BREAKING NEWS

ජානිපෙ විශේෂ මහ සමුළුවට ජනගඟක් ගලයි…සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය පිරී ඉතිරි යයි

ජානිපෙ විශේෂ මහ සමුළුවට ජනගඟක් ගලයි…සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය පිරී ඉතිරි යයි

ජාතික නිදහස් පෙරමුණේ විශේෂ මහ සමුළුව අද(22) සවස කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අතිසාර්ථකව පැවැත්විණි. දිවයිනේ නන්දෙසින් පැමිණි ජනගංගාවකින් ගෘහස්ථ ක්‍රීඩාංගණය පිරී ඉතිරි ගිය අතර ඉන් පිටතද විශාල ජනගඟක් රැස්ව සිටියහ.
ආගමික වතාවත් සිදු කිරීම, පොල්තෙල් පහන දැල්වීම, රණවිරුවන් සිහි කිරීම ආදී අංගවලින් පසුව සමුළුවේ පිළිගැනීමේ කතාව සිදු කරනු ලැබුවේ පක්‍ෂයේ ප්‍රධාන ලේකම්, ප්‍රියන්ජිත් විතාරණ මහතාය. ඉන්පසු පක්‍ෂයේ නියෝජ්‍ය නායක, වීරකුමාර දිසානායක මහතා විසින් සමුළු දේශනය පැවැත්විය.
ඉන්පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, ජී.එල්. පීරිස්, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල යන මහත්වරු ජානිපෙ විශේෂ මහා සමුළුවට තම සුබපැතුම් එක් කළහ.

මෙම සමුළුවේදී සිදු වූ තවත් විශේෂ කරුණක් වූයේ ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම පුවත්පත: ‘පංචායුදය’ එළිදැක්වීමයි. පුවත්පතේ මුල් පිටපත එහි කර්තෘ අනුරුද්ධ බණ්ඩාර රණවාරණ මහතා විසින් පක්‍ෂයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ මහතා වෙත භාර දුන් අතර පසුව දෙදනා විසින් පුවත්පතේ පිටපතක් විශේෂ ආරාධිතයා ලෙස සමුළුවට සහභාගී වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත පිළිගැන්වූහ.

මෙහිදී සමුළුවට සහභාගී වූ පිරිස සමුළු අධිෂ්ඨානයක්ද ඇතිකරගත් අතර එය කියවනු ලැබුවේ ජානිපෙ දේශපාලන මණ්ඩල සභික නිරෝෂන් ප්‍රේමරත්න මහතා විසිනි.

ඉන්පසු ඒකාබද්ධ විපක්‍ෂයේ නායක, දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සමුළුවට සිය සුබ පැතුම් පළකර සිටියේය. සිරගතව සිටින පක්‍ෂයේ ආදරණීය නායක, විමල් වීරවංශයන් විසින් සිරකුටියේ සිට ලියා එවන ලද විශේෂ ප්‍රකාශය සමුළුවට ඉදිරිපත් කරනු ලැබුවේ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර මහතා විසිනි.

ඉන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සිය කතාව සිදු කරනු ලැබුවේය. මීට අදාළ ජානිපෙ මාධ්‍ය ඒකකයේ ජායාරූප අස්වැන්න පහත දැක්වේ.

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*