BREAKING NEWS

තැබූ දේශපාලන පියවර අගලක්වත් පස්සට ගන්නේ නැහැ! – විමල් කියයි

10428437_421493134678900_5818956148800229464_nපසුගිය 18 වැනිදා නුගේගොඩදී ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු දේශපාලන ක‍්‍රියාකාරීන් බොහෝ දෙනෙකුගේ මෙහෙයවීමෙන් අතිසාර්ථකව පවත්වන ලද ජනතා රැලිය අවසන් වී පැය භාගයක් ගත වූයේ නැත. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමල් වීරවංශ මහතාගේ බිරිඳ ශෂි වීරවංශ මහත්මිය සම්බන්ධයෙන් සිය පරීක්‍ෂණ වඩාත් තීව‍්‍ර කොට තිබිණි. එදින(18) සවස 7.00ට පමණ බත්තරමුල්ලේ පිහිටි ඔවුන්ගේ ස්ථිර පදිංචිය සහිත ස්ථානයට තලංගම පොලිසියේ නිලධාරීන් දෙදෙනෙක් පැමිණියහ. ඔවුන් ලිඛිතව දැනුම් දුන්නේ ශෂී වීරවංශ මහත්මිය 19 වැනි දින උදේ 11ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ කටඋත්තරයක් දිය යුතු බවය.

නමුත් ඒ වන විට ශෂී වීරවංශ මහත්මිය අසනීප තත්ත්වයෙන් පසු වූ හෙයින් අදාළ දින දන්වා තිබූ වේලාවට පැමිණීමට අපහසු වී තිබිණි. ඒ බව දන්වා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නීතිඥ සමන් දිසානායක මහතා මගින් ලිපියක් භාරදීමට වීරවංශ මහත්මිය කටයුතු කර තිබිණි. අදාළ දින පැමිණීමට නොහැකි බැවින් වෙනත් දිනයක් හා වේලාවක් ලබාදෙන ලෙසට එම ලිපිය මගින් වීරවංශ මහත්මිය ඉල්ලා සිටියාය. එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙම නීතිඥවරයාගෙන් ද කටඋත්තරයක් ලබාගෙන තිබිණි.

කෙසේ වෙතත් 19 වැනි දින වීරවංශ මහත්මියගේ රෝගී තත්ත්වය උත්සන්න වූ අතර ඇය මාලඹේ නෙවිල්් ප‍්‍රනාන්දු රෝහලට නේවාසික ප‍්‍රතිහාර සඳහා ඇතුළත් කෙරිණි. එකී රෝහල් ගත කිරීමද නීතිඥ සමන් දිසානායක මහතා මගින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබිණි. කටඋත්තරයක් ලබා ගැනීම ඉතා හදිසි නම් රෝහලට පැමිණ අදාළ ප‍්‍රකාශය සටහන් කර ගන්නා ලෙස ද දැනුම් දුන්නේය. නමුත් එහිදී ඇති වූ එක`ගතාව වූයේ ඇයට සුව වූ පසුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන නව දිනයක සහ වේලාවක අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ අදාළ ප‍්‍රකාශය ලබාදීමට කටයුතු කිරීමයි. ඒ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්මේන්තුව ඇය නේවාසිකව ප‍්‍රතිකාර ලබන බවත් ඒ මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ අංක දරන කාමරයේ බවත් හොඳින්ම දැනගෙන සිටියහ.

එහෙත් 21 වැනිදා ‘වීරවංශ බිරිඳ ගෙදර නැහැ. පොලීසිය හිස් අතින් එයි. සැගවී ඇද්දැයි නිවාස පරීක්‍ෂා කරලා. අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් හයක්’ යනුවෙන් සිංහල හා ඉංග‍්‍රීසි ජාතික පුවත්පත් දෙකක් මගින් අසත්‍ය කරුණු රැසක් ඇතුළත් ආන්දෝලනාත්මක පුවත් දෙකක් පළ කර තිබුණි. ඒ ප‍්‍රවෘත්තිවල සඳහන් අසත්‍ය කරුණු නිවැරදි කරන ලෙස ඉල්ලා 22 වැනිදා විමල් වීරවංශ මහතා සත්‍ය කරුණු ඇතුළත් දීර්ඝ පැහැදිලි කිරීමක් අදාළ පුවත්පත්වල කර්තෘතුමන්ලා දෙදෙනා වෙත යොමු කර තිබිණි.

මේ අතර පසුගිය 21 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්මේන්තුව කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණයට ගොස් ශෂී වීරවංශ මහත්මිය අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් ඉල්ලා තිබිණි. නමුත් මහේස්ත‍්‍රාත්වරයා එහිදී අත්අඩංගුවට ගැනීමට නියෝගයක් ලබා දී නොතිබිණි. පරීක්‍ෂා කොට බලා ඒ අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්මේන්තුවට බලය ඇති බව මහේස්ත‍්‍රාත්වරයා පවසා තිබිණි. එසේම එහිදී කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා පවසා තිබුණේ ප‍්‍රකාශයක් සටහන් කරගැනීමට සුදුසු තත්ත්වයේ සිටි නම් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ද සමග ගොස් එසේ කටයුතු කරන ලෙසය.

ඒ අනුව පසුගිය ඉරිදා(22) සවස 7.00ට පමණ අධිකරණ වෛද්‍ය නිලධාරියා ද සමග අපරාධ පරීක්‍ෂණ දෙපාර්මේන්තුවේ නිලධාරීන් පිරිස නෙවිල් ප‍්‍රනාන්දු රෝහල වෙත පැමිණියහ. පැය 03ක පමණ කාලයක් ශෂී වීරවංශ මහත්මිය පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරියා පවසා සිටියේ ඇය ප‍්‍රකාශයක් සටහන් කරගැනීමට තරම් සුදුසු තත්ත්වයක සිටින බවයි. එහෙත් ඒ මොහොතේදී ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්මේන්තුවේ නිලධාරීන් කටයුතු කළේ නැත. ඒ වන විට රාත‍්‍රී 11.00 ඉක්ම ගොස් තිබිණි. එදින ඔවුහු ඒ මොහොතේදී ශෂී වීරවංශ මහත්මිය පොලිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළහ. අත්අඩංගුවට ගෙන රෝහලෙන් රැගෙන යාමට සූදානම් වූහ. නමුත් එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ශෂී වීරවංශ මහත්මියගේ රෝගී තත්ත්වය අපරාධ පරීක්‍ෂණ දෙපාර්මේන්තුවේ නිලධාරීන්ට පැහැදිලි කර තිබිණි. එසේම මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ ශෂී වීරවංශ මහත්මියට ප‍්‍රතිකාර කටයුතු කළ විශේෂඥ වෛiවරයා ද ඒ මොහොතේදී පවසා තිබුණේ තම රෝගියාට පැයෙන් පැයට ඖෂධ නියමකර ඇති බවත් පපුවේ අමාරුවක් සහ තවත් අසනීප තත්ත්වයන් කිහිපයක් මතුව ඇති බවත්. මේ සිදුවීමත් සමග තම රෝගියාට ‘මානසික ආතතියද හටගෙන ඇතැයි එම විශේෂඥ වෛද්‍යවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්මේන්තුවේ නිලධාරීන්ට පැහැදිලි කර දී තිබිණි. ඒ නිසා තමන් රෝගියා රැගෙන යාම අනුමත නොකරන බව ද එසේ රැගෙන යන්නේ නම් රෝගියාගේ ජීවිතය සම්බන්ධයෙන් වගකීම අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා භාරගත යුතු යැයි ද විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කොට තිබිණි. ඒ අනුව ශෂී වීරවංශ මහත්මිය රෝහලෙන් රැගෙන යාම අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ද අනුමත කර නොතිබිණි.

ඒ අනුව තම ආරක්‍ෂාව යටතේ ශෂී වීරවංශ මහත්මිය එම රෝහලේම රඳවා තබා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්මේන්තුව කටයුතු කළහ. පසුදින එනම් 23 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්මේන්තුව ශෂී විරවංශ මහත්මියගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගත්හ. ප‍්‍රකාශය සටහන් කර ගැනීමෙන් අනතුරුව කඩුවෙල මහේස්ත‍්‍රාත් ධම්මික හේමපාල මහතා ද රෝහලට ගෙන්වීමට කටයුතු කළහ. ඒ මොහොත වන විට රෝහලේ සිට කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත රැගෙන යාමට හෝ සුදුසු තත්ත්වයක ඇය නොසිටි හෙයින් කඩුවෙල මහේස්ත‍්‍රාත්වරයා රෝහල වෙත කැඳවාගෙන විත් තිබිණි. ඒ වන විට 23 වැනිදා සවස 7 පමණ විය. එහිදී ශෂී වීරවංශ මහත්මිය 25 වැනිදා තෙක් බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය. ඒ අනුව ඒ මොහොතේ සිට ප‍්‍රතිකාර ලබමින් සිටි වීරවංශ මහත්මිය බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයට ගනු ලැබූ අතර එදින රාත‍්‍රියේ ඇය රඳවා තබාගනු ලැබුවේ ඉහත රෝහලේමය.

පසුදින(24) පස්වරුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පැමිණෙන්නේ වෙනත් අධිකරණ වෛද්‍ය නිලධාරිනියක් සමගිනි. ඇය ලබාදෙන්නේ කලින් අධිකරණ වෛද්‍යවරයාට වඩා වෙනස් වාර්තාවකි. ‘මැය බන්ධනාගාර ගත කිරීමට සුදුසුය’ යන්න එම වාර්තාවේ සඳහන් විය. කෙසේ නමුත් රෝගියාගේ ප‍්‍රතිකාර භාරව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශය වූයේ රෝගියා තවදුරටත් නේවාසිකව ප‍්‍රතිකාර ලැබිය යුතු බවය. ඉහත වෛද්‍යවරියගේ නිර්දේශය අනුව ශෂී වීරවංශ මහත්මිය බන්ධනාගාර රෝහල වෙත ගෙන එනු ලැබුවාය. ඇයට අදාළ ප‍්‍රතිකාර බන්ධනාගාර රෝහලේදී ලබාදිය හැකි බවට බන්ධනාගාර රෝහලෙන් පැමිණි වෛද්‍යවරයා ද පවසා තිබිණි.

මේ අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්මේන්තුවේ නිලධාරීන් පසුගිය 23 වැනිදා ද කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වෙත මෝසමක් ඉදිරිපත් කරමින් ශෂී වීරවංශ මහත්මිය රෝහලෙන් පලායාමේ අවධානමක් ඇති බැවින් අත්අඩංගුවට ගත් බවත් මාර්තු 06 වැනිදා තෙක් බන්ධනාගත කරන ලෙසත් ඉල්ලා තිබිණි. එම ඉල්ලීම ඉවත දමා කඩුවෙල මහේස්ත‍්‍රාත්වරයා වෙත ශෂී වීරවංශ මහත්මිය ඉදිරිපත් කිරිමට කටයුතු කරන ලෙසට ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර තිබිණි.

බන්ධනාගාර රෝහලේ පසුගිය 24 වැනිදා රාත‍්‍රිය ගත කළ ශෂී වීරවංශ මහත්මිය පසුදා(25) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 04 වැනිදා තෙක් බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. පෙබරවාරි 26 වැනිදා බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත ශෂී වීරවංශ මහත්මිය මාරු කර යැවීමට බන්ධනාගාර වෛද්‍යවරුන් කටයුතු කර තිබිණි. එසේම පෙබරවාරි 27 වැනිදා ශෂී වීරවංශ මහත්මියගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලූ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ශෂී වීරවංශ මහත්මිය රුපියල් 15000ක මුදල් ඇපයක් සහ ලක්‍ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබිණි. කෙසේ වෙතත් ඇප ලැබීමෙන් අනතුරුව ශෂී වීරවංශ මහත්මිය යළිත් වැඩිදුර ප‍්‍රතිකාර සඳහා එදිනම රෝහල් ගත වූවාය. එසේ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි ශෂී වීරවංශ මහත්මියගේ සුව දුක් විමසා බැලීමට එදින සවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හා ශිරන්ති රාජපක්‍ෂ මැතිනිය පැමිණීමද විශේෂ සිදු වීමකි.

විමල් සී.අයි.ඞීයට

මේ අතර 2011දී සිදු කර ඇති පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාගැනීමට පසුගිය සඳුදා(23) විමල් වීරවංශ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්මේන්තුවට කැඳවා තිබිණි. එහිදී පැය එකහමාරකට ආසන්න කාලයක් විමල් වීරවංශ මහතාගෙන් ප‍්‍රශ්න කොට තිබිණි.

එසේම ශෂී වීරවංශ මහත්මිය කොළඹ අලූත්කඬේ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් මාර්තු මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව අ`ඩා වැලපෙන සිය ආදරණීය දියණිය විශ්වාදරීගේ කදුළු පිස දමමින් විමල් වීරවංශ මහතා අධිකරණ භූමියෙන් පිටව යන අයුරු දුටු බොහෝ ජනමාධ්‍යවේදීන්ගේ සහ පොලිස් නිලධාරීන්ගේ පවා නෙත්වලට කඳුළු උනනු දැකගත හැකිවිය. ඒ හද සසල කරන අවස්ථාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විමල් වීරවංශ මෙසේද පැවසීය.

‘‘කවර චෝදනා එල්ල කළත් කවරකු හිරගෙයි දැමුවත් අපි ගෙන ඇති දේශපාලන පියවර අගලක් හෝ පස්සට ගන්නේ නැහැ. අපි බලාපොරොත්තු වුණා මේ තත්වය මෙහෙම වෙයි කියා. ඒ පිළිබඳව අපේ කිසිම වික්‍ෂිප්තභාවයක් නැහැ. මේ දඩුවම් කරන්නේ විමල් වීරවංශට මිස වෙන කිසිවකුටත් නොවෙයි. කෙසේ වෙතත් අපි අධිකරණයේ සාධාරණත්වය පිළිබඳව තවමත් බලාපොරොත්තු දල්වාගෙන සිටිනවා. අපි හිතනවා ඒ සාධාරණය ඉටුවෙයි කියා.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය

‘‘ඔව්! ඔව්! ඉදිරියේදී චෝදනා පැටව් ගහයි. ඔයගොල්ලන්ට තොග ඕනෑ නම් තොග විදියට, සිල්ලරට ඕනෑනම් සිල්ලරට දෙයි. හැබැයි ඔය මොන චෝදනා රැගෙන ආවත්, කවුරු හිරේ දැම්මත් අපි අරන් තියෙන දේශපාලන පියවර අගලක්වත් පස්සට තියන්නේ නැහැ. හිතන් ඉන්නවා නම් ‘යහපාලන මහත්තුරු’ මෙවැනි දේ කරලා අපේ ගමන නවත්වන්න, ඒක බොහොම වැරදි නිගමනයක් කියලත් අපි කියනවා’’

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*