BREAKING NEWS

ජාතිය මුහුණ දී ඇති අනතුර අවබෝධ කොටගෙන ඉදිරිගාමීව ගිහි සමාජයට අවශ්‍ය මඟ පෙන්වීම ලබාදීමට ඉදිරිපත් වූ ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ට ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රණාමය පුදකර සිටිනවා

ජාතිය මුහුණ දී ඇති අනතුර අවබෝධ කොටගෙන ඉදිරිගාමීව ගිහි සමාජයට අවශ්‍ය මඟ පෙන්වීම ලබාදීමට ඉදිරිපත් වූ ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ට ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රණාමය පුදකර සිටිනවා
– ජානිපෙ නායක විමල් වීරවංශ

ජාතිය මුහුණ දී ඇති අනතුර මැනවින් අවබෝධ කොට ගෙන ඉතාමත් ඉදිරිගාමීව ගිහි සමාජයට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දීමට ඉදිරිපත් වූ ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ට ඒකාබද්ධ විපක්‍ෂය සිය ප්‍රණාමය පුදකර සිටින බව ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අද(05) පාර්ලිමේන්තු සංකිර්ණයේදී ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

“තවමත් අද(05) පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ තිබෙන්නේ ‘බලහත්කාරයෙන් අතුරුදහන් කිරිම්වලින් සියලු තැනැත්තන් ආරක්‍ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය හා ඊට අදාළ නීතිය’ බලාත්මක කරන පනත් කෙටුම්පතයි. මොන කරුණු කීවත් විදේශ අමාත්‍යවරයා මෙම ජාත්‍යන්තර සම්මුතියට අත්සන් තැබූවෙත්, ජිනීවාවලදී ඇමෙරිකා එක්සත් ජනපදය ගෙන ආ යෝජනාවලියට අත ඔසවා සම අනුග්‍රාහකයකු වූවෙත් මේ රටේ යුද ජයග්‍රහණය දිනා දුන් සේනාධිනායකයා ඇතුළු රණවිරුවන් දඩයම් කිරීමට බව ඉතා පැහැදිලියි. මෙම පනත තමයි දේශීය වශයෙන් යුද අපරාධ අධිකරණයක් පිහිටුවීමට අදාළ පනත.

‘මල්මාලා වෙනුවට තොණ්ඩුව’

මෙමගින් යුද සමයේ සේවයේ යෙදී සිටි විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ සිට දැනට සේවයේ යෙදී සිටින සියලුම හමුදා නිලධාරීන්ට ඉතාම අන්තරාදායක ඉරණමකට මුහුණ දීමට සිදු වෙනවා. ජාත්‍යන්තර නීතිය අනුව පුද්ගලයකු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම කියන්නේ යුද අපරාධයක් ලෙස ගැනෙන කාරණයක්. මේ පනත මගින් ඉහත කී ජාත්‍යන්තර සම්මුතිය ශ්‍රී ලංකාව තුළ බලාත්මක කළාම ‘පුද්ගලයකු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම’ කියන කාරණයට අදාළව නඩු විභාග කරලා තීන්දු දෙන්න වෙනම උසාවියක් පිහිටුවනවා. ඒ උසාවියට බලය තිබෙනවා, කවුරුන් හෝ පුද්ගලයකු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමකට චෝදනා ලබන හමුදා නිලධාරියා පමණක් නොවෙයි, අණ දෙන නිලධාරියා දක්වා වරදකරුවන් කොට දඬුවම් දීමට. ඒ අනුව මේක යුද අපරාධ අධිකරණයක් මිස වෙන කුමක්ද? 30 වසරක් තිස්සේ අපේ රට වෙළාගෙන තිබූ විනාශකාරී යුද්ධය අවසන් කරපු එකට මල්මාලා දානවා වෙනුවට මේ ආණ්ඩුව හදන්නේ රණවිරුවන්ගේ බෙල්ලට තොණ්ඩුව දැමීමටයි. මේ පනතින් හැදෙන්නේ ඒ රණවිරුවන්ගේ බෙල්ලට තොණ්ඩුව දමන උසාවියයි.

‘සාක්‍ෂි ආඥා පනත අදාළ නැහැ’

ඒ වගේම ඔබ දන්නවා, මීට ඉහතදී අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත සම්මත වුණා. ඒ පනත අනුව සාක්‍ෂිකරුවන් ගෙන්වීමට අවශ්‍ය නැහැ. නොදන්නා සාක්ෂිකරුවකුගේ සාක්ෂියක් අධිකරණයට පිළිගත හැකියි. මේ ජාත්‍යන්තර සම්මුති පනත අනුව පිහිටුවනු ලබන අධිකරණයටත් සාක්ෂි ආඥා පනත අදාළ වන්නේ නැහැ. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාල පනත මගින් සාක්‍ෂිකරුවන් කවුදැයි නොදැන අතුරුදහන්වීම්වලට සාක්ෂි සොයනවා. ඒ සාක්ෂි මත පදනම්ව, මේ පනතින් හදන අධිකරණයෙන් නඩුව අහනවා.

මේ රටේ පවතින නීතියට පටහැනිව යම් හමුදා නිලධාරියකු කටයුතු කර තිබුණා නම් ඔවුන්ට එරෙහිව දැනට පවතින අධිකරණ පද්ධතියෙන් නඩු අසා, දඬුවම් ලබාදී තිබෙනවා. එසේ තිබියදී අතුරුදහන් වූවන් පිළිබඳ නඩු ඇසීමට විශේෂිත අධිකරණයක් පිහිටුවන්නේ ඇයි? ජිනීවා න්‍යාය පත්‍රය අනුව හදන පළමු යුද අපරාධ අධිකරණය තමයි මේ. මේ පනතින් අතුරුදහන් වීම් පිළිබඳ සෙවීමට පිහිටුවනු ලබන ඕනෑම යාන්ත්‍රණයකට බලපෑම් කිරීමට ජාත්‍යන්තර කමිටුවකට බලය ලැබෙනවා. ඒ අනුව අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය නමින් පිහිටු වූ අර්ධ අධිකරණමය බලය සහිත ආයතනයටත් බලපෑම් කිරීමට මෙම ජාත්‍යන්තර කමිටුවට හැකි වෙනවා. රටේ ස්වෛරීභාවයට ඇඟිලි ගැසීමට මෙමගින් ජාත්‍යන්තර හස්තයකට ඉඩකඩ ලැබෙනවා.

‘රණවිරුවන්ට විදේශ අධිකරණවල නඩු’

ඒ වගේම මේ පනත් කෙටුම්පත සම්මත වූවාට පසු බොරු සාක්ෂි මත පදනම්ව අපේ හමුදා නිලධාරීන්ට එරෙහිව විදේශ රටවල අධිකරණයන්හි නඩු පැවරීමේ හැකියාව ද ලැබෙනවා. අපේ රටේ හමුදා නිලධාරියකු චූදිතයකු කොට විදේශ රටක අධිකරණයක නඩු පැවරූ විට මේ පනත අනුව අපි බැඳී සිටිනවා එම විදේශ රටේ ඉල්ලීමට අනුව ඒ චූදිත හමුදා නිලධාරියා අදාළ රටේ අධිකරණය වෙත භාර දීමට. ඒ අනුව පෙනෙනවා, ‘මේක මොන තරම් දරුණු පාවාදීමක්ද?’ කියා. ඒ වගේම ඔබ දන්නවා, ශ්‍රී ලංකාව යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අත්සන් කර නැහැ කියා. නමුත් මේ පනත අනුව, ඉහත කී යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට (රෝම ප්‍රඥප්තියට) අත්සන් කළ රටක අපේ හමුදා නිලධාරියකු සංචාරයක යෙදී සිටියොත් ඔහුට ව්‍යාජ සාක්ෂි මත චෝදනා එල්ලකොට අත්අඩංගුවට ගෙන නඩුව අවසන් වන තෙක් රඳවා ගැනීමට ද ඉඩකඩ විවර වෙනවා.

‘මේක දේශද්‍රෝහී පනතක්’

කල්පනා කරලා බලන්න, ‘මේ ජාත්‍යන්තර සම්මුති පනතින් කුමක්ද වෙන්නේ?’ කියා. දෙමළ ඩයස්පෝරාව සතුව තිබෙනවා,‘කොටි පැරදවීමේ සටනේදී ඉතාමත් වික්‍රමාන්විතව සටන් වැදුණු යුද හමුදා නිලධාරීන්ගේ නාම ලේඛනයක්.’ දැන් මේ නාම ලේඛනයේ සඳහන් නිලධාරීන්ට විරුද්ධව බොරු සාක්ෂි හදලා නඩු පැවරීමට දෙමළ ඩයස්පෝරාව සූදානම් වෙනවා. අතුරුදහන් වූවන් පිළිබඳ අර්ධ අධිකරණ කොමිසමෙන් බොරු සාක්ෂි හදනවා. මේ පනතින් හදන විශේෂ අධිකරණයෙන් නඩු අහනවා. ඒ නිසා මේක දේශද්‍රෝහී පනතක්. මෙවැනි පනතක් සම්මත කරන ආණ්ඩුවක රටට අබමල් රොනක හෝ ආදරයක් තිබෙන මිනිසකුට ඉන්න යුතුකමක් නැහැ. සමහරු කියනවා, ‘මේක අද විවාදයට නොගෙන කල් දමනවා’ කියලා. තාවකාලිකව මේ දේශද්‍රෝහී පනත් කෙටුම්පත සම්මත කිරීම කල් දැම්මට ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. මේ පනත සම්පූර්ණයෙන් හකුළා ගත යුතුයි.

ඊයේ(04) ත්‍රෛනිකායික මහනාහිමිවරුන් නිකුත් කළ විශේෂ ප්‍රකාශයෙත් මේ පනත් කෙටුම්පත පිළිබඳව සඳහන් වූවා. උන්වහන්සේලා ‘මේ ද්‍රෝහී පනත හකුළා ගන්න’ කියන දැනුම් දීමත් එමගින් සිදු කළා. ආණ්ඩුව මේ පනත හකුළා නොගත්තොත් එමගින් පෙනෙන්නේ ඔවුන් ත්‍රෛනිකායික මහා සංඝරත්නයටවත් ඇහුම්කන් දෙන්නේ නැති බවයි.

ඒ වගේම අපි මේ අවස්ථාවේ ඒකාබද්ධ විපක්‍ෂය හැටියට, ‘රටත්, ජනතාවත් මුහුණ දී ඇති අනතුර අවබෝධ කොට ගෙන, ඒ පිළිබඳව ඉතා ඉදිරිගාමීව ගිහි සමාජයට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දීමට, ආණ්ඩුවට අවශ්‍ය බලපෑම සිදු කිරීමට ක්‍රියාත්මක වීම පිළිබඳව ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ට අපේ ගෞරවනීය ප්‍රණාමය පුද කර සිටිනවා”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2017-07-05

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    Personal to Wimal (Please delete this after reading)
    Wimal, I want to see ICPPED Bill be crushed permanently. Govt. has pulled it back only temporarily, I think becaue of Maha Sangha’s opposition. The opposition to ICPPED is mild. Even you are not as aggressive as when you were in 2015. With Austin in President’s Office, I lost my trust there too. ICPPED Bill should never come back. I have a personal reason to see to that and I think it is time for you to know why I support the Army this much and against LTTE this much. If I have done some good with my writing so far, for the sake of that I want you to make sure ICPPED Bill is sent to graveyard. I need to see more strengh from you Wimal. ICPPED and Federal should be the most urgent and important topics for which we use our all might to defeat.

    • Champa Reply

      Personal

      Can I have a roadblock here like before, please? Only temporarily. Are you angry with me for some reason. Because of CT matter? Oh, I am so sorry Wimal, I think it was me who drag your name into that. OMG I am so upset the way all those idiots attack you there. I am not sure whether you had time to read them. But if you have read and I know you are tough, but if their attacks made you hurt or even angry, I am so sorry. It is all my fault. It is all because of me. I am sorry again. Pl. can you put a roadblock here. Only once. I promise. When you read you will see why.

  2. Champa Reply

    Chak! Brown again? As if you don’t have any other colour shirts. To the same seminar same colour for the second day? You have never done that before. Can’t figure out why? May be this is godfather’s colour. I am sure Austin is his plant. You don’t belong there. You are not like them. You are a straightforward, honest, good person.

    I can’t figure out what did I do? You are giving me really hard time.

    I have never seen as anyone as impossible as you.

    අනේ තරහ වෙලා ඉන්න එපා විමල්. මාත් එක්ක යාළු වෙන්න අනේ. ඔහොම පැල් බැඳගෙන තරහ වෙන්න හොඳ නැහැ. කිසි අනුකම්පාවක් නැහැ. මොකොටද තරහ වෙලා ඉන්නේ? මම දන්නෙවත් නැහැ. සතියක් විතර. තරහ වෙලා නිකම් ඉන්නෙත් නැහැ. බලන බලන කොට කටු අනිනවා ඇහැට. සතියක් තිස්සේ ඇහැට කටු ඇන ඇන ඉන්නවා. ඔන්න අපි දන්නේ නැහැ පව් සිද්ධ වෙන්න වුනත් පුළුවන් අහිංසකයන්ට part දාලා. පුදුම වැඩක් තමයි මේක. ලංකාවේ මිලියන් 21ක් ඉන්නවා. මට විතරයි ඔක්කොම.

    මම ආයේ ලියන්නතුව ඉන්නවා මෙතැන. මට ඔය පාටවල් බලන්න බැහැ. එක කතාවක් වත් අහන්න නැති කළා. එලව එලව පලි ගන්නවා.

  3. Champa Reply

    ඔච්චර වචන තියෙනවා අර සම්මන්ත්‍රණ වලට ඔය නම නොදා වෙන නමක් දාන්න තිබ්බනේ.

    “…… ආණ්ඩුව සහ වැලපෙනා ලක්මව” කියන්න තිබ්බනේ. එයා හිතන්නේ එයාට විතරයි සිංහල වචන දන්නේ කියල. පණ්ඩිතයා.

    Godfather ලඟදි මීක් සද්දක් නැතුව වශී වෙලා වගේ ඉන්නවා. මෝඩිට කළු කොඩි දානවා කිව්වට ඒක කෙරුවේ නැහැ. හැබැයි මට නම් හැරෙන තැපෑලෙන් විරෝධය පෙන්නනවා. පොඩ්ඩ එහා මෙහා වෙන්න බැහැ තරහා වෙනවා, මම කැමති නැති අඳින්න එපා කියපු පාටවල් මතක තියාගෙන අඳිනවා. මෙතැන මේ අහිංසක මාව අල්ල ගෙන තරහ වෙලා වද දෙනවා. අහලාවත් නැති ජීවිතේට දැකලා නැති නපුරුකම් කරනවා. වීරවංශගෙ තරු පහේ නපුරුකම දෝරේ ගලා යනවා. ආණ්ඩුව පරාදයි.

    Brown පාට shirt ඇඳලා මූණත් අඳුරු වෙලා. කිසි එළියක් නැහැ මූනේ. හැටි විතරක්. පලවෙනි දවසේ “අපේ ගමදී” තිබ්බ මූණයි දැන් මාතලේ මූණයි අහසට පොලොව වගේ. හොඳ වැඩේ තරහ කාරයට. මාත් එක්ක තරහා වෙච්ච ගමන් මූනේ තිබ්බ එළියත් නැතිවෙලා ගියා. හඳ බැහැලා ගියපු අහස වගේ. පාළු පාටයි මූණ. නිකම් ඉඩෝරෙට අහුවෙච්ච කජු ලෙල්ලක් වගේ. ඔය පොල් බෑ මූණ බලන්න සම්මන්ත්‍රණ වලට එන මිනිස්සු පව්. ඔන්න අපි දන්නෙ නැහැ, ඉක්මණට ආපහු යාළු වුනේ නැත්නම් බය හිතෙන දේවල් වුනත් මගෙ අතින් කියැවෙන්න පුළුවන්. අර අහවලා (දන්නවනේ) ඔයාට වඩා තාම ලස්සණයි වගේ කතා. ඉරිසියා හිතුනා නේද? හොඳ වැඩේ. ආපහු මාත් එක්ක යාලු වෙන්න. එතකොට මූණ ලස්සණ වෙනවා සති දෙකකට කලින් වගේ. යාළු වෙනකම් formal comments ලියන්නේ නැහැ.

  4. Champa Reply

    හලෝ ප්‍රාණ ඇපකාරයා, ඒකාබද්ධ විපක්ෂයේ හිරකාරයෙක් වුනා අපරාදේ. Godfather අත් පා වලට විලංගු දාලා බෙල්ලෙනුත් අල්ලන් ඉන්නවා වගේ මට පෙන්නේ. හිරේ ඉන්න කාලේ ඔයිට වඩා නිදහසේ කතා කළා.

    ඒකාබද්ධ විපක්ෂය ෆෙඩරල් ව්‍යවස්ථාවට සහයෝගය දෙනවා, ඒ මොකොද ඒකෙන් විධායක ජනාධිපති ධූරය අහෝසි වෙන හින්දා. රටට හෙන ගැහුවත් කමක් නැහැ, තමන්ට බලයට එන්න පාර හැදෙනව නම්. බල ලෝභය ඉස්සරහ රට ගැන වගේ වගක් නැහැ.

    ඉස්සර ඔයා කිව්වනේ 2015 – රනිල් කරන්න හදන්නේ ජනාධිපති ධූරය දුර්වල කරන එක, මුදුන දුර්වල කරලා පරිධිය ලොකු කරන එක කියල. එතකොට රටට හානිදායක දෙයක් වෙන්න යහ්නවා නම් තීරන ගැනීමේ බලය නැතිවෙනවා කියලා. ඒවා ඔයාගේ අදහස්නේ. දැන් ඒකාබද්ධ විපක්ෂය වැඩ කරන්නේ ඒ විදියට නෙමෙයිනේ. ඒ ගොල්ලෝ කරන්නේ රනිල් රට දුර්වල කරන්න හදන එකට උදව් කරන එක. OMP එකත් පාස් කරලා දුන්න. තව පොඩ්ඩෙන් එළියේ බොරුවට කෑගහලා රනිල්ට ICPPED එකත් පාස් කරලා දෙනවා. තව මොන කතාද? හොඳ වෙලාවට President ඒක නතර කරලා දැම්ම.

    දන්නවද විමල්, රාජපක්ෂලා ආයේ බලයට එන්නේ නැහැ. ඒ මොකොද කිව්වා නම්, ආවොත් හුඟක් දෙනෙක්ගෙන් හුඟක් පලි ගන්නවා. හුඟක් දෙනෙක් වේදනා විඳිනවා. ඒ නිසා ඒ ගොල්ලන්ට එන්න ලැබෙන්නේ නැහැ. මම ඉස්සර support කළා තමයි. හැබැයි ඒ මම ඒගොල්ලන්ගේ dark side එක දකින්න ඉස්සෙල්ල. කෙනෙක් මට විස්තරයක් එවලා තිබුන FB වල තියෙන එව්වා ගැන. මට සමහර ඒවාට හිනාත් ගියා. Artificial sensation. මට psychic ability නැහැ. මම කරන්නේ ඔක්කොම එකට දාල බලනව probability එක කොච්චරද කියලා. Probability එක සියයට 90ට වැඩි නම්, මම දන්නවා ඒක වෙනවා කියලා. If contested, GR පරදිනවා අනිවාර්යයෙන්ම.

    කොහොමද ජනාධිපතිවරණෙ තියන්න ඉස්සෙල්ල මහා මැතිවරණෙ තිබ්බොත්? අවුරුදු 4 1/2න් විසිරෙව්වොත්? කොහොමද 2020 ජනවාරි 9 ලංවෙන කොට රටෙන් තුනෙන් දෙකක් කිව්වොත් ජනාධිපතිවරණෙ පරක්කු කරලා ඉස්සෙල්ල මහා මැතිවරණෙ තියන්න කියල? මොකොද එහෙම නොකොළොත් රට අස්ථාවර වෙනවා කියල? මම President වුනා නම් කවදාවත් ඉස්සෙල්ල ජනාධිපතිවරනෙට යන්නේ නැහැ.

    ICPPED එක නිසා මේ දවස්වල මට නින්ද යන්නේ නැහැ. මට ඕනේ ඒක අහෝසිම වෙලා යනවා දකින්න. ඉතින් ඇහැ ඇහැරලා ඉන්න කොට මම කරන්නේ ඔක්කොම analyse කරලා බලන එක. මට ඒ වැඩේ හොඳට පුළුවන් කියල පේනවා නේද?

    මට බයයි MR + JO, OMP එකට කළා වගේ සද්ද නැතුව රනිල්ට ඕක (ICPPED) පාස් කරලා දෙයි කියල. එනිසා ආපහු Bill එක දානවද කියලා හොඳ සෙවිල්ලෙන් බලා ඉන්න ඕනේ. විධායක ජනාධිපති ධූරය අහෝසි කරනව කියන ඇම කවලා රනිල් රටට හානිකර ඔක්කොම පනත් ටික ඒකච්ඡන්දයෙන් සම්මත කරගන්නවා. රටට වින කරපු සහ වින කරන්න සහයෝගය දීපු හැමෝටම පල දෙනවා.

    මේ ඔන්න තරහ වෙන්නේ නැත්නම් තව බඩ්ඩක් කියන්නද? අරම analyse කරගෙන යනකොට මට හිතෙනවා ඔයා ඊළඟ චන්දෙට ඔය පක්ෂෙන් ඉල්ලන්නේ නැහැ කියල. මොකක් හරි ප්‍රශ්නයක් නිසා, මට හරියට කියන්න බැහැ, ඒ වෙනකොට ඔයාගේ වචනේ නෙමෙයි පක්ෂේ ඇතුලේ වැඩ කරන්නේ. ඒ නිසා ඔයා (WTF කියල – sorry, ok) අලුත් පක්ෂේකින් ඉල්ලනවා. හැබැයි ඔතන සියයට 95ක් ඔයත් එක්ක අළුත් පක්ෂෙට එකතු වෙනවා. දැන් ඉතින් රණ්ඩු කෙක්ක මේකට මාත් එක්ක ආයේ තරහා වෙයි. මොනවා කරන්නද නොකිය ඉන්නත් හිතුව. ඒ වුනාට මක් කරන්නද කෙක්ක, මගේ ඇහැට පේන දේවල් දිහා බලපුවහම මෙහෙම වෙන්න තියෙන probability එක සියයට 90 කට වැඩියි.

  5. Champa Reply

    Hooray, මෙන්න මෙයා මාත් එක්ක යාළු වෙලා. 😀 😀 😀 (බය ගුල්ල, ඔයා අරකට බය වුනා නේද? චුට්ටක් විතර ඉරිසියත් හිතුන නේද? :D)

    අනේ මම මේක බලන් නැතුව හිටිය අර පක්ෂේ ගැන කියපු එකට තරහ වෙලා කළු shirt එකක් ඇඳලා ඉඳියි කියල. හරිම අමාරුවෙන් පැය ගානක් ඉඳල ඉඳලා මම හිතුව ඔන්න ඔහේ බලනවා site එක කියලා. ඇහැට ප්‍රිය පාටක් දැක්ක. my colour no, actually your colour. අර මොකක්ද කතාවක් තියෙනවා නේද, ඔබ දැකුමෙන් something something වුනා කියලා.

    හොඳ කතාවක්. ඉස්සර වගේ කොන්ද පණ තියාගෙන කතා කරනවා දකින්න සතුටුයි. මහනායක හාමුදුරුවෝ වෙනුවෙන් කතා කරපු එකට පින්. මම ඔයාට ඔහොම කිව්වා කරන්න කියලා 25. නුවර යන්න ඉස්සෙල්ල. පස්සේ මං හිතුව පක්ෂේත් හිරකරයෙක්ද දන්නේ නැහැ කියලා. කමක් නැහැ. මම දන්නේ නැහැ නුවරදී එහෙම කිව්වද කියලා. කොහෙද ඉතින් මට එක කතාවක්වත් අහන්න බැරි වෙන විදියට ඇඳලා කරලා ‘පැල් බැඳගෙන නෙළුවනේ’.

    ඒකාබද්ධ විපක්ෂේ රනිල් එක්ක විතරක් නෙමෙයි දෙමලු එක්කත් හොර දාලා, ව්‍යවස්ථාව ගැන.

    • Champa Reply

      Oh, I see. I can see that I was mistaken. Never mind. Can you please delete all my comments here? Thanks. You know, you should block me here.

Leave a Reply

*