BREAKING NEWS

“දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය අවලංගුයි. ෆෙඩරල් ව්‍යවස්ථාවක් ආණ්ඩුවෙන් හදාගෙනවිත් හැකිනම් සම්මත කර ගන්න”

“දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය අවලංගුයි. ෆෙඩරල් ව්‍යවස්ථාවක් ආණ්ඩුවෙන් හදාගෙනවිත් හැකිනම් සම්මත කර ගන්න”

– විමල්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්

තමන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනකු ඉවත් වීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය අවලංගු වන බැවින් දැන් හැකිනම් ආණ්ඩුවක් ලෙස ෆෙඩරල් ව්‍යවස්ථාවක් රැගෙන විත් එය සම්මත කර ගන්නා ලෙසට ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ආණ්ඩුවට අභියෝග කර සිටියි.

අද(20) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ අභියෝගකර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“ඊයේ (19) ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පස්දෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් වන බව කථානායකතුමන් වෙත නිල වශයෙන් ලිඛිතව දන්වා සිටිනු ලැබුවා. ඔබ දන්නවා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ලෙස හැඳින්වූයේ මන්ත්‍රීවරුන් 225න්ම සමන්විත මුළුමහත් පාර්ලිමේන්තුවයි. අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිසා ඉබේම මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සාමාජිකයන් බවට පත් වූවා. නමුත් අපි මුල සිටම මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවට හෝ එමගින් පත් කළ අනුකමිටු 06ටත් සහභාගී වීමෙන් වැළකී සිටියා.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මූලිකත්වය ගෙන මේ සිදු කරන නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ හෝ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමේ ක්‍රියාවලිය රටට අහිතකර එකක් බවට ආරම්භයේ සිටම අපට පූර්ව නිගමනයක් තිබුණා. එසේ පූර්ව නිගමනයකට අප පැමිණියේ, 2015දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාවලියේත්, මානව හිමිකම් කොමසාරිස් සෙයිඞ් අල් – හුසෙන් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාවලත්, යුරෝපා සංගමය ජීඑස්පී ප්ලස් ලබා දීමට ඉදිරිපත් කළ කොන්දේසිවලත් ශ්‍රි ලංකාව කඩිනමින් ෆෙඩරල් හෙවත්
සන්ධිය ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බව අවධාරණය කර තිබීම නිසායි.

ඉහත කී ජාත්‍යන්තර බලවතුන්ගේ බලපෑමට නතුව තමයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මූලික වී මේ ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලිය ආරම්භ කළේ. පාර්ලිමේන්තුවට පිටින් ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය’ නමින් ඔවුන් හඳුන්වා ගන්න කණ්ඩායමක් රැස් වෙලා මේ නව ව්‍යවස්ථා කෙටුම්පත හදලා පාර්ලිමේන්තුවට රැගෙන ඒමේ න්‍යාය පත්‍රයක් තමයි මේ අයට තිබුණේ. නමුත් ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් ඇතුළු අපේ මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීවරුන්ගේ මත දැක්වීම් හේතු කොට ගෙන ඒ ප්‍රයත්නය මේ පිරිසට අත හරින්න සිදු වුණා. අවසානයේදී මුළුමහත් පාර්ලිමේන්තුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් වුණා.

‘මේක ජාත්‍යන්තර බලපෑමට හැදෙන ව්‍යවස්ථාවක් බව පැහැදිලියි’

මේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ ව්‍යවස්ථා සංශෝධනය රැගෙන එන්න හදන්නේ ඉහත කී ජාත්‍යන්තර බලපෑම්වලට නතුවයි. නමුත් නව ව්‍යවස්ථාවක් හැදිය යුත්තේ මේ රටේ ජනතාවගේ අභිලාෂයන් ඉටු වන ආකාරයටයි. පසුගිය දිනවල ශ්‍රී ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් මහත්තයා මොකද කළේ? ඔහු කළේ තම සංවිධානය පවරපු වැඩ ටික ශ්‍රී ලංකා අාණ්ඩුව කාල සටහනට අනුව කරගෙන යනවාද, කියා නිරීක්‍ෂණය කිරීමයි. කාලසටහනට අනුව වැඩ ටික කෙරිලා නම් ඔහු කියනවා ‘හොඳයි’ කියලා. නැතිනම් කියනවා ‘සෑහීමකට පත් විය නොහැකියි’ කියලා. දැන් මේ ආණ්ඩුව මේ රට ජාත්‍යන්තර අධීක්‍ෂණයට ලක් වූ රාජ්‍යයක් බව පත් කරලා ඉවරයි.

‘මෙහෙයුම් කමිටුවටත් කොලේ වහලා’

මුළුමහත් පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කළත් මේ ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලිය පාරදෘශ්‍ය නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ සභාපති ධුරය දරන අගමැතිවරයා පසුගියදා මේ මෙහෙයුම් කමිටුවට පිටතින් හදාගත්තු වාර්තාවක් ඉදිරිපත් කරනවා, මෙහෙයුම් කමිටුවේ වාර්තාව විදියට. මේ වාර්තාව පිළිබඳව මෙහෙයුම් කමිටු සාමාජිකයන් පවා දන්නේ නැහැ. ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ වාර්තාව’ ලෙස පාර්ලිමේන්තුවට මේ පිටතින් ගෙන ආ වාර්තාව ඉදිරිපත් කිරීමටයි අගමැතිවරයා සූදානම් වූයේ. ඒ අනුව පැහැදිලිව පෙනෙනවා, බාහිර කල්ලි කිහිපයක් විසින් තමයි මේ ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලිය මෙහෙයවන්නේ කියා. අගමැතිවරයාත් මේ ක්‍රියාවලියේ අතරමැද ප්‍රධානියෙක් පමණයි. මේ අය හදන්නේ පාර්ලිමේන්තුව හරහා තමන්ට උවමනා බෙදුම්වාදී ව්‍යවස්ථාවක් අටවන්නයි. එවැනි කරුණු බොහෝමයක් ද අපට මේ තීරණය ගැනීමේදී වැදගත් වුණා.

‘වැදගත්ම කාරණය’

ත්‍රෛනිකායික මහානායකහිමිවරුන් මේ ආණ්ඩුවට සංඝ විධානයක් නිකුත් කළා. ඒ විධානය තමයි ‘නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හෝ සංශෝධන එපාෟ’ කියන එක. මේක අනුනාහිමියන් වෙනත් විදියකින් පැවසුවා ‘නොදන්නා යකාට වඩා දන්නා යකා හොඳයි කියා. ‘නොදන්නා යකා’ මොන වගේද කියා අගමැතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කර තිබෙන හොර වාර්තාව කියැවූ විට පැහැදිලි වෙනවා. ඒ වාර්තාවෙන් අනාවරණය වෙන්නේ නව ව්‍යවස්ථාවෙන් සන්ධීය රටක් හැදෙන බවයි.

‘ඓතිහාසික සම්ප්‍රදාය නොතේරෙන ආණ්ඩුවක්’

ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ඒකාබද්ධව ආණ්ඩුවට නියෝගයක් නිකුත් කරලා තිබියදී මෙසේ නව ව්‍යවස්ථාවක් හැදීමේ කටයුත්ත ඉදිරියට ගෙන යාම උන්වහන්සේලාගේ මතයට රැහැනිව යාමක්. මේ රටේ අතීතයේ පටන් මහසඟරුවන සිටියේ රජුට ඉහළින්. රජු එනවිට මහසඟරුවන නැගිට්ටෙ නැහැ. මහසඟරුවන වඩින විට රජු නැගිට්ටා. රජුට මහසඟරුවන වැන්දේ නැහැ. රජු මහසඟරුවනට වැන්දා. රජු මහසඟරුවනේ අනුශාසනා බලාපොරොත්තු වුණා රාජ්‍ය පාලනයේදී මහසඟරුවනේ උපදෙස් නොතකා කටයුතු කළ රාජ්‍ය පාලනයන් ඉතා කෙටි කලකදී බිඳ වැටුණා. ඒ නිසා මේ රටේ ‘ඓතිහාසික සම්ප්‍රදාය’ කියා එකක් තිබෙන බව මේ ආණ්ඩුව තේරුම්ගත යුතුව තිබෙනවා.

ත්‍රෛනිකායික මහනාහිමිවරුන් මේ සිදුවන ක්‍රියාදාමය විනිවිද දැකලා නව ව්‍යවස්ථාවක් හෝ සංශෝධන එපා කියන කොට, එවැනි ව්‍යවස්ථාවක් හදන ක්‍රියාදාමයේ කිසිම තැනක නියෝජිතයන් වෙලා ඉන්න අපට බැහැ. එවැනි ව්‍යවස්ථාවක් පිළියෙල කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සාමාජිකයන් හැටියට අපට ඉන්න බැහැ. ඒ නිසා තමයි ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය තුළ ගැඔුරින් සාකච්ඡා කරලා, ඒකාබද්ධ විපක්‍ෂයේ සෙසු නායකයන් සමඟ ද ගැඹුරින් සාකච්ඡා කරලා ඔවුන්ගේ ද එකඟතාව ඇතිව මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සාමාජිකත්වයෙන්, නියෝජිතත්වයෙන් ඉවත් වීමට අප 05 දෙනා තීරණය කළේ.

‘දැන් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය අවලංගුයි’

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන්ම සමන්විත මුළුමහත් පාර්ලිමේන්තුවම තමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ලෙස හැඳින්වූයේ. නමුත් දැන් තිබෙනවා ප්‍රශ්නයක්. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 05 දෙනෙකු කතානායකවරයාට ලිඛිතව දැනුම් දී ඉන් ඉවත් වූ පසු එයට තවදුරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය කියා කියන්න බැහැ. එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයෙන් ඉවත් වූ පසු එයට ඒ නම කියන්න බැහැ. එය සම්මතයට මෙන්ම නීතියටත් පටහැනියි. ඒ නිසා අපි කථානායකතුමාගෙන් ලිපියෙන් ඉල්ලූ ආකාරයට අදත් ඉල්ලනවා, ‘මුළු පාර්ලිමේන්තුවයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ලෙස නම් කළේ. මුළු පාර්ලිමේන්තුවම කියපුවාම එයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225ම අයත්. දැන් ඒ 225න් 5ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් වෙනවා. ඒ නිසා මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කළා කියන එක තවදුරටත් වලංගු නැහැ. ඔබතුමා පාර්ලිමේන්තුවට දැන්විය යුතුයි මේ අලුත් තත්වය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනකු ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාදාමයෙන් ඉවත් වීම නිසා තවදුරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය එසේ හැඳින්විය නොහැකියි. පිළිගත නොහැකියි, කියා ප්‍රකාශක කරන ලෙසට’ ඒක තමයි සම්ප්‍රදාය, නීතිමය තත්වය අතින් බැලුවත් සත්‍ය තත්වය.

‘අගමැතිතුමාගේ නීතිවිරෝධි උපදෙස්වලට අවනත නොවී අඩුම තරමින් මේ කාරණයේදීවත් සාධාරණ තීරණය ගන්න’ කියලත් අපි කතානායකතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි ආණ්ඩුවට කියනවා ‘දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය’ කියලා එකක් නැහැ. ඒ නිසා හදනවා නම් නව ව්‍යවස්ථාවක් ආණ්ඩුවෙන් හදන්න. එදා චන්ද්‍රිකා පැකේජය රැගෙන ආවා වගේ ආණ්ඩුවෙන් හදපු ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ගෙන එන්න’ කියලා.

හැබැයි ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ විධානය නොතකා නව ව්‍යවස්ථාවක් හෝ සංශෝධනයක් රැගෙන ආවොත් ඒක සම්මත වීමට මේ රටේ මහා සංඝරත්නය, ජනතාව ඉඩ දෙන්නේ නැහැ. ලක්‍ෂ ගණනින් ඒ පාපතර ක්‍රියාව වැළැක්වීම සඳහා පාරට බහින්න ජනතාව සුදානම්. අපි ඊට නායකත්වය දීමට සූදානම්, කියා අපි ආණ්ඩුවට මේ මොහොතේ අවධාරණය කර සිටිනවා”

මෙම මාධ්‍ය හමුවට ජානිපෙ නියෝජ්‍ය නායකවරු වන වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, දේශපාලන මණ්ඩල සභික නිරෝෂන් ප්‍රේමරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2017-07-20

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    ප්‍රියතම මන්ත්‍රීතුමා

    මට දැන් තමයි මේ ගත්ත තීරණේ වටිනාකම තේරුනේ.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් වුනා කියන්නේ හරියට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ගත්ත වගේ වැඩක්.

    ඔබ ගත්ත තීරණය ආණ්ඩුවේ ෆෙඩරල් ව්‍යවස්ථාවේ පදනම කඩා දැම්ම. වෙනත් විදියකට කියනවා නම් ෆෙඩරල් ව්‍යවස්ථාව ගොඩ නැගුනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය මත. පදනම දෙදරපුවහම ගොඩනැගිල්ල පවතින්නේ නැහැ. කඩා වැටෙනවා.

    රනිල් මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා මණ්ඩලයක් බවට පත් කරලා කළේ තුනෙන් දෙකෙන් නැතුව මුළු පාර්ලිමේන්තුවේම අනුමැතියෙන් ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කරගන්න ගහපු ගැටයක්. හැබැයි රනිල්ට වැරදුනු තැන තමයි ඒකාබද්ධ විපක්ෂය දැපනේ දාගත්තට විමල් වීරවංශ කියන්නේ එහෙම රනිල්ගේ ගැට වලට අහු වෙන කෙනෙක් නොවෙන බව අමතක වුනු එක. විමල් ෆෙඩරල් ව්‍යවස්ථාව ගැන කියපු දවසේ ඉඳන් ඒකෙ කෙටුම්පත් අධ්‍යනය කරලා, වාර්තා අධ්‍යනය කරලා රට ඉදිරියේ ඒ වාර්තා වල භයානක කම වේලාසන කියලා තිබුනේ නැත්නම් රනිල් හෙමින් සීරුවේ මේ ව්‍යවස්ථාව කොටස් වශයෙන් ඇඟට නොදැනී සම්මත කරගන්නවා. මුළු ව්‍යවස්ථාවම හදන්නේ නැතුව කොටස් කොටස් එලියට දාන එකේ තේරුම් මුළු ක්‍රියාදාමයම නොතේරෙන පැටලිලි සහගත සංකීර්ණ දෙයක් කරන්න. එහෙම කලහම තමයි රනිල්ට ලේසි.

    ඔබ ගත්ත තීරණය හරියටම කියනවා නම් 2000-2002 දී CFA සහ P-TOMS වලට විරුද්ධව නඩු කියල රට වෙනුවෙන් ගත්ත තීන්දුව වගේ. උතුර නැගෙනහිර වෙන් කරන්න දාපු නඩුව ජය ගත්ත වගේ. (හතරවෙනි එක මට මතක නැහැ.) මේකත් ඒවගේ ඓතිහාසික තීරණයක්. රනිල්ට කවදාවත් විමල්ව පහු කරලා යන්න බැරි වුනා. (රනිල් හිතනවා ඇති විමල් හරියට ලංකා පොලොවට අධිපති වගේ එයා රට බෙදන්න හදපු හැම අවස්ථාවකම අවහිර කරනවා කියලා)

    විමල් ජාතික නිදහස් පෙරමුණේ අනිකුත් මන්ත්‍රීවරු එක්ක ඉවත් වුනාට පස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය කියලා එකක් නැහැ. ඔබ කිව්වා වගේ ඒක 225කින් සමන්විත මුළු පාර්ලිමේන්තුවම මිසක් 220ක් නෙමෙයි. කතානායකතුමා කිව්වත් නැතත් ඒක එහෙමයි. ඒ නිසා ඒ මත ගත්ත තීරණ කිසිවක් දැන් වලංගු නැහැ. ඒ මොකොද කිව්වා නම් ඒ තීරණ, යෝජනා, වාර්තා කිසිවක් අනුමැතිය ලැබුණු අවසාන වාර්තා නොවෙන නිසා. අර මෙහෙයුම් කමිටුව හෝ එමගින් පත් කළ අනුකමිටු ඒ කීසිවක් දැන් වලංගු නැහැ, ඒ මොකොද කිව්වා නම් ඒ කිසිවක් ඉදිරියට යන්න දැන් 225කින් සමන්විත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය කියලා එකක් දැන් නැති නිසා.

    රනිල්ගේ ෆෙඩරල් ව්‍යවස්ථාව ගොඩ නැඟුනේ 225කින් සමන්විත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය මත. විමල්ගෙ තීරණයෙන් පස්සේ රනිල්ට මේ ක්‍රියාදාමය ආපහු මුල ඉඳන් පටන් ගන්න වෙනවා. පරණ තීරණ ඔක්කොම අවලංගුයි.

    විමල් අරන් තියෙන තීරණය නිසා ෆෙඩරල් ව්‍යවස්ථාවක් කියලා එකක් දැන් නැහැ. ඒක අහෝසියි. බලන්න මටත් දැන් මේක කියැව්වහම තමයි තේරුනේ විමල්ගේ තීරණේ වටිනාකම. ඓතිහාසික තීරණයක්.

    පාරට බැහැලා ජන සටනක් කරන්න ඕනේ වුනු දෙයක්, ඉතා දුෂ්කර දෙයක්, ඔබ බොහොම සීරුවට විසඳලා තියෙනවා. මම මේක කලිනුත් කියලා තියෙනවා. You have a super brain.

    ඉස්සර ලියපු කවියක කොටස් මතක් වුනා.

    තර්ජනයක් ඇති හැමවිට
    රට වෙනුවෙන් පෙරට එන්න
    ඔබ රටටම නායකයෙක්
    ඔටුනු නැතත් රට හදන්න

    ජාතියටම පණක් දුන්න
    ඔබ රැකි රට කුමක් වැන්න
    කෑලි කැඩී බිඳුණු රටක්
    නොවුනෙ ඔබට පින් ලැබෙන්න

    පාට පක්ෂ භේද නැතුව
    රටකම ආදරෙ ලබනව
    ඔබ ලැබුනේ රටේ පිනට
    දළදා හිමි ඔබ රකිනවා

    ඔබට දළදා සමිඳු පිහිටයි, ප්‍රියතම මන්ත්‍රීතුමා. කවදා හරි ඔබ ඔය රනිල් ඉඳගෙන ඉන්න පුටුවේ ඉඳ ගන්නවා. ඔබට ඕනේ කමක් නැති වුනත්, කවුරු හරි ඔබව ඒ පුටුවේ ඉන්දවනවා. මෙහෙම එකක් කලින් අහලා පුරුදුද?

  2. Champa Reply

    මෝඩ ජනාධිපති. OMP එකට අත්සන් කළා. දැන් නිකම් can of worms ඇරියා වගේ. ඇත්තටම කාටද දඬුවම් කරන්නේ? 83 කලබල ඇති කරවපු UNP නායකයෝ දැන් නැහැ. LTTE දැන් නැහැ. පරණ දේවල් ඔක්කොම ඇදිලා එනකොට ලංකාවට තියෙන බලපෑම් තව වැඩි වෙනවා විතරක් නෙමෙයි, බොරු චෝදනා ඔක්කොටම පන ඇවිල්ල රටේ කීර්ති නාමය ඔක්කොම විනාශ වෙලා යනවා. රටටයි රණවිරුවන්ටයි විරුද්ධව ජිනීවා පනත ගෙනැල්ල ආණ්ඩුව ඉල්ලන් කාල තියෙන්නේ.

    President දුර්වල කරන්න මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා. මංගල දැන් කලින්ටත් වඩා හොඳට රට පාවලා දෙනවා. ඉස්සර හොරෙන් පාවලා දුන්න. දැන් එළිපිට පාවලා දෙනවා. ලංකා ඉතිහාසයේ හැටියට නම් මේ වගේ දේවල් සිද්ධ විය යුතු නැහැ. නමුත් සිද්ධ වෙනවා කියන්නේ ඒවා වලක්වන්න කෙනෙකුත් කවදා හරි බිහි වෙනවා කියන එක.

    මට හුඟක් හිතට අමාරුයි විමල්. OMP පනත සම්මත කරලා දුන්නේ මහින්දයි ඒකාබද්ධ විපක්ෂයයි. ඒකෙන් තමයි අනිත් දේශද්‍රෝහී පනත් ටිකටත් ඉස්සරහට පාර කපලා දුන්නේ.

  3. Champa Reply

    අනේ විමල්, අන්න කාලකන්නි ආණ්ඩුව ආයේ මාගම්පුර වරාය විකුණන්න යනවා. එක company එකකට සියයට 85ක්. තව අනිත් එක සියයට 49ක්. ලෝකේ කොයි රටේද ආරක්ෂාවෙන් සියයට 50ක් වෙන රටකට දුන්නේ? තමන්ගේ හොඳම වරායවල් දෙකෙන් එකක් විකුණන්නේ? අනිත් එක මේ තරම් වැදගත් සංදිස්ථානයක තියෙන? සියයට 85ක් කියන්නේ විකුණුවම තමයි. කවදාවත් චීනේ ආපිට ආපහු ඕක දෙන්නේ නැහැ. ඊළඟ අවුරුද්දේ මේ ආණ්ඩුව චීනේටම ඉතුරු සියයට 15ත් විකුනනවා. එකපාර දෙන්නේ නැතුව දෙපාරකට දෙන්න යනවා. කලින් ගිවීසුමම තමයි.

    රටට මෙච්චර හානිකර බව දැන ගෙනත් ඒකම කරන්න හදන්නේ ඒකෙන් ලැබෙන කොමිස් කුට්ටුයට වහ වැටිලා. නැත්නම් මේ පොළොවේ උපන් මිනිහෙකුට මේ වගේ දේවල් කරන්න හිතෙනවද?

    මුන්ට අමු කැවිලා. කාලකන්නි ඔක්කොම අර විජය හොරාගෙන් පැවතෙන මිනිස්සු. ෂිකේ මට සිංහලෙන් ලියන්න තැනක් නෑනෙ.

    අපේ හාමුදුරුවරු මේ ගැන දන්නේ නැත්ද? අපි කලින් මේකට ලොකු විරෝධයක් තිබුන මතකද, මුළු රටම විරුද්ධ වුනා. දැන් හැමෝම නින්දට වැටිලා. ලබන සතියේ cabinet එකට දානවලු. ඊට පස්සේ පාර්ලිමේන්තුවට. රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාවට රනිල්ට සහයෝගය දෙන ඒකාබද්ධ විපක්ෂය මේකට උඩ පැනලා රනිල්ට ඉඩ දෙයි.

    අර ඉඩම් අක්කර 15,000ත් දෙනවා විමල්. පට්ටපල් බොරු කියනව. ගිවිසුම එලියට දාලා නැහැ. අර JO එක චන්දයක් නැතුවම රනිල්ට සම්මත කරවලා දීපු RTI එක, මේ ගිව්සුම් ඊට යටත් නැත්ද?

    අනේ විමල් මුළු දකුණු පළාතම විනාශ වෙලා යනවා. මුළු පරිසරයම විනාශ වෙලා නැති භංගස්ථ වෙලා යයි. නතර කරන්න ලැබෙන්නේ නැහැ. ගස් වැල් කපලා දායි, කුඹුරු ගොඩ කරයි, සතා සීපාවා මැරිලා යයි. මහ පොළොවේ දිය උල්පත් හිඳිලා යයි. මැණික් ගඟ, වලවේ ගඟ, කිරිඳි ඔය, කුඹුක්කන් ඔය, මලල ඔය, අනිත් පැත්තෙන් ගිං ගඟ, අනේ විමල්, මේ ගංගාවල් වල වතුර අපිරිසිදු වෙලා පහු කාලෙකදී මේ ගංගාවල් ඔක්කොම හිඳිලා යයි. මිනිස්සුන්ටයි සත්තුන්ටයි ඔක්කොටම වතුර නැතුව දුක් විඳින්න වෙයි.

    ඔයත් ඇහුවොත් පුදුම වෙයිද දන්නේ නැහැ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ විතරක් ගංගා, ඇළ දොළ, ඔයවල් 114ක් තියෙනවා. ගස් වැල් කපලා දාලා, මේවා ඔක්කොම විනාශ වෙලා වතුර හිඳෙයි. අපිට වරායෙන් තියෙන්නේ සියයට 15යි, අනිත් ඒවාට සියයට 50යි. ගිවිසුම අත්සන් කළාට පස්සේ අපිට නීති දාන්න බැහැ, අනිත් එක මේ ආණ්ඩුව එතකොට ඇත්තෙත් නැහැ. මේ ආණ්ඩුව තියෙන්නෙත් තව අවුරුදු දෙකයි.

    අනේ විමල්, මාගම්පුර වරාය එක්ක මට තියෙන සම්බන්දෙ මොකක්ද මම දන්නේ නැහැ, ඒ වුනාට අනේ මට මාගම්පුර වරායයි, ගංගා ඇලදොළවල් ටිකයි, ඒ පලාත්වල තියෙන වටිනා ගස්වැල් ටිකයි, කුඹුරු ටිකයි, සතා සීපාවවයි බේරලා දෙනවද, please ? අනේ ඔන්න මට පොරොන්දු වෙන්න හොඳඳ?

  4. Champa Reply

    Noooo. According to Reuters, the cabinet has given the approval. Idiots. We have to stop this with all our might.

  5. Champa Reply

    විමල් පත්තරේක තිබුන කැබිනට් අනුමැතියයි ජනාධිපති අනුමැතියයි දෙකම ලැබුන කියලා මාගම්පුර වරාය විකුණන්න. ගිය අවුරුද්දේ ඉතා වටිනා ගස් ලක්ෂ දෙකහමාරක් කපලා විකුණන්න දාපු මුදල් ඇමතිගේ කැබිනට් පත්‍රිකාවත් අනුමත කරපු මැටි හරක් ඉන්න කැබිනට් එක මේක අනුමත කරන එක පුදුමයක් නෙමෙයි. ගස් ටික නම් එදා President ට කියල බේර ගත්ත. OMP එකත් අත්සන් කරපු President ගැන මට දැන් ඒ හැටි විශ්වාසයක් නැහැ. මාගම්පුර වරායේ agreement එකට මහින්දගෙයි ඒකාබද්ධ විපක්ෂයේයි සම්බන්දයක් තියෙනවා. මම මේක ගිය අවුරුද්දෙමයි කිව්වේ. ඒ නිසා ඒ ගොල්ලෝ විරුද්ධ වෙන්නේ නැහැ. ගිය අවුරුද්දේ වුනත් විරුද්ධ වුනේ ඉඩම් දෙනවට විතරයි, වරාය දෙනවට නෙමෙයි.

    විමල් මට හොඳටම මතකයි මේ ජනවාරි මාසේ මහ නායක හාමුදුරුවරු මේකට විරුද්ධ වුනා. හරියටම කිව්වොත් ජනවාරි 7 අත්සන් කරන්න හිටපු ගිවිසුම අත්සන් කලේ නැහැ. දැන් මේ ඒකම තමයි පොඩ්ඩක් එහාට මෙහාට කරලා ඇස් බැඳුමක් කරලා. මහනායක හාමුදුරුවරු මේවට කතා කරන්න ඕනේ. මේක මෙතනින් ඉවර වෙන්නේ නැහැ. ඊළඟට ඉන්දියාවට කොළොඹ නැගෙනහිර ජැටිය දෙනවා. ඇමරිකාව නම් මට හිතෙන්නෙම නැගෙනහිර පැත්තට තමයි ඇහැ ගහන ඉන්නේ. ඔයාට දැක්කද මේ ළඟදි සිංගප්පුරුව කියලා ඒ ගොල්ලන්ට උතුරේ දෙමල ජනතාව එක්ක මොකක්ද ඓතිහාසික බැඳීමක් තියෙනවලු. ළඟදීම සිංහලයන් ඇර අනිත් හැමෝම මේ රට අයිති කර ගන්නවා. මේ ආණ්ඩුව මුළු රටම කොටස් කරලා විකුනනවා. නිකම් හිටියොත් නම් අපේ ඔක්කොම නැති වෙනවා. ඉස්සරහට යන්න යන්න අපි හුඟක් දැඩි අධිෂ්ඨානයකින් වැඩ කරන්න ඕනේ විමල්. තේරෙනවනේ මම කියන දේ නේද? බලමුකෝ මාගම්පුර වරාය දුන්නොත් එහෙම, ඊළඟ මහ චන්දෙදි මං පාරට ඇවිල්ල මුළු පාර්ලිමේන්තුවම ගෙදර යන තැනට වැඩ සලස්වනවා. නම් වශයෙන් කියල පරද්දන්නේ.

    මට නින්ද යන්නේ නැහැ, විමල්. ලංකාවට මාගම්පුර වරායේ අයිතිය නැතිවෙයි කියල මට බයයි. බලන්න හරිනම් අපි සියයට 85ක් තියාගෙන ඉතුරු 15 නේද විදේශිකයන්ට දෙන්න ඕනේ. අනේ මුන් ඔක්කොටම අත්තන ඇට කැවිලද මේ වගේ වැඩ කරන්නේ?

  6. Champa Reply

    විමල් මේ ගිවිසුම ආපහු අවුරුදු 99කට. ශත වර්ෂයක් කියන්නේ කොච්චර ලොකු කාලයක්ද? අවුරදු 80ක් ද කොහෙද ගිහාම සියයට 65ක් ඩොලර් 1 ක මිලට ගන්න පුළුවන්ලු. මුන්ට අමු කැවිලා. අවුරුදු 80ක් ගිහාම ඕකෙ වටිනාකම සියයට දශ ලක්ෂෙක ගුණයකින් වැඩි වෙනවා. එතකොට වෙළඳ වටිනාකම, ඕකෙ නම? ඒකටත් වටිනාකමක් තියෙනවා. එතකොට චීනා ඕක ඔය කියන ඩොලර් එකේ ගානට සියයට 65ක් දීලා යන්නේ නැහැ. ඒහෙමේ ගන්න පුළුවන් වරාය ඔය විදියටම් තියෙනවා නම්. ඕක ඔහොම තියෙන්නේ නැහැනේ. චීනේ ඕක දියුණු කරන්නේ කොයි තරම් වියදම් කරලද. දෙයියනේ ශත වර්ෂයක් යන කොට මේකේ වටිනාකම ගැන හිතා ගන්න බැරි අමු මැට්ටෝද මේ?

    චීනේ ගත්ත කොටස ඒ ගානට දීලා, ඊට පස්සේ ඒකට එකතු කරනවා චීනේ සංවර්ධන කරපු කොටස, අලුතින් එකතු කරපුවට, ඒ හැම කොටසටම චීනේ අගයක් වටිනාකමක් දෙනවා. ඩොලර් 1ට තව බිලියන් 5000ක් විතර එකතු වෙයි අවුරුදු 20ක් යනකොට. ඒ විතරක්ද ඒ කාලෙට වරායේ වෙළද වටිනාකමත් එකතු කරනවා. අපිට මාගම්පුර වරාය ගන්න හිලව්වට රටම දෙන්න වෙනවා. ඔන්න එතකොට නම් වරායේ වටිනාකම පියවෙයි. අයියෝ විමල් මේ ඇමතිවරු මේ තරම් අමු මැට්ටොද මේ තරම් සරල දෙයක් තේරුම ගන්න බැරි? අනේ මගෙ ඔලුවත් රිදෙනවා විමල්. මගෙ ජීවිතේට මේ තරම් මැටි මිනිස්සු දැකලා නැහැ.

    හරිම highhanded වැඩ කරන්නේ. පාර්ලිමේන්තු අනුමැතිය ඕනෙත් නැහැලු. එහෙම කොහොමද? ශත වර්ෂේකට අපේ හොඳම වරාය විකුනන්න හදන කොට මොකොද මේ රටේ මිනිස්සුනට කතා කරන්න අයිතියක් නැත්තේ? දේශපාලකයන්ගේ අම්මගේ අප්පාගේ බූදල් නෙමෙයි මේවා. ආණ්ඩුව තව අවුරුදු දෙකයි තියෙන්නේ. ආණ්ඩුවට අයිතියක් නැහැ ශත වර්ෂෙකට මාගම්පුර වරාය බදු දෙන්න. බද්දක් නෙමෙයි සියයට 70ක් කියන්නේ තුනෙන් දෙකක. මෙච්චර කල් කෑවේ වරායවල් විකුනලද? මේක කරන්නේ කොමිස් බලාගෙන. මේ යක්කු කවුරුවත් මේ වරායේ වටිනාකම වත් දන්නේ නැහැ. මට නම් ඉවසගෙන ඉන්න බැහැ තියෙන කේන්තිය.

  7. Champa Reply

    ප්‍රියතම මන්ත්‍රීතුමා, මම ඔයාව දැක්කෙ නෑනෙ සෑහෙන දවසකින්.

  8. Champa Reply

    මේක මෙතන කියලා වැඩකුත් නැහැ.

    අදත් JO එක කලේ පරණ සෙල්ලමමද? මාගම්පුර වරාය ගැන තියෙන විවාදය කරන්න නොදී වෙන දේකට බොරු රණ්ඩුවක් ඇදලා ගත්තේ හෙට රනිල්ට කිසි විරුද්ධත්වයක් නැතුව වරාය ගිවිසුම චීනේ එක්ක අත්සන් කරන්න ඉඩ දෙන්න නේද? නැත්නම් අද පාර්ලිමේන්තුවේ ඒකට විරුද්ධව කිසි දෙයක් කියන එක නතර කරන එක නේද කලේ?

    රටට ඇත්තටම විරුද්ධ කම් කරන්නේ රනිලුයි සිරිසේනයිද නැත්නම් මහින්දයි JO එකයිද?

    There going to be an election in 2020 and these parliamentarians seem to have forgotten that. Time will fly. Some people might forget these things but I will never forget.

  9. Champa Reply

    දේශපාලකයෝ කියන්නේ හරිම ලෝකෝත්තර, කට්ට, කෛරාටික, වේට්ටපිත්තල, ලෝකේ කාල වතුර බීල ඉතුරු වතුර ටිකත් නාන ජාතියක්. පිරිමියෙක් කවදාවත් ලංකාව හදන්නේ නැහැ. ඒ මොකොද කිව්වා නම් පිරිමි ගති අත අරින්න බැරි නිසා. ලංකාවේ ඉන්න කාන්තාවෝ තමයි තීරණය කරන්න ඕනේ ඊළඟට මේ රටේ නායකයා වෙන්න ඕනේ කවුද කියලා. තව අවුරුදු දෙකනේ. කරන්නම්කො හොඳ වැඩක්. පාර්ලිමේන්තුවේ පිරිමි රැලට උන ගැනෙන්න.

  10. Champa Reply

    අස්සයට පැනලා දුවන්න දොර ඇරලා දීල අන්න 2 වෙනිදා ඉස්තාලේ ඇතුලේ වර්ජනයක් තියෙනවලු අස්සයව ආපහු ඉල්ලලා.

  11. Champa Reply

    මම ඔයත් එක්කත් තරහයි. යාළු වෙන්නේ නැහැ සෑහෙන කාලෙකට.

    මං අළුත් දේශපාලන පක්ෂයක් හදලා දැන් දේශපාලනයේ ඉන්න එවුන් ඔක්කොම හැඳි ගාවලා නැති භංගස්ථාන කරලා නන්නත්තාර කරනවා.

  12. Champa Reply

    කොටි වල්ගෙ!

  13. Champa Reply

    හලෝ රණ්ඩු කෙක්ක

    මගේ පක්ෂෙ නම දන්නවද?

    ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂය
    Sri Lanka Socialist Party (SLSP)

    නියම සමාජවාදය කියන්නේ මොකක්ද කියලා මම ලංකාවට කියලා දෙනවා.

  14. Champa Reply

    විමල් ඔයා රාජපක්ෂ clan එකට ආවඩලා දැන් කතා කලාට, 2020 ඔයා හිට ගන්නේ මාත් එක්ක සහ ඔයාගේ වචන වලින්ම කියනවා නම් ජාතිමාමක බලවේග එක්ක. කලින් දවසක් කිව්වා වගේ ඔයා ඔය පක්ෂෙන් අයින් වෙලා ඔයිට වඩා පුළුල් ජාතික බලවේගයකට එකතු වෙන්න පුළුවන් විදියේ පක්ෂයක් හදනවා.

    මම මේක අහන්නම හිටියේ, ඔයා චුට්ටක් විතර කපටි දේශපාලකයෙක් නේද? කපටිකම බේරෙන්නෙම නැහැ හැබැයි, මම වගේ blunt විදියට වැඩ කරන්නේ නැතුව වෙලාව අරන් වැඩ කරනවා. කපටියා ඔන්න මට නම් කපටිකම් කරන්න එන්න එපා තේරුනාද?

    මම හිතන්නේ මට කලින් හිතුවට වඩා වේලාසන වැඩ පටන් ගන්න වෙයි. තැනත් දැන්මම තීරණය කරලා ඉවරයි.

  15. Champa Reply

    ඔයාගේ godfather පව් අප්පා. ඇත්තමයි පව් අප්පා රාජපක්ෂලා. නයෙක්ට ගල් ගහන්න ඉස්සෙල්ල හුඟක් හිතන්න හොයල බලන්න ඕනේ. ගහනවා නම් ගහන්න ඕනේ මැරෙන්න. තුවාල වුනොත් වෛර බඳිනවා. අනිත් එක නයාට තියෙන්නේ හොඳ සිංහල ලේ. මලක්කන් ලේ එහෙම නෙමෙයි. හොඳ පෙලපතකුත් තියෙනවා. පස්සේ ගත්ත නම් එහෙම නෙමෙයි. එක ගලට මගේ ළඟ ගල් පොකුරක් තියෙනවා වීසි කරන්න. අනේ දන්නේ නැතුව ඇති වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න හොඳ නැහැ කියලා. ඇත්තමයි මේ වගේ පලි ගන්න හිතන්නවත් හොඳ නැහැ. මගේ සීය වලෙන් නැගිටලා ඇවිත් කනට එකක් ගහල කියයි මට කලින් හිටියේ එක black sheep එකෙක් විතරයි දැන් උඹත් එක්ක දෙන්නයි කියල.

  16. Champa Reply

    මොකොද පේන්න නැත්තේ හැංගිලාද? රණ්ඩු වුනාට කමක් නැහැ කෙක්ක පේන්න නැති වුණාමත් පාළුයි. ආ.. අමතක වුනා එලියට එන්න බැරි, අර එකම කමිසේ වේලෙනකම් ඉන්නවද? අන්න ගමේ මිනිහෙක් අහැව්ව මහත්තයට එක කමිසෙද තියෙන්නේ කියලා, හැමදාම එකම අඳින්නේ. ඉකේ විමල්, මිනිස්සු හිනා වෙනවා ඇති ඇඳුම් නැහැ කියල එකම අඳිනවා. ම්ම දැන් ඕක 7 සැරයක් විතර දැක්ක. කොළොඹට, කතානායක හම්බ වෙන්න, පත්තර වලට කතා කරන්න, හම්බන්තොටට විතරක්ද මිහින්තලේ කැලේටත් ඒකම ඇන්ද. මෙහෙම කියන කොට ලැජ්ජයි නේද? මම ඔය කමිසෙට මොකක් හරි කිව්වද? අහන්න දෙයක් නැහැ ඒ කමිසෙම අඳින්නේ මට ලජ්ජා කරන්න. ඔන්න ඒක දැන් fade වෙලත් එක්ක. දැන් ඕක වීසි කරන්න මං ඉන්න පැත්තට. මම පරණ බඩු එකතු කරනවා.

    • Champa Reply

      හප්පේ දැනුයි දැක්කේ. වචනයක් හැලිලා. අර ගමේ මිනිහා ඇහැව්වේ මහත්තයට එක කමිසේද තියෙන්නේ කියලා නෙමෙයි, ..වීරවංශ මහත්තයට එක කමිසෙද තියෙන්නේ කියලා. හප්පේ මේ වගේ භයානක වචන වැරදිලාවත් කියැවෙන්න හොඳ නැහැ. මගේ පූරුවේ පිනකට මහබඹා ළඟ ළඟ අච්චු වල කෙටුවෙ නැත්තෙ. නැත්නම් මේ විදියට තරහ වෙලා පලි ගහන හැටියට, මේ විදියට දිනපතා තරහ වෙන හැටියට, මේ එක කමිසේ හෝද හෝද අඳින්නෙත් මගෙත් එක්ක තියෙන තරහක් පිරිමහන්න,මේ තරහ වෙන විදියට මාව ලෙඩ වෙලා දිරාපත් වෙලා හදිසියේ මම වියලි කලාපෙට ගියා නම් එහෙම මාව අඳුර ගන්න බැරුව මිනිස්සු දරට ගනියි.

Leave a Reply

*