BREAKING NEWS

ජෙනරාල් ප්‍රසන්න සිල්වා චම්පිකගෙ හොඳ මිතුරෙක්

ස්වයංක්‍රිය ගිනි අවි සමඟ අංක තහඩු මාරු කරන ලද සුදු වෑන් රථයෙන් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් තිදෙනාගෙන් ප්‍රශ්න කළොත් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන් වීම ගැන තොරතුරු දැනගැනීමට හැකි බවත් මෙම ගිනි අවිය අයිති මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා මහතා වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ඉතා සමීප හිතවතකු බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක විමල් වීරවංශ මහතා පවසයි.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන් වීම පිළිබඳ විශාල හඬක් නැඟූ ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවලට සත්‍ය තොරතුරු දැනගැනීමට මෙය හොඳ අවස්ථාවක් බවත් ඒ අරමුණු වෙනුවෙන් එම රාජ්‍ය නොවන සංවිධාන පෙනී සිටීවි කියා තමන් බලාපොරොත්තු වන බවත් විමල් වීරවංශ මහතා පවසයි.
ඊයේ (22දා) දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී විමල් වීරවංශ මහතා මේ බව පැවැසීය.

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*