BREAKING NEWS

දෙරණ 360 කාලීන දේශපාලන සංවාදයට සහභාගී වී ඉදිරිපත් කළ කරුණු අභියෝගට ලක්කිරීම වෙනුවෙන් පිළිතුරු දීම සඳහායි

ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂකතුමා,
දෙරණ රූපවාහිනී නාලිකාව,
කොළඹ

ගරු අධ්‍යක්ෂකතුමනි,

දෙරණ 360 කාලීන දේශපාලන සංවාදයට සහභාගී වී ඉදිරිපත් කළ කරුණු අභියෝගට ලක්කිරීම වෙනුවෙන් පිළිතුරු දීම සඳහායි

දෙරණ නාලිකාවේ 2015 මැයි මස 11 වන දින ‘‘360 කාලීන දේශපාලන වැඩසටහනට’’ සහභාගී වෙමින් සිටියදී මා විසින් කෙරවලපිටිය කඩවත අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී වැයකරන මුදල් පිළිබඳව කරුණු ඉදිරිපත් කළෙමි. එහිදී මාගේ පැහැදිළි කිරීම වූයේ කඩවත කෙරවලපිටිය මාර්ගයේ 9.32නප ක් වූ ඉදිකිරීම සඳහා වියදම එක් කිලෝමීටරයකට රුපියල් බිලියන 7.3ක් (එය රුපියල් බිලියන 7.15ක් ලෙස නිවැරදි විය යුතුය) වැයවන බවයි. එසේම කඩුවෙල කඩවත අධිවේගී මාර්ගය ඉදිකිරිමේදී එහි කිලෝමීටරයකට වියදම බිලියන 5.06ක් වූ බව ද පෙන්වා දුනිමි. ඒ අනුව කඩවත-කඩුවෙල මාර්ගය සහ කඩවත-කෙරවලපිටිය මාර්ගය ඉදිකිරිම් සැසදීමේදී කඩවත-කෙරවලපිටිය මාර්ගය සඳහා ආසන්න වශයෙන් කිලෝමීටරයකට රුපියල් බිලියන 2.09ක් වැඩිපුර වැය කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙන බව පෙන්වා දුනිමි.

නමුත් මා ඉදිරිපත් කළ කරුණු ඉන් පසුව 2015.05.12 දින පැවති දෙරණ වාද පිටියේදී ඌව පළාත් සභා මහ ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා අභියෝගයට ලක් කලේ මවිසින් ව්‍යාජ කරුණු ඉදිරිපත් කරන ලැබූ බව  පවසමිනි. නමුත් මා පැවසූ කරුණු කිසිවිටකත් ව්‍යාජ ඒවා නොවන බව තරයේ පවසා සිටිමි. ඒ අනුව ඔබගේ අවධානය පිණිස 2015.04.22 දින ‘ශ‍්‍රී ලංකා රජයේ නිල පුවත් වෙබ් අඩවියේ’උක්ත මාතෘකාව සම්බන්ධව පළවූ කොටස උපුටා දක්වමි.

‘‘16. පිටත වටරවුම් මහා මාර්ග ව්‍යාපෘතිය (III වන අදියර) කෙරවලපිටිය සිට කඩවත දක්වා (කි. මී. 9.32) වන පිටත වටරවුම් මහා මාර්ග ව්‍යාපෘතියේ III වන අදියරෙහි වැඩ ආරම්භ කිරීම

– පිටත වටරවුම් මාර්ගයේ III වන අදියර කෙරවලපිටියෙන් ආරම්භ වී කඩවතින් අවසන්වන අතර එහි දිග කි.මී. 9.32 කි. මෙම අදියරෙහි අනුමත සිවිල් වැඩ කොන්ත‍්‍රාත්තුව ශ‍්‍රී ලංකා රුපියල් මිලියන 66,689 ක් වන අතර, ඉන් 95%ක් චීනයේ එක්සිම් (EXIM) ණය මුදලක් මගින් සපයනු ලබයි. මෙම ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු මේ වන විට නිම වීමට ආසන්නව පවතින අතර, ඒ සඳහා වන්දි වශයෙන් දැනට ගෙවිය යුතුව ඇති මුදල ශ‍්‍රී ලංකා රුපියල් මිලියන 1,100කි. මෙම ව්‍යාපෘතියේ තාක්ෂණික හා මූල්‍ය කරුණු ඇගයීම පිණිස පත් කරන ලද සමාලෝචන කමිටුව විසින් නිර්දේශ කරන ලද පරිදි සංශෝධිත වැඩ විෂය පථය යටතේ ඉහත ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීමට මහා මාර්ග හා ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය ගරු කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.’’

ඒ අනුව මා ඉදිරිපත් කරනු ලබන කඩවත-කෙරවලපිටිය මාර්ගය ඉදිකිරීමට එක් කිලෝමීටරයකට රුපියල් බිලියන 7.15ක් වැය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමත කළ බව සැකයකින් තොරව ඔප්පු වේ.

මේ සම්බන්ධව ඔබගේ පුළුල් අවධානය යොමුකරන ලෙසත් ගරු ඌව පළාත් සභා මහ ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතාගේ මත දැක්වීමට ප‍්‍රති පිළිතුරු දැක්වීමක් ලෙස සලකා මාගේ මෙම කරුණු දැක්වීම ඔබගේ මාධ්‍යයේ ප‍්‍රචාරය කරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි.

එසේම මේ සම්බන්ධව තවදුරටත් ප‍්‍රසිද්ධ විවාදයකට පැමිණීමට රජයේ පාර්ශ්වයෙන් යම් අවශ්‍යතාවයක් පැන නගින්නේ නම් ඒ සඳහා  ඕනෑම මොහොතක මම සූදානම් බව ද දන්වමි.

ස්තූතියි,
මෙයට,
විශ්වාසී,

විමල් වීරවංශ(පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ
2015.05.13

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. samith Reply

    Niyamai wimal manthritumani api oba samagai

Leave a Reply

*