BREAKING NEWS

ජානිපෙ අලුත් තැනකින් අලුත් ගමනක් අරඹයි!

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලය අද (21) අංක 342, 4 වන මහල, කෝට්ටේ පාර, පිටකෝට්ටේ යන ස්ථානය වෙත රැගෙන යන ලදී. ඒ වෙනුවෙන් පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් චාම් උත්සවයක් පැවැත්විණි.

එම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ, නියෝජ්‍ය සභාපතිවරු වන වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක යන මහත්වරු ඇතුළු දේශපාලන මණ්ඩලයේ හා මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෝද එක්ව සිටියහ.
විශේෂ ආරාධිතයින් ලෙස දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර, හොදහිත සමූහ ව්‍යාපාරයේ අධිපති සේන වර්ෂහැන්නදි, මානව විද්‍යාඥ පණ්ඩුල ඇදගම, එක්සත් ගොවිජන පෙරමුණේ මෙහෙයුම් සංවිධායක උපාලි රත්නායක, සමස්ත ලංකා කුලී රථ හිමිකරුවන්ගේ හා රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති කැලුම් ජයසුමන යන මහත්වරුද එක්ව සිටියහ.

සාම්ප්‍රදායික පොල්තෙල් පහන් දල්වා පිරිත් සජ්ඤායනය කිරිමෙන් පසු නව කාර්යාලයේ වැඩ කටයුතු ඇරඹිණි.

980455_543704295791116_6414818246691918884_o 12029638_543704665791079_7957891036789610375_o 12417597_543704395791106_9044916198813139030_n 12493679_543704455791100_1932618328879799086_o 12493679_543704522457760_8697979287650319999_o 12496231_543704509124428_2700121315084169771_o 12509707_543704472457765_4328922383600654467_n

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*