නම් ඊට පස්සෙත් පුළුවන්. වෙන වැඩක් නැත්ද කියල කෙනෙකුට හිතන්න පුළුවන්. වෙන වැඩ තියෙනවා. හැබැයි ඒ හැම වැඩකටම වඩා මට විමල්ව වටිනවා. මගේ රට වටිනවා. රණ විරුවෝ වටිනවා. දුක් විඳින බහුතර ජනතාව වටිනවා. රටේ අනාගත පරම්පරාව, දරුවෝ වටිනවා. දුක් විඳින කාන්තාවෝ වටිනවා,

        චැක්…. කියන්න ගිය එක මට අමතක වුනා.

  2. Champa Reply

    මම නිවාඩුවක හිටියත්, නුවර ප්‍රාදේශීය වාර්තාකරුවෙක් පුවත්පතකට විමල් බැහැදුටු මල්වතු අනුනායක හිමියන් ගැන පමණක් සඳහන් කරලා, (තව මට නම් වැදගැම්මකට නැති දේවල් – විමල් කියනවා මට නම් ඇහුනේ නැති – කොටසකුත් එක්කරලා) ප්‍රවෘත්තියක් පල කරලා තියෙනවා දැකලා පොඩි සටහනක් ලියන්න හිතුව.

    “ප්‍රාදේශීය වාර්තාකරු” මම හිතන්නේ තමන්ට අදාළ කොටස විතරක් ලියන්න ඇති. නමුත් එතැන සඳහන් නොවුණු රාමඤ්ඤ නිකායේ මහා නායක හිමියන් ගැන සඳහන් කරන්න හිතුන.

    ඇත්තම කිව්වොත් මම මාධ්‍ය ගැන ඒ හැටි worry වෙන කෙනෙක් නෙමෙයි. නමුත් සමහර දේවල් දැක්කහම කතා නොකර ඉන්න බැරි වෙනවා. 2015 අවුරුද්දේ සියයට 99කම මාධ්‍ය හිටියේ ආණ්ඩුව පැත්තේ. 2015 ජනවාරි 8ට ඉස්සෙල්ල රටේ ජනමතය හැසිරෙව්වේ මාධ්‍ය. හැබැයි, පෙබරවාරි 18 ජනතාව පාරට බැහැලා ඒක වෙනස් කළා. සම්පූර්නයෙන්ම වෙනස් කළා. දැන් රටේ තියෙන්නේ ජනතා මතය. ජනතාව හැම දෙයක් ගැනම අවදියෙන් ඉන්නවා.

    විමල් දළදා වහන්සේ වැඳ පුදා ගන්න ගියා. රාමඤ්ඤ නිකායේ මහා නායක හිමියන් සහ මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමියන් බැහැ දකින්නට ගියා තමන්ගේ කෘතවේදීත්වය පල කරන්න.

    මහනාහිමියන් වහන්සේට මාධ්‍යවල නම දාගන්නවත් ප්‍රචාරයක්වත් අවශ්‍ය නැහැ. ලංකාවේ තියෙන නිකාය තුනම – සියම්, රාමඤ්ඤ සහ අමරපුර නිකාය තුනම බෞද්ධයන්ට එක විදියට වැදගත් වෙනවා. ඒ වගේම ඒ නිකායන් වල මහා නායක හාමුදුරුවරුන්ට එක හා සමාන ගෞරවයක් මේ රටේ තියෙනවා.

    රාමඤ්ඤ නිකාය ගැන අපි පොඩි කාලේ අහල තියෙන්නේ කුඩ පාවිච්චි නොකර තල් අත්ත ඉහලගෙන වඩින හාමුදුරුවරු ඉන්න නිකාය කියල. 1863 ජූලි මාසේ (සමහර තැන්වල තියෙනවා 1864 ජුනි කියල) පටන් ගත්ත රාමඤ්ඤ නිකාය අවුරුද 154ක් පැරණියි. රට පුරාම සහ විදේශවල මේ නිකායට අයත් හාමුදුරුවරු අති විශාල සංඛ්‍යාවක් වැඩ ඉන්නවා. විශාල පන්සල් ප්‍රමාණයක්, භාවනා මධ්‍යස්ථාන රට පුරා තියෙනවා.

    සියම්, රාමඤ්ඤ, අමරපුර නිකායන් තුනටම අයත්, ඒවාට ආවේනික කතිකාවත්, චාරිත්‍ර, සහ පිළිවෙත් තියෙනවා. බෞද්ධයෙක් විදියට අපිට හැම නිකායම එක හා සමානයි. හැම මහනායක හාමුදුරුකෙනෙක්ම එක හා සමානව බෞද්ධයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වෙනවා.

    විමල් දළදා වහන්සේත් වැඳ පුදා ගත්තා. රාමඤ්ඤ නිකායේ මහා නායක හිමියන්වත් මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමියන්වත් එකවාරයේම බැහැ දකින්න ගියා. මේ කාරණා තුනම ලංකාවම එකවිට දැක්ක.

    මම නිවාඩුවක හිටියා වුනත්, රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පෙමසිරි මහ නාහිමියන් ගැන ඒ ප්‍රවෘත්තියේ සඳහනක් නොවුණු නිසා සහ ඉතාම තීරණාත්මක අවස්ථාවක, රාමඤ්ඤ නිකායේ මහ නාහිමියන් විමල්ගේ උපවාසය නතර කරන්න කල මැදිහත්වීම ගැන බෞද්ධයෙක් විදියට මහ නාහිමියන් ගැන මා තුල තිබෙන ඉමහත් ගෞරවය සහ භක්තිය වෙනුවෙන් මේ සටහන ලියලා තියන්න හිතුවා.

  3. Champa Reply

    විමල් මගේ හැටි දන්නවනේ. මට හිතේ තියන් ඉන්න බැහැ. වහෙන් ඔරෝ කියන හැටි දන්නෙත් නැහැ. ඒ හින්ද කියන්න තියෙනදේ කියනවා. I am always blunt. But I can’t help.

    මට ප්‍රශ්නයක් තියෙනවා. මට තේරෙනවා ඔයාට ප්‍රශ්නයක් තියෙනවා කියලා.

    මම සාමාන්‍යයෙන් video බලන්න voice-cut අහන්න කම්මැලියි. හැබැයි දැන ගන්නම ඕනේ හින්දා මුසම්මිල් ගේ දේශපාලන බල මණ්ඩලය ගැන කතාව ඇහුවා. I was surprised.

    ඒ කතාවේ මෙහෙම කිව්වා. “ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන බල මණ්ඩලය තීරණය කළා ….(something…. something) අපේ පක්ෂයේ මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ,… ඊළඟට මට මතක නැහැ දෙවෙනි නම වීර කුමාරද, ජයන්තද කියලා…..” වෙනද වගේ ඒක මෙතැන දාලත් නැහැ. Now I see why.

    විමල්, ඇයි ඔයාගේ නම කිව්වේ නැත්තේ “අපේ පක්ෂ නායක විමල් වීරවංශ” කියලා? මීට කලින් හැමදාම “අපේ පක්ෂ නායක” කියලනේ කියන්නේ? ඒ කියන්නේ දේශපාලන බල මණ්ඩලය පක්ෂ නායකයාට වඩා ඉහලයි කියලද මේ කිව්වේ? ඒක නම් කතාව ඔයා ඔය පක්ෂෙ තවත් ඉඳලා වැඩක් නැහැනෙ විමල්.

    විමල් හිර ගෙදර යන්න ඉස්සෙල්ල හැම දේටම කිව්වේ මේක අපේ පක්ෂ නායකයාගේ තීරණයක් කියලනේ. මට මතකයි අර පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙන්න යන කතාව වෙලාව ඔබේ පක්ෂේ අයට ඒ ගැන ප්‍රකාශයක් කරන්න කිව්වහම ඒ ගොල්ලෝ කිව්වා එහෙම කරන්නේ පක්ෂ නායකයා කිව්වොත් විතරයි කියලා. කොහොමද එකපාරට දේශපාලන බල මණ්ඩලයක් ඉස්සරහට ආවේ?

    මම කියන්නද මට තේරෙන දේ. විමල්, ඔබට විරුද්ධ කුමන්ත්‍රණය තාම ඉවර නැහැ. ඉස්සෙල්ල පක්ෂෙන් පිට තිබුණු කුමන්ත්‍රණය දැන් පක්ෂෙ ඇතුලටම ගෙනල්ල තියෙනවා.

    ගිය දෙසැම්බර් මාසේ කරපු සැලසුම මේ විදිය වෙන්න පුළුවන්. ඔබව මෙල්ල කරන්න බැරි හින්ද ඔබව හිරේ දානවා. ඊළඟට පක්ෂේ ඇතුලේ ඔබේ බලය නැති කරන්න වෙන අයව promote කරනවා. මම දන්නේ නැහැ කවුද කියලා. හැබැයි ඔබ හිරේට ගිය මුලදීම මම දැක්ක පක්ෂේ ඇතුලේ බල අරගලයක් තියෙනව කියල. ඒ දවස්වලම නැතුව මම පහු කාලෙ ඇහුව. පස්සේ මම දැක්ක පොඩ්ඩක් lame උත්සාහයක් අරන් තියෙනව එහෙම නැති බව පෙන්වන්න.

    පැහැදිලිවම පෙනෙන දේ ඔබේ සතුරෝ ඔබව සැහෙන කාලෙකට හිර ගත කරන්න තීරණය කරන් හිට්යා කියන එක. අවුරුද්දක්, සමහරවිට 2020 වෙනකම්. කවුද දන්නේ. ඒ කාලේ ඇතුලත මට හරියටම කියන්න බැහැ දෙවෙනි පෙළ නායකයෙක්, ඔබේ හතුරන්ට අඩංගු කර ගන්න පුළුවන් කෙනෙක් ට පක්ෂයේ බලය අරන් දෙන්න සැලසුමක් වගේ දෙයක්. මම හිතනවා ඔබේ පක්ෂේ ඇතුලේ අය එක්කෙනෙක් හෝ දෙන්නෙක් ඇර වෙන කවුරුවත් මේකට අහු වුනා කියලා. හැබැයි කවුරුවත් හිතපු නැති විදියට ඔබ උපවාසයක් පටන් ගත්තා. ඒ වෙනකොට ඔබට ආයේ ඇප නොලැබෙන තැනට ඔක්කොම හදලා තිබුනා. විමල් ඔබ උපවාසේ නොකරන්න ඔබට කවදාවත් එලියට එන්න ලැබෙන්නේ නැහැ. මම හිතනවා ඔබ ඒක දන්නා නිසා තමයි දෙකෙන් එකක් වෙන්න කියලා 22 වෙනිදා උපවාසේ පටන් ගත්තේ. මට මතකයි ඔබේ උපවාසෙට කලින් මම 20 වෙනිදා ලිව්වා විමල් ඔබ හුඟක් tough කියලා මම දන්නවා හැබැයි මේ තරම් tough කියලා මම දන්නේ නැහැ. ඊට පස්සේ ඔබ උපවාසයක් පටන් ගත්ත කියලා ඇහැව්වහම මට සිහි එළවගන්නත් බැරි වුනා. ඒ මොකොද කාටවත් ඔබව නතර කරන්න බැරි නිසා. හැබැයි මම ඔබට ධෛර්යය දුන්න. Because at that point it was imperative for you to do something. ඔබේ උපවාසය නිසා sleep mode එකේ හිටපු ලංකාවම action mode එකට ආව. එදා ඒක නොකරන්න ඔබ තාමත් ඇතුලේ. මහා නායක හාමුදුරුවරු කියපු දේ අහලා ඔබ උපවාසේ නතර කලාම ලංකාවම සැනසුම් සුසුමක් හෙලුවා. ඔබට එදා ඇප නොලැබුනානම් ලංකාවම ඒකට විරුද්ධ වෙනවා. විමල් ඔබ දන්නවද මන්ද, ලංකාවේ බොහෝ ප්‍රදේශ වල නගරබද ගම්බද හුඟක් මිනිස්සු, ඔබ හිතනවාට වඩා විශාල ප්‍රමාණයක් ඔබ වෙනුවෙන් බෝධි පූජා, වෙනත් පුද පූජා කළා කියල. ඔබ ගැන දුක් වුනා කියල. ඔබ නිදහස් වෙනතුරු බල හිට්යා කියල. බලන්න විමල් ඔබ දළදා මාලිගාවට ගිය දවසේ පොඩි දරුවෝ, තරුණයෝ ඇවිල්ල ඔබට වැන්දා. වැඩිහිටියෝ ඇවිල්ල ඔබට ආචාර කලා. රාජ්‍ය නායකයෙක් නොවී වෙන කාටද විමල් මිනිස්සු ඒ විදියට ගරු කරන්නේ ආදරේ කරන්නේ? කලින් සූදානම් නොකර සමහර විට රාජ්‍ය නායකයෙකුටවත් එහෙම කරන්නේ නැති අවස්ථාත් තියෙනවා.

    ඔබ හිර ගෙදර හිටපු කාලේ ඔබේ පක්ෂේ ඇතුලේ වෙනසක් වෙලා තියෙනව කියල මට හිතෙනවා. ඔබේ නායකත්වයට අභියෝග කරන තරමට? මීට කලින් ඔබේ පක්ෂේ එහෙම තිබුනේ නැහැ. මම හිතනවා මම හරි කියල. ඔබේ දේශපාලන බල මණ්ඩලය කියන එකේ ඉන්නේ කවුද මම දන්නේ නැහැ. නමුත් එකේ ඇතුලේ කතා කරපු දේ ඒ සැනින්ම එලියට ගිහින් තියෙනවා. ඔබේ එළියේ ඉන්නේ හතුරෝ ඒක එනතුරු ඉඳල තියෙනවා. ඊට පස්සේ සැක නොහිතෙන්න ඒක දුන්න UNP websites වලට. මම වැරදිද මම දන්නේ නැහැ, හැබැයි මට පේන්නේ මේ විදියට. ඔබේ දේශපාලන ගමන හිරේ දාල කඩන්න බැරි වුන නිසා ඇතුලේ මත ගැටුමක් හදලා දේශපාලන බල මණ්ඩලය හරහා ඔබේ නායකත්වයට අභියෝගයක් එල්ල කරලා තියෙනවා. ඒකෙන් දේශපාලන බල මණ්ඩලය දිනලා තියෙනවා හෙවත් ඔබට දේශපාලන බල මණ්ඩලයේ බහුතර බලය නැති වෙලා තියෙනවා. එහෙම නොවුනා නම් මුසම්මිල් ඔබ පක්ෂයේ නායකයා කියන කොටස හලලා “පක්ෂේ මන්ත්‍රීවරු වන විමල් වීරවංශ සහ…. others.” කියල කියන්නේ නැහැ.

    NFF එකේ මැයි දිනයේ සහභාගිත්වය ගැන මත ගැටුමක් ඇතිවෙලා තියෙනව. දැන් කියන විදියට NFF එක Galle Face යනවා.

    රෙද්දක් ඇඳගෙන NFF එක ඒ මැයි රැලියට ඒකාබද්ධ විපක්ෂයත් එක්ක එකට සහභාගී වෙන්නේ කොහොමද කියල මට ප්‍රශ්නයක් ඇතිවෙනවා. එක පැත්තකින් ඔබ හිර ගෙදර ඉන්න කොට ඒකාබද්ධ විපක්ෂය ඔබේ සිරගත කිරීම ගැන ප්‍රබල විරෝධයක් දැක්වුවේ නැහැ. ඒක මට විතරක් පෙනුන දෙයක් නෙමෙයි, මාධ්‍ය වේදීන් පවා ඇහැව්වා. ඊළඟට ඒකාබද්ධ විපක්ෂය ඒක දේශපාලන දඩයමක් විදියට සැලකුවේ නැහැ. ඒක ගැන කතා කලොත් එක රටේ නීතිය ගැන මහජනයා තුල වැරදි අවබෝධයක්, රට ගැන වැරදි අවබෝධයක් ඇති වෙයි කියලා කිව්වා. ඊට කලින් ඒකාබද්ධ විපක්ෂයේ අනිත් අය හිර ගෙදර යනකොට ඔය කතා කිව්වේ නැහැ. ඔබ ලව්වා ආණ්ඩුවට පහර ගැස්සෙව්වා දේශපාලන පලිගැනීම් කරනවා කියල. හැබැයි ඔබ හිරේ ගියාම ඒක දේශපාලන පලි ගැනීමක් නෙමෙයි වුනා. බැසිලුයි නාමලුයි දවස් දෙකක් උසාවි ආව. හරියට coincidence වගේ ඒ දවස් දෙකම ඔබේ ඇප ඉල්ලීම් ගැන තීන්දු දෙන දවස්. දෙකම ඔබට අවාසි විදයට සිද්ධ වුන. බැසිල් කියන්නේ දේශපාලකයෙක් නෙමෙයි. දේශපාලනය ව්‍යාපාරයක් විදියට කරන කෙනෙක්. කිසි ප්‍රතිපත්තියක් නැහැ. බැසිල්ට තියා මහින්දටවත් හරි ප්‍රතිපත්තියක් නැහැ. දැන් දෙමල මුස්ලිම් පක්ෂ කිහිපයක් එක්ක deal දාලා. බැසිල් යන පාරේ ඔබට යන්න බැහැ. Total opposites. අනිත් එක මිනිස්සු බැසිල්ට කැමතිත් නැහැ. ඒකාබද්ධ වීපක්ෂය ගැන මිනිස්සුන්ගේ විශ්වසේ බිඳිලා ගිහින් ඉවරයි. ව්‍යවස්ථාවට කලින් විරුද්ධ වුනේ නැහැ කියන එක ලංකාවම දන්නවා. තව ඕනේ නම් ලියන්න පුළුවන් හැබැයි වැඩක් නැහැ. මට කියන්න ඕනේ වුනේ කලින් කොහොම වුනත් දැන්නම් ඒක ඔබේ ප්‍රතිපත්ති වලට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ කියල. අනිත් එක සිංහල බෞද්ධයෝ කිසි දවසක දෙමළ මුස්ලිම් පක්ෂ එක්ක හවුල් වෙලා සිහලයන්ව නිවටයන් කරන පක්ෂ වලට ආයෙ චන්දෙ දෙන්නේ නැහැ. මිනිස්සු ගන්නේ තනි තනි තීරන වුනාට ඊළඟ ඡන්දේ තීරනාත්මක සාධකය සංවර්ධනයවත් දේශපාලන පොරොන්දුවත් නෙමෙයි රටේ ඉදිරි අනාගතය. සිංහලයෝ එක විදියටම හිතල තීරණයක් ගන්නවා. ඒ නිසා Galle face වේදිකාවට නගිනවට වඩා හොඳයි මේ අවුරුද්දේ මැයි දිනය එක්කෝ විහාරමහා දෙවි එළිමහන් පීඨයේ තියෙනවා නැත්නම් නොතියාම ඉන්නවා. ඒක මගේ ස්වාධීන අදහසක්.

    දැන් ආපහු ඔබේ පක්ෂේ ගැන කියන්නම්. විමල් මටත් මුළු ලංකාවාසී ජනතාවටත් ඔබ ජාතික නිදහස් පෙරමුණේ නායකයා. ජාතික නිදහස් පෙරමුණේ තීරන හැම එකක්ම ගත්තේ ඔබ. ජාතික නිදහස් පෙරමුණේ ගමන් මඟ තීරණය කලේ ඔබ. දේශපාලන මණ්ඩලයක් තීරන ගන්න බව ඇහුව පලවෙනි වතාව. අනිත් අයගේ අදහස් වලට ඇහුම්කන් දෙන්න ඕනේ, නමුත් අවසන් තීරණය ගන්නේ පක්ෂ නායකයා විදියට ඔබ. මේ තමයි මේ වෙනකම් ලංකාවම හිතා හිටපු විදිය. ඔබේ පක්ෂ සංවිධායකයන් සහ ඔබේ පක්ෂ සාමාජිකයන් ඔබේ පක්ෂේ ඉන්නේ ඒ පක්ෂේ නායකයා ඔබ නිසා. දැන් එහෙම නෙමෙයි නම්, එකේ තේරුම පක්ෂය ඇතුලේ ඔබේ නායකත්වය පිලි ගන්න කැමති නැති පිරිසක් ඉන්නවා කියන එක. මේ පක්ෂේ තවදුරටත් ඔබේ නෙමෙයි කියන එක.

    පක්ෂයේ නායකයා විදියට මිසක් පක්ෂේ මන්ත්‍රීවරයෙක් විදියට ඔබව හඳුන්වන තැනට වැටෙන්න තරම් ඔබ සාමාන්‍ය දේශපාලකයෙක් නෙමෙයි, විමල්. ඔබ මුළු රටක් ජාතියක් නගා හිටවපු වාමාංශික දේශපාලන නායකයෙක්. මුළු ජාතියේම රණහඬ විදියට රටම සලකන්නේ ඔබ. ඔබ වගේ තනි ශක්තියෙන් නැගිටින්න පුළුවන් දේශපාලකයෙක් තවත් ලංකාවේ නැහැ. අවුරුදු 30ක් තිස්සේ දේශපාලනය කරපු ජ්‍යෙෂ්ඨ පළපුරුදු දේශපාලකයෙක් ඔබ. ලංකාවටම ඉන්න එකම සටන්කාමී දේශපාලකයා ඔබ. ඔබ පක්ෂයේ පලවෙනි තැන මිසක් දෙවැනි තැන ඉන්න ඕනේ කෙනෙක් නෙමෙයි. අගමැතිවරයෙක් ජනාධිපතිවරයෙක් නොවී මුළු රටක්ම ආදරය කරන එකම දේශපාලකයා ඔබ. රට වෙනුවෙන් පණ දෙන්න වුනත් ඉදිරිපත් වෙන, රටට පණ වගේ ආදරය කරන ඔබ වැනි වෙනත් කෙනෙක් ලංකාවේ නැහැ කියන එක මුළු රටම කියන දෙයක්. පිළිගන්න දෙයක්. මිනිස්සු ආදරේ විමල් වීරවංශ කියන ප්‍රතිපත්ති ගරුක, දේශප්‍රේමී, වාමාංශික, සටන්කාමී විප්ලවවාදීයාට මිසක් ජාතික නිදහස් පෙරමුණේ නායකයාට නෙමෙයි. ඔබේ පක්ෂේ නම මිනිස්සුන්ට වැඩක් නැහැ විමල්. ඔබේ පක්ෂේ අනිත් අයවත් මිනිස්සුන්ට වැඩක් නැහැ විමල්. මිනිස්සුන්ට මේ රට වගේම වටින්නේ ඔබව.

    ඔබේ දේශපාලන මණ්ඩලය ඔබට ඉහලින් යන්නේ ඒක පිටස්තර පිරිසකගේ පාලනයට නතු වෙලා නිසා. මම හිතනවා ඔබට මම කියන දේ තේරෙනව කියලා. ඔහොම ඉන්න එපා විමල්. ඔබ ඔහොම කවුරුවත් කියන විදියට ඉන්න ඕනේ කෙනෙක් නෙමෙයි. ඔබ නායකයෙක් මිසක් කාගෙවත් තීරණ වලට එකඟ විය යුතු පක්ෂයේ සාමාන්‍ය දේශපාලන මණ්ඩල සාමාජිකයෙක් නෙමෙයි. You are a born leader. An iconic leader. You are a living legend, Wimal.

    විමල් ඔබේ පහනෙන් එලිය බලන්න ඔබ හැමෝටම ඉඩ දුන්න. දැවැන්ත දේශපාලන සෙවනැලි වලට වැහිලා හිටපු ඔබ 2015 එයින් එලියට ආව. ඔබ කවුද, ඔබ මොන තරම් ශක්තිමත් දේශපාලන නායකයෙක්ද, ඔබට මොන තරම් දේවල් කරන්න පුලුවන්ද, කියල මුළු රටම දැක්කේ එතකොට. 2015ට ඉස්සෙල්ල හිටියට වඩා, 2016 හිටියට වඩා වැඩි ජනතාවක් 2017 ඔබට ඉන්නවා. මහින්දගෙන් පස්සේ ගම්බද ජනතාව ආදරේ කරන්නේ ඔබට. සමහරු, ඒ කිව්වේ මං වගේ අය මහින්දටත් වඩා ඔබට ආදරේ කරනවා. මහින්දට කැමති නැති නමුත් ඔබට කැමති මිනිස්සු ඕනේ තරම් ඉන්නවා. ඔබට මතක නම්, මම මේක 2015ත් කිව්වා විමල්. එදා ඔබ ඒක පිළිගන්න අදමදී කළා. ඔබ තාම තරුණයි විමල්. ඔබ වෙනුවෙන් ජනතාව බලන් ඉඳියි. අපිට හදිස්සියක් නැහැ. අනිත් එක ඔබ මම වගේ හතර වටේ සමතලා කරගෙන bulldozer එකක් වගේ අධිවේගෙන් ඉස්සරහට යන කෙනෙක් නෙමෙයි. ඔබ කල්පනාවෙන් ඉවසීමෙන් වැඩ කරන කෙනෙක්. ඔබ අද ඉන්න ස්ථාවරය ගොඩ නඟා ගත්තේ තනිකරම ඔබේ ශක්තියෙන්. ඒ නිසා ඔබව වට්ටන්න කාටවත් බැහැ. ඔබ වැටෙන්නෙත් නැහැ. ඔබව වට්ටන්න මම කාටවත් ඉඩ දෙන්නෙත් නැහැ.

    දැන් ඔබේ පක්ෂේ ගැන කතා කරන්නම්. ඔබේ පක්ෂේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඔබට මේක අවුරුදු 10කට ඉස්සෙල්ල වුනා. History is repeating, interestingly with the same players. ඔබ බොහෝ වෙහෙස මහන්සියෙන් ඉදිරියට ගත්ත JVP එක, ඉහලට ඉහලට එනකොට ඒ පක්ෂෙට ඔබව අයින් කරන්න ඕනේ වුනා. මුළු රටම JVP දිහා බැලුවේ ඔබ හින්ද වුනාට JVP එකට ඒගැන අවබෝධයක් තිබුනේ නැහැ. ඒ පක්ෂේ අයත් හිතුවා ඔබ නැතුව, ඔබව හලලා අළුත් නායකත්වයක් එක්ක ඉස්සරහට යන්න. හැබැයි ඔබව අයින් කලාට පස්සේ ජනතාවත් JVP එකෙන් අයින් වුනා. 2015 මම දැක්ක JVP බලකොටුවක් කියල කවුද කියපු Homagama රැස්වීමකට හිටියේ 20කටත් අඩු පිරිසක්. ඉස්සරහට තවත් අඩු වෙනවා. JVP සාමාජිකත්වය හිටියේ ඔබත් එක්ක මිසක් ඒ අයත් එක්ක නෙමෙයි කියලා ඔප්පු කරලම පෙන්වල තෙයෙනවා.

    විමල්, එදා ඔබව අයින් කරන්න යනකොට ඔබ නම්බුකාර විදියට වේලාසනම අයින් වුනා. ඔබ කිසි සටනක් කලේ නැහැ. ඔබට කලේ අයුක්තියක් වුනත් ඔබ ඒක පිළිගත්තා. ඔබ හුඟක් හැඟුම්බර කතාවක් කලා පාර්ලිමේන්තුවේ. මම එදා ඒක ඇහුවේ නැහැ. ඇහුවේ මේ ලඟදි. ඔබ කතා කලේ හුඟක් වේදනාවෙන්. ඒ වේදනාව ඔබට අදත් දැනෙනවා කියල මම හිතනවා. අදත් ඔබට වෙන්න යන්නේ එහෙම නැත්නම් කරන්න යන්නේ ඒකද? එදා ඔබ ඒක ඉවසුවා. අදත් ඔබ ඒක ඉවසන්න ඕනෙද? එදා ඔබ ඔබේ සතුරන්ට දිනුම දුන්න, අදත් ඔබ කරන්න හදන්නේ ඒකද? ඔබව පක්ෂ නායකයා කියල හඳුන්වා දෙන්නේ නැතුව පක්ෂයේ මන්ත්‍රීවරයෙක් කියල හඳුන්වන කොට, ඔබ අදත් ඒක පිලි අරන් නිහඬ වෙන්නද හදන්නේ?

    ඒ ගොල්ලෝ එහෙම ඔබව අඳුන්වපු එකේ තේරුම මොකක්ද විමල්? මීට පක්ෂේ පක්ෂයේ තීරණ ගන්නේ නායකයා විදියට ඔබ නෙමෙයි, දේශපාලන මණ්ඩලය කියන එකද? ඔබ ඒ තීරණ වලට අඩංගුයි කියන එකද? What the f …. (I am sorry). ඔබ කෙලින් කතා කරන්න විමල්. ඔබේ පක්ෂයේ මේ වෙනස සවාභාවික එකක් නෙමෙයි හදපු එකක්. මෙහෙම තත්වයක් කලින් තිබුනේ නැහැ. පක්ෂෙ තීරණ ගත්තේ ඔබ. ඔබ ඔය මඟුල් පක්ෂෙට කියන්න එක්කෝ ඔබ නායකයා විදියට පිලි අරන් පුරුදු විදියට ඔබේ තීරණ ක්‍රියාත්මක කරන්න කියල, එහෙම නැත්නම් ඔබ පක්ෂෙන් අයින් වෙනවා කියලා. ඔබට හතුරු කණ්ඩායමක් එළියේ ඉඳන් ඔබේ පක්ෂේ පාලනය කරනවා නම්, ඔබ අනිවාර්යයෙන්ම තීරණයක් ගත යුතුයි. You can’t stay like that Wimal. You are a leader, not a follower. You need to stengthen your position as the Leader of the Party. If not get out of the Party. Period.

    විමල් ඔබ හැමදාම අනුන් වෙනුවෙන් සටන් කළා. කවදාවත් ඔබ වෙනුවෙන් සටන් කලේ නැහැ. මෙදා පාර නම් එහෙම ඉන්න එපා. මේ පක්ෂේ ගොඩ නඟන්න ඔබ දහදුක් වින්දා. එදා වගේම අදත් ඔබට කරන්නේ අසාධාරණයක්. පක්ෂේ තැනකට ගෙනාවට පස්සේ ඔබව දෙවැනි තැනට දාන හදනවා. අනිත් එක ඔබේ පක්ෂේ සාමාජිකත්වය ඉන්නේ ඔබ එක්ක මිසක් ඔබේ පක්ෂේ එක්ක නෙමෙයි. මේ රටේ ජනතාව ඉන්නේ ඔබ එක්ක මිසක් ඔබේ පක්ෂේ එක්ක නෙමෙයි. මම ඉන්නේ ඔබ එක්ක මිසක් ඔබේ පක්ෂේ එක්ක නෙමෙයි. එදා JVP එකෙන් අයින් වෙනකොට හිටියට වඩා ඔබ අද හුගක් ශක්තිමත් තැනක ඉන්නේ. ඔබ එදාට වඩා අද හුඟක් ජනප්‍රියයි. මිනිස්සු ඔබට හරි ආදරෙයි. අන්න මේ දවස්වල අලුතින් පක්ෂ ලියා පදිංචි කරනවා. මම ඕනේ ඔට්ටුවක් දානවා විමල්, ජාතික නිදහස් පෙරමුණේ සම්පූරණ සාමාජිකත්වය ඔබේ අළුත් පක්ෂයේ සාමාජිකත්වය ගන්නවා. ඔබට කිසි මහන්සියක් වෙන්න දෙයක් නැහැ. ඔන්න මාවත් ගන්න හොඳද. ලෝක ලෙඩක් කියල නම් හිතන්න එපා ඔන්න.

    මම හොඳට බලපු දෙයක් තමයි විමල්, ඔබට මොකක් හරි ප්‍රශ්නයක් වුනහම ඔබ ඒ ප්‍රශ්නේ විසඳගන්න කම් නිශ්ශබ්ද වෙනවා. දැනුත් ඔබ කරන්නේ ඔබට පුරුදු දේ. හැබැයි මේ පාර එහෙම බැහැ විමල්. You must put your foot down and make your position clear. මේ පාර ඔබ දෙකින් එකක් විසඳගන්න ඕනේ. You are a born leader NOT a lame follower. ඔබේ තීරණය මම ඒ ඉංග්‍රීසියෙන් කියපු කතාවේ තියෙනවා.

    Take care, Wimal. I love you with my life.

Leave a Reply

*