BREAKING NEWS

නත්තලේ සැබෑ අරුත වටහා ගනිමින් එහි අසිරිය විඳ ගනිමු!

‘සාමයේ කුමරු’ ලෙස විරුදාවලිය ලත් ජේසු බිළින්දාගේ උපත සිහිපත් කෙරෙන තවත් නත්තලක් අදට යෙදී ඇත. සැබෑ සාමය වෙනුවෙන් ලෝකවාසීන් අවදි කරලීම නත්තලෙහි නියම අරුත වන්නේය. එබැවින් නත්තලෙහි නියම අරුත වටහා ගනිමින් මිනිස් හදවත් තුළ සාමයෙහි වැදගත්කම ගැඹුරින් රෝපණය වන සේ එය සැමරීමට ශ‍්‍රී ලාංකික කිතුණු බැතිමතුන් කැප විය යුතුව තිබේ.

ලොව පුරා රටවල් බෝහෝ ප‍්‍රමාණයක් ගැටුම් හේතුවෙන් අද වන විට ගිනිගෙන දැවෙමින් පවතී. පවිටු බලවේග විසිනු එකී ගැටුම් අවුලූවා එම රටවල ජනතාවගෙන් සාමකාමී සහජීවනය උදුරා ගෙන තිබේ. අප රටද එම පවිටු බලවේගවල ගොදුරක් වී දශක ගණනාවක් ‘සාමකාමී සහජීවනය’ අහිමිව අනේකවිධ දුක් ගැහැටවලට මුහුණ දුන්නේය. අවසානයේ බෙදුම්වාදී ත‍්‍රස්තවාදයට තිත තබා සාමය දිනා ගැනීමට අපි ශී‍්‍රී ලාංකේය ජාතිය ලෙස සමත් වීමු. අද අපි යුදමය ගැටුමෙන් පෑරුණු සිත්සතන් ‘සාමකාමී සහජීවනය’ නම් වූ දිව ඔසුවෙන් සුවපත් කර ගනිමින් සිටින්නෙමු. එහෙත් දෙස් -විදෙස් පවිටු බලවේග තම පටු උවමනාවන් වෙනුවෙන් දිනූ සාමය උදුරා ගනිමින් යළි අප රට තුළ ගැටුම් ඇවිලවීමට පිඹුරුපත් සකසමින් සිටිති.

මේ පිළිබඳව ගැඹුරින් අවධානය යොමු කරලමින් පටු වාද භේද දුරලා දීනු සාමය රැක ගැනීමට අදිටන් කර ගන්නා ලෙස සියලූ ලාංකීය කිතුණු බැතිමතුන් වෙතින් ඉල්ලා සිටින්නෙමු.

සැමට සුබ නත්තලක් වේවා!

විමල් වීරවංශ (පා.ම.)
නායක,
ජාතික නිදහස් පෙරමුණ
2015.12.25

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*