BREAKING NEWS

ජානිපෙ නායක විමල් වීරවංශ පෙබ. 20 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරයට

ජානිපෙ නායක විමල් වීරවංශ පෙබ. 20 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරයට

අද (07) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙබරවාරි 20 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.
ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායකවරු වන වීරකුමාර දිසානායක,ජයන්ත සමරවීර, ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ, ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල්, දේශපාලන මණ්ඩල සභික උදයශාන්ත ගුණසේකර, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන උදය ගම්මන්පිල, විමලවීර දිසානායක, සිසිර ජයකොඩි, යන මහත්වරුද, ශෂී වීරවංශ මහත්මියද ඇතුළු විශාල පිරිසක් අද දිනයේ උසාවි භූමියට පැමිණ සිටියහ.

 

About the Author

Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*