BREAKING NEWS

නුගේගොඩ රැලියෙන් පස්සේ විමල්ගේ නෝනා. මහනුවර රැලියෙන් පස්සේ කාගේ නෝනාද?

10406362_425181924310021_6248473770983432270_nමහජන එක්සත් පෙරමුණේ නායක, දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, වාසුදේව නානායක්කාර යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ද පිවිතුරු හෙළ උරුමයේ නායක, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ද පසුගිය සතියේ කොළඹ පිහිටි ස්ථානයකදී රැස්වූයේ සිය පක්‍ෂ 4හි සාමූහික වැඩපිළිවෙළෙහි ඉදිරි කටයුතු සාකච්ඡා කිරීමටත් ඊට අදාළ තීන්දු තීරණ ගැනීමටත්ය.

‘‘ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය යම් යම් ප‍්‍රකාශ සිදුකොට තිබෙනවා. මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැති අපේක්‍ෂකත්වය නොදෙන බවටත් ප‍්‍රකාශකර තිබුණා. නමුත් ශ‍්‍රී ලනිපයේ බහුතරයක් මෙම ප‍්‍රකාශ පිළිගන්නේ නැහැ. නාගරික සහ ගම්බද ප‍්‍රගතිශීලී ජනතාවත් මෙම ප‍්‍රකාශ අනුමත කරන්නේ නැහැ. ඒ නිසා අපි කලබල නොවී මේ තත්ත්වය ජනතාවට ඉතාමත් හොඳින් පැහැදිලිකර දිය යුතුයි’’ එහිදී දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.

‘‘මහනුවර රැලියට අදාළ පූර්ව ප‍්‍රචාරක කටයුතු සියල්ලත් එදිනට අදාළ සංවිධාන වැඩපිළිවෙළත් සකසා අවසන්’’ විමල් වීරවංශ මහතා ‘දිනූ නිදහස අනතුරේ, ජාතියේ අභියෝගය ජය ගැනීමට පෙළ ගැසෙමු!’ යන තේමාව යටතේ පැවැත්වෙන රැලි මාලාවේ දෙවැන්නෙහි පූර්ව සංවිධාන කටයුතු පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

අනුරාධපුර, කුරුණෑගල, රත්නපුර, මාතර යන නගරවලදී කඩිනමින් ජාතික රැලි පැවැත්වීමටද මෙහිදී තිීන්දු කෙරිණි.

‘‘මේගොල්ලෝ මහ මැතිවරණය කල් දැමීමේ සූදානමක් තියෙනවා කියලා පෙනෙනවා. ඒ වගේම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ගැටුමකුත් ක‍්‍රමානුකූලව වර්ධනය වෙමින් පවතින බවයි පෙනෙන්නේ. ඒ වර්ධනයනුත් කොයි පැත්තට යයිද කියන එක ගැන අපි ඉතා අවධානයෙන් සිටිය යුතුයි. ඒ දෙසත් බලමින් තමයි අපේ වැඩපිළිවෙළ ස්ථානගතකර ගත යුත්තේ’’ වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දුන්නේය.

‘‘අපි මේ සාකච්ඡාව සතියේ එක් නිශ්චිත දිනයක හා වේලාවක යොදා ගනිමු. එහෙම කළොත් අපට ඒ කාලය තුළ දීර්ඝ වශයෙන් අපේ ඉදිරි ගමන පිළිබඳව සාකච්ඡා කිරිමේ ඉඩකඩ නිර්මාණය වෙනවා. ඒ දිනය හා වේලාව අපේ දිනපොත්වල නිශ්චිතව කල්තියා වෙන්කර ගැනීමටත් පුළුවන් වෙනවා’’ උදය ගම්මන්පිල මහතා පක්‍ෂ 04හි සතිපතා සාකච්ඡාව වඩා විධිමත් කිරීමට එසේ ගෙන ආ යෝජනාවට සියලූ පක්‍ෂ නායකයෝ ප‍්‍රසාදය හා එකගතාව පළ කළහ.

නුගේගොඩ මෙන්ම මහනුවර රැලියට ද අතිවිශාල ජනකායක් සහභාගී වන බව, පක්‍ෂ 04හි නායකයන්ට ලැබී තිබුණු වාර්තා අනුව පැහැදිලිි විය.

‘‘නුගේගොඩ රැලියෙන් පස්සේ විමල්ගේ නෝනා ගත්තා. මහනුවර රැලියෙන් පස්සේ කාගේ නෝනා ගනියිද දන්නේ නැහැ.’’ උදය ගම්මන්පිල මහතා එහිදී විහිළුවට මෙන් පැවසුවේය.

‘‘ඒක තමයි, දැන් කාගේ හරි නෝනා කෙනෙක් ඒකට සූදානම් කර ගන්න වෙනවා’’ විමල් වීරවංශ මහතාද එයට විහිළුවෙන් පිළිතුරු දුන්නේය.

‘‘ශී‍්‍ර ලනිප මන්ත‍්‍රීවරුන්ට කටකලියාවක්’’

වෙනත් දේශපාලන පක්‍ෂ විසින් සංවිධානය කරනු ලබන රැස්වීම් සඳහා සහභාගීවීම හා අදහස් දැක්වීම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහජන නියෝජිතයන්ට තහනම් කරමින් පසුගිය 03 වැනිදා එම පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා විසින් නිවේදනයක් නිකුත්කර තිබිණි.

‘‘ඔන්න කටකලියාව ගානේ නොමිලේ බෙදනවාලූ ජනාධිපතිතුමා, ගිහිල්ලා ගන්න. අතපය බැඳගෙන, කට වහගෙන ඉන්න තමයි තියෙන්නේ. ඒක තමයි යහපාලනය’’ එම නිවේදනය පළවීමෙන් අනතුරුව පාර්ලිමේන්තු ලොබියේදී හමු වූ ශ‍්‍රී ලනිප මන්ත‍්‍රීවරුන් අතර සුහද කතාබහේදී විමල් වීරවංශ මහතා පැවසීය. බොහෝ දෙනකු ඊට සිනහවකින් පමණක් පිළිතුරු දෙන අයුරු දැකගත හැකිවිය.

ජානිපෙ අල්ලස් කොමිසමට මිනී මෝරෙක් අරන් ඇවිත්

මෙරට ධීවර ජනතාව සතු රුපියල් බිලියන 02ක් වටිනා මත්ස්‍ය සම්පත ධීවර අමාත්‍ය බලය අයුතු ලෙස යොදා ගෙන දූෂිත ලෙස තමන් සතු කර ගත්තේ යැයි පසුගිය 03 වැනිදා ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට, කැබිනට් ප‍්‍රකාශක, රාජිත සේනාරත්නට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

‘‘අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ආවේ මේ ආණ්ඩුව බිහි කිරීමෙහිලා මූලික වැඩ කොටසක් ඉටු කරපු වර්තමාන ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා වගේම, කැබිනට් ප‍්‍රකාශකවරයා ලෙසත් කටයුතු කරන හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට. ඔහු ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කරපු කාලේ සිය ධීවර අමාත්‍ය බලය අසාධාරණ හා අයුතු ලෙස පාවිච්චි කරමින් කරමින් මේ රටේ ධීවර ජනතාවට අයිති මත්ස්‍ය සම්පත මංකොල්ලකෑම පිළිබඳවයි එම පැමිණිල්ල ඉදිරිපත් කළේ.

මේ මහා දූෂණය සම්බන්ධයෙන් විමර්ශනය කොට අදාළ පුද්ගලයාට විරුද්ධව නීතිමය පියවර ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. එවකට ධීවර අමාත්‍යවරයාව සිටි රාජිත සේනාරත්න මහතා ස්වකීය පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කළ අනුරාධ සෙනෙවිරත්න නැමැත්තා හරහා රුපියල් මිලියන 2000ක්(බිලියන 02) වටිනා මේ රටේ ධීවර ජනතාවට අයිති මත්ස්‍ය සම්පත තම අමාත්‍ය බලය අයුතු ලෙස යොදාගෙන තමන් සතු කරගෙන තිබෙනවා.

ඒ විතරක් නොවෙයි ඒ සඳහා නීතිවිරෝධී ආයතනයක් පිහිටුවලා තිබෙනවා. 2007 අංක 07 දරන සමාගම් පනතේ විධිවිධාන උල්ලංගනය කරමින් ‘බ්ලූ ඕෂන් ෆිෂරි පුද්ගලික සමාගම’ නමින් තමයි එම නීතිවිරෝධී ආයතනය පිහිටුවා තිබුණේ. එම ආයතනයට රුපියල් මිලියන 400ක් වටිනා ධීවර යාත‍්‍රා 08ක් රේගුවට බදු වංචා කරලා ගෙන්වලා තිබෙනවා. මේ ධීවර යාත‍්‍රා යොදාගෙන මේ රටේ ධීවර ජනතාවට වසර ගණනාවක් නෙළා ගැනීමට තිබූ රුපියල් බිලියන 02ක්, රුපියල් මිලියන 2000ක්, රුපියල් ලක්‍ෂ 20,000ක් වටිනා ධීවර සම්පත් රාජිත සේනාරත්න මහතා කොල්ලකාලා තිබෙනවා.

රාජිත සේනාරත්න මහතා මීට ඉහතදී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස සිටියදී සෞඛ්‍ය අමාත්‍යාංශය සමග අයථා ගනුදෙනුවක් කරලා ඊට අධිකරණයෙන් වරදකරු වෙලා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය පවා අහිමි වූ අයෙක්. ඒ වගේම ධීවර අමාත්‍ය බලය අයුතු ලෙස යොදා ගත් රාජිත සේනාරත්න මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස අපි ඊනියා යහපාලන ආණ්ඩුවේ අගමැති රනිල් වික‍්‍ර‍්‍රමසිංහ මහත්තයාගෙන් වගේම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයාගෙන් ඉල්ලනවා.

ඒ විතරක් නොවෙයි ඊනියා යහපාලන ආණ්ඩුවේ උත්තරීතර ජාතික විධායක සභාවේ සාමාජික, ජවිපෙ නායක අනුර කුමාර දිසානායකට අපි කියනවා, ‘හාල්මැස්සෝ අල්ලමින් බොරුවට කෑමොර දෙන්න එපාෟ අපි අරගෙන ආවා මිනී මෝරෙක්ව අල්ලස් කොමිසමට. මහත්වරුනි, මෙතැනින් පටන් ගන්න තමුන්නාන්සේලාගේ යහපාලනය පෙන්වන එක. ඒක තමුන්නාන්සේලාගේ ‘ගෙදරින්ම’ පටන්ගන්න කියලා’’

එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ ජාතික නිදහස පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු පාර්ලගිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා එසේ පැවසීය.

මේ අතර ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීමල් වීරවංශ මහතාද ප‍්‍රකාශයක් ලබාදීම සඳහා මාර්තු 09 වැනිදා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත යාමට නියමිතව තිබිණි.

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*