BREAKING NEWS

“දේශද්‍රෝහී සතුරු කල්ලිවල අගුපිල්වල ලගින දේශපාලන ගමනක් අපට නැහැ”

“දේශද්‍රෝහී සතුරු කල්ලිවල අගුපිල්වල ලගින දේශපාලන ගමනක් අපට නැහැ”
– ජානිපෙ නායක විමල් වීරවංශ

බෙදුම්වාදයට, අධිරාජ්‍යවාදයට, ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහි මාවතේ, එනම් මේ රටේ ස්වෛරීභාවයට, නිදහසට පක්ෂපාතී මාවතේ ඉදිරියට යනු විනා දේශද්‍රෝහී සතුරු කල්ලිවල අගුපිල්වල ලගින දේශපාලන ගමනක් තමන්ට නැතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

ඊයේ (18) රාජගිරියේ පැවති ජනසමුළුවක් අමතමින් ඒ මහතා මෙසේ අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද පැවසීය.

“2015 ජනවාරි 08 වැනිදා ඔබෙත් මගෙත් මාතෘභූමිය සතුරු බලඇණියක ගොදුරක් බවට පත් වූ බව අද කවුරුත් පිළිගන්නා සත්‍යය බවට පත් වී තිබෙනවා. දේශපාලන ස්ථාවරභාවයක් තිබූ, සමාජීය සාමය දිනා ගෙන තිබූ, යම් ආර්ථික වර්ධනයක් ලබා ගෙන තිබූ, රටක් ලෙස ඒ වන විට අප සෑම අතකින්ම ඉදිරියට යමින් තිබුණා. ඒ රට නැවත අස්ථාවර කරන්න, ආර්ථිකමය වශයෙන් ආපස්සට ඇදලා දමන්න තමයි එදා මේ රූකඩ ආණ්ඩුව බලයට ගෙනාවේ.

‘නීති කඩා ගෙන වැඩ පටන් ගත්තේ’

ජනවාරි 09 වැනිදා ඉර බැහැගෙන යන විට මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නා. ඒ සමගම රටේ අගමැතිවරයා ඉල්ලා අස් වී නොමැති තත්වයක් යටතේ රනිල් වික්‍රමසිංහ මහතා නීතිවිරෝධීව අගමැති ධුරයේ දිවුරුම් දුන්නා. ඒ විතරක් නොවෙයි ‘ඔබගේ තනතුර බල රහිත වේ’ යනුවෙන් ලිපියක් යවලා එවකට අගවිනිසුරුවරයා ලෙස කටයුතු කළ මොහාන් පීරිස් මහතා ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළා. තමන්ට නැති බලයක් ආරෝපණය කර ගෙන තමයි ජනාධිපතිවරයා එහෙම කළේ. මේ ආණ්ඩුව වැඩ පටන් ගත්තේ ඒ විදියට නීති කඩා ගෙනයි. ‘තිබුණු ආණ්ඩුවට වඩා හොදින් නීතිය රකිනවා’ කියා ජනතාවට පොරොන්දු දුන් මේ ආණ්ඩුව වැඩ පටන් ගත්තේ නීතිය බල්ලට දමලයි.

‘රනිල් වගේ එදා මිගාර වැඩ කළා’

2015 ජනවාරි 08 වැනිදාට පෙර දුන් පොරොන්දු අද ඉටු වෙලා ද? ලැම්බෝගිනි, රත්තරන් අශ්වයෝ සොයාගෙන ද? බේබිලාට නුවරඑළියේ යන්න තිබුණු ‘චොපර් ටික’ සොයාගෙන ද? මේ වෙලාවේ මගේ මතකයට එන්නේ ධාතුසේන රජු සමය. අපේ මාතෘභූමිය දාඨිය, පීඨිය ඇතුළු දකුණු ඉන්දීය ආක්‍රමණිකයන්ගේ ග්‍රහණයට නතු වෙලා තිබූණු අවධියක තමයි, මහා සංඝරත්නයේ ඉල්ලීම පරිදි එක්තරා භික්ෂූන්වහන්සේ නමක් උපැවිදිව මේ ආක්‍රමණිකයන්ට එරෙහිව සටන් වැදීමට සේනා සංවිධානය කළේ. මොහුට හැකි වෙනවා දකුණු ඉන්දීය ආක්‍රමණිකයන් පලවා හැරලා මේ රටේ ස්වදේශික ජනතාවට බලය ලබා දීමට. පසුව ධාතුසේන නමින් රජ වූයේ මෙතුමායි.

දකුණු ඉන්දීය ආක්‍රමණිකයාගේ කාලයේ මේ රටේ මිනිස්සු ගොවිතැන් කළේ එක කන්නයයි. කන්න දෙකක් වගා කිරීමට පුළුවන් පොළොවේ වැව්, අමුණු විනාශ වී තිබුණු නිසා එසේ එක් කන්නයක් පමණක් වගා කිරීමට සිදු වුණා. ආක්‍රමණිකයන්ගේ ග්‍රහණයෙන් මේ රට නිදහස් කර ගත් ධාතුසේන රජතුමා ඉන්පසු කෘෂිකර්මාන්තය නගා සිටුවීමටයි තම අවධානය යොමු කළේ. කලා වැව හදලා කලා වැවේ ජලය රජරට පුරා ගලා ගෙන යාමට යෝධ ඇළ නිර්මාණය වන්නේ ඒ අනුවයි. කලා වැව පමණක් නොවේ තවත් වැව් 18ක් ඒ සමගම නිර්මාණය වෙනවා. 2015 ජනවාරි 08 වැනිදාට පෙර වගේ තමයි, එදා දාඨිය – පීඨියගේ පාලන සමයේ ඔවුන්ගෙන් යැපුණු ජාවාරම්කාර ව්‍යාපාරිකයන් ප්‍රජාව, බත්බැලයන් කටකතා යවන්න පටන් ගත්තා. ‘ධාතුසේන රජ්ජුරුවෝ ඔය වැව් හාරන්නේ ජනතාවට ජලය දෙන නොවෙයි. මැණික් ඉල්ලම් තියෙනවා ද කියලයි ඔය බලන්නේ’ කියලයි එදා කටකතා යැව්වේ.

එදා ආක්‍රමණිකයන්ගේ පාලන කාලයේ ගොවිතැන් බත් නොකර හේනක් කොටා ගෙන ජීවත් වූ මිනිස්සු කම්මැලි වෙලායි හිටියේ. තිස් අවුරුද්දක් තිස්සේ හේනක් කොටා ගෙන අලසකමට හිටපු මිනිස්සු වැව් හාරන්න ආවේ කැමැත්තෙන් නොවෙයි. එවැනි පිරිසක් තුළ ඉහත කී බොරුව ලේසියෙන් පැල කරන්න පුළුවන් වුණා. ධාතුසේන රජතුමාගේ අග බිසවගේ පුතා වුණේ මුගලන් කුමාරයා. අනෙක් බිසවගේ පුතා වුණේ කාශ්‍යප කුමාරයා. කාශ්‍යප කුමාරයාට රජ වීමේ උවමනාවක් තිබුණේ නැහැ. නමුත් ධාතුසේන රජතුමාගේ මහ සෙනෙවි ලෙස කටයුතු කළ මිගාර, රජතුමා තමාට එරෙහිව යන විට කාශ්‍යප කුමාරයාගේ ඔළුවේ රජකම පිළිබඳ සිහිනය පැල කළා. ඒ විතරක් නෙවෙයි ධාතුසේන රජතුමා රජකමින් පහ කරලා කාශ්‍යපට රජකම ලබා දීමේ කුමන්ත්‍රණය දියත් කළා. කාශ්‍යප රජ කළාට එදා ඉදන් රට පාලනය කළේ මිගාර සෙනෙවියායි. හරියට රනිල් වගේමයි.

‘එදා මැණික් – අද රත්තරන්’

එදා මිගාර සෙනෙවියා ධාතුසේන රජතුමාට විරුද්ධව යොදා ගත්තේ ඔහුගේම පුතා කාශ්‍යප. මෙදා නූතන මිගාර හෙවත් රනිල් යොදා ගත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඇමතිවරයෙකු වූ මෛත්‍රීපාල සිරිසේන. ඥාතිකමක් නැතත් දෙදෙනාම එකම දේශපාලන කඳවුර නියෝජනය කළ අයයි. එදා කාශ්‍යප රජ වුණාට පස්සේ මිගාර සෙනෙවියාගේ සෙබළුන් පිස්සු බල්ලන් වගේ රට පුරාම වළවල් හාරමින් ‘ධාතුසේන සඟවපු මැණික්’ හොයන්න පටන් ගත්තා. හරියටම මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති වුණාට පස්සේ රන්ජන් රාමනායකලා කොමඞ් කටේ අත දාලා රත්තරන් හෙව්වා වගේ, මැදමුලනේ ඉඩම් බැකෝ දාලා හාරලා රත්තරන් හෙව්වා වගේ එදත් වැඩ සිද්ධ වුණා. කාශ්‍යප රජ වුණාට ඔහුට රට පාලනය කිරීමේ වුවමනාවක් තිබුණේ නැහැ. ඔහුට වුවමනා වූයේ සීගිරිය කලා නිකේතනයක් බවට පත් කිරීමටයි. ආලකමන්දාවට වී කලාකාමී දිවියක් ගෙවීමයි ඔහුගේ අපේක්ෂාව වුණේ. කාශ්‍යප රජතුමා ආලකමන්දාව නිර්මාණය කිරීමට මුදල් ඉල්ලුවේ මිගාර සෙනෙවියාගෙනුයි. ඔහු ඒ අවස්ථාවේ තමයි ‘ධාතුසේන සඟවපු මැණික් සොයා ගත්තොත් මුදල් දෙන්න පුළුවන්’ කියලා, කාශ්‍යප රජු ලවා රට පුරා වළවල් හාරන්න අවසර ගත්තේ.

කෙසේ නමුත් එදා රට පාලනය කිරීමට සමත් මුගලන් කුමාරයාට රජකම ලබා දීමට කාශ්‍යප රජතුමා එකඟ කරවා ගැනීමට මහා සංඝරත්නය ඇතුළු රටට හිතැති සෙනෙවිවරුන්ට හැකි වුණා. මෙදා පාර නූතන කාශ්‍යපට එහෙම වුවමනාවක් තිබෙනවා කියා පෙනෙන්නේ නැහැ. දැන් නූතන මිගාර සහ නූතන කාශ්‍යප රණ්ඩු වෙවී, යාළු වෙවී ඉදිරියට යන බවයි පෙනෙන්නෙ. දෙන්නා අතර ඇත්ත ගෝරියක් තිබෙනවා නම් ඒක බැදුම්කර කොමිෂන් සභා වාර්තාවෙන් බලා ගන්න පුළුවන්. ‘රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා බැඳුම්කර වංචාවට වගකිව යුතුයි’ කියා තිබුණොත් දෙන්නා අතර ඇත්ත ගෝරියක් තිබෙනවා කියා පිළිගත හැකියි.

‘තරුණයන්ට ෆ්‍රී වයි-ෆයි වෙනුවට කොන්ඩම්’

අද විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ප්‍රසිද්ධියේ පවසනවා, ‘මේ ආණ්ඩුව ගෙන ආවේ බටහිර රටවල් සහ ඉන්දියාවේ වුවමනාවට’ කියා. එදා දකුණු ඉන්දීය ආක්‍රමණිකයන්ගේ හිතවත් බලවේග ධාතුසේන පලවා හැරලා කාශ්‍යප නැමැති රූකඩ පාලකයකු බලයට ගෙන ආවා තමන්ගේ වුවමනාවන් ඉටු කරවා ගැනීමට. අදත් රට එක්සේසත් කළ මහින්ද රාජපක්ෂ පලවා හැරලා රූකඩ ආණ්ඩුවක් බලයට ගෙන ආවේ බටහිර බලවතුන්ගේ හා ඉන්දියාවේ වුවමනාවන් ඉටු කරවා ගැනීමටයි. ඇමරිකා එක්සත් ජනපදයේ ‘පෙන්ටගනය’ මුදල් වියදම් කරලා ශ්‍රී ලංකාවේ ජනතාවගෙ ප්‍රශ්න විසඳන්න පුළුවන් ආණ්ඩුවක් බලයට ගෙන ඒවි ද? බලන්න, මේ ආණ්ඩුව දුන් පොරොන්දු කිසිවක්වක් ඉටු කාළා ද? අද වොක්ස්වැගන් වාහන හැදෙනවා ද? තරුණයන්ට ෆ්‍රී වයි ෆයි ලැබුණ ද? ඒ වෙනුවට දැන් කොන්ඩම් නොමිලේ දෙන්න මධ්‍යස්ථාන පන්සීයක් නම් හදනවාලු (සභාවේ සිනා)

‘ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්තිය’

අපි එදා ආණ්ඩුවක් ලෙස ආඩම්බරයට කීවේ රට ‘සහලින් – බඩ ඉරිගුවලින් ස්වයංපෝෂණය කළා’ කියලයි. අද අගමැතිවරයා ආඩම්බරයෙන් කියන්නේ ‘අපි හාල්, පොල්, එළවළු සියල්ල පිටරටින් ගේනවා’ කියලයි. හෙට අනිද්දා කියයි ‘අපි බත් පැකට් එකම පිටරටින් ගේනවා’ කියලා. මේ විදිහට හැම දෙයක්ම පිටරටින් ගෙනෙන්න ගියාම රටේ තිබෙන ඩොලර් ටික පිටරට යනවා. ප්‍රතිඵලය තමයි රුපියල අවප්‍රමාණය වීම. සියල්ල පිටරටින් ගෙන ඒමේ මේ ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්තිය විසින් තමයි අපේ රට මේ විෂම චක්‍රයට හසු කර ඇත්තේ.

පොහොර සහනාධාර කප්පාදු කිරීමෙන් ගොවියා වී වගාවෙන් ඈත් කළා. ඒ වගේම කෘෂිකාර්මික බෝග වගාව හැම අතින්ම කඩාවැට්ටුවා. දැන් බලන්න අපේ ප්‍රධාන අපනයන බෝගයට සිදුව ඇති දෙය. අපේ ප්‍රධානම තේ ගැනුම්කරුවා රුසියාවයි. ගැටලුකාරී තත්වයක් නිසා රුසියාව ශ්‍රී ලංකාවෙන් තේ මිලදී ගැනීම අත්හිටුවා තිබෙනවා. රුසියාවට මාස දෙකහමාරක් තේ යැව්වාම අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා චීනයට හම්බන්තොට වරාය විකුණලා උපයා ගත්තු මුදල හොයා ගන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මහත්තයට හැම දෙයක්ම පෙනෙන්නේ වාණිජ භාණ්ඩයක් විදිහටයි. නමුත් ගෙදර ගියාම නෝනාව නම් එහෙම පේන්නේ නැහැ. ඒ නිසා එයා බේරිලා ඉන්නවා. (සභාවේ සිනා) හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ, එයාර් ලංකා, ශ්‍රී ලංකා රක්ෂණය, ත්‍රිකුණාමල වරායේ තෙල් ටැංකි, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය දුටු විට රනිල් වික්‍රමසිංහට ඇති වෙන්නේ විකුණන් කෑමේ මනසයි. ඒකනේ එයාට සමහරු ‘වික්කමසිංහ’ කියන්නේ. රටේ ජාතික සම්පත් විකුණ ගෙන කෑමට අමතරව බලයට ඇවිත් දින 20න් මේ රටේ මහ බැංකුව කොල්ලකෑමට මේ අයට හැකි වුණා. රනිල් වික්‍රමසිංහ මහ මොළකරු ලෙස කටයුතු කළ මේ මහා කොල්ලයෙන් රටට සිදුවූ පාඩුව රුපියල් ට්‍රිලියනයක් බව ලක්ෂ්මන් යාපා ඇමතිවරයා පවසා තිබුණා. හිටපු අධිකරණ අමාත්‍ය, එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහත්තයා කියන විදිහට මේ බැදුම්කර මගඩිය ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ සිදු වූ ලොකුම හොරකමයි. අද අගමැතිවරයාගේ ඡායාරූප වී ඇත්තේ හම්බන්තොට වරාය විකුණන් කාලා ලැබුණු චෙක් එක සමඟ ගත්තු ඡායාරූප. අද සංවර්ධන ක්‍රියාදාමය, විවෘත කිරීම්වල ඡායාරූප වෙනුවට ඇත්තේ ජාතික සම්පත් විකුණාගෙන කෑමේ ඡායාරූප පමණයි. මේ සියල්ලෙන් සිදු වන්නේ රටේ ආර්ථිකය බිඳ වැටීම.

අනෙක් පැත්තෙන් අද සිදු වෙමින් පවතින්නේ කුමක්ද? ධාතුසේන දාඨිය පිඨියලා සමඟ, දුටුගැමුණු එළාර සමඟ, මහින්ද රාජපක්ෂ වේළුපිල්ලේ පිරබාහරන් සමඟ, සටන්වැදී බේරාගත්තු රට අද තෑගි ඔප්පුවකින් (බෙදුම්වාදී ව්‍යවස්ථාවකින්) බෙදුම්වාදී කල්ලිවලට බාර දෙන්න හදනවා. මේ සියල්ල කර ගන්න තමයි, බටහිර රටවල්වලට, ඉන්දියාවට, දෙමළ ඩයස්පෝරාවට 2015 ජනවාරි 08 බල පෙරළිය වුවමනා වුණේ. ඒ නිසා ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකළාට, මේ රූකඩ ආණ්ඩුව බටහිරට, ඉන්දියාවට, ඩයස්පෝරාවට දුන් පොරොන්දු අද ඉටු කරමින් සිටිනවා.

‘අලුත් ව්‍යවස්ථාවක් යටතේ නිදහස සැමරීම’

ඒ අනුව දැන් මංගල සමරවීර ඇමතිවරයාගේ කටින් කියවෙනවා, ‘ඊළඟ නිදහස් දිනය සමරන්නේ අලුත් ව්‍යවස්ථාවක් යටතේ’ කියලා. මේක තමයි ඔවුන්ගේ සැලැස්ම. අපේ අවධානය ඡන්දයට යොමු වෙලා තිබියදී මේ ව්‍යවස්ථා සංශෝධනය හොර රහසේම පාර්ලිමේන්තුවට ගෙන ඒම. පාර්ලිමේන්තුව 2018 ජනවාරි අග තෙක් කල් තබා තිබුණත් හදිසියේම යළි කැඳවා බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගන්නයි හදන්නෙ. ඡන්දය පෙබරවාරි 10 වැනිදා. නිදහස් දිනය පෙබරවාරි 4 වැනිදා. ඉතින් ඡන්දයට කලින් ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නයි ඔවුන්ගේ සුූදානම.

‘බකට්වලට මේ දවස්වල හොඳ මිලක්’

බකට් පත්තු කරන්නේ වෙසක් කාලයටනේ. වෙසක් එන තෙක් බකට් පැත්තකින් තියලා මුදලාලි බලන් ඉන්නවා. මේ බකට් විකිණෙන කාලයයි. වෙසක් කාලයට වගේ ඡන්ද කාලයට සිරිසේන මහත්තයගෙ ලංසුව වැඩියි. ලංසුව වැඩි වුණාම විකිණෙන ගාණත් වැඩි වෙනවා. ඒ ජවනිකාවන් ඉදිරියේදී රඟ දැක්වෙනවා. ඒවා දිහා ජනතාව බලා ඉන්න කොට බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධනය හොර රහසේම ගෙන එනවා.

වෙන ආණ්ඩුවක් ආවොත් යළි විකුණපු සම්පත් පවරා ගන්න පුළුවන්, ආර්ථිකය යළි ගොඩනඟා ගන්න පුළුවන්, දේශපාලන ස්ථාවරභාවය යළි ඇති කරගන්නත් පුළුවන්. නමුත් රටේ මූලික නීතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බෙදුම්වාදීන්ට වුවමනා ආකාරයට වෙනස් කළහොත් යළි එය ආපස්සට හරවන්න වෙන ආණ්ඩුවකටත් අමාරුයි. ඒ වගේම එට්කා ගිවිසුම ගහලා ඉන්දියාවට මේ රටේ සේවා ආර්ථිකය විවෘත කරලා දුන්නොත් එය ආපස්සට හැරවීමට වෙන ආණ්ඩුවකටත් අමාරුයි. එම අරාජිකත්වය නිර්මාණය කරන මාවතේයි මේ ආණ්ඩුව යමින් සිටින්නේ.

‘ලැජ්ජා බය නැති අගමැති’

මේ ආණ්ඩුව අද විකාර වැඩ කරමින් ඉන්නවා. කහ ඉර සුදු කළා. දැන් නෙළුම් කුළුණේ නෙළුම් පොහොට්ටුව කොළ පාට කරනවා . මේවා මොළේ කළඳක් තියෙන ආණ්ඩුවක් කරන වැඩ ද? මෙයා ‘බය නැති අගමැති’ නොවෙයි, ‘ලැජ්ජා බය නැති අගමැති’ කියලා නම් හොඳට පෙනෙනවා. පාට මාරු කිරීමට අමතරව පාසල් නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචරයක් දෙනවා. ඒකත් විකාරයක්. ඒ දෙන මුදල් රෙදි ගන්න ප්‍රමාණවත් නැහැ. දෙවන කාරණය සිංහල, දෙමළ, මුස්ලිම් සිසුන්ට අසමාන ගණන් සහිත වවුචර් දීම. මුස්ලිම් ගැහැණු ළමයින් හැර අනිත් අයට අසමාන ගණන්වල වවුචර් දීමේ පදනම කුමක්ද? නිකම් ජාතිවාදය ඇවිස්සීමක් විතරයි එතන තියෙන්නේ. වවුචරයේ ජනාධිපති, අගමැති, අධ්‍යාපන ඇමති යන තුන්දෙනාගේම පින්තූර දාලා තියෙනවා. මේක ගන්න දවසට දරුවන්ට වමනය නොයන පෙත්තක් දීලා පාසල් යවන්න දෙමාපියන්ට සිදු වෙලා තියෙනවා. දැන් පෙළ පොත් ගන්නත් වවුචරයක් දෙන්න යනවා. ඒ වවුචරය සියලු පෙළ පොත් මිල දී ගන්න ප්‍රමාණවත් නැහැ. අද මේ ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය කනවා. අනවශ්‍ය විකාර කරනවා.

‘රට වළට ඇද දැම්මා. ගම දුන්නොත්…’

අද රටට සිදු වෙමින් තිබෙන විපත පටු පක්ෂ කණ්නාඩිවලින් බලන්න එපා. 2015 ජනවාරි 08 වැනිදාට කලින් අපි මේ රටේ ජනතාවට අනතුරු ඇඟවීමක් සිදු කළා. එය එදා ඇතැම් අය පිළිගත්තේ නැහැ. නමුත් අද ඒ කියූ දේවල් එලෙසම සිදු වන බව කාටත් පෙනෙනවා. එදා රතු අලි පැටව් කැටයම් දාලා කියපු විකට කතාවලට මේ රටේ ඇතැම් ජනතාව රැවටුණා. එදා අනුර දිසානායක කීවා ‘පෝට්සිටිය හදන්න ලංකාවෙම තිබෙන කළුගල් මදි. ජා – ඇල, හලාවත, හික්කඩුව දක්වා මුහුදු තීරය විනාශ වෙනවා’ කියලා. නමුත් රනිල් ඇවිත් තවත් වැඩිපුර අක්කර දෙසීයක් සමඟ පෝට්සිටිය හදන්න අවසර දුන්නා. දැන් රතු අලි පැටියා ඒ ගැන කටක් අරින්නේ නැහැ. චම්පික රණවක එදා කිව්වා, ‘පෝට්සිටිය මහා විනාශයක්’ කියලා. නමුත් අද කියනවා, ‘පෝට්සිටිය මේ රටේ ආර්ථිකයේ මූලයයි’ කියලා.

එදා අනුර දිසානායක කිව්වේ ‘හම්බන්තොට වරාය කියන්නේ ගලක්. ඒක තමයි නාමල් බේබිලාට නාන්න හදපු ‘ස්විමිං පූල් එක’ කියලයි. දැන් ඒ කටින්ම කියනවා, ‘හම්බන්තොට වරාය වැනි ජාතික සම්පත් විකුණා දැමීම ජාතික අපරාධයක්’ කියලා. ‘ස්විමිං පූල් එකක්’ නම් චීනා කීයක් හරි දීලා ගත්තාම මොකද වෙන්නේ? (ජනතාවගෙ හූ හඬ) ඒ නිසා තේරුම් ගන්න, ‘මේ අය තමයි ජාතියේ ඇස්වලට වැලි ගැහුවෙ’ කියා. මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙනල්ලා මේ රට වළට ඇදලා දමපු මේ රතු අලි පැටව් අද කියනවා ‘ගම අපට දෙන්න’ කියලා. ජනවාරි 08 වැනිදා රට වළට ඇද දමපු අයට ගම දුන්නොත් ගමත් වළටම ඇද දමයි.

‘අගුපිල්වල ලගින්නේ නැහැ’

දැන කටකතා පතුරනවා. ‘අරයා යනවා. මෙයා යනවා’ කියනවා. මමත් යනවලු. මමත් සද්ද නැතුව අහගෙන ඉන්නවා යනවානම්නේ කලබල වෙන්න ඕනේ. අපි යන පාර තමයි මේ පාර. ජනතා විමුක්ති පෙරමුණේ සිටියදීත් අපි ගියේ ජාතිකවාදී පාරේ, අධිරාජ්‍ය විරෝධී පාරේ. ජනතා විමුක්ති පෙරමුණ ඒ දෑහිතකාමී පාරෙන් ඉවත් වෙලා කියලා අද ඕනෑම කෙනෙකුට පෙනෙනවා. අපි එදා ගියපු පාරේම තවමත් ඉදිරියටම යමින් සිටිනවා. බෙදුම්වාදයට, අධිරාජ්‍යවාදයට, ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහි මාවතේ, මේ රටේ ස්වෛරීභාවයට, නිදහසට පක්ෂපාතී මාවතේ තමයි හෙටත් අනිද්දාත් අපි ගමන් කරන්නේ. ‘ඒ මාවතේ මිස අගුපිල්වල ලගින දේශපාලන ගමනක් අපි ගාව නැහැ’ කියා අපි මේ රටේ ජනතාවටට අවධාරණය කරනවා. (අත්පොළසන්) දේශද්‍රෝහී හතුරු කල්ලිවල අගුපිල්වල ලගින්න සමහර ඇම්බැට්ටයන්ට පුළුවන් වුණාට අපට එහෙම කරන්න පුළුවන්කමක් නැහැ. අපිට විකිණෙනවා නම් හත්මුතු පරම්පරාවම ගොඩ යන ගණනකට විකිණෙන්න පුළුවන්.

‘ජයග්‍රහණයෙන් පසුව මිස කොඩිය අත හරින්නේ නැහැ’

අපි විකිණෙනවානම් විකිණෙන්න තිබුණේ මීට කලින්. මේ ආණ්ඩුව බලයට ආපු ගමන් පළමුව අත්අඩංගුවට ගත්තේ තිස්ස අත්තනායක මහත්තයාවයි. දෙවනුව අත්අඩංගුවට ගත්තේ මගේ බිරිඳ. පසුව සහෝදරයා අත්අඩංගුවට ගත්තා. මාව අත්අඩංගුවටට අරන් මාස 3ක් රඳවා ගෙන සිටියා. එතැනදී බැලුවා මම මානසිකව වැටිලා ද කියා. ඒ කවර තර්ජන, කුමන්ත්‍රණ ආවත් අපි දේශද්‍රෝහී හතුරු කල්ලිවල අගුපිල්වල ලගින්න ගියේ නැහැ. මේ සියල්ලෙන් පෙනෙන්නේ සතුරාට අපව අභියෝගයක්, තර්ජනයක් බවයි. ඒක නැවත නැවතත් මතක් කර දීම පිළිබඳව අපි සතුරාට ස්තුතිවන්ත වෙනවා. ‘ඒ නිසා සතුරු කඳවුරේ මහත්වරුනි, නුඹලා කවර ආයුධවලින් පහර දුන්නත් අපි අතට ගත්තු කොඩිය ජයග්‍රහණයෙන් පසුව මිස අත් හරින්නෙ නැහැ’ කියා සහතික වෙනවා.

එස්. බී. දිසානායක කියනවා, මමත් ළඟදීම ඒවිලු. එයා හිතාගෙන ඉන්නේ අපිත් එයා වගෙයි කියලයි. එස්.බී.ට වගේ බඩගිනි වුණාම අපිට අසූචි කන්න බැහැ. ඒ නිසා එස්.බී.ලා දැනගන්න ඕනෑ තමන්ගේ මට්ටමින් අනුන් ගැන නොසිතන්න. මේ ඡන්දය ‘පුංචි ඡන්දය’ ලෙස සැහැල්ලුවට ගන්න එපා. මේක තමයි මේ දේශද්‍රෝහී ආණ්ඩුවට ‘නුඹලාට බහුතරයක් නැහැ. ගෙදර පලයල්ලා’ කියා රතු සංඥාව දෙන ඡන්දය. ඒ රතු සංඥාව ලබා දීම සඳහා පටු වාද භේද අතහැර වෙහෙස වෙමු! කැපවෙමු!”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2017-12-19

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    UNP එක අලි ටික මරනවා. ඕගොල්ලන්ට ගානක් නැත්ද?

  2. Champa Reply

    බඩ්ඩක් notice කරා. හැබැයි කියන්නැහැ මට ඉස්සෙල්ල එක එක ඒවා කරපු නිසා. ඔය කට ලඟින් පහලට වැටෙන රැවුල තියෙන්නෙ, ඒ ටික කොහොමද වවා ගත්තෙ ඔච්චර හොඳට, හිටෙව්වද?

  3. Champa Reply

    අයියෝ අනේ අන්න තව අලියෙක් මැරිලා විමල්. ඔයාට නම් වගේ වගක් නැහැ. මේ බොරුවක් කරන්නේ. මුන් අලි ටික ඔක්කොම ඕනෑකමින් මරනව. මම ඉස්සෙල්ල දවසක ලියපු එක දැක්කද? පරණවිතාන අලි වැඩියි කිව්වට පස්සේ තමයි එකපාරට අලි මැරීගෙන මැරීගෙන යන්න පටන් ගත්තේ. මෙහෙම අලි මැරෙනවා මම කවදාවත් අහල නැහැ. අලියා කියන්නේ හොඳට මොලේ තියෙන smart සතෙක්. ඔහොම නිකම් මැරෙන්න විදියක් නැහැ. අලියටත් ජීවත් වෙන්න අයිතියක් තියෙනවනෙ දෙයියොනේ අපිට වගේම. රණ්ඩු කරනවා කියලත් අලියන්ව කැලෙන් එලියට අරන් ඇවිල්ල ගාල් කරනවලු! යකාගෙ වැඩක් තමයි සත්තුන්ට රණ්ඩු වෙන්නවත් නිදහසක් නැහැ. මේ අලින්ට කැලේට වෙලා ඉන්න දෙන්න ඕනේ නේද නිදහසේ? මෙහෙම ගිහින් එක ලොකු අලියෙක්වත් ඇතෙක්වත් ඉතුරු වෙන එක්ක නැහැ බලන්නවත්. ඊට පස්සේ මට වල් අලි බලන්න අප්‍රිකාවට යන්න වෙයි. දළදා කරඬුව වැඩමවන්නේත් ඇතෙක්. හැම පන්සලකම ධාතු කරඬුව වැඩමවන්නේත් අලි. ෂිකේ මේ අම්බරු දේශපාලකයන්ට ඒ හින්දවත් අලියව ආරක්ෂා කරගන්න බැරි හැටි. ලෝකේ පුරාම අලි වඳ වීගෙන යනවා. මෙහෙ අලි මරනවා. මුන්ට නම් අමු කැවිලා දෙයියොනේ. මේ රට තනිකරම පිස්සන් කොටුවක්. තමන් කරන්නේ මොනවාද කියලා පාලකයන්ට තේරෙන්නෙත් නැහැ. පාලකයෝ කරන්නේ මොනවාද කියලා මිනිස්සුන්ට තේරෙන්නෙත් නැහැ. රුසියාව තේ තහනම් කලේ ඇස්බැස්ටස් තහනම් කරපු හින්ද කියලා කවුද පිස්සෙක් කිව්වා කියල දැන් ඇස්බැස්ටස් තහනම ඉවත් කරන්න යනවලු. චික් විතරක්, මහදැනමුත්තටත් ලජ්ජා හිතෙනවා ඇති මේ කතා වලට. මේ යක්කු කරන මෝල් වැඩ බලන් ඉඳලා මිනිස්සුන්ටත් පිස්සු හැදෙනවා දැන්. පිස්සෝ දෙන්නෙක්ගෙ කතාවක් කියන්නද. ඔන්න දවසක් පිස්සෝ දෙන්නෙක් plan කලාලු පිස්සන් කොටුවෙන් පැනලා යන්න. වටේ තාප්පයක් තියෙන හින්ද තාප්පෙට උඩින් පැනල ගිහින් පාරේ අනිත් පැත්තට දුවලා හැන්ගෙමු කියල කතා වුනාලු. ඉතින් රෑ තාප්පේ ලඟට ගියාම එතන board එකක් දාලලු. ඒකෙ ලියලා තියෙනවලු under construction කියලා. එක පිස්සෙක් කිව්වලු මචං දැන් කොහොමද තාප්පෙන් පනින්නෙ, තාප්පෙ තාම හදනවනෙ කියලා. අනිත් පිස්සා කිව්වලු ඒක තමයි අපි check කලේ නැහැනෙ. තාප්පේ හදල ඉවර වුනාට පස්සේ ඇවිල්ල පැනලා යමු කියලා ආපහු පිස්සන් කොටුවට ගියාලු.

  4. Champa Reply

    අර රණ්ඩු කරනවා කියල අල්ලන් ගිය එක දලයක් තියෙන ඇතා “හිර ගෙදරින්” පැනල ගිහින්ලු. දාල තිබුන යකඩ ගාංචු කඩා ගෙන ගිහින්ලු. මට හිනා යන හින්ද type කරන්නත් බැහැ. එයා මිනීමරු අලියෙක්ලු. හිනා වෙන්න හොඳ නැහැ පැනල ගිය එකට. ඒ මොකොද කිව්වා නම් හරි දරුනුලු. ඒ වුනාට මට හිනා යනව විමල්. අහිංසක සතා යන්න ඇති තමන්ට පුරුදු කැලෑවට. ඉතුරු ටික ලියන්න බැහැ හිනා යන හින්ද.

  5. Champa Reply

    අන්න ඔයාගේ යාලුව Al-Hussein ආපහු ඒ තනතුරට ඉල්ලන්නේ නැහැලු. ලොකු දෙයක්. ඒ වුනාට ඉල්ලුවත් පරදිනවා. රටවල් කීයක් විරුද්ධද මිනිහට. ලංකාවට තිබ්බ ලොකුම හිසරදේ නැතිවෙලා යනව. අර ඔයාගේ පෙළපාලියේ ගෙනිච්ච caricature එකක් Al-Hussein යනකොට අරන් ගියාලු නේද? දැන් අර ඔයාට දාපු නඩුවෙන් ඇති වැඩකුත් නැහැ. මෝල් ආණ්ඩුව.

  6. Champa Reply

    ඒ වුනාට අර එක දලේ ඇතා ගැන මට බය හිතෙනව. බෙහෙතක් විද්දද දන්නේ නැහැ ගෙනිච්ච්චට පස්සේ, මැරෙන්න. තව අසනීප වෙලා වැටිච්ච අලි දෙතුන් දෙනෙකුත් හිටය. තව ඇතින්නකුත් වැටිලා ඉඳල ආපහු. දැන් වෙඩි තියන්නෙ නැහැ බෙහෙත් විදිනවද කොහෙද පස්සේ මැරෙන්න. සහගහනවා දෙයියොනේ මෙහෙම අලි මරනවට. අලින්ගෙන් සියයට 7ක් වගේ කුඩා කොටසකටලු දළ එන්නේ. එහෙමත් එකේ මෙහෙම ඇත්තු මරණ එක මොන තරම් අපරාධයක්ද?

    මම මේ පලවෙනි පාරට තමයි චන්දෙකට ඉස්සෙල්ල දේශපාලකයන්ගෙ හැසිරීම දකින්නේ. ඊට ඉස්සෙල්ල මෙහෙම උවමනාවෙන් බලන්න උවමනාවක් තිබුනේ නැහැ. මෛත්‍රීගෙයි රනිල්ගෙයි චන්ද වැඩ දැකල හිනා යනවා. අවුරුදු 3ක් නිකම් ඉඳල එකපාරට නිකම් hyper active වෙලා වගේ. වයින් කරපු රූකඩ දෙකක් වගේ “සෑහෙන වැඩ කොටසක්” මේ දවස් ටිකට කරලා. එක්කෙනෙක් පාලම් හදනවා, අනිත් එක්කෙනා විශ්‍රාම වැටුප් දෙනවා, පාරවල් හදනවා, හමුදාවේ හොඳ කියනවා, වැඩ කරන ජනතාව ගැන කතා කරනවා, අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අඩු කරනවා, සහන මල්ලවල් දෙනවා, හැම තැනම නත්තල්. හැමදාම මෙහෙමද, මට නම් මතක නැහැ. හරිනම් චන්ද කාලේ දේශපාලන විවෘත කිරීම් මුල්ගල් තැබීම් සියල්ල නවත්තන්න ඕනේ නේද? කලින් තීරණය කරලා තිබුනත් චන්දයක් ප්‍රකාශයට පත් කලාට පස්සේ ආණ්ඩුව සහ දේශපාලන පක්ෂ මිනිස්සුන්ට බඩු රස්සාවල් දීමනා බෙදල දෙන එක නීති විරෝධියි. චන්දෙන් පස්සේ තමන් ඒ දේවල් කරනවා කියලා පොරොන්දු වෙන්න පුළුවන්. හැබැයි චන්දෙට ඉස්සෙල්ල දෙන එක චන්දෙ ගන්න දෙන අල්ලසක්. රනිලුයි මෛත්‍රීයි චන්ද නීති අමු අමුවේම උල්ලංඝනය කරනවා. මැතිවරණ කොමිසමේ සභාපති ස්වාධීන පුද්ගලයෙක් නෙමෙයි, යහපාලනයේ ඉත්තෙක්. හොර වැඩක් කරලා ගිය පාර මැතිවරණෙන් ආණ්ඩුව දිනෙව්ව මිනිහ කොහොමද ස්වාධීන වෙන්නේ?

  7. Champa Reply

    බලන්න ඔයාට තමයි වෙනම ඉල්ලන්න බැරි වුනේ. ඊයේ පෙරේද හදපු පක්ෂත් තනියම තරඟ කරනවා. පත්තරේක තිබ්බ හරක් හොරුත් චන්දෙ ඉල්ලනවලු. 😀 දේශපාලනයට එනවා කියන එක දැන් මැණික් ඉල්ලමක් වගේ වෙලා.

  8. Champa Reply

    චන්ද ඔට්ටුවක් දාමුද? මම කියන්නද අනාවැකියක්?
    1. මෛත්‍රීගේ SLFP එක
    2. UNP එක
    3. මම හිතනවා JVP කියල
    4. SLPP
    කොහොමද මෙහෙම කියන්නේ? චන්දෙන් පස්සේ කියන්නම්.

    • Champa Reply

      ඒ වුනාට මේ හතරම වැඩක් නැහැ. මිනිස්සු මේ පක්ෂ 4ම REJECT කරන්න ඕනේ.

  9. Champa Reply

    I am taking a break Wimal.

    Wish you Happy Holidays and a Very Happy New Year to you and your family!

  10. Champa Reply

    විමල් අපේ සටන ඇත ඇරලා දාන්න මගේ කිසිම අදහසක් නැහැ. හැබැයි මහින්දවවත් හිටු පොහොට්ටුවත් JO එකවත් එක්ක එකතු වෙලා නෙමෙයි. I must make that perfectly clear. ඔයාගේ godfather සන්ධානයක් හදල හිටු පොහොට්ටුව නමට. ලකුණ හිටු පොහොට්ටුව. කාවද රවට්ටන්න හදන්නේ එයා? අපි 2015 ඔයාගේ godfatherට ප්රෝන්දුවක් දුන්න මතකද? මම හුඟක් ඒක කියලා තියෙනව. දකුණේ ගොවිගම අපි වචන වෙනස් කරන්නේ නැහැ, කියපු දේ ආපහු ඇදල ගන්නේ නැහැ. හැබැයි ඔයාගෙ godfatherට මිසක් වටේ ඉන්න එවුන්ට සාධාරණයක් කරන්න අපි පොරොන්දු වුනේ නෑ විමල්. චන්ද ක්‍රමය වෙනස් කරගෙන SLFP, UNP, SLPP දේශපාලකයෝ මේ එන්නේ මොකටද කියල තේරෙනව නේද? ජනතාවට උඩින් දේශපාලකයෝ ඉන්න මේ පාර්ලිමේන්තුවයි චන්ද මංකොල්ල කන්න හදල තියෙන මේ ක්‍රමයයි දෙකම නැති වෙන්න ඕනේ. වෙන තැනකට ලියපු හින්ද ඔයාගේ site එකත් බලන්න හිතුන. See you after holidays. Love you very very much.

  11. Champa Reply

    මම ඊයේ නිකම් හිතුව ඔයා ගොඩ දවසකින් මාධ්‍ය හමුවක් තිබ්බේ නැහැ නේද කියල. කෝ ඒකෙ මුළු කතාව. ඒක මෙතනට දානවද?

  12. Champa Reply

    මිනිස්සු කියනවා මෛත්‍රී ඒ පැත්ත පිරිසිදු කරන්න කඩුව ගන්නවා කිව්වට බයේ එහෙ හිටපු හොරු තක්කඩි හෙරොයින් ජාවාරම්කාරයෝ ඔක්කොම දැන් හිටු පොහොට්ටුවට එකතු වෙනවලු. හොඳම උදාහරණෙ මීගමුවෙ හෙරොයින් මාෆියා රජා කියලා නම් දරා ඉන්න නිමල් ලංසා හොටු පොහොට්ටුවට එකතු වෙච්ච එකලු. පව් ඔයාගේ godfather. එයාට කවදාවත් හොරුන්ගෙන් දූෂිතයන්ගෙන් කුඩු කාරයින්ගෙන් ගැලවීමක් නැහැ. ඒ කියන්නේ ආයේ බලයට ආවත් වටේ ඉන්නේ මෙවුන්ම තමයි. මේවා දකින කොට ඉන්න මිනිස්සුත් දාලා දුවනවා.

  13. Champa Reply

    අවුරුදු 66ක් පරණ බොහොම මුල් බැහැ ගත්ත පක්ෂයක් කියලා කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ, අවුරුදු 9ක් වයස ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරු සහ පළාත් සභා මන්ත්‍රීවරු සංවිධායකවරු බිලී බා ගන්නවා කියන්නේ, ලංකාවේ ලොකු පක්ෂ දේශපාලකයන්ට තියෙන ලොකුම තර්ජනය විමල් වීරවංශ කියන එක.

    විමල් අනාගතේ රටේ නායකත්වයට එන තරමට ඉස්සරහට එයි කියල බයට චන්ද මංකොල්ල කන්න එක එක දේවල් කරනවා, විමල්ගේ බලය අඩු කරන්න. ඒ මොකොද කිව්වා නම් විමල් රට වෙනුවෙන් මිනිස්සු එකතු කල මිසක් ඒ මිනිස්සු තමන්ගේ පක්ෂෙට අයිති කරගන්න තරම් ආත්මාර්ථකාමී වුනු නැති නිසා. තමන්ට තියෙන ලොකුම අභියෝගේ විමල් කියල මෛත්‍රී පිලි අරන් ඉන්න එක ගැන විමල් සතුටු වෙන්න ඕනේ. රනිල් මෛත්‍රී 2015 රටටයි අනිත් විරුද්ධ දේශපාලකයන්ටයි පෙන්වපු වෛරය යටපත් කරගෙන මිසක් නැති කරගෙන ඉඳල නැහැ කියන එකට උදාහරණ පේනවා. විමල් නොහිටින්න යහපාලන ජෝඩුව රණවිරුවෝ හිරේ යුධ අධිකරණයට ගෙනියන්නේ 2015දීමයි. ෆෙඩරල් දෙන්නෙත් 2015මයි. විධායක ජනාධිපතිධූරය අහෝසි කරන එකට විරුද්ධයි කියන්නේ කරන හැම බලු වැඩේම හරියි කියලා අනුමත කරනවා කියන එක නෙමෙයි.

  14. Champa Reply

    I saw your statement about the Sampur stupa a week ago. I couldn’t write anything about it as there was no place to write about it. This is not the first temple bulldozed. There were othere temples too in the East. But the government didn’t do anything.

  15. Champa Reply

    මේ දවස් ටිකේ news බැලුවේ එහෙන් මෙහෙන් තැනින් තැනින්. සාම්පුර් චෛත්‍ය ගැන කතා දකින්නේ දැන්. පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව එතැන බාර අරන් තියෙන්නේ බුල්ඩෝසර් කලාට පස්සෙලු. මුලින්ම එතැන පුරා වස්තුවක් කියලා කතාව ආව වෙලාවෙම එතන වෙන් කරලා ආරක්ෂා කරන්න තිබුනනේ. අතටම කිව්වොත් ඒ ගැන රටේ ජනතාව කතා කළා මදි. විමල් කිව්වා මම දැක්ක. බෙල්ලන්විල හාමුදුරුවෝ කතා කළා. තව fb එකේ තිබ්බ. ඒ අරුනහම වෙනත් හඬක් නැගුනෙ නැහැ. මට comments දාන්න තියෙන්නේ තනි තරුවක් වගේ මෙතැනයි තව තැන් දෙකකුයි විතරයි.
    ඒ මදිවට දැන් දැක්කේ බුල්ඩෝසර් කරපු එකේ සැකකරුවන්ට ඇප දීලා. පොලීසිය ඇප දෙනවට විරුද්ධ නොවුනේ මේක බරපතල දෙයක් විදියට නොහිතන නිසා වෙන්නැති. අපේ පුරාවිද්‍යා ස්මාරක සහ බෞද්ධ ආගමික ස්ථාන වනසන එවුන්ට ජීවිතාන්තය දක්වා හිරේ යවන තදබල දඬුවම් දෙන්න ඕනේ.

  16. Champa Reply

    SLFP, UNP ඒ දෙකම කලවම් SLPP මේ තුනම එකතු වෙලා හදන්නේ ලංකාවේ දේශපාලනය ඒ ගොල්ලන් අතරේ ව්තරක් තිය ගන්න. රටේ නායකයා පත් වෙන්නේ ඒ පක්ෂ තුනෙන් විතරයි. වෙන කාටවත් ඉඩක් නැහැ. කේවල චන්ද ක්‍රමය ගෙනාවේ ඒකට. පළාත් පාලන පනතේ තියෙනවද පාලනය ගෙනියන හැටි ගැන. ඒ කියන්නේ 60%ක් තනි පක්ෂෙකට ලැබුනේ නැත්නම් එකතු වෙන්නේ වැඩිම චන්ද ලැබුණු පක්ෂ දෙක කියල වගේ දෙයක්.

    විමල් ඔයාට තේරෙනවද මන්දා, අනාගතේ සන්ධාන වලින් වැඩක් නැහැ ඒකෙ ඉන්න අනිත් පක්ෂ වලට, මේ පක්ෂ තුනට අරුනහම. JO එකේ සන්ධානෙට හොටු පොහොට්ටුවේ නම දැම්මේ ඒකයි. ලකුණ විදියට හොටු පොහොට්ටුව ගත්තෙත් ඒකයි. මේ හදන්නේ ඔයා පාට පක්ෂ භේදයක් නැතුව රටක් ජාතියක් විදියට එකතු කරපු මිනිස්සු තුනට බෙදලා වෙන් කරන්න බල ලෝභය වෙනුවෙන්. ඊට පස්සේ මිනිස්සු ගහ මරා ගන්නේ පක්ෂ වලට. රට අමතක වෙනවා. ඉස්සර තිබුනේ මෙහෙම නේද? සමානුපාතික ක්‍රමයට මිනිස්සුන්ට පුළුවන් තමන්ට ඕනේ දේශපාලකයාව තෝරා ගන්න. ඒ අයිතිය මේ චන්දෙදි උදුරා ගන්නවා. මේ කරන්නේ අත්හදා බැලීමක්. මම දන්නෑ විමල් ඔය මොකොට හොටු පොහොට්ටුවෙන් ඉල්ලනවද කියල. හොටු පොහොට්ටුව හදන්නේ අනිත් මිනිස්සුන්ගේ පිහිටෙන් එලුත් පක්ෂයක් විදියට දේශපාලනේට එන්න. ඔයා 2015 පත්තු කරපු පහනින් දැන් එලිය බලන්නේ ඒ කාලේ පැත්ත පළාතක නොහිටපු එවුන්. ඔයා කොහොමද හොටු ෆොට්ටුවට චන්දෙ දෙන්න කියලා කියන්නේ? ඒක වෙන පක්ෂයක් නේ. මම කවද ඉඳන්ද කියන්නේ ඔයාටත් කුඩුකේඩුකම් කරපු රාජපක්ෂලා ජනතාවට මොනවා නොකරයිද බලය ලැබුනොත් එහෙම? යන්න එපා ඕකුන් වෙනුවෙන් ආයේ එහෙම කතා කරන්න. මතක නැහැ තමන්ව ආපහු ගෙන්න උගුර ලේ රහ වෙනතුරු වේදිකාවේ කෑගහව්වේ කවුද කියල. නැත්නම් මහින්ද පැරදුනාට පස්සේ මිනිස්සු එයාව බලන්න ගියේ ආයුබෝවන් කියන්න. කතරගම වන්දනාවේ ගිය හැම බස් එකම ගියා මහින්දව බලන්න. සමහරු වෙනම බස් අරගෙන ගිය. මිනිස්සු ගිහින් ආචාර කළා මිසක් පරද වුනු එක ගන කණගාටු වුනා මිසක් එයාට ආපහු දේශපාලනේට එන්න කිව්වේ නැහැ. මොකොද කිසි කෙනෙක් විශ්වාස කලේ නැහැ මහින්දට ආපහු එන්න ලැබෙයි කියල. ඔයා මහින්දව ආපහු ගේනවා කිව්වහම තමයි මිනිස්සු විශ්වාස කලේ ඒක වෙන්න පුළුවන් කියල. එහෙම නැත්නම් අඩු ගානේ මහින්ද stage එකට නැඟල කිව්වත් අපහු එනවා කියලා මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ. පෙබරවාරි 18 වෙනකම් මිනිස්සු හිතුවේ ඔක්කොම ඉවරයි කියල. මේවා ලිව්වේ කියන්න SLFP, UNP & SLPP දේශපාලන ගමන් මඟ ඉවර වෙනවා කියන්න. මේක මම කලිනුත් කියලා තියෙනව. ඊට පස්සේ පටන් ගන්නෙ වෙනස් මාර්ගයක්. ඒක නවත්තන්න කාටවත් බැහැ.

    ඒ හින්දා යන එවුන් ගියාවේ. වෙනස්කම් කරන එවුන් ඒවා කරපුවාවේ. සැහැල්ලුවෙන් ඉන්න. මේක අවසානය නෙමෙයි. අළුත් ආරම්භයකට පාර කැපීමක්. අපේ වෙලාව තාම ආවේ නැහැ. ඒ හින්ද ඉවසන් ඉන්න. ඒකාබද්ධ විපක්ෂය බෙදුවෙත් ඔයාව ඒකෙ ප්‍රාණ ඇපකාරයෙක් කරගත්තෙත් ඔයාට කවදාවත් තනි ගමනක් යන්න ඉඩ නොදෙන්න. ඒකෙ උපරිම අවස්ථාව තමයි හොටු පොහොට්ටුව පළාත් පාලන චන්දෙදී මේ පෙන්නුවේ. මේවා නිකම් තාවකාලික දේවල්. අනිව්රයයෙන්ම වෙනස් වෙනවා. ඔයාට දළදා සමිඳු පිහිටයි. ඔයා 2015 පටන් ගත්ත සටන අළුත් විදියකින් ඉවර කරමු. සටන පටන් ගත්තේ ඔයා වගේම, ඒ සටන ඉවර කරන්නෙත් ඔයා. ඔන්න මාත් එක්ක දිගටම ඉන්න හොඳද. ආයේ එහෙම යන්න එපා godfatherට ආවඩන්න. ඔන්න කෙක්ක, මම කියන දේ චුට්ටක් විතරවත් අහන්න පුරුදු වෙන්න හොඳද.

  17. Champa Reply

    ඔන්න බලන්න ඉතින් මට නිවාඩුවකවත් ඉන්න බැහැනෙ. මේක බැලෙනවා. ඇත්තමයි මෙතැන මොකක් හරි අමුත්තක් තියෙනව.

    මම අහන්න ගියේ 2 වෙනිදා සුගතදාස එකේ තියෙන හොටු පොහොට්ටු meeting එකට ඔය යන්නේ නැහැ නේද කියල අහන්න. මොන මඟුල් ගෙදරකටද එතැනට යන්නේ. තමන්ව ඇත නොහැර තමන් එක්ක හිටපු මිනිස්සුන්ටත් පළාත් පාලන චන්දෙ වගේ පොඩි දේකදිවත් සාධාරණය ඉෂ්ඨ නොකරන රාජපක්ෂ clan එක මහ චන්දෙදි කොහොම නොකරයිද? බලයට අවොත් එහෙම රටේ අනිත් මිනිස්සුන්ට සාධාරණය ඉෂ්ඨ කරයිද? එතකොට වෙන්නේ 2010-2015 කාලෙටත් වඩා අන්ත තත්වෙකට පත්වෙන එක. ඔයාගෙ පක්ෂේ මිනිස්සුන්ට තියෙන්නෙ ගෙදරින් ගෙදරට ගිහින් කතා කරන්න. ඔයාගෙ achievements ගැන කියන්න. හරියට ගත්තොත් ඔයයි ඔයාගේ ජාතික නිදහස් පෙරමුණටයි ඇරෙන්න මේ රටේ වෙන කිසිම් පක්ෂෙකට බැහැ මහජනතාව ඉදිරියට යන්න. දේශපාලන නායකයන් අතරින් රට වෙනුවෙන් හරියට යුතුකම ඉෂ්ඨ කලේ ඔයා විතරයි.

    පොඩි handbill එකක් හදන්න. 2015 පෙබරවාරි 18 ඉඳන්, නැහැ ඇත්තටම කිව්වොත් ඔයා දේශපාලනය පටන් ගත්ත දවස් වල ඉඳන්, නැත්නම් පාර්ලිමේන්තුවට ආපු දවසේ ඉඳන් මේ දක්වා රට වෙනුවෙන් කරපු දේවල් list කරන්න. Point form එකෙන් ලියන්න. දිගට දිගට ලියන්න එපා. එක පේලියකින් හෝ වැඩිම වුනොත් පේලි 3කින් එක point එකක් එවර කරන්න. එක පිටුවකට ගන්න පුළුවන් නම් තමයි හොඳ. අනිත් පැත්තේ ඔයා කරපු සම්මන්ත්‍රණ වල පින්තූරු දමන්න, ඒවායේ නමුත් එක්ක. පලවෙනි එක සුද්දගේ උසාවිය නේද? ඔය හිර ගෙදර ඉන්න කාලේ මම LCN එකටයි මෙතනටයි ලිස්ට් එකක් දැම්ම ඔයා රට වෙනුවෙන් කරපු දේවල් මම එකතු කරගත්ත දේවල්. ඒවාට තව මම දන්නේ නති අනිත් ඒවාත් ඊට පස්සේ මේ දක්වා ඔයා කරපු දේවලුත් එකතු කරන්න. මතක් කරලා අනිත් පැත්තේ ඔයාගේ පින්තූර දාන්න. මේ එකම handbill එක වෙන වෙනම හදන්න අපේක්ෂකයන්ගේ නම් දාල ඔයයි පක්ෂේ නමයි තියෙන පින්තූරයක් එක්ක, ඒ ගොල්ලෝ ඉල්ලන පළාත් වලට බෙදන්න.

    ඒ වුනාට මේ චන්ද ක්‍රමය සම්පූර්ණ වැරදියි. සමානුපාතික ක්‍රමයට ගියොත් මිනිස්සු තමන්ගේ අපෙක්ෂකයන්ව ප්‍රතික්ෂේප කරන එක වලක්වන්න බැරි හින්ද ආණ්ඩුව කරපු මගෝඩි වැඩක් මේක. පක්ෂේ බේරගන්න පක්ෂෙට චන්දෙ දෙන්න කියල මතයක් හදන්න මේ හදන්නේ. උඩින් කතා කරන්නේ ලංකා ඉතිහාසයේ කරන සාධාරණම මැතිවරණය විදියට. හැබැයි චන්ද ක්‍රමය වෙනස් කලේ තමන්ට වාසි වෙන්න. ඇයි ඕගොල්ලෝ මේකට විරුද්ධ වුනේ නැත්තේ? ඒ මොනවා වුනත් විමල්, මොන සෙල්ලම් දැම්මත් 2020 එන සුනාමිය නවත්තන්න කාටවත් බැහැ. දඟලන මිනිස්සුන්ට දඟලන්න දෙන්න. මේ තමයි අන්තිම නැටුම.

    දැන් නම් ඇති ලිව්වා. අනිත් දවස් තුනේ නම් මම ඇත්තටම නිදහසේ විවේක සුවය විඳිනවා. අනේ ඒක කිව්වහම මතක් වුනේ අර එක දළේ ඇතා අර පැනල ගියා කියන්නේ විදුලි වැට කඩාගෙන, වෙන තැනක තිබුන දම්වැල් කඩන් ගියා කියල, අනේ එයා ගැන කිසිම ආරංචියක් නැහැ තවම. අනේ පව් අහිංසක සතා කොහේ හරි සැනසීමෙන් ඉන්නවද දන්නේ නැහැ.

    ඔයාට ශ්‍රී දළදා සමිඳු පිහිටත්, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශීර්වාදයත්, මම විශ්වාස කරන රුහුණු කතරගම කඳ සුරිඳුන්ගේ රැකවරණයත් ප්‍රාර්ථනා කරනවා. (ඔයා අර ආච්චිගෙ සක්වල කතාව කිව්වේ මටද? එන්න එපා දන්නවද ඒවා මේවා කියන්න.)

    රටේ ඊළඟ නායකය විදියට ඉන්දියාවේ තිරුපති යන්නැති, කොල්ලුර් කෝවිල් යන්නැති, local දෙය්යන්ට වඳින මිනිහෙක් හොයා ගමු නේද? මෛත්‍රී තිරුපති ගියපු එක නෙමෙයි මට පුදුම, රනිල් ඉන්දියාවේ කෝවිල් ගානේ බඩ ගාන බඩ ගෑවිල්ල. පව් කියල හිතෙනවා අප්පා. අපල ඇති හරියට නේද? ඔයා තමයි රනිල්ගේ ලොකුම අපලෙ. සෙනසුරා හොඳයි කියල රනිල් හිතනවා ඇති. 😀 😀 😀 2020 රනිල්ගෙ වීරවංශ ඒරාෂ්ඨකය ඉවර කරන්න. කොච්චර කල්ද ඇත්තටම – 2002 ඉඳන් නේද? ඇරපු අතක්නැහැ සෙනසුරා වගේමයි.

    • Champa Reply

      මෙහෙම handbills බෙදන්න තහනම්ද? චන්දෙ දෙන්න කියල ඒකෙ කියන්නේ නැහැනේ. තනි අපේක්ෂක පින්තූර දාන්නනෙ තහනම්. අනිත් එක අපේක්ෂකයා ගැන මුකුත් කියන්නේ නැහැනෙ. කියන්නේ පක්ෂ නායකයා සහ පක්ෂෙ achievements නේ.

      මම අන්තිම විරුද්ධයි මේ චන්ද ක්‍රමයට. ජුවානිස්ල බබානිස්ල නෙමෙයි පත් වෙන්නේ mini-මගෝඩිස්තුමාල. මොකොද චන්දෙ ඉල්ලන්නෙ කවුද කියල මෙලෝ යකෙක් දන්නේ නැති නිසා. දින්නට පස්සේ මිනිස්සුන්ගෙන් අහයි;
      ඇයි මොකෝ ලොක්කන්ට විතරද හොරකම් කරන්න හොඳ, ඇයි අපිට නරකද. අපි කළුද,
      ඇයි වික්කමසිංහ විකුනොවොත් විතරද විකිනෙන්නේ, අපි විකුනොවොත් විකුනෙන්නේ නැත්ද, නිකං පලාන් ඩෝ යන්න.
      කුණු කන්දෙන් කොමිස් ගහන්න පුළුවන් නම්, කුණු ට්‍රැක්ටරෙන් කොමිස් ගැහැව්වහම මොකොද, අධිවේගෙන් කොමිස් ගහන්න හොඳ නම් ගමේ පාරෙන් කොමිස් ගැහැව්වහම මොකොද,
      නැගෙනහිර අධි ආරක්ෂක කලාපේ වනාන්තර පිටින් එලි කරන්න පුළුවන් නම්, පොඩි ගානක් අරන් ගමේ ගහක් කපන්න දුන්නම ගෙවෙනවද,
      ආණ්ඩුවේ විභාගෙ පාස් කරපු උඹේ පුතාගේ නම කපල පහල ඉන්න මගේ මිනිහෙක්ගෙ කොල්ලෙක්ගෙ නම උඩට දාන්න මට අවසර ගන්න ඕනෙද,
      විභාග මොකොටද interview මොකොටද මගෙ එවුන්ට විතරයි ආණ්ඩුවේ රස්සාවල් නිකම් පලයව් යන්න,
      ඉස්කෝලේ ඉස්සරහ කඩේ මත්පෙති විකුණන්න පුලුවන්නම් ඉස්කොළ ළඟ, පන්සල් ළඟ තැබෑරුම් අරින්න බැරි මොකොද, පොඩි එකෙක් බියර් එකක් බොනවට ඉරිසියා කරන්න එපා යකෝ. ළිං මැට්ටෝ. කියල.

  18. Champa Reply

    පත්තරේක තිබ්බ දළදා හාමුදුරුවො වඳින්න ජන ගඟක් ආවා කියල අද. මිනිස්සු හුඟක් දැන් දළදා වඳින්න යනවා. මට හරිම සතුටුයි. දළදා හාමුදුරුවො වැඩ ඉන්නකම් රට ආරක්ෂා වෙනව මොන විදියකින් හරි.

    පින්තූරු පේලියක ඔයාව ඇඳලා තිබුන බෝම්බයක් එක්ක. මට හිනා ගියා හරියට. 2017 Achievers කියලා. පින්තූර පේලි දෙකයි තිබුනේ. ඒ 10 අතරෙ ඔයාගෙ පින්තූරේ වැටුන එක ලොකු කතාවක් කියනව. බෝම්බ කතාව ලොකු achievement එකක් තමයි. ඒකෙන් රටම ගිනි ගත්ත. ඔයාගෙ බෝම්බ කතාව නොවෙන්න අර ව්‍යවස්ථා කෙටුම්පත 2/3න් පාස් කර ගන්නවා. ඔන්න බලන්න මම තව දවස් තුනකට comments ලියන්නේ නැතුව නිදහසේ ඉන්නවා කියල හිතුව. බලන්න එකත් අමතක වුන.

    ශ්‍රී දළදා සමිඳු පිහිටෙන් ඔයාට රට ජාතිය වෙනුවෙන් තියෙන අභියෝග ජය ගන්න වගේම පෞද්ගලික දේශපාලන පලිගැනීම් වලටත් මුහුණ දී ජය ගන්න වෙනද වගේම ධෛර්යත් ශක්තියත් යෝධ බල යෝධ වීර්යයත් ලැබෙන්න කියල හුඟක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.

    බෝම්බයක් දාන්නද? ඔයාගේ පක්ෂෙට ලෝක ලෙඩ්ඩු එහෙම බන්දවා ගන්නවද? එහෙම නම්, මම කැමතියි ජාතික නිදහස් පෙරමුණට බැඳෙන්න.

    අනේ තව එකක් තියෙනව කියන්න කමක් නැත්ද, ජනවාරි පලවෙනිදටයි සිංහල අවුරුද්ද ලබන කොටයි නොකිව යුතු නොකළ යුතු දේවල් list එකක් අපිට තිබුන පොඩි කලේ ඉඳන්ම. ඇහැව්වොත් ඔයාට හිනා යන්නත් පුළුවන්. මම තාමත් හුඟක් ඒව ඒ විදියට පිලි පදිනවා. මොකක්ද මම කියන්න ගියේ දන්නවද? මහින්ද අමරවීර කියල තිබුන ජාතිවාදී පක්ෂ කුණු කූඩෙට වැටුන කියල. පව් නේද TNA එක. ඒක කැඩිලා ගිය. මුස්ලිම් පක්ෂත් එහෙමයි බදියුදීන් වෙනම එකක් හැදුව නේද? මනෝ ගනේෂනුත් UNP එකෙන් නැතුව වෙනම ඉල්ලනවා. මේ ජාතිවාදී පක්ෂ කුණු කූඩෙට දමන්න අමරවීර සෑහෙන වැඩ කොටසක් කරලා තියෙනවා.

    • Champa Reply

      Oh, I looked at the other achievers properly only now. Their “achievements” are really funny. Yours was the only achievement of an ingenious politician.

  19. Champa Reply

    දවසක ම්ම් ලිව්ව මතකද ගංවතුර පාලනය කරන එක ගැන. පස්සේ වෙන තැනකත් ලිව්ව. ලියන කොටම කරන්න ඕනේ දේත් හිතට ආව ඒ වුනාට ඒක ලිව්ව නැහැ. අද දැක්ක news එකක් ඒ ගැන හොයන්න team එකක් ගිහින් කියල. මම කියන්න ගියේ එක නෙමෙයි. මේකටත් දැන් soft loan එකක් ගනියි නේද කියල. පහුගිය දවස්වල දැක්ක අලුත් trend එකක් හැම එකටම දැන් පිටරටවල් soft loan දෙනවා. ආණ්ඩුවත් කිසි ඇහිල්ලක් බැලිල්ලක් නැතුව ගන්නවා. ඇත්තටම විමල් ලංකාව මේ ඔක්කොම එකතු කරල දැන් කොච්චර නයද ලෝකෙට. ම්ම් නම් හිතන්නේ කිසි කෙනෙක් දන්නේ නැහැ හරි ගාන. තව ටික දවසක් යනකොට සිංහ කොඩි ඔක්කොම බිමට බාන්න වෙයි නේද. කොඩි කණු හැම එකකම එක එක රටවල කොඩි තියෙයි. සිංහ කොඩිය කෞතුකගාරේ තැන්පත් කරයි. අනේ රටකට වෙච්ච දෙයක්. ම්ම් අද type කරන්නේ එක ඇඟිල්ලෙන්. ඇත්තමයි හරිම fast. ඇගිලි දහයට වඩා fast. බලන්න කරල.

  20. Champa Reply

    නෙලුම් පොහොට්ටුව කාර්යාලය? කෝ හලෝ පංචායුධය? ඇත ඇරලා දැම්මද ඒක? කාර්යාලය ජාතික නිදහස් පෙරමුණ වෙන්න එපෑය. ඒක කොහොමද නෙලුම් පොහොට්ටු කාර්යාලය වුනේ? එක චන්දෙටයි නෙලුම් පොහොට්ටුවෙන් ඉල්ලන්නේ කියල මම හිතුවේ. දිගටම රට කාපු බැසිල් එක්කද ඉන්න යන්නේ? චික් විතරක්. ලැජ්ජා නැත්ද ඔයැට. ඉන්නකො ඔයැට මං හොඳ වැඩක් කරනවා 2020දී රාජපක්ෂ clan එක එක්ක එකතු වුනොත් එහෙම.

  21. Champa Reply

    ඒකාබද්ධ විපක්ෂේ පාර්ලිමේන්තුව ඇතුලේ රනිල්ට පක්ෂයි හිටියේ. රට බෙදන්න ගැනපු ෆෙඩරල් ව්‍යවස්ථාවට පක්ෂ වෙලා ව්‍යවස්ථාදායක සභාවේ හිටිය අන්තිම මොහොත වෙනකම්. එකට විරුද්ධව වචනයක් කියලා නැහැ පාර්ලිමේන්තුව ඇතුලේ. බොටුවට කෑගහනවා එලියට ඇවිල්ල. හමබන්තොට වරයා විකුනන පනතට විරුද්ධව චන්දෙ දුන්නේ නැහැ. එලියට ඇවිල්ල බොටුවට බනිනවා. ලජ්ජා වෙන්න ඕනේ ඔයා දවල් මෙගෙල් රෑ දැනියෙල් ගොඩට කත් අදින්න. කොන්ද කෝ අනේ ඔයාගේ? මහ රජා ලංකාවම බය කරගෙන හිටපු කාලෙත් අනිත් හැමෝම එයාට බයේ ඉන්න කොටත් ඔයා එයාට විරුද්ධව බය නැතුව කතා කලාලු. දැන් කට වාන් ඉන්නවා. කොටි වල්ගෙ. ඔයා ලෝක කපටියෙක් දන්නවද. ගල් ආඳ. මම කෙලින් කතා කරන කෙනෙක්. දිග ඇරපු පොතක් වගේ. මට නම් ඔයාගෙ මේ වැඩ අල්ලන්නේ නැහැ. හරිම කට්ටයෙක්ද කොහෙද. මහ අංකූරෙක් ඔයා. I don’t like you අනේ.

    • Champa Reply

      ගල් ආඳ කිව්වටයි කට්ටය කිව්වටයි අංකූර කිව්වටයි sorry හොඳද. හැබැයි කොටි වල්ගෙ නම් ඇත්ත. ඒකට sorry කියන්නේ නැහැ.

  22. Champa Reply

    චන්ද කොමිසමේ සභාපති කියනව කලින් විදියට තිබුන නම් බලන්න තිබුන. ඒ කියන්නේ චන්ද ක්‍රමය ගැන. මනාප වලට ඉස්සර මිනිස්සු ගහ මරා ගත්තලු. බිලියන් ගණන් වියදම් කරන්න වුනාලු. ඒ වුනාට 2015 අගෝස්තු ඕගොල්ලෝ චන්දෙ කරන කොට එහෙම මරා ගත්තේ නැහැනේ. බිල්යන් ගණන් වියදම් කරන්න වුනෙත් නැහැනේ නේද? ආණ්ඩුව මේ චන්ද ක්‍රමය ගෙනල්ල කරන්නේ මගෝඩි වැඩක්. මේ විදියට එක පක්ෂෙකට 60% ගන්න බැරි වුණාම වෙන්නේ වැඩි චන්ද ගත්ත පක්ෂ දෙක එකතු වෙලා ආණ්ඩුවක් පිහිටුවන එක. 19 ව්‍යවස්ථාව හදල තියෙන්නේ ඉස්සරට එන කිසිම චන්දෙකදී තනි පක්ෂෙකට තනි ආණ්ඩුවක් පිහිටුවන්න බැරි විදියට. 2015 කරපු දේම 2020දීත් කරන්න හිතා ඉන්න බව පේනවා.

Leave a Reply

*