BREAKING NEWS

ජාතියට මඟ කියන්න, ආණ්ඩුවේ පිල්ලියක් වුණු රතු අලි පැටවුන් අද අලුත් බම්මන්නෙක් ගෙනල්ලා

ජාතියට මඟ කියන්න, ආණ්ඩුවේ පිල්ලියක් වුණු රතු අලි පැටවුන් අද අලුත් බම්මන්නෙක් ගෙනල්ලා
– ජානිපෙ නායක විමල් වීරවංශ

2015 ජනවාරි 08 වැනිදා මුළුමහත් ජාතිය වළට වැටුණේ එදා ‘ජාතියට මඟ කීමට’ පැමිණි බම්මන්නන්ට රැවටුණු නිසා බවත් අද ආණ්ඩුවේ පිල්ලියක් වුණු රතු අලි පැටවුන් ‘ජාතියට මඟ කියන්නට’ එවා ඇත්තේ රෝයල් කොලීජියේ ‘ස්ටැග් සාදයක දී’ කාන්තාවකගේ ඇඳිවත ඉවත් කරවමින්, අසභ්‍ය වචන කියමින් ඇය නැටවූ තැනැත්තා බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ජාතියට සිහිපත් කර සිටියේය.

ඊයේ(29) මහරගම නගර සභාවට ‘මෝටර් බයිසිකලය’ ලකුණින් තරග වදින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂක කණ්ඩායමට සහාය පළ කරමින් මහරගම නගර මධ්‍යයේ පැවැති දැවැන්ත ජන රැලිය අමතමින් ඒ මහතා මෙසේ සිහිපත් කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කර සිටියේය.

“මහරගමදී ‘පොහොට්ටුව’ නැති පිට්ටනියක සෙල්ලම් කරන්න බලා ගෙන හිටපු ‘අයියලා ටික’ ‘පොහොට්ටුව’ මහරගමට ‘මෝටර් සයිකලයෙන්’ එනකොට දැන් වෙව්ලන්න පටන් අරන්. මහරගම කෘතගුණ දත් ජනතාව මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ නායකත්වයෙන් දියත් වන ජාතික සටනට එක් වන්නේ පෙබරවාරි 10 වැනිදා මෝටර් සයිකලයට කතිරය ගහලායි.

පෙබරවාරි 10 වැනිදා තිබෙන ඡන්දය පුංචි ඡන්දය, පළාත් පාලන ඡන්දය ලෙස සලකන්න එපා! පෙබරවාරි 10 වැනිදා තිබෙන ඡන්දය ජාතියේ ඉරණම තීන්දු කරන ඡන්දය ලෙස සලකන්න. එජාප, ශ්‍රී ලනිප, ජවිපෙ තක්කඩි නායකයෝ මේ ඡන්දය ‘ගමට හොඳ නායකයා තෝරන ඡන්දය’ ලෙස පටු කරවන්න හදනවා. ඒත් ඔබ සියලු දෙනා තරයේ මතක තබා ගත යුතුයි, මේ ඡන්දය ජාතියේ ඉරණම තීන්දු කරන ඡන්දය බව.

රනිල් වික්‍රමසිංහ මහත්තයා කෙළ හලමින් බලා ඉන්නවා, මේ ඡන්දයෙන් තමන්ට යම් ජයග්‍රහණයක් ලැබුණොත් සුමන්තිරන් මන්ත්‍රීවරයා ඉල්ලා සිටින ‘උතුරු – නැඟෙනහිරට ස්වයං පාලනයක්’ ලබා දීමට ප්‍රතිපාදන ඇති ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට. ඒ නිසා ‘එදා නන්දිකඩාල් කලපුවෙන් නතර කරපු බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයට යළි පණ දෙනවාද, නැද්ද?’ කියන එක තීරණය වෙන්නෙ පෙබරවාරි 10 වැනිදා ඔබ ගන්නා තීරණයත් සමගයි.

‘බොරු කියන්න බය නැති අගමැති’

මහින්ද රාජපක්‍ෂ පාලනය නිකම් බොරුවට වන වනා හිටියේ නැහැ. යුද්ධ කරමින්ම රටේ ආර්ථික වර්ධන වේගය 6.5%කට වැඩි අගයක පවත්වා ගත්තා. දළ දේශීය නිෂ්පාදනයෙන් 92%ක ප්‍රතිශතයක තිබුණු ණය බර තම පාලන කාලය තුළ දළ දේශීය නිෂ්පාදනයෙන් 72%ක ප්‍රතිශතයක් වන තෙක් අඩු කළා. ඒ විදියට ණය ගෙවීමේ හැකියාව වැඩි කළා. අද මොකද වෙලා තියෙන්නේ? කළු සල්ලි, සුදු සල්ලි බවට පත් කරන ජාවාරම හෙවත් මූල්‍ය විශුද්ධිකරණයෙන් කප් ගහපු ලෝකයේ මූල්‍ය විනය පිරිහුනුම රටවල් 10 අතර ශ්‍රී ලංකාව ඉන්නවා. අද මේ තත්වය සමග මේ රටට ආයෝජකයන් එන්නේ නැහැ. වොක්ස්වැගන් සමාගමේ කර්මාන්ත ශාලාවක් මේ රටේ ඇති කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා වේදිකාවෙන්, වේදිකාවට කියා ගෙන ගියා. මේ බොරුව නවත්වන්න, වොක්ස්වැගන් සමාගමේ හිමිකාරීත්වය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා ‘අපි ශ්‍රී ලංකාවේ කිසිම ආයෝජනයක් කරන්නේ නැහැ’ කියලා. ‘බය නැති අගමැති’ කියන එක හරියටම හරි. මෙයා ලැජ්ජා බය නැති අගමැති, බොරු කියන්න බය නැති අගමැති.

පෙබරවාරි 10 වැනිදා ‘ජාතික වාඩුව ගැනීමේ දිනය’

තරුණ තරුණියන්ට රැකියා දශලක්‍ෂයක් දෙනවා කියලා, අන්තිමේදී ‘ෆ්‍රී වයි – ෆයි’ වත් නොදී කොළඹ කොන්ඩම් මැෂින් හයි කරලා තරුණ පරපුර අවමානයට ලක් කරපු එකේ වාඩුව ගැනීමට මේ ඡන්දය යොදා ගත යුතුයි. පෙබරවාරි 10 වැනිදා ‘ජාතික වාඩුව ගැනීමේ දිනය’ ලෙස අද මේ ආණ්ඩුවට රැවටුණු ජනතාව විසින්ම නම් කරලා තිබෙනවා. ගොවියා පෙබරවාරි 10 වැනිදා ඡන්දපොළට යන්නේ පොහොර සහනාධාරය කපපු එකේ වාඩුව ගන්න. මහරගම ඔබ සැම ඡන්දපොළට යන්නේ උතුර – නැඟෙනහිරට, ආපසු හැරවිය නොහැකි ලෙස ස්වයංපාලනයක් ලබා දෙන ව්‍යවස්ථා සංශෝධනය නතර කරවන්න. වෘත්තිකයා ඡන්දපොළට යන්නේ මේ රටේ සේවා ආර්ථිකය ඉන්දියාවට විවෘත කරලා දෙන එට්කා ගිවිසුම ගහන එක නතර කරවන්න. මේ රටේ ගුරු පරපුර ඡන්දපොළට යන්නේ තමන් දණ ගස්වන එක නතර කරවන්න. රණවිරුවා ඡන්දපොළට යන්නේ තමන් ජීවිත පරිත්‍යාගයෙන් රැක ගත්තු මව් පොළොව දෙමළ අන්තවාදයට සහ අනෙකුත් අන්තවාදයන්ට බිලි දීම නතර කරවන්න. ඒ වගේම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්, දරුවන් ඡන්දපොළට යන්නේ තම රණවිරු ඥාතියා සිරගත කරන එක, යුද අපරාධ චෝදනා එල්ල කරලා දංගෙඩියට දක්කන එක නතර කරවන්න. අද කටුනායක ගුවන් තොටුපොළට ප්‍රහාර එල්ල කරපු කොටි ත්‍රස්තවාදියාට එරෙහිව නඩු පැවරීමට සාක්‍ෂි නැහැ කියලා නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙනවා. ඒ අනුව ඒ කොටි ත්‍රස්තවාදියා නිදහස් වෙනවා. ඒ අතරේ ඔබේත් මගේත් මරණ බිය තුරන් කළ යුද හමුදා, නාවික හමුදා බුද්ධි අංශ රණවිරුවන් බොරු චෝදනා ඉදිරිපත් කර සිරගත කරනවා, නඩු පවරනවා. ඒ නිසා අද මේ රටේ කෘතගුණ දත් ජනතාව පෙබරවාරි 10 වැනිදා ඡන්දපොළට යන්නේ ‘පොහොට්ටුව’ දිනවන්න. මහරගම දී විතරක් ‘මෝටර් බයිසිකලය’ දිනවන්න.

‘ජාතියට මඟ පෙන්වන ජිප්සීස් නායක සුනිල් පෙරේරා’

දැන් බලන්න, රතු අලි පැටව් කියන විදියට අද ජාතියට මඟ පෙන්වන්නේ ජිප්සීස් නායක සුනිල් පෙරේරා. කවුද මේ සුනිල් පෙරේරා කියන්නේ? මොහු තමයි රෝයල් කොලීජියේ ‘ස්ටැග් නයිට්’ නැමැති සාදයේදී තරුණ කාන්තාවක් වේදිකාවට කැඳවා ඇයගේ ඇඳිවත ඉවත් කරවමින් අසභ්‍ය රංගනයක නිරත කර වූ පුද්ගලයා. දැන් එයා එනවා රතු තොප්පියකුත් දමා ගෙන, රැවුලකුත් වවා ගෙන, ‘ජාතියට මඟ කියන්න’. මෙන්න ලංකාවට ගිය කල. 2015 ජනවාරි 08 වැනිදා ජාතිය මේ වළට වැටුණේ ඔය විදියේ බම්මන්නන්ගෙන් මඟ අහගන්න ගිය නිසයි. ඒ නිසා ආදරණීය අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය, තේරුම් ගන්න, රතු, නිල්, කොළ කවර පාටින් ආවත් මේ එන්නේ ‘යහපාලන ආණ්ඩුවේ’ පිල්ලි බව.

‘ජවිපෙ රණවිරු දඩයමට අත එසවූවා’

‘අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත’ ගෙන ආවේ අපේ රටේ රණවිරුවන්ට එරෙහිව ‘යුද අපරාධ චෝදනා’ හදන්න. ඒ කාර්යාලය අද පිහිටුවලා ඉවරයි. එය දැන් රණවිරුවන්ට එරෙහිව චෝදනා හදන ෆැක්ටරියක් බවට පත්ව තිබෙනවා. මේ පනත සම්මත කර ගන්න ආණ්ඩුවේ ශ්‍රී ලනිප පිල, යූඇන්පී පිල හා ටීඑන්ඒ එක විතරක් නොවෙයි ජනතා විමුක්ති පෙරමුණත් ඡන්දය දුන්නා. අපේ ආරක්‍ෂක හමුදාවන් බිල්ලට දෙන, ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී සම්මත කර ගත් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලිය අනුව සැකසෙන සියලු අණ පනත්වලට ද ජවිපෙ අත එසවූවා. එහෙම කරපු මේ ආණ්ඩුවේ ‘ස්පෙයාවීල් එක’ දැන් ‘ගම අපට දෙන්න’ කියලා ඉල්ලනවා. ජවිපෙට ‘නයිටීඑන්’ එකෙන් දෙන ඉඩකඩ බලන්නකෝ. දැන් ඒක රතු මල්ලිලාගේ වගේ. ඒ නිසා තේරුම් ගන්න, ‘අද ජවිපෙ කියන්නේ මේ ආණ්ඩුවේ පිල්ලියක් මිස වෙන කිසිවක් නොවෙයි’ කියා.

‘ජාඩියට – මූඩිය’

‘මේ මැතිවරණයේදී ඡන්දය දිය යුත්තේ කාටද?’ කියන ප්‍රශ්නය පාලමට, බෝක්කුවට, වීදි ලාම්පුවට පටු කරන්න එපා! ජාතියේ ඉණමත් සමග මේ ප්‍රශ්නය කල්පනා කරලා බලන්න. මේ දවස්වල මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පෙන්වන්නේ ‘දැන් අපි තරහයි’ චිත්‍රපටිය. ඒ චිත්‍රපටිය පෙබරවාරි 10 වැනිදා ගලවනවා. එයා පෙබරවාරි 11 වැනිදා අලුතින් පෙන්වන්න පටන් ගන්න චිත්‍රපටිය තමයි ‘ජාඩියට – මූඩිය’. ‘සිරිසේන – වික්‍රමසිංහ ජෝඩුව’ අර කිරිඇල්ල මහත්තයා කියනවා වගේ පෙබරවාරි 11 වැනිදා ඉඳන් ‘පරණ පෙම්වතුන්’ දෙන්නෙක් වගේ ආයෙත් යාළු වේවි.

හැබැයි මතක තියාගන්න මහත්වරුනි, ‘දැන් ඔය ව්‍යාජ කඩු සටන්වලට රැවටෙන මිනිස්සු මේ රටේ නැහැ’ කියලා. මේ පරගැති හවුලෙන් අපේ මව් පොළොව නිදහස් කර ගැනීමේ ජාතික සටනේ එක් තීරණාත්මක පියවරක් තමයි, පෙබරවාරි 10 වැනිදා පවත්වන මේ පුංචි ඡන්දය ජය ගැනීම. රට පුරාම, පොහොට්ටුවෙනුත් මහරගම නගර සභා බල ප්‍රදේශය තුළ ‘මෝටර් බයිසිකලයෙනුත්’ අපි මේ පුංචි ඡන්දයට ඉදිරිපත්ව සිටින්නේ ඒ ජාතික සටන වෙනුවෙනුයි. මහින්ද රාජපක්‍ෂ ලකුණ පෙරටු කර ගත් ඒ සටන ජයග්‍රහණයෙන් කෙළවර කරන්න පෙරට එන්න, කියා අපි මහරගම දෑහිතකාමී සියලු ජනකොටස් වෙතින් ඉලලනවා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2018/01/30

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    Some of my comments were personal to you, Wimal. If you don’t like, please delete them. I don’t mind. You have acted exactly the way I thought you would. Therefore, no worries.

  2. Champa Reply

    අනුර ඉවරයි. රටයි ජාතියයි ආගමයි හමුදාවයි අමු අමුවේ පාවලා දුන්නු යහපාලන හවුල බලයට ගෙනැල්ල කරපු පාප කර්මෙන් මිදෙන්න පොඩි කොටු කෑලි පරඬල කොළ එකතු කර කර පහුගිය දවස් වල ගමේ බලය අපිට දෙන්න කියල හදන්න හදපු ජනතා විමුක්ති පෙරමුණේ අලුත් අහස් මාලිගාව, එක මොහොතින් කඩා වැටුනා, සිංහල සංස්කෘතිය විනාශ කරන, සිංහල බෞද්ධ විරෝධී, වේදිකාවල නිරුවත් නැටුම් රඟ දක්වපු, රටේ ඊළඟ නායකයා දෙමළ වෙන්න ඕනේ කියලා පිටරට ප්‍රසංගයකදී කියන්න ගිහින් සිංහලයන්ගෙන් යන්තම් ගුටි නොකා බේරිලා එතනින් පන්නල දමපු සුනිල් පෙරේරා ජවිපෙ පලවෙනි චන්ද සමුළුවේ emcee කරගෙන.

    Ooops… මෙතනට වැඩ හොඳ තැනක් තියෙනවා මේක ලියන්න.

  3. Champa Reply

    ඉකේ බලන්න විමල් මම දැක්ක තැනක පින්තූර ලමයි laptop නැටුමක් කරනවා. මට හුඟක් හිනහත් ගියා. රටකට ගිය කලක්. නිදහස් දිනයට කරන නැටුමක්ලු. ලංකාවේ මොන තරම් ලස්සන නැටුම් වර්ග තියෙනවද? සංස්කෘතික අංග තියෙනවද? Laptop නැටුමක්? අනිත් එක මේ මිනිස්සු laptop පාවිච්චි කරන්න පටන් ගත්තේ මේ ආණ්ඩුව ආවට පස්සෙද? බලා ඉන්න කැතයි විමල් නැටුම, පිස්සුවක් තනිකරම. අනිත් අතට ලැජ්ජයි. විදේශිකයෝ අපේ ජන නැටුම් දිහා බලා ඉන්නේ මත් වෙලා වගේ. දැන් නිදහස් දිනේට පෙන්වන්නේ මේවා. Laptop එක කියන්නේ අරන් නටන්න පුළුවන් භාණ්ඩයක් ද? මට ඇත්තම හරියට හිනා යනව විමල්. මුන්ට නම් අමු කැවිලා දෙයියොනේ.

  4. Champa Reply

    පව් අනේ අරයා අනුර කුමාර. ඇදල ඇදල පුරවා ගත්ත කිරි කලේට ගොම දාගත්ත සුනිල් පෙරේරාට කියල. දැන් නම දාගන්න ඕනේ පක්ෂෙට “යහපාලන අවතැන් පෙරමුණ හෝ කඳවුර” කියල. යන්නේ අනාථ මාවතේ. ඒකටම හරියන යහපාලනයෙන් අවතැන් වූ කලාකරුවො ටිකකුත් අල්ලාගෙන.

    පහුගිය දවස්වල රටට මේ තරම් මෙහෙවරක් කරපු විමල්ගේ කතා වලට කිසි ඉඩක් දෙන්නෙ නැතුව “දෙරණ” රට පාවල දුන්නු යහපාලන ආණ්ඩුව ගෙනාපු අනුරගේ සහ ජේවීපී එකේ අනිත් අයගේ කතා වලට වැඩි ඉඩක් දුන්න. දැම්ම නම් දැම්මේ විමල් කරපු කතාවල කියපු හරවත් වැදගත් කොටස් නෙමෙයි දිග කතාවක් කරන කොට ඒ වෙලාවට මිනිස්සුන්ව cheer up කරන්න අතරින් පතර කියපු විමල්ගේ slapdash අතුරැ කතා. ආණ්ඩුවේ නාලිකාවලයි පෞද්ගලික නාලිකාවලයි මෙච්චර ඉඩක් ලැබෙන කොට අනුරට අමතක වෙන්න ඇති ගම. “කොළොඹ තුප්පහි අසිංහල සංස්කෘතිය ගමටත් ගේන්න අපට ගම බාර දෙන්න” කියල තමයි අනුරට දැන් ඉල්ලන්න වෙන්නේ.

  5. Champa Reply

    Oh, who cares? Why do you block my comments only? Block me from your website too. I am strong woman Wimal. I don’t give a hoot.

    • Champa Reply

      Oh, excuse me, Super misunderstanding. Something happened to my earlier comment. I thought you have blocked me the same way LCN did. Your black shirt rubbed my nerves right raw.

  6. Champa Reply

    හලෝ අන්න අර ඔයා මේ ලඟදි කතා කරලා කිව්වේ හොටු පොහොට්ටුවට දෙන චන්ද මෝටර් සයිකලේට දෙන්න කියල මහරගම. අන්න ඒ අපේක්ෂකයෙකුගේ අම්ම කෙනෙක් අරක්කු විකුණලා පෝය දවසේ අහු වෙලා. චික් ලැජ්ජයි විමල්. අර හොටු පොහොට්ටුවේ පලවෙනි රැස්වීමේ පලවෙනි කතාව කරපු ලන්සා ළමය, මීගමුවේ කුඩු ජාවාරම් කාරය, මෑන් කෝ? ලජ්ජා නැතුව ඔයත් නැග්ගනේ ඒ වේදිකාවට.

  7. Champa Reply

    නපුරුකම දෝරෙ ගලාගෙන යනව. I will fall sick. I said that before.

  8. Champa Reply

    The most suitable colour for your is black. අඳින්න එහෙම එපා මගේ පාට මීට පස්සේ රාක්ෂවංශ.

  9. Champa Reply

    ඉස්සෙල්ල හොටු පොහොට්ටුවේ ඔයාගේ බයියලාට කිව්වා නම් තමා හොඳ වෙනසකටත් එක්ක සැබෑ ආණ්ඩු විරෝධය එළියේ නැතුව පාර්ලිමේන්තුව ඇතුලේ පෙන්නලා ඉන්න කියලා. ආණ්ඩුවේ පළුවක් නෙමෙයිද, ඇත්තද, හැබැයි ෆෙඩරල් ව්‍යවස්ථාවේ පලුවක්නේ. නෑ කියනවද?

    කළු shirt එකක් ඇඳලා මේකටත් විරෝධය පෙන්නන්න. අනේ මට පාඩුවෙයි. හිතන්න එපා කළු shirt එක ඇඳපු එකයි, ඒක එක සැරයක් නෙමෙයි විසි සැරයක් දාපු එකයි මම අමතක කරයි කියල. ඉන්නකෝ මමත් මේවට return එක දෙනවා දවසක මූණ වැටිච්ච වැල ගෙඩියක් වගේ බෙරි වෙන්න. ඔක්කොම part මට. Godfather ලඟදි මීක් සද්දක් නැතුව ඉන්නවා. අඳින්න එපා මගේ පාට එහෙම මීට පස්සේ. මම ලොකු ඇස් තියෙන එළුවෙක් හොයාගෙන ටිකක් දිග කොණ්ඩයක් දාලා මගෙ පාට shirt එකක් අන්දලා ගන්නවා.

  10. Champa Reply

    හලෝ නපුරුවංශ, මම මේ බලා ඉන්නේ President තනියම දෙන එක දිහෑ. මහින්දට හොටු පොහොට්ටුවයි ඒකාබද්ධ විපක්ෂෙයි ඉන්නවා, ඒ ඔක්කොමට වඩා වැඩියෙන් විමල් ඉන්නවා. රනිල්ටත් තව නමක් තියෙන ඇමතිවරු හුඟක් ඉන්නවා. අනුරටත් නළුවෝ හරි අර මෝල් සුනිල් හරි ඉන්නවා. President ගේ පැත්තේ එහෙම කවුරුවත් නැහැ. ඉන්නේ පරඬල්. හැබැයි කිසි කෙනෙක් නැතුව President තනි game එකක් දෙනවා. බලා ඉන්නකොට හිතෙනවා තනි පුද්ගලයෙක් විදියට කොච්චර හිතේ ධෛර්යයක්, අධිෂ්ඨානයක් තියෙන දේශපාලකයෙක්ද කියල.

  11. Champa Reply

    හලෝ පංචායුධ කුමාරය, කෝ ඔයාගේ godfather? බැඳුම්කරේ පතුරු ගැහැව්වා වේදිකාවේ හැබැයි විවාදේ දවසට පාර්ලිමේන්තු යන්න බයයි. ඒකාබද්ධ විපක්ෂෙට මීට පස්සේ කියන්න කියන දේ කරන්නේ නැති බව රටම දන්නා නිසා මීට පස්සේ කරන දේ කියන්න කියල. Tell them to preach what they practice not practice what they preach.

  12. Champa Reply

    හෙට චන්ද රැස්වීම් වල අන්තිම දවස නේ. කෙට්ටුත් වෙලා, උගුරත් බැරෑන්ඩි වෙලා. මුරණ්ඩු කෙක්කට මහන්සි ඇති නේද රට වටේම ගිහින් රැස්වීම් වල කතා කරල? Love you very much.

  13. Champa Reply

    හලෝ ජාතියේ වීරවංශය, දන්නවද මට වෙච්ච වැඩක්. මතකද මම 2015 කියපු දෙයක්. ඒක ආපහු වුන. මේ දවස් වල මට විවේකයක් ආව. ඔයා තමයි මට වෙන ඔක්කොටම වග කියන්න ඕනේ. මේකට road block එකක් දාන්නේ කවද්ද බය ගුල්ල.

  14. Champa Reply

    ඉස්සර වගේ දැන් චන්ද කලබල නැතිලු. අලුත් විදිය හින්ද කියන්නේ ඇත්තද? මට වැඩි මතකයක් නැහැ ඉස්සර චන්ද කරන විදිය. ඒ කාලේ දැන් වගේ වැඩිය පත්තර බලන්නෙත් නැහැ. ඒ වුනාට මේක චන්දදායකයාගේ ඇස බැඳලා පක්ෂෙට චන්දෙ ගැනීමක්නෙ. තමන් පත් කරන්නේ කාවද කියල තෝරන්න චන්දදායකයට තිබ්බ අයිතිය දැන් නැති කරලා, ඒ අයිතිය පක්ෂෙට අරගෙන. මේකේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය මොකක්ද? හැමදාම SLFP එකයි UNP එකයි බලය තියා ගන්න ගහපු ගැටයක් මේක. 2020 ඔයාට විකල්පයක් දෙන්නම වෙනවා විමල්. මං කියන එකත් චුට්ටක් විතරවත් අහන්න. දන්නවද ලංකාවට ඉන්න සහ මෙතුවක් කල් හිටපු මුරණ්ඩුම දේශපාලකයා ඔයා. මගේ කටත් රිදෙනවා කියල කියලම.

  15. Champa Reply

    හලෝ පංචායුධ අර ඔයත් චන්දෙ දෙන්න කියල මහරගමදී කියපු මෝටර් සයිකලේ එක හොරකම් කරපු එකක්ලු. 😀 😀 😀 😀 😀 😀

    • Champa Reply

      ඇත්ත තිත්තයි මම කියපුව වහැව්වට වැඩක් නැහැ. පත්තරේ තියෙනවා. මම ඔයාගේ හස්ත සඥා වලට බය නැහැ. මම ඔයාගේ කවුරුවත් නෙමෙයි එන්න එපා මට part දාන්න දන්නවද.

Leave a Reply

*

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.