BREAKING NEWS

දින 42 ක් රඳවා සිටි විමල් තවත් දින 14 කට රිමාන්ඩ්….

දින 42 ක් රඳවා සිටි විමල් තවත් දින 14 කට රිමාන්ඩ්….

අද(20) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ ජාතික නිදහස් පෙරමුණේ නායක , පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා තවත් දින 14 කට රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියොග කළාය.

විමල් වීරවංශ මහතා අධිකරණය වෙත රැගෙන ආ අයුරු සහ අධිකරණ පරිශ්‍රයේ ඡායාරූප සටහනක්…..

About the Author

Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

  1. Champa Reply

    පාට පක්ෂ භේද නැතුව
    රටකම ආදරෙ ලබනව
    ඔබ ලැබුනේ රටේ පිනට
    දළදා හිමි ඔබ රකිනවා

    රටක් වටින ඔබට මගේ
    සැකක් නැතුව පණ දෙනවා
    ඔබ වෙනුවෙන් වැලපෙන හිත
    හෙට තව සවිමත් වෙනවා

    යෝධ වීර්යය ලැබෙන්ට
    ඔය දෑතට ඔබේ හිතට
    මගෙ සෙනෙහෙත් සවියක්වී
    ඔබේ ධෛර්යය වැඩෙන්ට

    මහා පවුරක් වෙලා නැගිට
    සවියක් වුනු උපන් රටට
    දැයක් එකතු කරපු පිනින්
    දුකක් වෙන්න එපා ඔබට !

  2. Champa Reply

    ගරුතර මහා සංඝ රත්නය, අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය….

    මේ ආණ්ඩුවේ දේශපාලන දඩයමට එරෙහිව අනිවාර්යයෙන්ම අපි ප්‍රබල හඬක් නැගිය යුතුයි!!
    ආණ්ඩුවේ බරපතල මර්දනයකට ලක්වෙලා, අසාධාරණත්වයේ, අයුක්තියේ, අවනීතියේ ගොදුරක් වෙලා සිටින විමල්ව නිදහස් කරන්න කියල අපි එක වගේ මේ ආණ්ඩුවට බල කරන්න ඕනේ.

    රට වෙනුවෙන් මොන තරම් සේවයක් කරපු විමල්වද අද මේ ආණ්ඩුව මේ විදියට බොරු චෝදනාවක් හදලා සිරගත කරලා තියෙන්නේ?

    විමල් අපේ මව්බිම වෙනුවෙන් කල මෙහෙවර මේ රටේ ජනතාවට, රණවිරුවන්ට කවදාවත් අමතක නැහැ.

    හුස්ම වැටෙන හැම සිංහලයෙක්ටම, අද හුස්ම ගන්න පුළුවන් වෙලා තියෙන්නේ, 2009 LTTE ත්‍රස්තවාදය පරාජය කරලා රට බේරාගන්න පුළුවන් වුනේ, විමල් ඊට කලින් රට වෙනුවෙන් කල මහා මෙහෙවර නිසා. 2009 යුද්ධ කරන්න ආණ්ඩුවක් ඉතුරු වුනේ 2007 අයවැයේදී පරද්දන්න ගිය ආණ්ඩුව විමල් ජනතා විමුක්ති පෙරමුණේ ඉඳන් බේරා ගත්ත නිසා. අදටත් ෆෙඩරල් ව්‍යවස්ථාවකට උඩගෙඩි දෙනවුන්ට ලෙහෙසියෙන් තමන්ගේ උවමනාවන් මුදුන්පත් කරගන්න බැරි වෙලා තියෙන්නේ විමල් උතුරු නැගෙනහිර වෙන් කරන්න දිගින් දිගටම මතවාදී සටනක් කරන ගමන්, උසාවි නියෝගයක් ගත්ත නිසා.

    * ඒකීය රටක් වෙනුවෙන් අද වගේම එදත් පෙනී සිටිමින්, නීති විරෝධීව එකතු කර තිබුණු “උතුරු නැගෙනහිර වෙන් කරන්න” රට වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් නඩු කිව්ව විමල්,
    * වෙනම රාජ්‍යයක් ස්ථාපිත කරන්න හදපු “රනිල්-ප්‍රභාකරන් සටන් විරාම ගිවිසුමට” විරුද්ධව රට වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කිව්ව විමල්,
    * LTTE එකට NGO වලින් සහ වෙනත් රටවල් වලින් කෙලින්ම මුදල් ලබා ගන්න ඉඩ ප්‍රස්ථා සලසපු “සුනාමි සහන මණ්ඩලයට” විරුද්ධව රට වෙනුවෙන් නඩු කිව්ව විමල්,
    * 2007 වර්ෂයේ යුද්ධයේ උච්චම වෙලාවක අයවැය පරාජය කරලා වට්ටන්න ගිය පහුගිය ආණ්ඩුව ආරක්ෂා කරලා දුන්නු විමල්,
    * බිමටම වැටිලා තිබිලා නැවත ගොඩ නගන්න තමන්ගේ මුළු කාලයම 24/7 කැප කරපු ජනතා විමුක්ති පෙරමුණට වඩා, රටේ අභිවෘද්ධිය ගැන හිතලා පහුගිය ආණ්ඩුවට සහයෝගය දීපු විමල්,
    * යුද්ධය කාලයේ LTTE ඉලක්ක සහ බුද්ධි අංශ අඩපණ කල “මානෙල් මල් ව්‍යාපාරය” ඉදිරිපත් කරලා රටත් මිනිස් ජීවිතත් රැක ගත්ත විමල්,
    * යුද්ධය කාලේ හමුදා සෙබළුන්ගේ චිත්ත ධෛර්යය වැඩෙන්න හමුදා කඳවුරක් කඳවුරක් ගානේ ගිහින් දේශණ පවත්තමින්, පහුගිය ආණ්ඩුවට යුද්ධය දිනන්න අභීත සටන්කාමී සෙබළුන් යුධ පෙරමුණට යවන්න රට වෙනුවෙන් විශාල සේවයක් කරපු විමල්,
    * හමුදාවට සෙබළුන් බැඳෙන්නේ නැති වෙලාවක, රට පුරා ගිහින් දේශප්‍රේමී තරුණයන් රට වෙනුවෙන් යුද්ධ කරන්න හමුදාට බඳවා ගන්න උදව් කරපු විමල්,
    * 2014 ජනාධිපතිවරණෙට ඉස්සෙල්ල ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් කරපු කොන්දේසි 12, UPFA ආණ්ඩුව පිළිගත්තේ නැති වුනත්, සන්ධානයෙන් ඉවත් නොවී සිටිමින්, “2015 පෙබරවාරි 18 ඉඳන් 2015 අගෝස්තු දක්වා” උගුර ලේ රහ වෙනතුරු කෑගගහා වේදිකාවක් වේදිකාවක් ගානේ ගිහින් අගෝස්තු මහා මැතිවරණයේදී අගමැති ප්‍රමුඛ UNPයට තනි බලයක් ගොඩනඟා ගන්න බැරි විදියට සන්ධානය ශක්තිමත් කරන්න රට පුරා යමින්, ආසන 95ක් ගන්න තරම් UPFA ශක්තිමත් කරපු විමල්.
    * 2015 යහපාලන ආණ්ඩුව බලවත්ම වෙලා තිබුන වෙලාවක, 2015 පෙබරවාරි 18, රට වෙනුවෙන් මහ පවුරක් මෙන්, අභීතව නැගී සිටිමින්, මුළු රටටම නායකත්වය දෙමින්, රටේ අනාගතය ගැන මහා බියකින්, ශෝකයකින් පෙළුණු ජනතාවක්, අධෛර්යමත්ව සිටි ජාතියක්, බලාපොරොත්තු සිඳීගිය, පරාජිත මානසිකත්වයකින් වැටී හිටපු ජාතියක්, නැවත පණ ගන්වලා, ධෛර්යය ශක්තිය දීලා, රටත් ජාතියත් ගොඩ ගන්න, රට වෙනුවෙන් පෙරට එන්න අද දක්වාත් ශක්තිමත්ව නැගී හිටින මහ ජනපවුරක් ගොඩනගපු විමල්,
    පහුගිය අවුරුදු දෙක පුරාම රනිල්ගේ යමපාලන ආණ්ඩුවේ රට පාවා දීමට එරෙහිව,
    * දෙමුහුන් යුධ අධිකරණයට එරෙහිව,
    * රණවිරු දඩයමට එරෙහිව,
    * හමුදා කඳවුරු ඉවත් කිරීමට එරෙහිව,
    * යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන්ට පහරදීමට එරෙහිව,
    * උතුරේ නැගිටින LTTE සහ Aava Group මර්දනය නොකිරීමට එරෙහිව,
    * උතුරේ ත්‍රස්තවාදීන් සැමරීමට එරෙහිව,
    * රණවිරු සමරුම නොපැවැත්වීමට එරෙහිව,
    * ආබාධිත රණවිරුවන්ගේ සුබ සාධනය සහ විශ්‍රාම වැටුප් නොගෙවීමට එරෙහිව,
    * යුධ ජයග්‍රහණයට උරදුන් හමුදා නිලධාරීන්ට සේවා දිගුවක් නොදීමට එරෙහිව,
    * හමුදා නිලධාරීන් බොරු චෝදනා මත සිරගත කිරීමට එරෙහිව,
    * සංඝයා වහන්සේලා සිරගත කිරීමට එරෙහිව,
    * අතුරුදහන් වූවන් සෙවීමේ කාර්යාලය පිහිටුවීම හරහා රණවිරුවන්ට එරෙහිව චෝදනා ෆැක්ටරියක් ගොඩ නැගීමට එරෙහිව,
    * ගොවින්ගේ පොහොර සහනාධාරය කැපීමට එරෙහිව, වී වලට සහතික මිලක් නොදීමට එරෙහිව, දුප්පතුන්ගේ සුභසාධන කැපීමට එරෙහිව,
    * පාසල් නිල ඇඳුම වෙනුවට වටිනාකමින් අඩු මුදල් වව්චර නිකුක් කිරීමට එරෙහිව,
    * ගංවතුරෙන් උන්හිටිතැන් අහිමි වූවන් සහ ආයුධ ගබඩාව පිපිරීමෙන් වාසස්ථාන අහිමි වූවන් නොසලකා හැරීමට එරෙහිව,
    * අසාධාරණව VAT බද්ද වැඩි කිරීමට එරෙහිව (ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවත් ජයග්‍රහණය කරමින්),
    * ETCA ගිවිසුමට එරෙහිව,
    * හනුමාන් පාලම ඉඳි කිරීමට එරෙහිව,
    * රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාවට එරෙහිව,
    * හම්බන්තොට වරාය, කොළොඹ වරාය, ත්‍රිකුණාමල වරාය ඇතුළු රටේ වටීනා සම්පත් සහ වටිනා ඉඩම් විදේශිකයන්ට විකිණීමට එරෙහිව,
    * රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමට සහ විකිණීමට එරෙහිව,
    * මහබැංකු බැඳුම්කර මංකොල්ලයට එරෙහිව,
    * දේශපාලන දඩයමට එරෙහිව,
    * ජාතිවාදයට, අන්තවාදයට, බෙදුම්වාදයට එරෙහිව –

    ජනතාව දැනුවත් කරමින්, අත් පත්‍රිකා බෙදමින්, රට පුරා සම්මන්ත්‍රණ පවත්වමින්, මාධ්‍ය වලට කතා කරමින්, රූපවාහිනී ජාලවල දේශපාලන වැඩ සටහන් වලින් රටම අවධි කරමින්, මාධ්‍ය හමු පවත්වමින්, වේදිකාවල කෑගසමින්, පාර්ලිමේන්තුව තුල රට බෙදීමට එරෙහිව ප්‍රබල හඬක් නගමින්, පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් ජනතා අයිතීන් කප්පාදුවට එරෙහිව ප්‍රබල විරෝධයක් පාමින්, වීදි සටන් කරමින්, ඉතිහාසගත පාගමනක් තුලින් මුළු රටම යමපාලන ආණ්ඩුවට එරෙහිව එකතු කරගනිමින්, FCID දඩයම් ගුහා, ජනාධිපති කෝලම් සහ උසාවි වලටත් යමින් තමන්ගේ අභීත රණහඬින් මුළු රටම දෙවනත් කරමින්, තමන්ට එරෙහි මර්දන, පීඩන, මඩ ගැසීම්, චරිත ඝාතන, අවලාද, අපහාස, නඩු හබ වලින් නොසැලී, නොතැවී, රට වෙනුවෙන් අභීත සටනක් කල, තමන්ගේ හඬ නිහඬ කරන්න සිරගත කරලා තිබුනත් චිත්ත ධෛර්යය, ශක්තිය, වීර්යය අඩු නොවී අදටත් රනිල්ගේ ඒකාධිපති ආණ්ඩුවට එරෙහිව අසමසම සටනක් කරන, ආත්මාර්ථකාමී දේශපාලන බලලෝභයෙන් තොරව, ප්‍රතිපත්ති දේශපාලනයක නියැලෙන, තමන්ට පෙර රට ගැන හිතන, රටෙත් ජාතියේත්, ජාතියේ අභිවෘද්ධියත් ගැන පළමුකොට හිතන කතාවෙන් නොව ක්‍රියාවෙන් ඒ බව පෙන්නුම් කරපු විමල් වෙනුවෙන් පෙරට එන්න!!!

    යුතුකම් ගැන නොහිතන හැටි
    සිංහලයන් බලා ඉන්න
    සිරගතවී දුක් විඳිනා
    ඔහු නොපෙනෙද මට කියන්න

    සිංහ කොඩිය රැක ගන්නට
    ඔහු කල මෙහෙවර හිතන්න
    මොහොතක් නිහඬව සිට ඔබෙ
    හද ගැස්මට සවන් දෙන්න

    නිවට රැලට ඔහු පෙලන්න
    නැති වරදට සිර කරන්න
    මුළු රටක්ම කොඳු පණ නැති
    ඉඩ දුන්නට ලැජ්ජ වෙන්න!

    ලක් මෑණිට පණ හා සම
    ජාතියටම පණක් දුන්න
    හුස්ම වැටෙන සිංහලයෙනි
    ඔහු වෙනුවෙන් පෙරට එන්න!!!

Leave a Reply

*