BREAKING NEWS

නිවාස අමාත්‍යවරයා ලෙස 2012 වසරේදී ආරම්භ කරන ලද මොරටුව, ලුනාව නාගරික මහල් නිවාස ව්‍යාපෘතිය නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට

නිවාස අමාත්‍යවරයා ලෙස 2012 වසරේදී ආරම්භ කරන ලද මොරටුව, ලුනාව නාගරික මහල් නිවාස ව්‍යාපෘතිය නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට

නිවාස හා සමාජු සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා 2012 වසරේදී නිවාස අමාත්‍යවරයාව සිටියදී ආරම්භ කරන ලද මොරටුව, ලුනාව නාගරික මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරිම් කටයුතුවල ප්‍රගතිය සොයා බැලීමට එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. 
නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ මෙම නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පසුගිය කාලයේ නිසි පරිදී ක්‍රියාත්මක නොවූ බවත්, ඉහළ ප්‍රමිතියෙන් යුතුව මෙහි ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කර ජනතා අයිතියට පත් කිරීමට සූදානම් කරන ලෙසද අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් ලබා දෙන ලදි. 
ලුනාව නාගරික මහල් නිවාස සංකීර්ණ නිවාස 356 කින් සමන්විත වන අතර එහි එක් නිවසක විශාලත්වය වර්ග අඩි 409 කි. 
මෙම අවස්ථාවට මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු, උප නගරාධිපති සමන්ත සිල්වා, නාගරික මන්ත්‍රී සුරේෂ් ඉන්දික, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරයේ සභාපති වෛද්‍ය සුමිත් වන්නිආරච්චි යන මහත්වරු සහ නිලධාරීහූ විශාල පිරිසක් සහභාගී වූහ.

මාධ්‍ය ඒකකය,
නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යාංශය

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.