BREAKING NEWS

දිනේෂ් – විමල් – වාසු – ගම්මන්පිල විශේෂ හමුවක්!

sandanayaමහජන එක්සත් පෙරමුණේ නායක, දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම්, වාසුදේව නානායක්කාර යන හිටපු අමාත්‍යවරුද පිවිතුරු හෙළ උරුමයේ නායක, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ද කොළඹ විශේෂ ස්ථානයකදී රැස් වූහ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය මේ වන විට ඉබේම ආණ්ඩුවේ හවුල්කාර පාර්ශ්වයක් වී ඇති බව ඉහත පක්‍ෂ නායකයන්ගේ මතය විය. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් විපක්‍ෂයේ භූමිකාව ඉටු නොවන බැවින් සැබෑ විපක්‍ෂයේ භූමිකාව ඉටු කිරීම සඳහා කටයුතු කළ යුත්තේ කෙසේද, යන්න මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දය ලබාදුන් ලක්‍ෂ 58ක ජනතාවගේ අභිලාෂයන් ඉටු කරලීම පිණිස අඛණ්ඩව කටයුතු කළ යුතු බවට ඔවුහු එහිදී තීරණය කළහ. එසේම අවශ්‍ය වුවහොත් නව දේශපාලන පෙරමුණක් ගොඩනැඟීම දක්වා එම ක‍්‍රියාකාරීත්වය ඉදිරියට ගෙනයා යුතු බවත් ඔවුන්ගේ අදහස විය.

අගවිනිසුරු ඉවත් කිරීම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් ඕනේ!

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතාට පසුගිය අඟහරුවාදා රාත‍්‍රියේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතාගෙන් හදිසි දුරකථන ඇමතුමක් ලැබිණි. තිලංග සුමතිපාල මහතා පැවසුවේ එක්සත් ජාතික පක්‍ෂයේ මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී අසාද් සාලි මහතා අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට තර්ජනය කිරීමක් පිළිබඳවයි. දිනේෂ් ගුණවර්ධන මහතාටද මේ පිළිබඳව දැනගන්නට ලැබී තිබිණි.

‘‘මේ තත්ත්වය හමුවේ නිහඬව සිටීමට බැහැනේ. අපි 29 වැනිදා මේ පිළිබඳව විවාදයක් ඉල්ලා සිටිමු. මේ අතුරු අයවැයක් ගෙනල්ලා මිනිස්සුන්ගේ ඇස් නිලංකාර කරලා ඒ අස්සේ තමයි මේ ජනතා පරමාධිපත්‍යයට පයින් ගැසීමේ වැඩකටයුත්ත සිදුවන්නේ’’ විමල් වීරවංශ මහතා දිනේෂ් ගුණවර්ධන මහතාට පැවසුවේය.

බිරිඳගෙන්, දරුවන්ගෙන් පළිගන්න තත්ත්වයට
අද මේ අය පත් වෙලා

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය බ‍්‍රහස්පතින්දා සවස එහි බත්තරමුල්ලේ පිහිටි ප‍්‍රධාන කාර්යාලයේදී පක්‍ෂ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ හා ප‍්‍රධාන ලේකම් ප‍්‍රියන්ජිත් විතාරණ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී විමල් වීරවංශ මහතාට ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව වෙතින් එල්ලවන අභූත චෝදනා පිළිබඳවද අදහස් හුවමාරු විය.

‘‘ආණ්ඩුව හදන්නේ මොනවා හරි බොරු චෝදනා පටවලා විමල් සහෝදරයා කොටු කරගන්න. ඒ මොන බලපෑම ආවත් අපි ශක්තිමත්ව සමගි සම්පන්නව මේ තත්ත්වයට මුහුණ දීමට සූදානම් විය යුතුයි.’’ හිටපු සංස්කෘතික අමාත්‍ය පියසිරි විජේනායක මහතා එහිදී පැවසීය.

‘‘මම නම් ඕනෑම දේකට මුහුණ දෙන්න ලෑස්තිපිට ඉන්නෙ. හිරේ දැම්මොත් හිරේ ඉඳලා එන්න වුණත් ලෑස්තියි. අපෙන් පළිගන්නවා නම් කමක් නැහැ. ඒත් එකම ප‍්‍රශ්නය තමයි බිරිඳගෙන්, දරුවන්ගෙන් පළිගන්න තත්ත්වයට මේ අය පත් වෙලා සිටීම.’’ විමල් වීරවංශ මහතා ඊට පිළිතුරු වශයෙන් පැවසීය.

‘‘අපි ඉදිරි මහ මැතිවරණයට ශක්තිමත්ව මුහුණදීමට පක්‍ෂය සූදානම් කිරීම වැදගත්. තරඟ කරන්නේ කෙසේ වුවත් පක්‍ෂ ප‍්‍රචාරක යාන්ත‍්‍රණයත්, දිස්ත‍්‍රික් මට්ටමින් සංවිධාන යාන්ත‍්‍රණයත් ශක්තිමත් කළ යුතුයි.’’ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා පෙන්වා දුන්නේය.

‘‘ජනාධිපතිවරණයෙන් පසුව රැස් වූ මධ්‍යම කාරක සභාව ගනු ලැබූ තීරණ අනුව අපි දැනට සියලූ දිසා සභා කැඳවූවා. ආසන මට්ටමින් ක‍්‍රියාකාරී හමු පවත්වන ලෙස ද උපදෙස් ලබාදී තිබෙනවා. සැබෑ විපක්‍ෂයක අවශ්‍යතාවය මතුව තිබෙන නිසා පක්‍ෂය හා දිනෙන් දිනම විශාල පිරිසක් එක්වෙමින් සිටිනවා.’’ ප‍්‍රධාන ලේකම්, ප‍්‍රියන්ජිත් විතාරණ මහතා සඳහන් කළේය.

About the Author

Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*