BREAKING NEWS

ජානිපෙ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත්වීම පිළිබඳ කථානායකවරයාට නිල වශයෙන් දැනුම් දෙයි

ජානිපෙ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත්වීම පිළිබඳ කථානායකවරයාට නිල වශයෙන් දැනුම් දෙයි

එහිදී කථානායකවරයාට ලබා දුන් කරුණු 10කින් සමන්විත ලිපිය ජාතියේ අවධානය පිණිස පහත දක්වන්නෙමු.

ගරු කථානායකතුමා,
ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව,
ශ‍්‍රී ජයවර්ධනපුර,
කෝට්ටේ.

ගරු කථානායකතුමනි,

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන්
ඉවත්වීම පිළිබඳ නිල වශයෙන් දැනුම්දීම

පහත අත්සන් කරන එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් 05 දෙනා වන අප පහත සඳහන් හේතු මුල් කර ගනිමින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් වන බව ඔබතුමා වෙත මෙසේ නිල වශයෙන් දැනුම් දෙමු.

1. ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් විසින් 2017-07-04 දින සිදුකරන ලද විශේෂ ප‍්‍රකාශය මගින් රජයට, රටේ පොදු මහජනතාව සහ මහජන නියෝජිතයන් වෙත දන්වා ඇති පිරිදි නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් මේ මොහොතේ ඉදිරිපත් නොකළ යුතු බවට වන උන්වහන්සේලාගේ එකගතාව සහ නිර්දේශය පක්‍ෂයක් ලෙස මහජන නියෝජිතයන් ලෙස අපි සියලූ දෙනා විසින් හිස් මුදුනින් පිළිගන්නා බැවින් ද,

2. අප රටේ ඓතිහාසික සභ්‍යත්ව රාජ්‍යය තුළ රජුට සහ මහජනයාට ඉහළින් සිට සමාජ සම්මතයන් සහ ප‍්‍රමිතීන් නිර්දේශ කිරීමට සහ රජුට සහ ජනතාවට අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කිරීමට අදාළ මහා සංඝරත්නය සතු ඓතිහාසික අනුල්ලංඝනීය උරුමය, අප විසින් දෙදණ නමා ගෞරව පූර්වකව පිළිගන්නා බැවින් සහ දිවි නොතකා එම උරුමය සුරැකිය යුතු බැවින් ද,

3. ගෞරවනීය මහා සංඝරත්නය විසින් හේතු සහිතව දක්වා ඇති පරිදි වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක ක‍්‍රියාවලිය විවිධ බලවේගවල බලපෑම්වලට යටත් වූ සහ මහජනයාගේ අනුදැනුම සහ සහභාගිත්වය නොමැතිව සිදුවන ක‍්‍රියාවලියක් වන බැවින් එම ක‍්‍රියාවලියේ නීත්‍යනුකූලභාවය සහ සුජාතභාවය බරපතළ ලෙස අභියෝගයට ලක් වී ඇති බැවින් ද,

4. විවිධ පාර්ශ්ව විසින් ව්‍යාජ ලෙස සමාජගත කිරීමට උත්සාහ කළත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක සභාවක් පිහිටුවීම, පවත්වාගෙන යාම හෝ එහි නිර්දේශ පිළිගැනීම සඳහා පැහැදිලි මහජන වරමක් රජයට ලැබී නොමැති බැවින් ද,

5. වර්තමාන ජනාධිපතිවරයා විසින් ජනවරම ලබාගැනීම සඳහා මහජනයා වෙත ඉදිරිපත් කරන ලද මැතිවරණ ප‍්‍රකාශනය අනුව එතුමාට බලය ලැබී ඇත්තේ ජනමත විචාරණයක් අවශ්‍ය නොවන ව්‍යවස්ථා සංශෝධන සඳහා පමණක් බැවින් එතුමාට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක සභාවක් පිහිටුවීම, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරීම හෝ ජනමත විචාරණයක් අවශ්‍ය වන කිසිදු වගන්තියක් සංශෝධනය කිරීම සඳහා දේශපාලන බලයක් හෝ සදාචාර අයිතියක් නොමැති බැවින් ද,

6. ඒකාබද්ධ විපක්‍ෂයට අයත් මන්ත‍්‍රීවරුන් 95 දෙනාට ව්‍යවස්ථා සංශෝධනයක් සදහා කිසිදු මහජන වරමක් ලැබී නොමැති බැවින් ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා අවශ්‍ය වන විශේෂ බහුතර බලය පාර්ලිමේන්තුව සතුව නොමැති බැවින් ද,

7. සමස්ත පාර්ලිමේන්තුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පරිවර්තනය කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් සම්මත කළ යෝජනාවේ 11 වැනි වගන්තිය ප‍්‍රකාරව මෙහෙයුම් කමිටුව විසින් පත් කළ උප කමිටු 06 තුළ සිදුවූ සාකච්ඡා ක‍්‍රියාවලිය මාධ්‍යයට නිරාවරණය නොකළ බැවින් සහ එම ක‍්‍රියාවලිය තුළ විපක්‍ෂයේ නියෝජිතයන්ට තම අදහස් පළ කිරීම සඳහා සාධාරණ අවස්ථාවක් ලබා දී නොමැති බැවින් ද,

8. පාර්ලිමේන්තුව විසින් සම්මත කළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පිහිටුවීමට අදාළ යෝජනාවේ ප‍්‍රතිපාදන ඉක්මවා යමින් මෙහෙයුම් කමිටුව විසින් අමතර කමිටු 2ක් පත්කිරීම සහ ඒවායේ නිර්දේශ මෙහෙයුම් කමිටු වාර්තාවට ඇතුළු කිරීම මෙන්ම එම වාර්තා සකස් කිරීමේදී දීර්ඝ කාලයක් රට තුළ බෙදුම්වාදී මතවාද ප‍්‍රචලිත කළ මන්ත‍්‍රීවරුන් නොවන බාහිර පිරිස්වල මතවාදී දායකත්වය ලබා ගැනීම ආදී ක‍්‍රියාමාර්ග මගින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ ගෞරවය සහ ජනවරම නොසලකා හැර ඇති බැවින් සහ මෙහෙයුම් කමිටුවේදී සාකච්ඡාවට ලක් නොවූ කරුණු වාර්තාවට ඇතුළු කොට ඇති බවට මෙහෙයුම් කමිටුව නියෝජනය කරන විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් විසින් ලිඛිතව චෝදනා කොට ඇති බැවින් ද,

9. පාර්ලිමේන්තුව විසින් සම්මත කළ යෝජනාව අනුව මෙහෙයුම් කමිටුව විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට වාර්තාවක් සහ ව්‍යවස්ථා කෙටුම්පතක් යන ලියවිලිි දෙකම එකවිට ඉදිරිපත් කළ යුතු වුවත් එම ප‍්‍රතිපාදන උල්ලංඝනය වන සේ කෙටුම්පත රහසිගතව තබා ගනිමින් වාර්තාවක් පමණක් ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් සැබෑ තත්වය වසන් කිරීමට සහ ඔවුන් නොමග යැවීමට විවිධ පාර්ශ්ව විසින් ගන්නා වූ පහත් උත්සාහය අනුමත කළ නොහැකි බැවින් ද,

10. මහා සංඝරත්නය විසින් බලපෑමට ලක්වූ ක‍්‍රියාවලියක් ලෙස අවධාරණය කර ඇති පරිදි වර්තමාන ව්‍යවස්ථා සම්පාදක ක‍්‍රියාවලිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ‍්‍රී ලංකාවේ රජය බලපෑමට යටත්කොට සම්මත කරකු ලැබූ 2015-30/01 යෝජනාවේ අඩංගු නිර්දේශයන් ප‍්‍රකාරව ආරම්භකොට ඇති බැවින් සහ ඊට අදාළව ව්‍යවස්ථාවේ අඩංගු විය යුතු ප‍්‍රතිපාදන මොනවාදැයි නිර්දේශ කිරීමට තරම් මානව හිමිකම් කොමසාරිස්වරයා, විවිධ විශේෂ නියෝජිතයන් ධෛර්යවත් වී ඇති තත්වයක් තුළ සහ වෙනත් දෙස් විදෙස් බෙදුම්වාදී බලවේග නිරන්තරයෙන් එම ක‍්‍රියාවලිය තමාට අවශ්‍ය ආකාරයට හැසිරවීම සඳහා විවිධ ආකාරයට බලපෑම් කරන බැවින් සහ මෙම ක‍්‍රියාවලිය තුළින් රටට සහ සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජනතාවට යහපත් වන ව්‍යවස්ථාවක් බිහි නොවන බව සක්සුදක් සේ පැහැදිලි බැවින් ද,

අප පක්‍ෂයේ සියලූම නියෝජිත ආයතනවල සහ මහජන නියෝජිතයන්ගේ ඒකමතික තීරණය අනුව ඉහත සඳහන් කළ පරිදි මෙම ලිපිය ඔබතුමා වෙත බාරදෙන අද දින සිට පහත අත්සන් කරන මන්ත‍්‍රීවරුන් වන අප ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් වූ බව පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලෙස අපි ඔබතුමා වෙත ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු. එසේම පාර්ලිමේන්තුවේදී සම්මත කළ යෝජනාව අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය සමස්ත මන්ත‍්‍රිවරුන්ගෙන් සමන්විත විය යුතු බැවින් අපගේ ඉවත්වීම මගින් එම කොන්දේසිය බිඳ වැටේ. එම නිසා එම හේතුව සහ අප විසින් ඉහත දක්වන්නට යෙදුනු සෙසු කරුණු 10 මුල් කර ගනිමින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ වලංගු භාවය අභියෝගයට ලක්වී ඇති බව උත්තරීතර පාර්ලිමේන්තුවට දන්වා සිටින ලෙස ද අපි ඉතා ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.

මේ වගට,

1. විමල් වීරවංශ
පාර්ලිමේන්තු මන්ත‍්‍රී

2. වීරකුමාර දිසානායක
පාර්ලිමේන්තු මන්ත‍්‍රී

3. ජයන්ත සමරවීර
පාර්ලිමේන්තු මන්ත‍්‍රී

4. උදයශාන්ත ගුණසේකර
පාර්ලිමේන්තු මන්ත‍්‍රී

5. නිරෝෂන් පේ‍්‍රමරත්න
පාර්ලිමේන්තු මන්ත‍්‍රී

2017-07-19

පිටපත්:- 1. අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා
2. මෙහෙයුම් මණ්ඩල සභාපති ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා
3. සියලූම ජනමාධ්‍ය

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    ජාතික නිදහස් පෙරමුණ නිල වශයෙන්ම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයෙන් ඉවත්වීම හුඟක් අගය කරනවා.

    රටට ආදරේ කවුද, රට වෙනුවෙන් තීරන ගන්න කොන්ද පණ තියෙන්නේ කාටද කියන එක ලංකාවටම පේනවා.

    විමල් වීරවංශ කියන දේශප්‍රේමියාට හරි පැත්තේ හිට ගන්න, ඒ කියන්නේ රට පැත්තේ හිට ගන්න කවදාවත් දෙපාරක් හිතන්න ඕනේ වුනේ නැහැ.

    බුද්ධාගමට පහර ගහන එක නතර කරන්න මහා නායක හාමුදුරුවරු ඉදිරිපත් වුනහම ආණ්ඩුව කලේ මහනායක හාමුදුරුවරුන්ට පහර ගහන එක.

    එහෙම වෙලාවක විමල් මහනායක හාමුදුරුවරු වෙනුවෙන් පෙනී හිටපු එක සිංහල බෞද්ධයන්ට ලොකු හයියක් .

    ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් කරලා තියෙන කාරණා 10ම හොඳ තර්කානුකූල හේතු. තමන් පෙනී සිටිය යුත්තේ කා වෙනුවෙන්ද කියන එක තීරන ගන්න බැරුව දඟලන ආත්මාර්ථකාමී බලලොභීන්ටත් මේ ලියවිල්ල කියවල නුවන පහල වෙයි කියල හිතනවා.

    දේශපාලකයෝ රටට ආදරය කරනවා නම් තීරන ගන්න මෙච්චර ප්‍රමාද වෙන්නේ කොහොමද?

    ෆෙඩරල් ව්‍යවස්ථාවේ එල්ලිලා ඉන්නේ තමන්ට ලේසියෙන්ම බලය ලබා ගන්න පුළුවන් කියලා හිතන නිසා. රට දෙකඩ වුනාට කමක් නැහැ. අනිත් එක ඉතින් බලය අල්ල ගන්න TNA එකත් ඕනේ වෙනවා.

    නැත්නම් විමල් කාටද අවුරුදු දෙකක් ගිහිල්ලත් තීරණයක් ගන්න ඔච්චර අමාරු? ගන්න තියෙන තීරණේ රට පාවලා දෙනවද නැතනම් රට බේරලා දෙනවද? ඕකටනේ ඔය සාමුහික තීරණයක් එනකම් ඉන්නවා කියන්නේ. මේක තමයි ගන්න අමාරු තීරණේ. මොකට කියනවද.

    හරියට බැලුවොත් ආණ්ඩුව පැත්තේ ඉන්න මිනිස්සු කොහොමත් අවිස්වාශ කරපු මන්ත්‍රීවරුන්ට ඉස්සෙල්ල එළවල දාන්න ඕනේ JO එකේ ඉන්න විශ්වාසයි කියලා මිනිස්සු හිතපු රට පාවලා දෙන මන්ත්‍රීවරුන්ව.

    විමල් කෙලින් හිටපු එක විතරක් නෙමෙයි, ඒ බව ලංකාවටම දැනෙන්න කියපු එකට ස්තුතියි.

    “මේ පාරේ” ඉස්සරහට යමු නේද?

  2. Champa Reply

    මහනායක හාමුදුරුවරුන්ට අපහාස වෙන දේවල් කරවනවා. මර්වින් වගේ මිනිහෙක් යවල තියෙන්නේ ඒකයි.

    මොන විදියෙන් හරි ෆෙඩරල් ව්‍යවස්ථාව නම් ගෙන්න දෙන්න හොඳ නෑ. TNA ඕක ඉල්ලුවට ඇත්තටම ඕක සාමාන්‍ය දෙමල මිනිස්සුන්ගේ ඉල්ලීමක් නෙමෙයි. ෆෙඩරල් ව්‍යවස්ථාව ඇත්තටම ඕනේ රනිල්ටයි, මහින්දටයි බැසිල්ටයි.

    අනිත් එක ICPPED එක නතර කලා විතරයි UN කාරයෝ එන්න ගත්ත. Emmerson ගියාට පස්සේ දැන් තවක් එකෙක් ඇවිල්ල. මේක මම හිතනවා President ට බලපෑම් කරන්න උවමනාවෙන්ම කරන දෙයක් කියලා.

    ඊළඟට රනිල් cheap shots පටන් අරන්. පුංචි චන්දෙ ගැන කතා කරනවා. පළාත් පාලන පනත පාර්ලිමේන්තුවට ගේනවලු. කතාව එකපාරටම ආවේ රටේ අවධානය වෙන අතකට අරන් යන්න. JO එක මේ පුංචි චන්ද ගැන හැමදාම කිව්වනේ. දැන් ඊළඟට ඕක තමයි මාතෘකාව කරගන්නේ. මොකොද රනිල්ට හොරාට පනත් ටික ආපහු පාර්ලිමේන්තුවට ගෙන්න නම් මහජන අවධානය වෙනස් කරන්න ඕනේ. JO එකට තමයි ඒක බාර වෙලා තියෙන්නේ. කලින් GMOA එකයි SAITM එකයි අල්ලගෙන මුළු රටේම අවධානය වෙනස් කළා. කඹේ දෙපැත්තෙන් අල්ලාගෙන ඉඳල බලන්න ආණ්ඩුව එකපාරට ඇත ඇරියා විතරයි GMOA එක අනාත වුනා. මම දැක්ක කියලා තියෙනව මොකක්ද මන්දා දුන්නේ නැත්නම්, රනිල් එක්ක කරන සාකච්චා නතර කරනවලු. මට හරියට හිනා ගියා. රනිල්ට පාඩු වෙයි. GMOA එක මොන තරම් අනාත වෙලාද කියලා පේනවා.

  3. Champa Reply

    මගේ comment එක ලියන්න තිබ්බේ ඊයේ. පරක්කු වුනේ මට හරියට කේන්ති ගිහින් හිටපු නිසා.

    අර ඔයාට ම්ම ලිව්වා නේද රාජපක්ෂ clan එක imposter කෙනෙක් දාල කියලා CT එකට? මම අද තමයි මගේ නමින් දාලා තියෙන ඒවා කියැව්වේ.

    ලියලා තියෙනවා Champa – ඥානසාරට (එහෙම ලියල තියෙන්නේ) ven. කියන්නේ venereal disease එකක් නිසාද?

    තව මොකක්ද කියලා, කියනවා Champa – ….. it is like I call Lord Shiva a pig කියල.

    ආයේ තැනක කියනවා: Champa – I didn’t call Allah a pig කියල.

    ඔයාට තේරෙනව නේද කරන දේ?

    තව තැන්වල article එක ලියපු writer ට නරක වචනයක් කියලා තියෙංවා. එතන Edited Out කියල තිබුනහම හැමෝම දන්නවා ඒක. I never ever do that.

    එතැන ඉන්න දෙමල මුස්ලිම් මිනිස්සු හැම තිස්සෙම හාමුදුරුවරුන්ට හරිම නරක වචන කියලා නින්දා අපහාස කරනවා. දවසක් මම කිව්වා බලන්න මම කවදාවත් වෛරයෙන් ලියල තියෙනවාද, කිසි දවසක ආගම් වලට අපහාස කරලා තියෙනවද, ආගමික පූජකයන්ට කැත විදියට බැනල තියෙනවද, ඒක තමයි සිංහල බෞද්ධ්යෙක්ගෙයි දෙමළ මුස්ලිම් ජාතිකයන්ගේ වෙනස කියලා. මම එහෙම කියල තියෙන කොට මගේ නම දාල Allah is a pig කියලා ලියන එක මොන තරම් නරකද? එහෙම කරන්නේ මගේ චරිතේ විනාස කරන්න, මාව නැති කරන්න තනිකරම දේවේශ සහගත චේතනාවෙන්. මට මේක දැක්කහම ඉහිලුම් නැතුව ගියා. දත් මිටි කාල අත් මිට මෙලවෙන තරම් තද කේන්තියක් ආව. කන් දෙකෙන් ගින්දරත් පිට වුනා. මට ලේසියෙන් කේන්ති යන්නේ නැහැ. මේ වගේ තද කේන්තියක් ගිහින් තියෙන්නේ කලින් එක පාරයි. තද කේන්ති ගියාම මම තද තීරණ ගන්නවා. කවදාවත් වෙනස් කරන්නේ නැහැ. හැම දෙයක්ම වෙන්නේ හේතුවත් ඇතුව කියලා මම විශ්වාස කරනවා. මෙහෙම කේන්ති නොගියා නම් මම මෙහෙම තීරණයක් ගන්නේ නැහැ. පෙරේදා ඉඳන් මට හරිම වෙනසක් වගේ තිබ්බ. දැන් හරි.

    මේ යක්කුන්ගේ මේ රාජපක්ෂ නම මුල් නම වෙන්න බැහැ. පස්සේ ගත්ත නමක්ද කොහෙද. නැත්නම් දකුණේ —- මිනිස්සු කිසි දවසක මේ වගේ අවලම් නින්දිත තුච්ඡ වැඩ කරන්නේ නැහැ. මහින්දව නැති කලේ බැසිල්. නයාට ගහල පොල්ල වැරැද්ද ගත්ත රාජපක්ෂලාට මං කරන දේ බලන්නකො. මම තාම ලියනවා විතරනේ. තාම කතා කරන්න පටන් ගත්තේ නැහැ. ආයේ රාජපක්ෂ කෙනෙක්ට බලයට එන්න මම ඉඩ තියන්නේ නැහැ.

  4. Champa Reply

    You look very nice Wimal.

  5. Champa Reply

    මට news බලන්නවත් හිතෙන්නේ නැහැ. මහින්දයි ඒකාබද්ධ විපක්ෂයයි චන්දෙ දීපු මිනිස්සුන්ව පාවලා දීල රනිල්ගෙ පැත්ත ගත්තේ නැත්නම් කවදාවත් රනිල්ට මෙච්චර දුර එන්න ලැබෙන්නේ නැහැ.

    එකම එක දෙයක් තියෙනවා හමුදාව වෙනුවෙන් කරන්න. මෙවුන් නම් කවදාවත් කරන්නේ නැහැ. කියන එකේ තේරුමක් නැහැ. කරන්න ඕනේ.

    OMP ගැන දැන් අලුත් දේවල් කියනව. 71 අතුරුදහන් වූවන් හොයලා බලනවා කියන්නේ මොකක්ද විමල්? ඒවටත් අහු වෙන්නේ හමුදව නේද? මිනිස්සු වහල දාලා අමතක කරපු දේවල් අලුතින් අදින්න හදනව. සිංහල කවුරු හරි මිනිස්සු කිව්වාද ඒව හොයන්න කියල.

    වෙන දෙයක් ගැන මේක. ඔයාගේ පක්ෂෙ දිස්ත්‍රික් නායකයෝ කියලා ජාතියක් ඉන්නවා දැක්ක. ඒ කියන්නේ එයා යටතේ හැම මැතිවරණ කොට්ඨාශයකටම සංවිධායකයෙක් ඉන්නවද? නැතනම් ඉතින් දිස්ත්‍රික්කයක් කියන්නේ ලොකු ප්‍රදේශයක් නේ නේද? දිස්ත්‍රික්ක 25ට 25ක් ඉන්නවද? ජාතික නිදහස් පෙරමුණ ජාතික තලයේ පක්ෂයක් නිසා සහ තව දුරටත් සුළු පක්ෂයක් විදියට ගණන් ගන්න බැරි නිසා ඔයා ඒ වගේ පක්ෂෙ expand කරලා තියෙනවද? මම නිකම් ඇහැව්වේ දන්නේ නැති නිසා. එහෙම කරලා තිබ්බ නම් හොඳ නිසා.

    • Champa Reply

      Wimal, please pay attention to the last para above. I might want you to do some preliminary work, may be early next year.

      And you may have to bring the attention of Maha Sangha to the New Inland Revenue Act. I did a breakdown of its various components and sent to LCN (may be in May?). They didn’t publish it. The temples are also going to be subject to income tax (funny, isn’t it) or some other type, I can’t remember. The latest support slogan for this new Tax Act is, even the President might be subject to income tax. It is just a pathetic attempt to justify tax on temples. It is better if Maha Sangha understands what is to come and have a discussion on as to what measures to take.

  6. Champa Reply

    OMP, ICPPED Bills දෙකෙන්ම රාජපක්ෂලාට හානියක් වෙන්නේ නැහැ. ඒවා පාස් කරන්න කැමති වුනේ deal දාගෙන. රනිල්ට ඕනේ ලෝකෙට පේන්න හමුදා නිලධාරීන් හිරේ දාන්න. රාජපක්ෂලා තමන් බේරෙන්න ඕනේ කෙනෙක් විතරක් නෙමෙයි රට වුනත් පාවා දෙයි. සුද්ධ කරලා වැඩක් නැහැ. මිනිස්සුන්ට හොඳට තේරෙනව. Deal ඉවර නැහැ. සමහර deal වලට ටිකක් පුදුමත් හිතෙයි.

    මහින්දයි JO එකයි කළා වගේ පාවා දීමක් කවදාවත් වෙලා නැහැ. කිසි හිරිකිතයක් නැතුව රටයි රණවිරුවොයි පාවලා දෙනවා. ජනතාව අහස උසට විශ්වාස කරපු මිනිස්සු කරපු පාවා දීමට උත්තර ලැබෙයි ඊළඟ චන්දෙදි.

  7. Champa Reply

    සුදු වෑන් වැඩෙත් වැල් බයිලා තමයි විමල්.

    දැන් SAITM විකුණන්න අමාරුයි, අමාරුයි නෙමෙයි, බැහැ, මිනිස්සු දැන් එතැන නැහැ. ඒක නිසා තව නරිනාටකයක් රඟ දැක්වුව.

    දැන් ලංකාවේ විපක්ෂයක් නැහැනේ, ආණ්ඩුවක් විතරයි තියෙන්නේ. අනුබද්ධ විපක්ෂේ ගැන නෙමෙයි කියන්නේ, ඒක කවදාවත් විපක්ෂය වුනේ නැහැනේ. මේ කතා කරන්නේ තමන් සැබෑ විපක්ෂය කියලා උදම් අනලා අන්තිම කැත විදියට ජනතාව රවටපු ඒකාබද්ධ විපක්ෂය ගැන.

    ආණ්ඩුවට වඩා ලස්සනට ඒකාබද්ධ විපක්ෂය රට පාවලා දෙනවා. ආණ්ඩුවට විරුද්ධ වෙන වැඩේ හොඳට නොකොලට මොකොද, පාවා දෙන වැඩේ නම් හොඳට කරනවා. කොච්චර හොඳට කරනවාද කිව්වොත්, මම හිතන්නේ දැන් රනිල්ටත් ටියුෂන් දෙනවා ඒකාබද්ධ විපක්ෂය.

    රනිල් රට පාවා දීපු එක විඳගන්න පුළුවන්, හැබැයි, ඒකාබද්ධ විපක්ෂය කරපු පාවාදීම තමයි දිරවා ගන්න බැරි. පාර්ලිමේන්තුවට 2020 ගංවතුර ගලන කොට ඉස්සෙල්ලම ගහගෙන යන කට්ටිය කවුද කියල ඕනේ නම් අනාවකියකුත් කියන්න පුළුවන්. හොරකම්, මැරකම්, තක්කඩිකම්, වනචරකම් ඔක්කොම මිනිස්සු ඉවසයි, හැබැයි මිනිස්සුන් විශ්වාශය කරලා පාර්ලිමේන්තු එවපු කාලකන්නි රටයි රණවිරුවොයි පාවා දීපු එක ඉවසන් නැහැ.

    මේ දවස්වල ලිව්වෙත් නැහැ, කේන්තිය නිමිලා නැති නිසා. අදවත් බලන්න ඕනේ CT ට ලියන්න.

    මම ඔයාගේ pose එකක් copy කරන්න හැදුවා. අර ඔයා අත උඩට උස්සලා කියන්නේ “මාතෘභූමියට ජයවේවා” කියලා. අනේ එක පාරයි කලේ, මගෙ උරිස්සත් උලුක් වුනා වගේ. කරනවා තියා හිතන්නත් බැහැ. අම්මෝ වැඩේ අතාරින්න වෙනවා සහ වෙන විකල්පයක් හොයන්න වෙනවා. මොකොද තුන් පාරක් කලොත් එහෙම අනේ මගේ උරකුහරෙ ගැලවිලා එන්නත් ඉඩ තියෙනවා. මේ දවස් වල ලිව්වේ නැති නිසා boring, මම නිකම් කරල බැලුවේ. ඒවා මම හිතන්නේ වීරවංශලාට විතරක් පිහිටපුවා වගේ. ඒ වගේ ඉරියව් වලට තියෙනවද මේ භෞතික දේපල අයිතිය? නැහැනේ නේ? ඕනේ කෙනෙකුට පුලුවන්නේ කරන්න නේද? (I am joking).

    දන්නවද විමල්, කරන්න ඉඩ දුන්නොත් ආපස්සට හරවන්න බැහැ කියල ඔයා රටටම අනතුරු හඟවපු දේවල් රනිල්ටත් තල්ලුවක් දීලා කරවන්නේ ඔයාගෙ godfather යි ඒකාබද්ධ විපක්ෂයයි.

    වපුරපු තරමට විතරක් නෙමෙයි වපුරපු විදියටත් අස්වැන්න ලැබෙයි. හුළං වපුරුපුවහම අස්වැන්න විදියට ලැබෙන්නේ තමන්වත් ගහගෙන යන සුළි සුළං කියල දන්නේ නැතුව ඇති. කියලා දෙන්නත් එපා. ජාතියේ මුර දේවතාවෝ වෙලා රටයි ජාතියයි රණවිරුවොයි ආරක්ෂා කරයි කියල හිතලා පාර්ලිමේන්තුවට යවපු මිනිස්සු ආණ්ඩුවටත් වඩා නිර්ලජ්ජිත විදියට රට පාවා දෙනවට දෙන්න ඕනේ දඬුවම තමයි සුළඟට ගහගෙන යන්න අරින එක.

  8. Champa Reply

    Personal

    Oh, I get it. Thank you for deleting it (I don’t remember the complete remark). I am sorry for the random comment. When I am bored, that is how I find something to have a smile. That was purely an innocent remark written for fun. No harm is intended.

Leave a Reply

*