BREAKING NEWS

නීතියෙන් රට බෙදීම වැළැක්විය හැක්කේත් යුද්ධ කර රට බෙදීම වැළැක්වූ නායකයාටමයි

නීතියෙන් රට බෙදීම වැළැක්විය හැක්කේත් යුද්ධ කර රට බෙදීම වැළැක්වූ නායකයාටමයි

– ජානිපෙ නායක, විමල් වීරවංශ

නීතියෙන් රට බෙදීමට ආණ්ඩුව උත්සාහ ගන්නා මේ මොහොතේ හිටපු ජනාධිපතිතුමන් ද පාර්ලිමේන්තුව තුළ සිටින බැවින් යුද්ධ කර රට බෙදීම වැළැක්වූ සටනට නායකත්වය දුන් එතුමාටම නිතියෙන් රට බෙදීම වැළැක්වීමේ සටනේත් නායකත්වය ගැනීමට සිදුව ඇතැයි ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති ‘යදමින් බැඳි අක්‍ෂර’ කෘතිය ජනගත මංගල්‍යයේ දී කතුවර දේශනය සිදු කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද පැවසීය.
“මම අත්අඩංගුවට ගෙන සිරගත කළ දිනය මගෙන් කෙනෙක් ඇහුවොත් අද ඒ දිනය හරියට කියන්න මට මතක නැහැ. නමුත් ආයෙත් බොරු චෝදනා එල්ල කරලා අප සිරගත කළොත් ඒක සතුටින් භාරගත හැකි මනසකුත් දැන් අපි හදාගෙන තියෙනවා. මම දැනුයි දන්නේ ‘මාස 03ක් හිරේ හිටියාම පොත් දෙකකුත් ලියලා ගීතයකුත් කර ගන්න පුළුවන් නේ’ කියලා. අනිවාර්යෙන්ම ඔය මාස තුන මම රිමාන්ඞ් බන්ධනාගාරයේ නොහිටියා නම් මේ පොත් දෙක ලියවෙන්නේ නැහැ. මේ ගීතය ලියවෙන්නෙත් නැහැ. ඒ නිසා රිමාන්ඞ් බන්ධනාගාරයේ මාස තුනක කාලය අවුරුදු තුනක ප්‍රයෝජන ගන්න පුළුවන් කාලයක්. එතැන ඉන්න කොට වයිබර්, වට්ස්ඇප්, එස්.එම්.එස්. පණිවිඩ එන්නේ නැහැ. ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා මාධ්‍ය පරිහරණය නොකර ඉන්න පුළුවන්. දේශපාලන කටයුතු සහ සමාජ කටයුතු සඳහා ඇරයුම් ලැබෙන්නේ නැහැ. ඒ නිසා කාලය එක අරමුණකට යොදවන්න පුළුවන්. වාසුදේව නානායක්කාර මැතිතුමා 1971 අප්‍රේල් අරගල සමයෙන් පසුව අවුරුදු 02ක් පමණ සිරගතව සිටියා. එතුමා මෙතැනට පැමිණි පසු මගෙන් ඇහුවා ‘මොකක්ද සිරකරු අංකය?’ කියලා. මම කිව්වා ‘205’ කියලා. ඒ වෙලාවේ වාසුදේව සහෝදරයාත් ඔහුගේ අංකය කීවා ‘40’ කියලා.

‘රට වෙනුවෙන් ඉටු කළ යුතු භූමිකාව’

කවර චෝදනා දමලා සිරගත කළත් රට වෙනුවෙන් ඉටු කරන්න තිබෙන භූමිකාව, ඒ කවර තත්වයක් යටතේ වුවත් අපට ඉටු කරන්න පුළුවන්. සිරගත තත්වයක් තුළ ඉටු කළ හැකි භූමිකාවයි මේ ඉටු කළේ. රට යහපත් අතට හරවා ගන්න ‘රටට උවමනා වම’ කෘතිය මෙන්ම, සිරගත දිවියේ අත්දැකීම් සහ ඒ කාලයේ සිත තුළ පැන නැඟුණු සිතිවිලි ඇතුළත් මේ කෘතිය දායක වේ නම් අපට සතුටු විය හැකියි ‘ඒ භූමිකාව අපි නිවැරදි ලෙස ඉටු කළා’ කියලා. රාජ් සෝමදේව මහාචාර්යතුමන් මීට ඉහතදී පැවසුවා වගේ රටේ ඓතිහාසික සභ්‍යත්වය නිවැරදිව තේරුම් ගැනීමත් ඒ සභ්‍යත්වයේ මුදුන් මුල් ආරක්‍ෂා කර ගැනීමත් ඒ ඓතිහාසික සභ්‍යත්වය මත පදනම්ව ජාතිය ඉදිරි අනාගත ගමන කරා රැගෙන යාමත් නූතන දේශපාලනඥයන් හැටියට අපට පැවරී ඇති අනිවාර්ය වගකීමක්.

‘මල්වතු – අස්ගිරි කාරක සංඝ සභා සහ අගමැතිවරයා’

‘මේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාදාමය මේ මව් පොළොවට මොන තරම් අනතුරුදායක ද? යන්න ගැඹුරින් වටහා ගෙන මල්වතු – අස්ගිරි උභය විහාරයීය කාරක සංඝ සභා එම අනතුරුදායක ක්‍රියාදාමය නතර කරනා ලෙස අාණ්ඩුවෙන් ඉල්ලා සිටියා. ඊට අග්‍රාමාත්‍යවරයා ප්‍රතිචාරය දැක් වූ ආකාරය මුළු රටම දැක්කා. මේ පොළොවේ සභ්‍යත්වය පිළිබඳ අවම විඥානයක් තිබුණා නම් අග්‍රාමාත්‍යවරයා ඊට ප්‍රතිචාර දක්වන්නේ ඔය ආකාරයට නොවෙයි. මල්වතු මහනාහිමි රටේ නැති වෙලාවක, අස්ගිරි මහනාහිමි එම කාරක සභා රැස්වීමට වැඩම කර නැති වෙලාවක, මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඡායාරූප සහිතව ‘නව ව්‍යවස්ථාවක් එපා! මල්වතු – අස්ගිරි කාරක සංඝ සභා ඒකමතිකව තීන්දු කරති’ යන ශීර්ෂ පාඨය සහිත ප්‍රවෘත්තියක් පළ වන්නේ කෙසේද? කියන එකයි අගමැතිවරයාට තිබෙන ප්‍රශ්නය. දැන් බුදුරජාණන්වහන්සේගේ පින්තූරයක් දමන්නත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගෙන් අවසරය ගැනීමට සිදු වේවි. මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඡායාරූප දමන්නේ එමගින් මල්වතු – අස්ගිරි කාරක සංඝ සභා දෙකම නියෝජනය කිරීමටයි. උන්වහන්සේලා එම කාරක සංඝ සභාවන්හි සභාපතීත්වය දරන නිසා එසේ ඡායාරූප භාවිතා කර තිබුණා. නමුත් අගමැතිවරයාගේ තර්ජනයෙන් පසුව, ඊට මදක් බිය වූ ඇතැම් මාධ්‍ය පසුදින ‘මල්වතු – අස්ගිරි මහනාහිමිවරු නව ව්‍යවස්ථාවක් එපා, කියා පවසා නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ දෙසා වදාළහ’ යනුවෙන් ප්‍රවෘත්තියක් ද පළ කොට තිබුණා. අගමැති එසේ පවසන්නේ කොහොමද? ඔහු මල්වතු පාර්ශ්වයේද? කවර නිකායේද?

‘ජාතියේ මුල් උදුරා දමන ඉවැන්ජලික වික්‍රමරත්න’

චන්ද්‍රිකාගේ ව්‍යවස්ථා පැකේජය හදන විටත් කර ගහපු, රනිල්ගේ ව්‍යවස්ථා පැකේජය හදන්නත් මුල් වී කටයුතු කරන ජයම්පති වික්‍රමරත්න කියන්නේ තමන්ට ඓතිහාසිකව ලැබුණු ආගම මාරු කළ තැනැත්තෙක්. ඔහු මාරු වී ඇත්තේ නිකම් ආගමකට නොවෙයි, ඇමෙරිකානු ආධාර මත රටවල් වෙත පටවන ආගමකට. ඔහු ඇමෙරිකානු ඉවැන්ජලික ආගම වැලඳගත් අයෙක්. එහෙම අයකුට ජාතියක මුල් උදුරා දැමීම පහසු දෙයක්. අගමැතිවරයා දෙස බැලුවාමත් පෙනෙන්නේ එයමයි. ඒ නිසා අප ඉදිරියේ තිබෙන්නේ රටේ ඒකීයභාවය, රාජ්‍යය රැක ගැනීම පිළිබඳ අභියෝගයක් පමණක් නොවෙයි, ‘මේ රාජ්‍යය ඓතිහාසිකව රැක බලාගත් සභ්‍යත්වය, ඒ ශිෂ්ටාචාරගත මනස රැක ගන්නේ කොහොමද? කියන අභියෝගයත් අප ඉදිරියේ තිබෙනවා. ඒ අභියෝගය ජය ගැනීමට දේශපාලනයේ සිටින අප පමණක් නොවෙයි, මේ සමාජයේ සිටින විද්වත්. බුද්ධිමත් සියලු කොටස් විශාල කතිකාවකට එළඹිය යුතුයි. ඒ කතිකාව ඇති කිරීමට මේ කෘතියෙන් යම් හෝ දායක වීමක් ලබා දී තිබෙනවා නම් මා සිතනවා, ‘සිරගත මාස තුනක කාලය අර්ථවත් ලෙස ගෙවුණා’ කියා.

‘හැරවුම් ලක්‍ෂ්‍යයක්’

රාජ් සෝමදේවයන් පැවසූ අන්දමින් අපි අද සිටින්නේ හැරවුම් ලක්‍ෂ්‍යයක. යම්කිසි ලෙසකින් මේ ගෙනවිත් තිබෙන බෙදුම්වාදී ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවේදී 2/3ක ඡන්දයෙන් සම්මත වුවහොත් මේ රාජ්‍යයේ අවගමනය ඉතාමත් වේගයෙන් එතැන සිට පටන් ගන්නවා. බෙදුනු අධ්‍යාපනයක්, බෙදුනු සෞඛ්‍ය සේවාවක්, එක් එක් පළාතට එක් එක් නීති, මෙම ක්‍රියාදාමයෙන් පසු අපට උරුම වේවි. මෙතැන සිටින හිටපු උතුරු හා නැඟෙනහිර ආණ්ඩුකාරතුමන්ලාට මතක ඇති එම පළාත් සභාවලින් සම්මත කර ගැනීමට උත්සාහ කළ හානිකර ප්‍රඥප්ති, ආණ්ඩුකාර බලය යොදා ඒවාට අත්සන් නොකර ඒවා නීති බවට පත් වීමට ඉඩ නොදුන් හැටි. ආණ්ඩුකාරවරයාගේ ඒ බලය මේ නව ව්‍යවස්ථාවෙන් උදුරා ගත්තාම ඉතාම හානිකර නීති එක් එක් පළාත තුළ සම්මත වීමට පුළුවන්. උතුරු – නැඟෙනහිර පළාත් අාණ්ඩුවෙන් සහජීවනයට ඉතාමත් හානිකර නීති ගෙන ඒමට පුළුවන්. මධ්‍යම පළාත් සභාවෙන් වතුකරයේ ජීවත් වන ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනතාවට හානිකර නීති ගෙන එන්න පුළුවන්. උතුරු – නැඟෙනහිර පළාත් තුළ පොලිස් බලය එම පළාත් තුළ සිටින සිංහල සුළුතරයට එරෙහිව පාවිච්චි වෙන්න පුළුවන්. ඒ ඉරණම මධ්‍යම පළාත තුළ සිටින ඉහත කී වතුකරයේ දෙමළ ජනතාවට අත්වෙන්න පුළුවන්. ‘සංහිඳියා බණ’ කියමින් ඉතිරි වී තිබෙන සංහිඳියාවත් මරා දමන ව්‍යවස්ථාවක් තමයි අද අප ඉදිරිපිට නිර්මාණය වෙමින් තිබෙන්නේ.

‘මහින්ද ජනපතිතුමනි, නායකත්වය ගන්න…’

ඒ නිසා එවැනි ව්‍යවස්ථා කෙටුම්පතකට 2/3ක ඡන්දයක් ලැබෙනවා නම් එවැනි පාර්ලිමේන්තුවකින් මේ මව් පොළොවට වැඩක් නැහැ. ඒ වගේ භයානක අපරාධයක් මේ මව් පොළොවට එරෙහිව සිදු කරන විට ඊට අත ඔසවන්නේ නැතිව ඉන්න මන්ත්‍රීවරු 76 දෙනෙකු නැති පාර්ලිමේන්තුවක් කොස් කොටන්න ද? එහෙම වුණොත් වෙන්නේ රාජ් සෝමදේවයන් ඉහත දී පැවසූ අන්දමට ‘මහරගම හන්දියේ කුණු දැමීම නතර කළ ආකාරයට‘ හෝ ඒ 76 දෙනා හදා ගැනීම. පොල් ගහනවාට මේ අය බයයි. බන්දුල ගුණවර්ධන මැතිතුමා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂය පොල් ගැසීමේ ව්‍යාපාරයක් ගෙන යන විට එජාප මන්ත්‍රීවරු ඒක යාළුකමට කතා කරලා නතර කර ගන්න හදපු හැටි අපට මතකයි. දැන් පොල් ගිනි ගණන්. ඒ නිසා ‘එලොව පොල්’ හරි ගහලා, අඹරන දෙයක් අඹරලා කොහොම හරි මේ අපරාධයට අත ඔසවන්නේ නැති 76ක් පාර්ලිමේන්තුව තුළ හදාගත යුතුයි. එහෙම බැරි වුණොත් ඒ පාර්ලිමේන්තුවට ඊළඟ දවසේ උඩින් ගිහින් බෝම්බයක් ගහලා ඉවර කරලා දාන්න ඕනෙ. අද ඒක තමයි ඇතැම් මාධ්‍ය හෙඞ්ලයින් එකට ගන්නේ (සභාවේ සිනා). ජනතා විමුක්ති පෙරමුණ නම් දැන් එහෙම දේවල් කරන්නේ නැහැ. ඒ අය දැන් හොඳටම හීලෑ වෙලා ඉන්නේ.

අද මෙතැන ඉන්නවා මේ රට බේරගත්තු නායකයා සහ ඒ සඳහා ත්‍රිවිධ හමුදාව කළමනාකරණය කළ යුද නායකයා. අපි අපේ ඇස් දෙකෙන් දුටුවා ඇස්, ඉස්, මස්, ලේ පමණක් නොවෙයි දිවි පුදා මේ රට බේරා ගත්තු ජවනිකා. කෙසේ හෝ අපට පාර්ලිමේන්තු තුළ මේ අපරාධයට අත නොඔසවන 76ක් හදාගන්න බැරි වුණොත්, මේ ව්‍යවස්ථා කෙටුම්පත නීතියක් බවට පත් වුණොත් එතැන් සිට අපේ ඇස් දෙකෙන් රට බේරා ගන්න ජවනිකා දැක්කා වගේම රට වැනසෙන ජවනිකාත් දක්නට ලැබෙනවා. අපි උපරිම බර යෙදිය යුතුයි, මේ ව්‍යවස්ථා කෙටුම්පත ජනමත විචාරණයකින් පැරදවීමට නොවෙයි, පාර්ලිමේන්තුව තුළ 2/3 අහිමි කිරීමෙන් පැරදවීමට.
අතිගරු පස්වැනි විධායක ජනාධිපතිතුමනි, ඔබතුමා නායකත්වය දීලා බේරාගත්තු රට නීතියෙන් බෙදන්න හදන කොට ඔබතුමා ඉන්නවා පාර්ලිමේන්තුවේ. ඒ නිසා වළක්වන්න බැහැ, නීතියෙන් මේ රට බෙදන එක වළක්වන සටනෙත් නායකත්වය ගන්න වෙන්නේ යුද්ධ කරලා රට බේරාගත් නායකයාටම තමයි. ඒ නිසා අපි ඒ යුතුකම හා වගකීම දෙවුරට අරගෙන ඉහත කී අභියෝගය ජය ගනිමු.

‘සහෝදර සිරකරුවන්ට ස්තූතියි’

මේ කෘතිය සම්පාදනයේදී මට බෙහෙවින් උපකාරී වූ මා සමඟ සිරගතව සිටි සහෝදර සිරකරුවන්ට මේ මොහොතේ මගේ කෘතවේදීත්වය පළ කරනවා. ඒ වගේම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන්, ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් ඇතුළු ඒ සිරගත දිවියෙන් අප ගලවා ගැනීමට වෙහෙසුණු සැමට ස්තූතියි. මා සිරගත කිරීමෙන් අනතුරුව බොහෝ දුක් පීඩා අනුභව කළ මගේ බිරිඳ, පුතා හා දියණියටත් මගේ ස්තූතිය පුද කළ යුතුයි. එසේම අපේ පක්‍ෂයේ සියලු පිරිස් වෙත ද මේ අවස්ථාවේ කෘතවේදීත්වය පළ කළ යුතුව තිබෙනවා.

‘විමල් කිසිදා ‘කට්’ නොකළ පංතිය’

මම කළුතර තිස්ස විද්‍යලයේ සිසුවකු ලෙස කලා අංශයෙන් උසස් පෙළ හදාරන විට තර්ක ශාස්ත්‍රය විෂයත් හැදැරූවා. ඒ සඳහා උපකාරක පංතියකට යන්න මට උවමනා වුණා. සවසට හෝලික්‍රොස් එකේ උගන්වන හොඳ ගුරුවරයකු ගැන මට ආරංචි වුණා. ඒ ගුරුවරයාගේ නංගිලා, මල්ලිලා හිටියේ මගේ ඉස්කෝලේ. ඔහුගේ නැඟණිය ඉගෙනුම ලැබුවෙත් මගේ පංතියේ. මම ඒ ගුරුවරයාගෙන් ඉගෙනුම ලැබුවේ මාස තුනක් පමණ කාලයක්. ඉන් අනතුරුව මම ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණකාලීනයකු ලෙස බවුතීස්ම වුණු නිසයි ඒ කාලය මාස තුනකට සීමා වුණේ. එතුමාගෙන් ‘ලොජික්’ ඉගෙන ගනිද්දී ඔළුවට ආපු අදහසුත් ඒ තරම් තදියමින් පූර්ණකාලීනව දේශපාලනයට එන්න යම් තරමකට බලපෑම් කළා. ඒ අනුව එතුමා නොදන්නවා වුණාට එසේ වීමට එතුමාත් වගඋත්තරකරුවෙක් (සභාවේ සිනා). එතුමා මාක්ස්වාදය පමණක් නොවෙයි, බොහෝ දර්ශනවාදයන් ගැන තමන්ගේ පංතියේදී කියා දුන්නා. ඒ පංතිය කවදාවත් ‘කට්’ නොකර යන්න ඕන වුණු පංතියක් වුණේ ඒකයි. එකෙන් අදහස් වෙන්නේ නැහැ අනෙක් පංති කට් කළා කියලා. අන්න ඒ ලොජික් ගුරුතුමා තමයි අද කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ධුරය දරමින් සිටින්නේ. එතුමන් තමයි අද මේ ‘යදමින් බැඳි අක්‍ෂර’ ජනගත කරන වෙලාවේ ප්‍රධාන දේශනය සිදු කරන රාජ් සෝමදේව මැතිතුමා. ඔබටත් බෙහෙවින් ස්තූතියි අපගේ ආරාධනාව පිළිගෙන මෙතැනට පැමිණ අනගි දේශනයක් පැවැත්වීම පිළිබඳව.

මේ කෘතිය පිළිබඳව කතිකාව ඉදිරියට ගෙන යාමට මෙතැනට පැමිණි ඔබ සියලු දෙනාට බෙහෙවින්ම ස්තූතියි”

මෙම අවස්ථාවට හිටපු ආරක්‍ෂක ලේකම්, ගෝඨාභය රාජපක්‍ෂ, ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන වාසුදේව නානායක්කාර, ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලූත්ගමගේ, සාලින්ද දිසානායක, දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර, ජාතික නිදහස් පෙරමුණේ භාණ්ඩාගාරික දීපාල් ගුණසේකර, නියෝජ්‍ය ලේකම්, නීතිඥ කපිල ගමගේ, ලක්මව දියණියෝ ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල, ලලන්ත ගුණසේකර, රොජර් සෙනවිරත්න යන පළාත් සභා මන්ත්‍රීවරු ද හිටපු නැගෙනහිර පළාත් අාණ්ඩුකාර මොහාන් විජයවික්‍රම, හිටපු උතුරු පළාත් ආණ්ඩුකාර සී.ඒ. චන්ද්‍රසිරි, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හිටපු සභාපතිනී මහාචාර්ය ක්‍ෂණිකා හිරිඹුරේගම, රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති සිසිර සිරිබද්ධන, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යාණන්ද තීරාණගම, ප්‍රවිණ මාධ්‍යවේදී මොහාන් සමරනායක, ෆාස්ට් පබ්ලිෂින් අධිපති ප්‍රේම් දිසානායක, ශෂි වීරවංශ මහත්මිය සහ දියණිය ඇතුළු සම්භාවනීය ආරාධිතයෝ පිරිසක් සහභාගී වී සිටියහ.

රැස්ව සිටි පිරිස පංචශීලයෙහි පිහිටුවීම පූජ්‍ය කිරම විමලජෝති නාහිමි සිදු කළ අතර ප්‍රධාන දේශනය කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් සිදු කරන ලදී.

පිළිගැනීමේ කතාව නීතිඥ කපිල ගමගේ මහතා සිදු කළේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2017-10-23

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    අර “අද” කියල පත්තරයක් තියෙන්නේ එකේ තිබුන “විමල්ගේ බෝම්බ ප්‍රකාශයට පියසිරි ජාතියෙන් සමාව ගනියි” කියල. මම සිංහලෙන් කරපු comment එක එතැන paste කරගන්න බැහැ language settings හද ගන්න ඕනේ.. ඒක කරන කම් මෙතන comment එක දාන්න හිතුව.

    ————————————————————————-

    අනුන්ගේ කොන්ත්‍රාත් අරන් විමල්ට ගහන්න හදන පියසිරිට ජාතිය කවදාවත් සමාව දෙන්නේ නැහැ.

    කතාවක් කරන්න ඉස්සෙල්ල භාෂාවේ මූලධර්ම පාවිච්චි කරන්න පක්ෂෙන් අවසර ගන්න ඕනෙද? මිනිස්සු භාෂාව දෙවිදියකට පාවිච්චි කරනවා. එකක් literal language අනික figurative language.

    Figurative language කියන්නේ සංකේතාත්මක භාෂාව. ඒකෙදි කරන්නේ යමක් වැඩිපුර අවධාරණය කරන්න සංකේතාත්මක වචන කිහිපයක් පාවිච්චි කිරීම.

    විමල් කිව්වේ 76ක් ගන්න බැරිනම්, ඒ කියන්නේ 2/3 දුන්නට පස්සේ ඒ පාර්ලිමේන්තුවෙන් වැඩක් නැහැ කියන එක. ඊට පස්සේ ඒ පාර්ලිමේන්තුව පැවතිය යුතු නැහැ කියන එක.

    බෝම්බ ගහන්න ඕනේ නම් හරි, බෝම්බ දේශපාලනය කරන්න ඕනේ නම් හරි, විමල්ට කියන්න තිබුනේ මේ පාර්ලිමේන්තුව 2/3 දෙන්න ඉස්සෙල්ල ඒක නවත්තන්න පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න කියලා. මේ දෙකේ වෙනස තේරුම් ගන්න බැරි තරම් මොට්ට මොළ තියෙන මිනිස්සු කිසි දවසක පාර්ලිමේන්තුවට එවන්න හොඳ නැහැ.

    රටක් ජාතියක් වශයෙන් අපි ඉතාම තීරණාත්මක සන්ධිස්ථානයකට ඇවිල්ල ඉන්න මොහොතක, එක එකාගේ පස්සේ ගිහින්, විමල්ගේ කතාව හොඳටම පැහැදිලිව තියෙත්දී බොරු අර්ථකතන දෙන, මුළු ජාතියකටම පණ පොවන තමන්ගේ පක්ෂේ නායකයාව අමාරුවේ දාන්න හදන පියසිරි වගේ දෙපත් නයෙකුට නම් ජාතිය කවදාවත් සමාව දෙන්නේ නැහැ. විමල්ටම මෙහෙම කරනවා නම් රටේ අනිත් මිනිස්සුන්ව පාවා දෙන්න පියසිරි වගේ දෙපිටකට්ටුවන්ට ගත වෙන්නේ සුළු මොහොතක් විතරයි.

  2. Champa Reply

    කිව්වා මං ඔයාට ඔය පක්ෂෙ ඇතුලේ සර්පයෝ ඉන්නවා කියලා. ඔයා මාත් එක්ක තරහත් වුනා. මට බලන්න බැරි බව දැන දැනම තරහ පෙන්නන්න කළු පාටත් ඇන්ද.

    දේශපාලන මණ්ඩලය control කරන්නේ කවුද කියලත් කිව්වා. හැබැයි දැන් මට පාට දෙකක බළල් අත් දෙකක් පේනවා.

    බලන්න මේ වගේද අනුරට මොන තරම් චෝදනා ආවද පහුගිය කාලේ. ඒ පක්ෂෙ ඇතුලේ ගහ ගත්තද අපි දන්නේ නැහැ හැබැයි පිටට හැමෝම තමන්ගේ පක්ෂේ සමගිය පෙන්නුවා. තමන්ගේ පක්ෂේ නායකයාව ආරක්ෂා කළා. මොකොද අනුර වැටුනොත් මුළු පක්ෂෙම වැටෙන බව දන්නා නිසා. වාසනාවකට අනුර වගේ එක පක්ෂෙකට නෙමෙයි ඔයා මුළු රටටම ශක්තිය දෙන තනි බලවේගයක්. හැබැයි ඔයාගේ පක්ෂේ ඉන්න සමහරු ඔයාටවත් ඔයාගේ පක්ෂෙටවත් ආදරේ මිනිස්සු නෙමෙයි. දැනටම වචනේ දීලා ඉවරයි වෙන පක්ෂ වලින් තරඟ කරන්න. Loyalty matters a lot, Wimal.

    මම කාලකෙට ඉස්සෙල්ල කියපු දෙයක් හරි යනව අනිවාර්යයෙන්ම. පහුගිය දවස්වල මම හිතුව එහෙම නොවෙයිද කියල. දැන්නම් හොඳටම විශ්වාසයි. ඔයා අනිවාර්යයෙන්ම ඊළඟ ප්‍රධාන චන්දෙට යන්නේ අළුත් පක්ෂෙකින්. ඔයා ඔය පක්ෂේ අත අරිනවා. ලබන අවුරුද්දේ නෙමෙයි මම හිතනවා මම මේ දෙසැම්බර් වල විතර ඔයාට කතා කරන්න ඕනේ කියල. මං ඔයා වගේ ඉවසන කෙනෙක් නෙමෙයි විමල්. අනිත් එක මම ඔයා වගේ forgive and forget හරි kiss and makeup හරි ජාතියේ නෙමෙයි. කවුරු හරි මට මොනවා හරි හතුරු කමක් කලොත් කවදාවත් ඒක අමතක කරන්නේ නැහැ. ඔයාට පහර දෙනවා කියන්නේ මුළු ජාතියටම පහර දෙනවා කියන එක. ඒකයි ඔයා කොච්චර අමතක කලත් ඔයා හිරේ දාපු එවුන්ටයි, මට ජීවිතේ විඳපු ලොකුම දුක දීපු එවුන්ටයි කිසි සමාවක් දෙන්නේ නැත්තේ. I love you so much. I am there for you now and forever. I never ever leave you. I am determined to set your (our) political future. There is no change. If I have to make some sacrifices to achieve my goal for you, then be it. I am ready to do it for my country and for you.

  3. Champa Reply

    පියසිරිගෙ කතාව වෙන තැනක ආපහු දැකල මට හිනාව නවත්ත ගන්න බැරිවුනා.

    විමල් පාර්ලිමේන්තුවට බෝම්බ ගහනව කිව්වේ පක්ෂේ මධ්‍යම කාරක සභාවෙන් අහලා නෙමෙයිලු. ඒකත් හරියට 2015 කුමන්ත්‍රණයක් කරන්න අග්‍ර විනිශ්චයකාරයව අරලිය ගහ මන්දිරේට ගෙන්නලා අවසර ඉල්ලුව වගේ කතාවක්. කොහොමද විමල් ඔයාගෙ පක්ෂෙ මෙච්චර මෝඩයො ඉන්නේ?

  4. Champa Reply

    විමල්, මේ ජාතික සංවිධායක පියසිරි, මේ හැම තැනම දාලා තියෙන ප්‍රකාශය කලේ මධ්‍යම කාරක සභාවේ අනුමැති ඇතුවද? ඒකෙ අනිත් සාමාජිකයන් දන්නවද මෙයා මෙහෙම කතාවක් කළා කියල? තමන්ගේ තනි මතේට මෙහෙම ප්‍රකාශයක් කරන්න පුලුවන්ද? මං එහෙම ඇහැව්වේ ඔයා මධ්‍යම කාරක සභාවෙන් අවසර ගත්තේ නැහැ කියන හින්ද, එහෙම කියන කොට එය අවසර ගන්න ඇති නේද? එතකොට පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රටේ නැතුව ඇති නේද?

    අපිට මේව අහන්න අයිතියක් තියෙනව විමල්. ඔයා රට වෙනුවෙන් වෙන මහන්සිය මුළු රටටම පේනවා. ඔයාට හුඟක් තාඩන පීඩන පලි ගැනීම් තියෙනව. හැබැයි ඔයා වගේ කෙනෙකුට පක්ෂේ ඇතුළෙන්ම මෙහෙම කැපිලි එනවා කියන්නේ සංවිධානාත්මකව කරන දෙයක්. මේක පලවෙනි එක නෙමෙයිනේ. නිකම් කියපු වචනයක් අල්ලාගෙන මේ දඟලන්නේ වෙන කාගේ කොන්ත්‍රාත්තුවකට. මට නම් මේ වගේ බලු වැඩ වලට යකා වැහෙනවා. හැමදාම කියනව වගේ මේ රටේ මිනිස්සුන්ට වටින්නේ ඔයාව මිසක් ඔයාගේ පක්ෂේ නෙමෙයි.

    ඔයාට දුක හිතෙනවද විමල්, මෙහෙම දේවල් වෙනකොට? අනේ ඉවසන් ඉන්න. අපිට මේ ඔක්කොටම උත්තර දෙන්න දවසක් එනවා. ඔයාට දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි.

    මහා පවුරක් වෙලා නැගිට
    සවියක් වුනු උපන් රටට
    දැයක් එකතු කරපු පිනින්
    දුකක් වෙන්න එපා ඔබට !

  5. Champa Reply

    You disappointed me, Wimal. On October 14, you gave an unprecedented valor to the nation who are strongly opposed to the federal constitution and then on October 22 you took a U turn and solely depended on MR, knowing very well that he NEVER give a leadership to the nation against the federal constitution. He supports federal and all other amendments. He is the person who encourages Ranil.

    It is you, who should give the leadership to the nation against the federal constitution, not MR. You have taken the entire nation this far and suddenly on October 22 you made all of them vulnerable. You spearheaded “Mahinda Sulanga” in 2015 for one person, but you didn’t hold a similar “Sulanga” against the federal constitution, at least not yet. I thought you will hold a mammoth rally in Nugegoda against the federal constitution. The “non-existent” document that PM and President again and again said is to be debated in the Parliament. I know the government is after you as usual to suppress you voice. I think sending Maha Nayaka Theros out of the country at this crucial time is also a conspiracy. You are the only leader for the country. Even 62k gather around you as your voice is for everybody irrespective of party politics. Government is giving a wrong impression that 62k voted for Sansaya to bring in a new constitution. That is totally wrong because at the time they never told the country what they would bring is a federal constitution. If so, nobody would have voted in favour of Sirisena. They have misled the 62K. People need a platform to voice their strong objection but there is none. You are the only politician who could rally the entire nation. But what are you doing, Wimal? What should I do Wimal. I placed all my hopes to protect the country on you. What should I do now Wimal, feels like committing ……

    • Champa Reply

      May the Blessings of Sacred Tooth Relics show upon you, Wimal.

  6. Champa Reply

    විමල් ඔයාට බැරිද බෙල්ලන්විල හාමුදුරුවන්ට කතා කරලා 29 වෙනිදා හාමුදුරුවරු පාර්ලිමේන්තුව ලඟට එක්ක එන්න, අර නැහැයි කියලා රටම රවට්ටපු ලියවිල්ල 30 වෙනිදා විවාදෙට ගන්න එපා කියල තදබල
    විරෝධයක් පාන්න?

    • Champa Reply

      විමල් 29 ඉරිදනේ, එදාට වැඩක් නැහැ, 30 උදේ පාර්ලිමේන්තුව ලඟට රැස් වෙලා අර “නැහැයි කියපු ලියවිල්ල” විවාදෙට ගන්න එක නවත්තන්න විරෝධය කරන්න මහා පාරට වඩින්න කියන්න

  7. Champa Reply

    විමල් ඔයා කිව්වනේ මේ විවාදෙට සහභාගී වෙන්නේ නැහැ කියල. ඇත්තටම රට බෙදන ව්‍යවස්ථාවට එක හෙලා විරුද්ධ ඔයාට මේකට සහභාගී වෙන්න බැහැ, අනිත් එක CA එකෙත් NFF නැහැනේ. ඔන්න ඔයාගේ පක්ෂේ මධ්‍යම කාරක සභාව කිව්වා කියල රට පාවලා දෙන්න නම් එපා හොඳද. ඔයා විතරයි දේශපාලකයෙකුට රට වෙනුවෙන් ඉන්නේ.

    විමල් 30 ඔයා පාරේ ඉන්න හාමුදුරුවරු එක්ක. දවස් 2 කට වඩා තියෙනවා හොඳටම ඇති සංවිධානය වෙන්න. ලංකාවේ ලොකුම හාමුදුරුවරුන් වැඩම කළා නම් හරි. උදේ පාන්දරම. නීතියෙන් වැරදි කාරයෝ කරපු මිනිස්සු දෙන්නෙකුටත් කරුණාව පාලා උදේ අහරයත් නොගෙන දඩ ගෙවන්න සල්ලි හොයන්න පිණ්ඩපාතේ වැඩිය හාමුදුරුවරුත් ඉන්න එකේ, රට වෙනුවෙන් පාන්දරම පාර්ලිමේන්තුවට එන පාරට එන්න බැරි වෙන්න බැහැනේ, නේද?

  8. Champa Reply

    නියමයි, ජයන්ත. තාම මම අහනවා කථාව. ඒ වුනත් ලියල තියෙන ටික දැක්කම මගෙ පපුවත් ලොකු හුස්මකින් පිරිලා ගියා. ඇඟට හොඳ පනකුත් ආවා. නියමයි ජයන්ත. ෂූ… Love you කියන්න බැහැ, අරයටත් කියන හින්ද (I am joking). But I am so ….. I don’t know what to say, happy, proud and everything. Great, great, great.

    • Champa Reply

      Where are you Wimal? Love you.

  9. Champa Reply

    ඕකුන් එකතු වෙන්නේ නැහැ. බල ලෝභය වෙනුවෙන්, තාන්න මාන්න සල්ලි වෙනුවෙන් මිසක් රට වෙනුවෙන් ආණ්ඩුවේ එකෙක් එන්නේ නැහැ. කතා කරලා වැඩක් නැහැ, පාර්ලිමේන්තුවේ ඕක කරන්න බැහැ. මහා සංඝ රත්නය එක්ක ඕක පාර්ලිමේන්තුවට ගෙන එක නවත්තන්න්යි ඕනේ. පාර්ලිමේන්තුවට එන එක නවත්තන්න. 2/3 ගැන විශ්වසේ තියන්න එපා. එක මෝඩ වැඩක්. ඒක අන්තිම අවස්තාව. එතකම් ඉන්න එපා. ඊට ඉස්සෙල්ල මේක පාර්ලිමේන්තුවට ගෙන එක නවත්තන්න.

  10. Champa Reply

    ඉස්සෙල්ල කියපු එක ආයේම කියනන් හිතුව. මම 29 කියලා ආයේ 30ට වෙනස් කළා. අන්තිම දවස් වෙනකම් ඉන්නේ නැතුව මේ සති අන්තෙම මිනිස්සුන්ව පාරට ගන්න එක හොඳයි. මං සාමාන්‍යයෙන් කැමති නැහැ අන්තිම අවස්ථාව එනකම් ඉන්න. හෙට අනිද්දා බැරි වුනොත් අන්තිම අවස්ථාව විදියට 30 උදේ පාන්දර ඉඳම්ම හමුදුරුවුරුන්ට මිනිස්සුන්ට පාර්ලිමේන්තුව ලඟට එන්න කියන්න ඕනේ.

  11. Champa Reply

    විමල්, මතකද මිනිස්සු 2015 අවුරුද්දේ පොල් ගැහැව්වා ආණ්ඩුවට හෙන ගාපන් කියල. 😀 එතකොට ආණ්ඩුවට නිකම් ඔල්මාද වුන. මොනවාද කියන්නේ දන්නේ නැතිවුන. ඇමතිවරු කියන අප්‍රබංශ වලට අපි ඉස්සර හරියට හිනා වුනා. කවුද අර දෙවියෝ සීනිගම දෙවියන්ට පොල් ගැහැව්වහම තමයි එහෙම වුනේ. මම LCN එකට කවියකුත් ලිව්වා, දැන් මතක නැහැ. පොතක් කියවන්න වුනා එස්සෙල්ල. දැන් ඒ පොතත් නැහැ. නැත්නම් ආයේ එකක් ලියන්න තිබ්බ. ගහමුද පොල්? සමහර වුන් මැරිලත් බැහැ, ඒකයි වැඩේ. පිස්සු චුට්ටක් විතර නම් හැදුනට කමක් නැහැ.

  12. Champa Reply

    Did you see this? Under Article 155 of the Spanish Constitution, the Madrid Government can take over Catalonia in the event they declare independence.

    Quote: “Article 155 is the most extreme measure available to Spain’s government, allowing it to take over the running of an autonomous region, should it declare independence. That could be invoked as soon as Saturday.
    In political circles, the article is known as “the nuclear option.” Former Foreign Secretary Jose Manuel Garcia described it as “an atomic bomb.”
    The national legislature describes the article as an “exceptional or extreme” measure “for situations that are equally exceptional or extreme.”
    The article allows “all measures necessary to compel the community to meet said obligations, or to protect the above-mentioned general interest.” Unquote:

    See what Ranil is trying to do? He proposes to abolish a similar authority that is conferred on the President.

  13. Champa Reply

    අපිට වැස්ස නැහැ, හෙට අනිද්දා ඕගොල්ලන්ට හුඟක් වැස්ස.

  14. Champa Reply

    You will have the upper hand for something which is yet to come. At least this time, use your brain. You don’t know your worth. You need not to bargain when you have the upper hand. It is your word. If they don’t agree, tell them to go to hell.

  15. Champa Reply

    I sent a second comment like this followed by first one, to EN but it was not published.

    The Prime Minister is playing his dirty tricks again. He knows very well that election is the best way to distract people and the opposition away from the Federal Constitution. Now JO will fall for it and act like headless chickens. Idiots.

  16. Champa Reply

    මම දැක්ක බෙල්ලන්විල හාමුදුරුවො කතාවක් කරනව. හාමදුරුවෝ කිව්වා දැනටම draft එක හදලා ඉවරයි කියල. පහුගිය දවස් ටිකේ මොන තරම් වංචාවක්ද රටටම කරලා තියෙන්නේ. තවම හිතලවත් නැහැ කිව්වා. ලංකාවේම හාමුදුරුවරු ඇත්තටම ජනාධිපතිවයි අගමැතිවයි වර්ජනය කරන්න ඕනේ. මොකොටද මෙහෙම පාලකයෝ. එවුන්ගේ ඇඟේ වැදිලා එන හුළඟවත් වදින්න හොඳ නැහැ. ඉස්සර මම හිතන්නේ මේකට අපි “දෙමළ ඊළාම් ව්‍යවස්ථාව” කියල කිව්වේ. ඒක තමයි හරි නම.

  17. Champa Reply

    ඔයාගේ godfather පැනල ගියා. මම දැම්ම comment එකක් මහින්ද බයගුල්ල හැමදාම රටට තීරණාත්මක පනතක් ගේන කොට පැනලා යනවා මේ පාරත් මිනිස්සුන්ට ඕනේ වෙලාවේ පැනල ගියා කියලා. ඇත්තටම දැන් මිනිස්සුන්ට රට බේරා ගනියි කියල එයාට චන්දෙ දීල පස්සේ යන්න වෙලා තියෙන්නේ චන්දෙ නොදීපු, 2015 ද්‍රෝහියෙක් කියලා කියපු සිරිසේන පස්සේ රට බේරලා දෙන්න කියලා. ෂික් මොකොටද මෙහෙම නායකයෝ. දැන් පට්ටපල් බොරුවක් කියනව රහස් සාකච්චාවකට ගියාලු. මිනිස්සු ඔය බේගල් දැන් විශ්වාස කරන්නේ නැහැ.

  18. Champa Reply

    මටත් පාරට එන්න හිතෙනවා. හැබැයි මං එනවා අනිවාර්යයෙන්ම දවසක. ඉස්සර නම්, මම මුලින්ම ලියන කොට නම් මට මෙහෙම හිතුනේ නැහැ. ඒ වුනාට දැන් නම් තීරණයක් අරන් තියෙන්නේ. සමහර වෙලාවට අපි හීනෙකින්වත් හිතපු නැති දිශාවකට යැවෙනවා. දේශපාලනයට පොඩ්ඩක්වත් මගේ කැමැත්තක් තිබුනේ නැහැ. හැබැයි, මම දැන් හිතනවා වෙනස් විදියකට. දන්නවද විමල්, අපි කියමු මම කොහේ හරි riding එකකට ඉල්ලනව කියල. මට ඔයාව ඕනෙත් නැති වෙයි, stage එකට. Ok, sorry, sorry, ටිකක් ලොකු කතාවක්. නැහැ, මම කියනව මහින්දට ඕනේ නම් ඔයාව අරන් යන්න කියලා එයාගේ stage වලට. මට පුළුවන් තනි සටනක් දෙන්න. මම කොහොමත් solo. ඇත්තමයි මට හොඳටම වැඩ කරන්න පුළුවන් තනියම. කණ්ඩායමක් එක්ක වැඩ කරන්න දන්නේ නැහැ. මෙහෙම කියන්නේ මගෙ හිත හදා ගන්න දැම්මම. ඒ මොකොද කිව්වා නම් මං දන්නේ නැහැ ඔයා කොතන හිට ගනියිද කියලා. Godfather ඔයාව හොරකම් කරනවා sure එකට. අනේ මට මොකොද, උස්සන් යන්න කියන්න. රාජපක්ෂ මානවය සංවර්ධනය වෙන්න විමල් මානවය නැතුව බැහැ. හැබැයි මට වැඩි වැඩක් කරන්න ඕනේ නැතිවෙයි. මම කොහොමද කරන්නේ දන්නවද? ඉස්සෙල්ලම පූර්විකාවක් කරනව. දේශපාලන කතාවක් නෙමෙයි. ඒකට චන්ද කොච්චර හම්බ වෙයිද? විශ්වාස කරන එකක් නැහැ. මෙතන road block එකක් දාලා තිබුන නම්, පූර්විකාව මෙතනම ලියනවා. දැන්ම හැමෝම කියැව්වොත් අගයක් නැහැ. මාස ගානක ඉඳන් මම නිකම් පරණ කටු පොතක කුරුටු ගානවා ලංකාව ගැන මම හිතන දේවල්. විමල්ට හිනා යයි දැක්කොත්. මට වැඩිය පුරුදු නැහැ රූල දිගේ ලියලා මම ලියන්නේ හරහට දිගට උඩ ඉඳන් යටට යට ඉඳන් උඩට ඇදට. ඇත්තමයි විමල්, මේ දේශපාලකයෝ මෙච්චර කල් අවුරුදු 70ක් තිස්සේ රටට මොනවාද කරලා තියෙන්නේ. මට නම් සිං සිං ගාල හිතට එනව ප්‍රශ්න වලට විසඳුම්. ජනාධිපතිතුමා උතුරට ගිහින් කියපුවට මට විසඳුම් තියෙනව ව්‍යවස්ථාව වෙනස් නොකර. මිනිස්සුන්ට දැනෙන හොඳ ප්‍රයෝගික විසඳුම්. හැබැයි ව්‍යවස්ථාවට තරහ නිසා කියන්නේ නැහැ. අවුරුදු 20 කට කලින් මට මෙහෙම හිතුනා නම්, මම ඒ කාලෙම පාර්ලිමේන්තුවට ඉල්ලනවා. නැහැ, ඇත්තටම එහෙම බැරි වෙයි. එතකොට මගෙ පරිසරය වෙනස්, මගේ priorities වෙනස්. කලයුතු දේවල් දේවල් කෙරුනේ නැහැ. 2020 මහ මැතිවරණයක් එනකොට මගේ කාලේ හරි. අවුරුදු දෙකකින් මට පොඩි නිදහසක් හම්බ වෙනවා. මට කරන්න තියෙන දේවල් ඔක්කොම වගේ කරලා ඉවර වෙලා තියෙයි. එතකොට පාරට එන්න පුළුවන්. නැහැ ඇත්තම කිව්වොත් ඕනේ නම් මාස දෙකකිනුත් පුළුවන්. මම ආස නැහැ අපේ පළාත් පාලන ක්‍රමයට. ඔයිට වැඩ වෙනස් වෙන්න ඕනේ. අනිත් එක SLFP UNP හිටපු මෝල්ලු set එකම තමයි ආපහු ඉදිරිපත් වෙන්නෙත්. සත පහක වැඩක් නැති මිනිස්සු. පළාත් පාලන ආයතන වලින් මිනිස්සු අපේක්ෂා කරන විදියට වැඩ වෙන්නේ නැහැ. කතාව වැඩියි වැඩ අඩුයි. හරියට හිතට අරන් වැඩ කළා නම්, targets දීල තිබුන නම්, ගම් පළාත් මීට වඩා ක්‍රමවත්. හැම අවුරුද්දෙම ගං වතුර එනවා. හැම අවුරුද්දෙම නියඟයක් එනවා. හැම අවුරුද්දෙම නාය යනව. ඉස්සර සුලිසුලන් කියල ජාතියකුත් තිබ්බ. දිනපතාම ඩෙංගු රෝගීන් ඉස්පිරිතාලෙට එනවා. ඉස්සර මැලේරියාව. හැම අවුරුද්දෙම කෘෂිකර්මාන්තෙට එකම ප්‍රශ්න එනවා. හැම අවුරුද්දෙම උපාධිධාරීන් රස්සා ඉල්ලලා උද්ඝෝෂණ කරනවා. සමහර දේවල් අවුරුදු 70ක් තිස්සෙම සහ සමහර දේවල් අවුරුදු 50ක් තිස්සෙම මෙහෙම වෙනවා. හැබැයි ඒවාට මුහුණ දෙන්න කිසිම නිශ්චිත වැඩ පිළිවෙලක් නැහැ. Port City එකට මම හරිම විරුද්ධයි. ඔයා කොච්චර කිව්වත් මට මහින්දගේ සංවර්ධනය, අධිවේගී මාර්ග, වරාය, ගුවන් තොටුපොල වගේ දේවල අගයක් නැහැ. ඒවා ඇස්බැන්දුම්. මගෙ හිත තියෙන්නේ ගමේ. සවාභාවික පරිසරයේ. ලංකාව වගේ ස්වභාවික සම්පත් බහුලව තියෙන රටක හැම සංවර්ධන කටයුත්තක් කරන කොටම බලන පලවෙනි දේ වෙන්න ඕනේ පරිසරය. අනිත රටවලට හරියන හැම දේම අපේ රටට හරියන්නේ නැහැ. (සිරිසේන ජනාධිපතිතුමා බොහෝ දුරට මම හිතන විදියට හිතන වගේ කෙනෙක්. හොඳ සංකල්පත් තියෙනවා. හැබැයි මේ දවස්වල මං තරහෙන් ඉන්නේ ව්‍යවස්ථාව නිසා. ඒ හින්ද අනිත්වට දෙන ලකුණුත් කපලා දානවා.) අපේ භූමිය කුඩායි කියන එක දේශපාලකයන් අමතක කරනවා. අග ඉඳන් මුලට කරපු වැඩ තමයි හැම තැනම තියෙන්නේ. අපේ හැම දේශපාලකයෙක් ගැනම කියන්නේ, අග ඉඳන් මුලට වැඩ කරලා තියෙන නිසා තමයි අවුරුදු 70ක් ගිහිල්ලත් එන එන හැම ආණ්ඩුවටම ප්‍රශ්න ඉතුරුවෙලා තියෙන්නේ. මුල ඉඳන් අගට වැඩ කළා නම්, ඊළඟ ආණ්ඩුවට පුළුවන් කලින් ආණ්ඩුව ඉතුරු කරපු තැන ඉඳන් ඉස්සරහට යන්න. ඒ විදියට රට ඉස්සරහට යනව. අවුරුදු 70කට ඉස්සෙලා අපිට වඩා ඉතාම දුප්පත්ව හිටපු රටවල්, ආසියාවේ විතරක් නෙමෙයි ලෝකේ අනිත් කලාප වල රටවලුත්, අද අපිට හිතන්නවත් බැරි තරම් දියුණු වෙලා තියෙන්නේ ඒ රටවල දේශපාලකයෝ වැඩ කලේ චන්ද බලාගෙන නෙමෙයි, අවංකවම රටේ ඉදිරි අනාගතය දිහා බලාගෙන, රටේ අනාගත පරම්පරාව දිහා බලාගෙන නිසා. එක්කෝ ඉන්න දේශපාලකයෝ හිතන විදිය වෙනස් වෙන්න ඕනේ, නැත්නම් සම්පූර්නයෙන්ම වෙනස් විදියකට හිතන දේශපාලන පරම්පරාවක් අලුතින් හැදෙන්න ඕනේ. පලවෙනි එක නම් වෙන්න තියෙන ඉඩකඩ හුඟක් අඩුයි. පරණ දේශපාලකයෝ හැමෝම ඇට්ටරයි. මෙහෙම කියන්න හොඳ නැති වුනත් වැඩ කරන හැටි බලපුවහම ඇවිදින මැටිරූප. හරි දැක්මක් තියා කිසිම දැක්මත් නැහැ. ප්‍රයෝගික විසඳුම් කියන්නේ මොනවාද කියල අහලවත් නැහැ. ඈත ගම් එක්ක නගරෙ සංසන්දනය කරලා බැලුවොත් හිතා ගන්න බැරි පරතයක් තියෙනවා. හොඳම උදාහරණෙ පොළොන්නරුවේ ඉස්කෝලෙක පන්ති කාමර නැතුව ගස් යට පන්ති තියන කොට, වෙන තවත් පළාත් වල දරුවන්ට කළු ලෑල්ලක්වත් නැති කොට, හරියට බස් නැති සමහර පළාත් වල දරුවෝ හැතැප්ම ගණන් පයින් ඇවිල්ල හෙම්බත් වෙලා ඉස්කෝලෙට එනකොට, තව සමහර ඉස්කෝල වහිලම යනකොට, ඈත පළාත්වල සමහර දරුවන්ව පාසල් එවන්න දෙමව්පියන්ට වත්කම් නැති පවුලුත් ඉන්න රටක, නගරබද ළමයින්ට Tab දෙනවා,පන්ති කාමර වලට cloud based technology ගෙන්න හදනව!!! පේනවනේ ලියන්න ගිහාම මට නැවතුමක් නැහැ. දැන් ඇති. ඇත්තටම මට මොකක් හරි ඔල්වේ අමාරුවක් තියෙනවා. විමල්ගේ සින්දුව දැක්ක. Video එක තාම බැලුවේ නැහැ. හෙමිහිට බලනව. ඕකේ වචන ටික ඔයා ඕක ලියපු දවස්වල ඉඳන් මම ආසාවෙන් එකතු කරන් තියන් හිටිය. ඔක්තෝබර් 30 මොකක්ද වෙන්නේ විමල්? ඔක්තෝබර් මාසේ මට ගත කරන්න හරිම අමාරු මාසයක්. හොඳ හෝ නරක මගේ හුඟක් දේවල් වෙලා තියෙන්නෙ ඔක්තෝබර් මාසේ. මේ මාසේ මම පසුතැවෙන මාසේ. ඒ හින්ද හරිම restless. චික්, මේ ව්‍යවස්ථාවත් වැටුන හරියටම මේ මාසේ. මොකක්ද හෙට වෙන්නේ විමල්?

    • Champa Reply

      Holy sh.. Wimal, please remove this comment, please.

  19. Champa Reply

    විමල් ඔයා දැක්ක නේද, අර ඉඳුරාගාරේ ධම්මරතන හාමුදුරුවෝ ජනාධිපතිතුමාගේ අභියෝගේ භාරගෙන යෝජනා වගයක් බාර දීලා තියෙනවා. මම හිතන විදිය, මගේ විසඳුම් ඊට වෙනස් වුනත්, ඒ යෝජනා ඉතාම හොඳයි. ඒ යෝජනා ටික ඇති රනිල්ගේ ෆෙඩරල් ව්‍යවස්ථා මාෆියාව සදහටම කුණු බක්කියට දාන්න.

  20. Champa Reply

    අර දයාසිරි මොනවාද කියන්නේ? තමන්ට ලැබිල තියෙන ඇමතිකම, අර තරම් ලේසි subject එකක් අනාගත්ත මිනිහාට, පුලුවන්ද ව්‍යවස්ථාව වගේ දෙයක් ගැන කතා කරන්න? මටත් ක්‍රිකට් ගහන්න පුළුවන්. හොඳට පුළුවන්. තව ක්‍රීඩා ගොඩක් පුළුවන්. ලිස්ට් එකක් දුන්නහැකි. හැබැයි මොකොටවත් සෙල්ලම් කරලා නැහැ.එහෙම නිදහසක් තිබුනේ නැහැ.

  21. Champa Reply

    සිංහ කොඩියේ සිංහයන්, රටට ආදරේ හැමෝම, හොර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව – හෙට (30) උදේ 9ට පාර්ලිමේන්තුව ලඟට එන්න.!!!

    සිංහ කොඩිය අත දරාන
    සිංහ එඩිය හිත දරාන
    සිංහලේට පණ දෙන්නට
    නැගිටලා වරෙව්!

    සිංහල රජවරු රැකි රට
    රණවිරුවන් පණ දුන් රට
    සිංහල ලේ වල සවියෙන්
    දිරි අරන් වරෙව්!

    දෙපා තබන මව් පොලොවට
    ඔබ ණය ගැති බව සිහිකර
    ලක් මෑණිව සුරකින්නට
    පසු නොබා වරෙව්!

    පන්දහසක් පැවතුන රට
    පන් දහසක් පවතින රට
    ඉපදුන රට රැක ගන්නට
    එක හඬින් වරෙව්!

    එකම රටක් එකම බිමක්
    එකම දැයක් එක කොඩියක්
    එක පවුලක දරුවන් වී
    එක ලෙසින් වරෙව්!

    දෑත දෙපා දන් දුන්නා
    ජීවිත සහසක් පිදුවා
    රණවිරුවන් සිහි කරගෙන
    සවි අරන් වරෙව්!

    දිනා දුන්නු මේ මව්බිම
    රැක ගැනීම අපෙ යුතුකම
    රට වෙනුවෙන් දිවි දෙන්නට
    සැරසිලා වරෙව්!

    හුස්ම පොවා ලක් මෑණිට
    හුස්ම තියෙන තුරු රැකගමු
    හුස්ම වැටෙන සිංහලයන්
    හැමදෙනා වරෙව්!

  22. Champa Reply

    විමල් මට FB එකක් නැහැ. කවදාවත් තිබුනේ නැහැ. මගේ කවිය FB එකේ කොහාට හරි දාල දෙන්න පුලුවන්ද? විදියක් තියෙනවද? අර පෝස්ටර් එක තියෙන තැනට.

  23. Champa Reply

    මෙච්චර නම් තැන් තියෙද්දී මැදමුලන වීරකැටියටම අකුණක් ගහල. මිනිස්සුත් මැරිලා. ඉන්දියාවේදී මාව මැරෙන්න කියලා හූනියමක් කලාද දන්නේ නැහැ. අපරාදේ සල්ලි. මට ඕවා වදින්නේ නැහැ. යක්කුත් මට බයයි. දෙයියොත් මට බයයි.

  24. Champa Reply

    දළදා මාලිගාවටයි, නිලමෙටයි, හාමුදුරුවරුන්ටයි කරන බොරු චෝදනා, නින්ද අපහාස හරිම පිළිකුල් විමල්.

Leave a Reply

*