BREAKING NEWS

පළමුව ෆෙඩරල් ව්‍යවස්ථා සංශෝධනය වසා ඇති ‘ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය’ නමැති සුදු පිරුවටය ගලවා දැමිය යුතුයි

පළමුව ෆෙඩරල් ව්‍යවස්ථා සංශෝධනය වසා ඇති ‘ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය’ නමැති සුදු පිරුවටය ගලවා දැමිය යුතුයි
– ජානිපෙ නායක විමල් වීරවංශ

ව්‍යාජ සටන් වෙනුවට ෆෙඩරල් ව්‍යවස්ථාවට එරෙහි ඇත්ත සටනට මුළුමහත් ජාතියම කැඳවිය යුතු බවත් එය සිදු කිරීමට නම් පළමුව ෆෙඩරල් ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාදාමය වසා ඇති ‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය’ නමැති සුදු පිරුවටය ගලවා දැමිය යුතු බවත් තම පක්‍ෂය ඉන් ඉවත් වී සිදු කළේ එම කටයුත්ත බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ඊයේ(13* කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ‍්‍රවණාගාරයේදී පැවැති ‘ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාදාමයෙන් අප ඉවත් වූයේ ඇයි?’ යන ජනතා සම්මන්ත‍්‍රණයේ ප‍්‍රධාන දේශනය පවත්වමින් ඒ මහතා මෙසේ පෙන්වා දුනනේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය.

‘නව ව්‍යවස්ථාවක් ගෙන එන්න කිසිවකුටවත් ජනවරමක් ලැබී නැහැ’

‘‘මෙම සම්මන්ත‍්‍රණය පැවැත්වීමට අප කල්පනා කළේ පසුගිය දිනවල අප ගත් එක් දේශපාලන තීන්දුවක් ගැන රටත් ජනතාවත් පුළුල්ව දැනුම්වත් කිරීම සඳහායි. 2017 අගෝස්තු 18 වැනිදාට මේ ආණ්ඩුව බලයට පත් වෙලා වසර දෙකක් පිරෙනවා. ඒ ‘මූසල දෙවසර’ තුළ ඔවුන් නිරතව සිටියේ තමන් බලයට ගෙන ඒම සඳහා උදව් උපකාර කළ කල්ලි – කණ්ඩායම්වල උවමනා – එපාකම් ඉටු කරන ක‍්‍රියාදාමයකයි. ඒ ක‍්‍රියාදාමය නිරුපද්‍රිතව කර ගෙන යාමට පාර්ලිමේන්තුව තුළ 2/3ක බලයක් පවත්වාගෙන යාමත් මේ අයට අත්‍යවශ්‍ය වී තිබෙනවා.

2015 මහ මැතිවරණයට තරග වැදී එජාපයෙන් තේරී පත් වූයේ මන්ත‍්‍රීවරුන් 106 දෙනකු පමණයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මන්ත‍්‍රීවරු 95ක් තේරී පත් වුණා. කිසිදු පක්‍ෂයකට පාර්ලිමේන්තුවේ සරල බහුතරය වන 113 ඉක්මවීමට නොහැකි වුණා. එජාපය මහ මැතිවරණයට ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව සඳහන් වූවත් එයට බහුතර ජනවරමක් ලැබී නැහැ. බහුතර ජනවරමක් ලැබීමට නම් එජාපය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුර 113ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත යුතුව තිබෙනවා. 2015 ජනාධිපතිවරණය සඳහා මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ තිබෙන්නේ, ‘ජනමතවිචාරණයකට තුඩු නොදෙන ව්‍යවස්ථා සංශෝධනයක් ඇති කිරීමට මම පියවර ගනිමි’ කියලයි. ‘විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි නොකර තබා ගැනීමට’ ඒක තමයි එදා දමපු උප්පරවැට්ටිය. ‘විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම’ කියන්නේ ජනමතවිචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයක්නේ. නමුත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා එදා බලයට ඇවිත් තිබෙන්නේම එවැනි ව්‍යවස්ථා සංශෝධනයක් තමන් සිදු නොකරන බව කියලයි. කොහොම වුණත් 2015 ජනාධිපතිවරණයෙනුත් පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයකට ජනවරමක් ලැබී නැති බව ඉන් පැහැදිලි වෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනවරම ඉල්ලූවේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාවය ඇතුළු ශ‍්‍රී ලංකාවේ මූලික පදනම්වලට හානියක් නොවෙන ව්‍යවස්ථා සංශෝධනවලට පමණයි. ඒ අනුව පැහැදිලියි, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට ජනවරමක් ලැබී තිබෙනවා, යැයි කීවාට එවැනි ජනවරමක් කවර පාර්ශ්වයකටවත් ලැබී නොමැති බව. ‘නව ව්‍යවස්ථාවක් සඳහා ලැබී ඇති ජනවරමට පණ දිය යුතුයි’ කියා ඇතැමුන් කියන කතාව පට්ටපල් බොරුවක්.

‘ජවිපෙ වෙනස් වුණාට විමල්…’

නව ව්‍යවස්ථාවක් මේ අවස්ථාවේ රටට අවශ්‍ය නොවන බවට ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඒකාබද්ධ ප‍්‍රකාශනයක් නිකුත් කළ අවස්ථාවේ ජවිපෙ කටයුතු කළේ කොහොමද? ඔවුන්ගේ එක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු කීවා ‘උන්වහන්සේලාට එවැනි මතයක් දැරීමට අයිතියක් තිබෙනවා. නමුත් ආණ්ඩුව ලැබී ඇති ජනවරම අනුව නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතුයි’ කියා. එදා අපි හිටපු ජනතා විමුක්ති පෙරමුණ බෙදුම්වාදී දොලපිදේනි සියල්ල සහිතව එවකට ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ‘පැකේජය’ නමින් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට හදන කොට ඊට එරෙහිව කළ හැකි සියල්ල කළා. ඊට එරෙහිව ජනමතයක් හැදුවා. පාර්ලිමේන්තුව තුළ එය පැරදවීමට පෙරමුණ ගත්තා. එදා ජවිපෙ සටන් පාඨය වූයේ ‘බෙදුම්වාදී ව්‍යවස්ථාවක් ගෙන නොඑනුෟ’ යන්නයි. නමුත් අද ඔවුන්ගේ සටන් පාඨය වී ඇත්තේ ‘මහනාහිමිවරුන් කුමක් කීවද, බෙදුම්වාදී ව්‍යවස්ථාව වහා ගෙන එනුෟ’ යන්නයි. සිදු වී ඇති වෙනස එයයි. එදා විමල් වීරවංශ සහ අද විමල් වීරවංශ අතර දේශපාලන මතයේ වෙනසක් වී නැහැ. අපි එදා කීවෙත් අද කියන්නෙත් ‘බෙදුම්වාදී ව්‍යවස්ථාව හකුළා ගනුෟ’ කියලයි. නැති ජනවරමක් ලැබුණා කියා පෙන්වලා මේ අශුද්ධ ක‍්‍රියාදාමයට සුජාතභාවයක් ලබාදෙන්නයි මේ සියලූ දෙනා හදන්නේ.

‘‘අනතුර හීනියට සීතල කර දැමීම’’

ඒ වගේම ආණ්ඩුවට අවශ්‍ය නම් පුළුවන් ආණ්ඩු පක්‍ෂය විදිහට නව ව්‍යවස්ථාවක් ගෙන එන්න. එදා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එජාපය සමග සාකච්ඡුා කළාට ‘පැකේජය’ ආණ්ඩුවේ නව ව්‍යවස්ථා කෙටුම්පත ලෙසයි රැුගෙන ආවේ. නමුත් ඒ කෙටුම්පතට පාර්ලිමේන්තුවේදී ගිනි තියලා එජාපය විරුද්ධ වුණාම 2/3ක් නොමැතිව ගියා. අද මේ ආණ්ඩුව ‘නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම මුළු පාර්ලිමේන්තුවේම වැඩක් විදිහට පෙන්වන්නෙත් ඊට සුජාතභාවයක් ලබා දීමටයි. ඒ නිසා තමයි මහනායක හිමිවරුන් බැහැදැකීමට යන ආණ්ඩුවේ මැතිඇමතිවරුන් කියන්නේ ‘මේක හදන්නේ ආණ්ඩුවේ තනි මතයට නොවෙයි, පාර්ලිමේන්තුවේ සියලූ දෙනාම එකතු වෙලා. ඒ නිසා අනතුරක් වෙන්න විදිහක් නැහැනේ’ කියලා. මෙතැනදී කරන්නේ මේ අශුද්ධ ක‍්‍රියාදාමයේ තිබෙන අනතුර සහ බරපතළකම ‘හීනියට සීතල කර දැමීම’යි. මේ අශුද්ධ ක‍්‍රියාදාමයට සුජාතභාවය ලබා දීමටයි ආණ්ඩුව විසින් ‘මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත්කරනු ලැබේ’ කියන බෝඞ් ලෑල්ල එල්ලන්නේ. ඒ වගේම ‘පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් 225ම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ලෙස ක‍්‍රියාකරලා මේ නව ව්‍යවස්ථා කෙටුම්පත සකසා ඇත’ යන්න එම කෙටුම්පත අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්වන මොහොතකදී මතු කරන්නත් ආණ්ඩුවට හැකියාව ලැබෙනවා. මන්ත‍්‍රීවරු 225ම ඊට සහභාගි වුණා කීවාම ඉන් අදහස් වන්නේ එම ව්‍යවස්ථා කෙටුම්පතට ජනතා පරමාධිපත්‍ය හිමිව ඇති බවයි. ඒ අකාරයටත් මේ ක‍්‍රියාදාමයට සුජාතභාවයක් ලබා ගන්න හදනවා.

නාටකීය ජවනිකා අවසන් වන තෙක්…

දැන් පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කරලා සිදු කරන මේ අශුද්ධ ක‍්‍රියාදාමය බොහෝ ඉදිරියට ඇවිත් තිබෙනවා. අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මේ ෆෙඩරල් ව්‍යවස්ථාවට අදාළ අතුරු කෙටුම්පතක් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කරන තැනට මේ වැඬේ ඉදිරියට ඇවිත්. මේ ක‍්‍රියාදාමයට විරෝධය පළ කරමින් සහ ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ මතය හිස මුදුනින් පිළිගනිමින් ජානිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 05 දෙනා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් නිල වශයෙන් ඉවත් වූයේ පසුගිය 19 වැනිදායි. නමුත් මෙවැනි ජනතා සම්මන්ත‍්‍රණයක් පැවැත්වීමට අපට මදක් බලා ඉන්න සිදුවුණා. ඒ පසුගිය දිනවල දිගහැරුණු මේ ආණ්ඩුවේ නාටකීය ජවනිකා නිසයි. මහ බැංකු අයිති නැතිව සිටි මුදල් ඇමතිවරයා, මහ බැංකුව අයිති අගමැතිවරයා ‘හොර පූසා වගේ සිටියදී’ ඉල්ලා අස්වුණා. බැඳුම්කර හොරකම නිසයි රවි කරුණානායක මහතා ඉල්ලා අස්වී තිබෙන්නේ. දැන් ඕනෙ හොරකුට ඉල්ලා අස්වීමෙන් නීතියෙන් ගැලවෙන්න පුළුවන්. සක්විති රණසිංහ අපරාධ හිරේ ගියේ. එයාටත් ඉල්ලා අස්වෙන්න තිබුණා. (සභාවේ හිනා* මේ සියල්ල ජනතාව රවටන නාටකීය ජවනිකා. රවී කරුණානායකගේ ඇමති කාර්ය මණ්ඩලය තවමත් එහෙමමයි. නිල වාහන තවම තිබෙනවා. ඔහුට ඇමති වැටුප විතරයි අඩු. නමුත් ඒක නැති වුණාට එයාට දැනෙන්නේ නැහැ. මොකද මේ ඇලෝසියස් හැර තවත් ඇලෝසියස්ලා මේ ආණ්ඩුවට සිටින නිසා. කෙසේ නමුත් මේ නාටකීය ජවනිකා අවසන් අදියරට ඇවිත් තිබෙන නිසා අපට අද මේ රට හමුවේ තිබෙන කේන්ද්‍රීය අභියෝගය පිළිබඳව ඔබ සමග කතා කරන්න අවස්ථාව ලැබී තිබෙනවා.

‘ජනවාරි 08 භාර දුන්නු කොන්ත‍්‍රාත් දෙක’

මේ කරන්න යන්නේ කුමක්ද? දෙමළ ඩයස්පෝරාවේ, බටහිර බලවතුන්ගේ හා ඉන්දියාවේ මැදිහත්වීම සහිතව තමයි මේ ආණ්ඩුව බලයට පත් වූයේ. එනිසා ඒ බලවේග ඉදිරියේ මේ ආණ්ඩුව රූකඩයක් බවට පත් වී තිබෙනවා. දෙමළ ඩයස්පෝරාවේ සිහිනය සැබෑ වන දිසාවට අද මේ රට ගෙන යාමට මේ ආණ්ඩුවට සිදුව තිබෙනවා. දෙමළ ඩයස්පෝරාවේ සිහිනය තමයි උතුරු – නැෙ`ගනහිර පළාත් ඇතුළත් වන වෙනම රාජ්‍යයක් බිහි කර ගැනීම. එය, වේළුපිල්ලේ පිරබාහරන් අවි ආයුධ යොදා ගෙන සැබෑ කර ගන්න හදපු සිහිනයයි, දෙමළ බෙදුම්වාදී බලවේග තවමත් අත් නොහැර ඇති සිහිනයයි. ඒ සිහිනය සඵල කර දීම සඳහා මේ ආණ්ඩුවට කාර්යයන් දෙකක් පැවරුණා. එකක් තමයි, ‘පසුගිය යුද සමයේ ශ‍්‍රී ලංකාවේ යුද අපරාධ සිදු වී ඇත’ කියා ඔප්පු කර පෙන්වීම. ඒ බව කිසියම් අධිකරණ ක‍්‍රියාදාමයකින් සනාථ කර පෙන්විය යුතුව තිබෙනවා. දෙවන එක තමයි, පිළිගත් ස්වපාලන ඒකකයක් දෙමළ ජනතාව වෙනුවෙන් නිර්මාණය කර දීම. මේ කොන්ත‍්‍රාත් දෙක තමයි සිරිසේන – වික‍්‍රමසිංහ පාලනය 2015 ජනවාරි 08 වැනිදා භාර ගත්තේ.

මේ ආණ්ඩුව අද මේ කොන්ත‍්‍රාත් දෙකම සිදු කර ගෙන යනවා. මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කර ගෙන සිදු කරන්නේ ඉහත කී ස්වපාලන ඒකකය හදන වැඬේයි. රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා පසුගිය දිනවල ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවට නව ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර තිබුණා. මෙහෙයුම් කමිටුවේ කෙටුම්පත ලෙස ඉදිරිපත් කර තිබුණාට එය පිටතින් සාදාගත් එකක්. ඒ බව එම මෙහෙයුම් කමිටුව නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් වන දිනේෂ් ගුණවර්ධන සහ ප‍්‍රසන්න රණතුංග යන මහත්වරුන් ලිඛිතව පෙන්වා දී ඊට දැඩි විරෝධය පළ කර තිබුණා.

‘රනිල්ගේ ව්‍යවස්ථා කෙටුම්පතේ’
තිබෙන්නේ මොනවාද?

රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා පිටතින් සාදා ගෙනවිත් තිබූ ව්‍යවස්ථා කෙටුම්පතේ ඒකීයභාවයට විකල්ප කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. පළාත් සභාව සමන්විත වන්නේ කොහොමද, කියලත් එහි තිබෙනවා. ඒ අනුව සමගාමී ලැයිස්තුව අහෝසි කරනවා. ඒ බලතලවලින් වැඩි කොටසක් පළාත් සභාවලට දෙනවා. මධ්‍යම ආණ්ඩුව විසින් ඒ බලතල අත හරිනවා. පාර්ලිමේන්තුවට පමණක් නොවෙයි පළාත් ආණ්ඩුවලටත් නීති සෑදීමේ බලය හෙවත් ව්‍යවස්ථාදායක බලය ලබා දෙන බව එහි සඳහන් වෙනවා. දිසාපති, ප‍්‍රාදේශීය ලේකම්, ග‍්‍රාම සේවක ඇතුළු රාජ්‍ය නිලධාරීන්් පළාත් රාජ්‍ය සේවයට අනුයුක්ත කරලා රාජ්‍ය පරිපාලනය සම්පූර්ණයෙන්ම පළාත් ආණ්ඩුවලට ලබා දීමටත් එම කෙටුම්පතෙන් නිර්දේශ කර තිබෙනවා. ඒ විතරක් නොවෙයි, පොලිස් බලතල හා ඉඩම් බලතල ද පළාත් ආණ්ඩුව යටතට පත් කරනවා. ඒ වගේම මුදල් බලය, විදේශ රටවලින් ණය ආධාර ලබා ගැනීමේ බලය ද පළාත් සභාවලට ලබා දීමට සූදානම් වෙනවා.

එසේම පවතින ව්‍යවස්ථාව අනුව ජනතාවගේ පරමාධිපත්‍ය බලය ජනතාවගේ ඡුන්දයෙන් තේරී පත් වන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 225 දෙනාට සහ ජනාධිපතිවරයාට පමණක් පවරා දීමටයි හැකි වන්නේ. නමුත් මෙම කෙටුම්පතේ සඳහන් වෙනවා, ‘පළාත් සභාවලට ද පරමාධිපත්‍ය බලය හිමි කර දෙනවා’ කියා. ඒ අනුව පළාත් සභාව ද ජනතාව සතු පරමාධිපත්‍ය බලයෙන් උපදින විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ යන ත‍්‍රිවිධ බලයම හිමි තැනක් බවට පත් වෙනවා. එහෙම කරනවා නම් වෙනම රාජ්‍යයක් අවශ්‍ය වන්නේ නැහැනේ. මේ සියල්ල ලබා දීමට තමයි මේ මූලික කෙටුම්පතින් නිර්දේශ කර තිබෙන්නේ. සමහරු කියනවා, ‘තවම ව්‍යවස්ථා බබා ඉපදිලා නැහැනේ’ කියා. නමුත් අම්මාගේ සහ තාත්තාගේ හැටි බලපුවාම උපදින්න ඉන්න දරුවා ගැන කියන්න පුළුවන්නේ. රනිල් වික‍්‍රමසිංහ, ජයම්පති වික‍්‍රමරත්න වැනි ෆෙඩරල්වාදීන්, සම්බන්දන්ලා ඇතුළු පිරිස එකතුවෙලා හදන ව්‍යවස්ථාව ෆෙඩරල් ව්‍යවස්ථාවක් බවට අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ. කිසිම සැකයක් නැහැ, මුළු පාර්ලිමේන්තුවටම ‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය’ කියන බෝඞ් ලෑල්ල ගහ ගෙන මේ හදන්නේ උතුරු – නැෙ`ගනහිර පළාත් ඇතුළත් වන සේ දෙමළ ජනතාවට ස්වපාලනයක් ලබා දිය හැකි ව්‍යවස්ථාවක් හැදීමටයි.

ජාත්‍යන්තර නීතිය අනුව පවතින රාජ්‍යයකින් තවත් රාජ්‍යයක් හදා ගන්න නම් මූලික කාරණා 02ක් සම්පූර්ණ වෙන්න ඕනෙ. එකක් එම රාජ්‍යයේ කවර හෝ ජනකොටසකට එම රාජ්‍යයෙන්ම මානව අපරාධ සිදු වී තිබීම. ඒ කියන්නේ සමූහ මිනිස් ඝාතන, යුද අපරාධ වැනි ඒවා සිදුව තිබිය යුතුයි. දෙවන කාරණය තමයි එම ජනකොටස එම රාජ්‍යය නිශ්චිත භූමි ප‍්‍රදේශයක ස්වපාලනයක් පවත්වා ගෙන ගොස් තිබීම. ඒ ස්වයංපාලන ඒකකය තමයි අද මේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ මුවාවෙන් රනිල් වික‍්‍රමසිංහ හදා දෙන්න සූදානම් වෙන්නේ. දැන් පවතින තත්ත්වය අනුව කියන්න බැහැ, ‘උතුරු, නැෙ`ගනහිර පළාත්වල අපි සෑහෙන කාලයක් ස්වපාලනයක් පවත්වාගෙන ගියා’ කියා කියන්න. ඒ නිසයි දෙමළ ඩයස්පෝරාව එවැනි තත්ත්වයක් හදා ගැනීමේ උවමනාවෙන් මේ රූකඩ පාලනයට බලයට ඒමට අවශ්‍ය සහයෝගය ලබා දුන්නේ. එදා යුද්ධය අවසන් මොහොතේ කොටි නායකයන් බේරා ගැනීමට තැත් කරපු, කවදත් ජාතිවාදී, බෙදුම්වාදී, දෙමළ ඩයස්පෝරාව අගය කරපු ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ‍්‍රී ලංකා තානාපති කියනවා ‘ශ‍්‍රී ලංකාවේ නව ව්‍යවස්ථා ක‍්‍රියාදාමයක් දියත් වීම සතුටට කරුණක්’ කියලා. මේ අයගේ සතුට කියන්නේ අපේ අසතුට. ඒ අනුවත් පෙනී යන්නේ නව ව්‍යවස්ථා ක‍්‍රියාදාමය බෙදුම්වාදයට සහ ඊට උඩගෙඩි දෙන පිරිසට සතුට ගෙන දෙන ඔවුන්ගේ උවමනාවන්ට අනුව සැකසෙන එකක් බවයි.

‘ඡුන්ද කල් දැමීම‘

දෙමළ ජාතිවාදී බෙදුම්වාදයට අවශ්‍ය ස්වපාලනයක් ලබා දීමට ගෙන එන මේ ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාදාමය 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ ඉඩකඩක් තිබුණා. නමුත් දැන් අගමැති රනිල් වික‍්‍රමසිංහ 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස පළාත් සභා ඡුන්දය කල් දැමීමේ ප‍්‍රතිපාදන රැුගත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කර තිබෙනවා. එහෙම වුණොත් මෙම ෆෙඩරල් ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත 21 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස ඉදිරිපත් කිරීමට පුළුවන්.

වසර දෙකක පමණ කාලයක් තිස්සේ පළාත් පාලන මැතිවරණය කල් දැමීමෙන් මේ ආණ්ඩුව මේ රටම අද ඉස්පිරිතාලයක් බවට පත් කොට තිබෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ‘තවුසන්ඞ් ටෝක්’ දීපු මේ උදවිය අද ඡුන්ද කල් දමන්න පොටක් හොයන එකයි කරන්නේ. රණවිරුවන් දංගෙඩියට යවන පනත් ගෙන එන ගමන්, ෆෙඩරල් ව්‍යවස්ථා හදන ගමන් මේ ආණ්ඩුව දැන් ‘ළුෑණු බිකක්’ තරමේ හොරකමුත් සිදු කරමින් සිටිනවා.(සභාවේ සිනා*

‘ස්වාධීන කොමිෂන් සභාවල කලිසම් ගැලවිලා’

අද මැතිවරණ, පොලිස්, රාජ්‍ය සේවා ඇතුළු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමේ මුවාවෙන් මේ යහපාලන ආණ්ඩුව සාමාජිකයන් පත් කළ ස්වාධීන කොමිෂන් සභාවල කලිසම් ගැලවිලා ඉවරයි. ස්වාධීන මැතිවරණ කොමිසම තිබුණාට මැතිවරණ නැහැ. ස්වාධීන පොලිස් කොමිසම තිබුණාට පොලිස් ලොක්කො නීතිය හොඳ හැටි නමනවා. බලන්න යාපනයේ විද්‍යා දැරිය ඝාතනයට අද පොලීසියේ නියෝජ්‍ය පොලිස්පතිවරයකුත් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. නමුත් එම ඝාතන සිදුවීමේ ප‍්‍රධාන සැකකරු පොලීසිය භාරයට ගැනීමට ඉඩ නොදී ඔහු බේරාගෙන ගිය බවට වීඩියෝ පටවල සාක්‍ෂි සටහන්ව ඇති එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී විජයකලා මහේෂ්වරන් තවමත් නිදැල්ලේ සිටිනවා. එයාට හොඳට නීතිය නැමෙනවා. ස්වාධීන රාජ්‍ය සේවා කොමිෂන් සභාවක් තිබුණාට මේ ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගෙන් ඉතිහාසයේ නොවූ විරූ අන්දමින් දේශපාලන වශයෙන් පලිගනිමින් සිටිනවා.

‘නීතිය නමපු තැන් අපේ කළු පොතේ ලියැවෙනවා’
‘මතට තිත තබනවා’ යැයි කියපු ආණ්ඩුවක් යටතේ විෂ මත්ද්‍රව්‍ය ඉතා වේගයෙන් රට තුළ පැතිරෙමින් යනවා. හෙරොයින්, කොකේන්, හෂීස් වැනි විෂ මත්ද්‍රව්‍ය තොග පිටින් අල්ලනවා. ඒ අල්ලපු මත්ද්‍රව්‍යවලට සිදු වූ දෙයක් නැතිලූ. ඒ ගැන හොයන්නත් ඇමති අනු කමිටුවක් දාලා. මේ සියල්ලටම ඉහළ පෙළේ දේශපාලන බලපෑම් හේතු වී තිබෙනවා. පූජිත ජයසුන්දර පොලිස්පතිවරයාගේ සහ මුදල් හා ජන ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතාගේ සවිස්තර දුරකථන වාර්තා පරීක්‍ෂා කළොත් පෙනේවි අදාළ ඇමතිවරයා තම මහජන සම්බන්ධතා නිලධාරියාව කුඩු ජාවාරම් චෝදනාවලින් ‘ෂේප්’ කරගත්ත විදිහ. අපි මේ නීතිය නමන අයට කියන කැමතියි, ‘තමන් නීතිය නමපු තැන් අපි අපේ කළු පොතේ ලියනවා. අනාගතයේදී හැදෙන ආණ්ඩුවකින් එසේ නීතිය නමපු සියලූ දෙනාට එරෙහිව පියවර ගන්නවා’ කියලා.

මේ රටේ ඓතිහාසික සම්ප‍්‍රදාය අනුව අපට ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ මතයට පටහැනිව යෑමට බැහැ. මේ රටේ මහා සංඝරත්නය හිටියේ සැමදා රජුට සහ ජනතාවට ඉහළින්. ‘මේ මොහොතේ නව ව්‍යවස්ථාවක් රටට උවමනා නැහැ’ කියා ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඒකාබද්ධ ප‍්‍රකාශයක් නිකුත් කළේ මේ සිදුවන ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාදාමයේ අනතුර සහ බරපතළකම හොඳින් වටහා ගෙනයි. එවැනි බරපතළ අනතුරකට රට ඇද නොදමන ලෙසයි උන් වහන්සේලා මේ ආණ්ඩුවට අනුශාසනා කළේ. උන්වහන්සේලාගේ අනුශාසනාව හිස මුදුනින් පිළිගනිමින් මේ ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාදාමය සමග ඉඳීමෙන් ලැබෙන වාසියට වඩා අවාසිය ඉතා වැඩි බව හොඳින් වටහා ගනිමින් අපි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාදාමයෙන් ඉවත් වූවා.

පාර්ලිමේන්තුව තුළ සම්මත කරගත් යෝජනා සම්මතය අනුුව ‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය’ පාර්ලිමේන්තු නියෝජනය කරනු ලබන මන්ත‍්‍රීවරුන් 225 දෙනාගෙන්ම සමන්විත විය යුතුයි. අප ඉවත් වීමත් සමග ඒ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ වලංගුභාවය අභියෝගයට ලක්වෙනවා. නමුත් මේ කාටත් පිළිගත හැකි සත්‍යය කථානායකවරයා පිළිගත්තේ නැහැ. ඔහුට ලැබී ඇති නීති උපදෙස් අනුව ජානිපෙ මන්ත‍්‍රීවරු 05 දෙනා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත්වීම එහි නීත්‍යනුකූලභාවයට කිසිදු ලෙසකින් බලපෑමක් කරන්නේ නැතිලූ. මේ වගේ කථානායකවරයකු අපේ අම්මා – මුත්තා කාලයේවත් ඉඳලා නැහැ. ඔහු හැසිරෙන්නේ අගමැතිවරයාට අවශ්‍ය ආකාරයටයි.

මේ ආණ්ඩුව ස්වාධීනකම ගැන කියාපු වැල් බයිලා දැන් නැවතිලා. අද අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂට ආණ්ඩුවේ එජාප මැති ඇමතිවරු බනිනවා, ‘නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරලා රාජපක්‍ෂලා ටික හිරේ දැම්මේ නැත්තේ ඇයි?’ කියලා. අපි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත්ව අපේ යුතුකම ඉටුකොට තිබෙනවා. එය ප‍්‍රමාණවත් නැහැ. මේක රටම එක මිටකට එකතුවී මේ ෆෙඩරල් ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව බලවත් විරෝධයක් ගොඩනැ`ගිය යුතු මොහොතක්. එහෙම වුවහොත් පමණයි හෙට දවසේ අපේ ඓතිහාසික සභ්‍යත්වයේ මුදුන්මුල් රැුකගත හැක්කේ. මේ ආණ්ඩුව සහ එය බලයට ගෙන ආ අශුද්ධ බලවේග හදන්නේ ලාංකේය ජාතිය එහි ගමන් මෙ`ග් අවසානය වෙත ඇද දමන්නයි. අද මේ රට හමුවට එන කේන්ද්‍රීය අභියෝගය තමයි මේ ෆෙඩරල් ව්‍යවස්ථාව හරහා එන්නේ. ඒ නිසා ව්‍යාජ සටන් වෙනුවට ෆෙඩරල් ව්‍යවස්ථාවට එරෙහි ඇත්ත සටනට මුළුමහත් ජාතියම කැඳවිය යුතුයි. ඒක කරන්න නම් මේ ෆෙඩරල් ව්‍යවස්ථා සංශෝධන කි‍්‍රයාදාමය වසා තිබෙන ‘ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය’ කියන පිරුවටය ගලවලා දමන්න ඕනේ. අපි කළේ ඒ දෙයයි. ‘රටට ආදරය කරන සෙසු දේශපාලන පක්‍ෂ ද එසේ කරත්වා‘ කියා ප‍්‍රාර්ථනා කරනවා’’

මෙම ජනතා සම්මන්ත‍්‍රණයේ පිළිගැනීමේ කතාව ජානිපෙ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදයශාන්ත ගුණසේකර මහතා විසින් සිදු කරන ලදි.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2017-08-14

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    Excellent speech.

    Successful people build each other up. They motivate, inspire, and push each other.

    I wish you all the very best.

  2. Champa Reply

    “….ඒක කරන්න නම් මේ ෆෙඩරල් ව්‍යවස්ථා සංශෝධන කි‍්‍රයාදාමය වසා තිබෙන ‘ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය’ කියන පිරුවටය ගලවලා දමන්න ඕනේ. අපි කළේ ඒ දෙයයි. ‘රටට ආදරය කරන සෙසු දේශපාලන පක්‍ෂ ද එසේ කරත්වා‘ කියා ප‍්‍රාර්ථනා කරනවා….”

    අනේ ඔයාගෙ ප්‍රාර්ථනාව. ඒකාබද්ධ විපක්ෂයට කොන්ද පන තිබ්බ නම් විපක්ෂ නායක කම ගන්න තිබ්බ. මම ඒ දවස්වල විමල්ටත් කිව්වා අනිත් අයට පන නැත්නම් ඔයාට ඉල්ලන්න කියල. කොන්ද පන තියෙන මිනිස්සුයි කොන්ද පන නැති මිනිස්සුයි එකට යන්නේ නැහැ විමල්.

Leave a Reply

*