BREAKING NEWS

‘නාය ගිය නාගහදොළ ගම්මානයේ ජනතාව විමල්ට කන පිරෙන්න කියූ කතාව?’

‘නාය ගිය නාගහදොළ ගම්මානයේ ජනතාව විමල්ට කන පිරෙන්න කියූ කතාව?’

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු සෙසු නායකයන් මෙන්ම පක්‍ෂ ක්‍රියාකාරීන් ද ගෙවී ගිය සතිය පුරා වෙහෙස වූයේ නාය යෑම්, ගංවතුර හේතුවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමටය.

කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර. හම්බන්තොට, කෑගල්ල හා රත්නපුර යන ආපදාවට ලක් වූ දිස්ත්‍රික්කවල නායකයන්ට සහාය පිණිස සෙසු දිස්ත්‍රික්කවල නායකයන් හා පක්‍ෂ ක්‍රියාකාරීන් යෙදවීමේ සම්බන්ධීකරණ කටයුතු පක්‍ෂයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ මහතා විසින් සිදුකොට තිබිණි.

ඒ අනුව විමල් වීරවංශ මහතා තම දිස්ත්‍රික්කය වූ කොළඹට වඩා දැඩි විපතකට ලක්ව තිබූ කළුතර දිස්ත්‍රික්කයේ සහන සැපයීමේ කටයුතු සඳහා කළුතර දිස්ත්‍රික් නායක ජයන්ත සමරවීර මහතා සමඟ එක්ව කටයුතු කරන අයුරු දැක ගත හැකි විය. ආපදා තත්වය ඇරඹි මොහොතේ නිල සංචාරයක නිරතව සිටි මාතර දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා දිවයිනට පැමිණෙන තෙක් තනිව ද පසුව ඔහු හා එක්ව ද මාතර දිස්ත්‍රික්කයේ සහන සේවා සැපයීමේ කටයුතුවලට නායකත්වය දෙනු ලැබුවේ ජානිපෙ මොනරාගල දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයශාන්ත ගුණසේකර මහතා විසිනි.

අවතැන් වූ ජනතාවට වියළි ආහාර හා පිසූ ආහාර සැපයීම, විපතට පත්වුවන් බෝට්ටු මගින් ආරක්‍ෂිත ස්ථාන වෙත රැගෙන යාම, කිසිවකුගේ නෙත නොගැටුණු ස්ථානවල රැඳී සිටි විපතට පත් වූ ජනතාව සොයා ගොස් ඔවුන්ට පිළිසරණක් වීම හා විපතට පත් නිවාස හා විහාරස්ථාන ශූද්ධ පවිත්‍රකර දීම යන කටයුතු ජානිපෙ සහන සේවා මෙහෙයුමේ මූලික අංග විය.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ නාය යාමෙන් ජීවිත හානි හා දේපළ හානි විශාල වශයෙන් සිදුව ඇති, කිසිවකුගේ පිළිසරණක් නොලැබුණු ගම්මානවල දිවි ගලවාගත් ජනතාවගේ අවශ්‍යතා සොයා බලා ඒවා ලබාදීමට විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර යන මහත්වරු විශේෂ පරිශ්‍රමයක් දැරූහ. බුලත්සිංහල යටම්පිටිය නාගහදොල එවැනි ගම්මානයකි. එහි නාය යෑමෙන් මියගිය සංඛ්‍යාව 30කට අධික විය. ‘ගම මල ගමක්’ වුවද පසුගිය සඳුදා සවස් වන තෙක් විපතට පත් ගම්වාසින්ගේ පිහිටට සිටියේ ගමේ පන්සලේ හාමුදුරුවන් පමණි. ගමනෙහි දුෂ්කරතා විඳ දරා ගනිමින් විමල් හා ජයන්ත ඇතුළු ජානිපෙ සහන සේවා කණ්ඩායම එම ගම්මානය වෙත ළඟා වන විට සඳුදා රාත්‍රීය ද උදා වී තිබිණි.

“ඔබතුමා පාර්ලිමේන්තුවේ අපි ගැන කතා කරනවා. අපි ඒ බව දන්නවා. ආණ්ඩුවෙන් කිසිම වගකිවයුත්තෙක් මේ පැත්ත පළාතේ නො ආපු තත්වයක් ඇතුළේ ඔබතුමාගේ පැමිණිම අපට ලොකු ශක්තියක්. මේ වනතෙක් අපට පන්සලේ හාමුදුරුවන්ගේ පිහිට පමණයි තිබුණේ” තමන්ගේ දුක සැප බලන්න ආපු විමල්ට නාගහදොළ ගමේ මිනිස්සු කිවේ එහෙම කතාවකි. විමල් සහ ජයන්ත ඇතුළු ජානිපෙ සහන සේවා කණ්ඩායම ඒ දුකට පත් වූ මිනිසුන්ගෙන් සමුගත්තේ ඔවුන් වෙනුවෙන් ඒ මොහොතේ කළ හැකි සියල්ල ඉටු කරමින් හෙට දිනයේ ද ඔවුන් වෙනුවෙන් කැපවෙන බවට පොරොන්දු වෙමිනි.
-අබර

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*