BREAKING NEWS

ජානිපෙ මහ මැතිවරණ සූදානම විමල් කොළඹින්

    ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය බ‍්‍රහස්පතින්දා බත්තරමුල්ලේ පිහිටි එහි ප‍්‍රධාන කාර්යාලයේදී පක්‍ෂ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ හා ප‍්‍රධාන ලේකම් ප‍්‍රියන්ජිත් විතාරණ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් රැස්විය.

එහිදී මූලික වශයෙන් සාකච්ඡා වූයේ මහ මැතිවරණයට තරග වදින ආකාරය සහ දිස්ත‍්‍රික් මැතිවරණ මෙහෙයුම් පිළිබඳවය.

‘‘අපට මෙවර මහ මැතිවරණය සඳහා තරග වැදීමේ සැලසුම් දෙකක් තියෙනවා. එකක් A සැලැසුම දෙවැන්න B සැලසුම. A සැලැස්ම කියන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ බුලත් කොළය ලකුණෙන් තරග වැදීම. B සැලැස්ම කියන්නේ වෙනත් සන්ධානයක් යටතේ තරග වැදීම. මෙම කවර සන්ධානයක් යටතේ අප තරග වැදුනත් එහි අගමැති අපේක්‍ෂකයා මහින්ද රාජපක්‍ෂ මහතා විය යුතුමයි.

ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළා රට ආපස්සට ඇදගෙන යන බෙදුම්වාදී න්‍යාය පත‍්‍රය පැරදවිය හැක්කේ මහින්ද රාජපක්‍ෂ ප‍්‍රමුඛ සන්ධානයකට පමණයි. ජනවාරි 09 වැනිදා සිටම අප ජනතාවට කීවේ, ‘මහින්ද සමග නැගිටිමු’ කියලයි. ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා දිනවීමට ඡන්දය දුන් 58 ලක්‍ෂයක ජනතාව පමණක් නොවෙයි, ‘හංසයා’ කියලා ‘කොකාට’ රැවටුණු විශාල පිරිසකුත් අද ‘මහින්ද සමග නැගිටින්න’ සූදානම්’’ විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.

‘‘නුගේගොඩින් ඇරඹී ‘මහින්ද සමග නැගිටිමු!’ රැලිමාලාව මහනුවර, රත්නපුර, කුරුණෑගල, හරහා මාතරට ආවා. මහින්ද සමග මේ රට යළි නිසි මග රැග‍ෙන යාමේ අභිලාෂයෙන් පෙළුණු ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් ඒවාට සහභාගී වුණා. හැබැයි ඒ හැම රැලියක අඩුපාඩුවක් තිබුණා. මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ රැලියේ එතුමා හටියේ නැහැ. ජූලි 09දා මේ රැලි මාලාවේ අනුරාධපුර විජයග‍්‍රාහී රැලියට මහින්ද රාජපක්‍ෂ මහතා ගොවැදීමට සූදානම්ව සිටිනවා. රැලිය පැවැත්වෙන විට අප කවර සන්ධානයකින් ද තරග වදින්නේ යන ගැටළුවට විසඳුම් ලැබී තියේවි’’ පක්‍ෂයේ නියෝජ්‍ය සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.

‘‘අපේ නාමයෝජනා තේරීම් කමිටුව වෙත අයදුම් පත‍්‍ර  විශාල ප‍්‍රමාණයක් ලැබී තිබුණා. ඒ අනුව නාමයෝජනා තේරීම් කමිටුව රැස්වෙලා සුදුස්සන් තෝරා ගැනීම සඳහා සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වූවා. ඒ අනුව ඇතැම් දිස්ත‍්‍රික්ක සඳහා අලූත් මුහුණු කිහිපයක් මහ මැතිවරණයට ඉදිරිපත් කිරීමට හැකි වේවි . අපි කවර සන්ධානයකින් මහ මැතිවරණයට ඉදිරිපත් වුවත් අපේ දිස්ත‍්‍රික් නායකයන් තම දිස්ත‍්‍රික්කවලින්ම එම සන්ධානය යටතේ තරග වදිනවා. ඒ අනුව කොළඹ දිස්ත‍්‍රික් නායක, විමල් වීරවංශ සහෝදරයා කොළඹ දිස්ත‍්‍රික්කයෙන් ද අනුරාධපුර දිස්ත‍්‍රික් නායක වීරකුමාර දිසානායක සහෝදරයා අනුරාධපුර දිස්ත‍්‍රික්කයෙන් ද රත්නපුර දිස්ත‍්‍රික් නායක, සබරගමු පළාත් සභා මන්ත‍්‍රී, දීපාල් ගුණසේකර සහෝදරයා රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් ද නුවරඑළිය දිස්ත‍්‍රික් නායක, මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී, නිමල් පියතිස්ස සහෝදරයා නුවරඑළිය දිස්ත‍්‍රික්කයෙන් ද මොනරාගල දිස්ත‍්‍රික් නායක, ඌව පළාත් සභා මන්ත‍්‍රී, උදය ශාන්ත ගුණසේකර සහෝදරයා මොනරාගල දිස්ත‍්‍රික්කයෙන් ද කළුතර දිස්ත‍්‍රික් නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ජයන්ත සමරවීර සහෝදරයා කළුතර දිස්ත‍්‍රික්කයෙන් ද මහනුවර දිස්ත‍්‍රික් නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී, නිමල් පේ‍්‍රමවංශ සහෝදරයා මහනුවර දිස්ත‍්‍රික්කයෙන් ද ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික් නායක, නැග‍ෙනහිර පළාත් සභා මන්ත‍්‍රී ජයන්ත විජේසේකර සහෝදරයා ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයෙන් ද ගම්පහ දිස්ත‍්‍රික් නායක, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී ලලන්ත ගුණසේකර සහෝදරයා ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් ද තරග වැදීමට නියමිතයි.

අනෙකුත් දිස්ත‍්‍රික්කවලින් නවක මුහුණු කිහිපයක් දැක ගත හැකි වේවි. රණවිරුවන්, විශ‍්‍රාමික පරිපාලන නිලධාරීන්, ප‍්‍රවීණ කලාකරුවන් ඇතුළු පිරිසක් ඒ අතර සිටිනවා.’’ ප‍්‍රධාන ලේකම්, ප‍්‍රියන්ජිත් විතාරණ මහතා අනාවරණය කර සිටියේය.

‘‘ජන රැලි, ජන හමු, ගෘහස්ථ සාකච්ඡා, කැන්වසින්, පෝස්ටර් ව්‍යාපාර, පත‍්‍රිකා බෙදාහැරීම් ඇතුළු සම්ප‍්‍රදායක ප‍්‍රචාරක මාධ්‍යයන් යොදා ගන්නා අතර නවතම මාදිලියේ ප‍්‍රචාරක වැඩසටහන් ගණනාවක් මේ වන විට අපේ අපේක්‍ෂක පිරිස වෙනුවෙන් සැලසුම් කරමින් තිබෙනවා’’ ප‍්‍රචාරක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී, මොහොමඞ් මුසම්මිල් මහතා මෙහිදී සඳහන් කළේය.

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Sajeewan Reply

    Api mahinda samagaie…

Leave a Reply

*