BREAKING NEWS

පළාත් පාලන මැතිවරණයට පෙර ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් 10 දෙනෙකු හිරේ දැෙමීම් සූදානමක්

පළාත් පාලන මැතිවරණයට පෙර ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් 10 දෙනෙකු හිරේ දැෙමීම් සූදානමක්

– විමල්ගෙන් සුවිශේෂී අනාවරණයක්

නව අධිකරණ ඇමතිවරිය හරහා නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කොට චෝදනා වරගන්වා ඉදිරිපත්කොට ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් 10 දෙනෙකු පමණ සිරගත කිරීමේ සැලැස්මක් ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඊයේ(27) කෑගල්ල තැපැල් ශ‍්‍රවණාගාරයේදී පැවැති ‘සල්ලාල ආණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව’ මහජන සම්මන්ත‍්‍රණ මාලාවේ නවවැන්නෙහි ප‍්‍රධාන දේශනය සිදු කරමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

2015 ජනවාරි 08 බල පෙරළියෙන් පස්සේ සතියේ ඉරිදා ලංකාදීප පුවත්පතෙහි මා ලබා දුන් සම්මුඛ සාකච්ඡුාවක් පළව තිබුණා. එහි ශීර්ෂ පාඨය වූයේ ‘පැරදුණේ මහින්ද නොවෙයි රටයි’ යන්නයි. බල පෙරළිය සිදු වූ අවස්ථාවේ ඇතැමුන්ට එය තේරුම් ගියේ නැහැ. එහෙත් අද මා කියූ ඒ දෙය මුළු රටටම හොඳින් තේරුම් ගොස් තිබෙනවා.

ආර්ථික ඔස්තාර් කෙනෙක් හැටියට පෙනී හිටපු රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා දැන් රාජපක්‍ෂ ආණ්ඩුවේ ණය බර ගැන කියමින් රට වටේ යනවා. රාජපක්‍ෂ පාලනය යටතේ සියලූ සමාජ-ආර්ථික දර්ශකයන් වසරින් වසර ඉහළ ගියා. මේ මූසල දෙවසර තුළ ඒ තත්වය කණපිට හරවා තිබෙනවා. දැන් බලන්න, ලෝකයේ ණය බර වැඩිම රට කුමක්ද? කියලා. ඇමෙරිකා එක්සත් ජනපදයයි. ඒත් වික‍්‍රමසිංහ මහත්තයෝ බලන්න, ඔයා වගේ ඇමෙරිකාවේ දැන් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් හිටපු ජනාධිපති බැරක් ඔබාමාට ‘ණය බර’ ගැන කියමින් දොස් තබමින් රට වටේ යනවාද, කියලා.

බැඳුම්කර හොරකමින් ඔළුව උස්සපු එජාප මැතිඇමතිවරු අද එතැනින් නතර වෙලා නැහැ. පාන්පිටි, කිරිපිටි ආදිය ගෙන්වන බහුජාතික සමාගම්වලට මේ අය වාර්ෂිකව ඩොලර් බිලියන 300ක් බදු සහන දෙනවා. බදු සහන දුන්නා කියලා පාන්පිටි, කිරිපිටි හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදනවල මිල අඩු වී නැහැ. නමුත් මේ බදු සහන දීමෙන් ඇතැම් ඇමතිවරු කෝටි ගණනින් කොමිස් ගහනවා. ඒ විතරක් නොවෙයි ජාතික සම්පත්, රාජ්‍ය ව්‍යවසායන් විකිණීමත් දැන් මේ ආණ්ඩුව අරඹලා තිබෙනවා, මේ විකිණිීමෙනුත් මේ අය අද හොඳට ගරනවා.

රනිල් හාමුගෙන්් සහ මලික් සහෝදරයාගෙන් අවසර අරගෙන අද රතු අලි පැටියා මේ ආණ්ඩුවට මාත‍්‍රා ගණනට ප‍්‍රහාරයක් එල්ල කරනවා. හංසයාට කතිරය ගහන්න කියලා මේ බල පෙරළියට පාර කපලා රටම වළපල්ලට ඇද ගෙන යන්න දායක වුණු තමන්ට තවදුරටත් ජනතාව රවටන්න බැහැ කියලා ඒ අය දන්නවා. ඒකයි රතු අලිපැටියා දැන් දිව දෙකේ කතා කියන්නේ. මීට වසර දෙකහමාරකට පෙර ‘හම්බන්තොට වරාය කියන්නේ, ‘රාජපක්‍ෂ පුත්තුන්ට නාන්න හදපු ස්වීමිං පූල් එකක්’ කියලා කියපු රතු අලිපැටියා අද ඒ කටින්ම කියනවා, ‘හම්බන්තොට වරාය කියන්නේ මිල කළ නොහැකි ජාතික සම්පතක්’ කියලා. අද කෑගල්ලට ඇවිල්ලත් මේ විදියට ජනතාව රවටන්න හදාවි. මේ අයට ඉදිරි මැතිවරණවලදී ජනතාව නිසි පිළිතුරු දේවි.

දැන් නිය`ගයට මාස 10කට වැඩියි. ජනාධිපති සහ කෘෂිකර්ම ඇමති දෙන්නම ‘රජරට පුත්තු’. ඒත් අද වන තෙක් නිය`ගයෙන් විපතට පත් වූවන්ට කිසිදු සහනයක් ලබා දී නැහැ. අද මේ රටේ ජනතාව අසරණ වෙලා එවැනි උත්තර නැති ප‍්‍රශ්නවැලක ගිලිලා ඉන්නේ. එහෙම ඉන්න අයට ‘සරුංගලයකුත් ඇති මිනී මරා ගන්න.

උතුරේ නීතිවිරෝධී වැලි ජාවාරම්කරුවන්ට වෙඩි තැබීමේ චෝදනාවට පොලිස් නිලධාරී මහතකු හිරේ යවා තිබෙනවා. ‘නීතිය ක‍්‍රියාත්මක කරලා හිරේ යනවාද? මැරයන්ගේ පිහි පාර කාලා ඉස්පිරිතාලේ යනවාද?’ කියන දෙකෙන් එකක් තෝරා ගැනීමට අද උතුරේ ආරක්‍ෂක අංශ නිලධාරීන්ට සිදු තිබෙනවා. එක පැත්තකින් ඒ විදියට ජාතික ආරක්‍ෂාව බිල්ලට දෙන ගමන් අනෙක් පැත්තෙන් රජයේ රූපවාහිනී නාලිකාවලින් සමලිංගික චිත‍්‍රපට පෙන්වනවා, සමලිංගික සේවනය ප‍්‍රවර්ධනය කරනවා. පුද්ගලයන්ගේ අසම්මත චර්යාවන් පසුපස යාමට අපට අවශ්‍ය නැහැ. නමුත් අද මේ සිදුවන්නේ අසම්මතය බලහත්කාරයෙන් සම්මතය බවට පත් කිරීමයි. ඒකට ඉඩ දී නිහඩව සිටීමට අපි සූදානම් නැහැ.

‘කතරගම දෙවියො අත්තටම වැඩකාරයෙක් ද?’ කියා පෙන්වීමට දැන් උන්වහන්සේට වෙලාව ඇවිත් තිබෙනවා. කතරගම දේවාලයේ බස්නායක නිලමේ තනතුරු දරන ජනාධිපති සිරිසේන මහතාගේ ඥාති සොහොයුරෙකු වන ඞී. පී. කුමාරගේ මහතා පසුගිය දිනයක කතරගම දේවාලයේ යතුර කපු මහතුන්ගෙන් පැහැර ගෙන ගිය නිසා කතරගම දෙවියන්ට උදෑසන පූජාව අහිමි වුණා. මේ ක‍්‍රියාවට එරෙහිව පියවර ගන්න දැන් කතරගම දෙයවින්ට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ දෙස අපි බලා සිටිනවා.

ඒකාබද්ධ විපක්‍ෂය විසින් අල්ලස් හා දූෂණ චෝදනා එල්ල කරපු ‘ටෝප් 10’ අතර සිටින ‘තලතා දේවියටයි’ දැන් අධිකරණ ඇමති ධුරය ලැබී ඇත්තේ. ඒ නිසා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් ඇයට විරුද්ධව නඩු පැවරීමක්් සිදු නොවේවි. ඊට නීතිපති උපදෙස් නොලැබේවි. ඇය එස ඇමති ධුරයට පත් කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කර ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ නඩු යටපත් කිරීමටත්, ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ට චෝදනා වරගන්වා ඉදිරිපත්කර නීතිපති දෙපාර්තමේන්තුව ලවා ඔවුන්ට නඩු පැවරීමටත්. මේ ආකාරයට පළාත් පාලන මැතිවරණයට පෙර ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් 10 දෙනෙකු සිරගත කිරීමට නව අධිකරණ ඇමතිවරිය භාරගෙන තිබෙන බව අපිට දැන ගැනීමට ලැබී තිබෙනවා.

මේ සියල්ලට දිය හැකි හොඳම පිළිතුර එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පිල ඉහළින්ම ඔසවා තැබීමයි. භාණ්ඩ කිහිපයකට බදු සහන දීලා ඉදිරි අය – වැයේදී ජනතාවගේ ඔළුව අත ගෑමට මේ ආණ්ඩුව කටයුතු කරාවි. නමුත් ඔළුවේ අං මෝදු වී ඇති අතලොස්සක් හැර බහුතර ජනතාව ඊට නොරැුවටෙන බව අපට විශ්වාසයි.’’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2017-08-28

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    රාජපක්ෂලගේ පරණ ආර්ථික වාර්තා, මඟ නැවතුනු ආර්ථික සංවර්ධනය වගේ දේවල් ගැන දැන් කතා කරන්නේ ඔයා විතරයි. නිකම් පොඩි පාළුවක් තනිකමක් එහෙම දැනෙනවද?

    මගේ පාට ඇර අනිත් පාටවල් ඔක්කොම අඳිනවා. අනේ මට මොකොද? ඔය මොකක් හරි එකකට තරහා වෙලාද ඉන්නේ? කෝ අනේ අර පොල් මුද්ද? මං ඒක දැක්කෙත් නැහැ හරියට. ඒකෙ අර තුබුණු ගල මොකක්ද? නිල් මැණිකක්ද? පාර්ලිමේන්තුවේ තිරුවානා අතර ඉන්න නිල් මැණිකට වෙන මැණික් මොකොටද?

    නිල් මැණිකට මිලක් දෙන්න
    තිරුවානා අතර ඉන්න
    ලක්මෑණිට සම කරන්න
    ඔබ හා සම නමක් දෙන්න

    මේක මගෙ පරණ කවියක්. බලන්න දැන් මට කවි ලියන්න තැනකුත් නැහැ. ඉස්සර සමහර කවි ලිව්වේ comments ලියන ගමන්ම එක හුස්මට ඔක්කොම වචන එක දිගට ගලාගෙන ආවා. කවි ලියනවා තියා දැන් මට විහිළුවක් කරන්නවත් ග්‍රහයෙක් නැහැ. රණ්ඩු කෙක්ක වෙනදා වගේ රණ්ඩු වෙන්නෙ නැතිකොටත් පාලුයි.

  2. Champa Reply

    මේකෙත් ඉන්නවා නේද අරකෙ වගේම ගංකබරයෙක්. බලන්න හරියටම බලල අර ඇස් දෙක දාල තියෙනවා. රාවණාගෙ වගේ ඇස් දෙක. ෂිකේ කාලෙකින් මට කිසි කතාවක් කියන්න බැරි වුනානෙ අවතාරෙට. මගේ නිර්මාණ වලට කිසි අගය කිරීමක් නැහැනෙ. ඒ හින්ද අළුත් දෙයක් නැතිවුනා කියන්න.

    දැනුයි මතක් වුනේ, හලෝ පංචායුධ කුමාරයා, ඇත්තද ඔයා 2020 දී මල් පාත්තියක කැළෑ මලක් වෙනව කියන්නේ? ඔන්න අපි දන්නෑ ඓතිහාසික භූමිකාව අමතක කරලා එහෙම කළොත් නම් ඔයා රාවණාගෙනුයි එයාගෙ නැන්දම්මා කුවේණිගෙනුයි දෙන්නගෙන්ම ගුටි කනවා. හොඳ වැඩේ මුරණ්ඩු කෙක්කට. එතකොට ඔන්න වර වර කියාගෙන මාව නම් හොයාගෙන එන්න එපා හොඳද.

  3. Champa Reply

    I think the “Sarath Fonseka drama” is preplanned to distract masses. When is the new Inland Revenue Act debate? Please pay attention as JO seem to have distracted by SF saga.

    Wimal, e-ID is not good. I think Ranil/UNP is fasttrack on manipulating 2020 elections. I feel that they will tell people that they are going to introduce a e-Voting System. With all the information garnered through e-ID, they can manupulate election results. E-ID is total breach of people’s privacy. I hope people pay more attention to what is going around them. People should reject both.

  4. Champa Reply

    කලාමැදිරි එළියක් පත්තු කරලා තියෙනවා දැක්කා.

    අවුරුදු දෙකහමාරක් ෆෙඩරල් ව්‍යවස්ථාවට පක්ෂ වෙලා ඒක ඇතුලේ හිටපු මිනිස්සු එකපාරට අවදි වෙලා.

    ගිය අවුරුදු දෙක පුරාම කලේ රනිල්ව බේරගත්ත එක. Bond scam කතාව මුලින්ම අපු වෙලාවේ වෙන දේවල් කතා කළා, රනිල්ට ඉල්ලා අස්වෙන්න බල කරන්නේ නතුව. President Commission එකක් දැම්මෙ නැත්නම් ඒකත් යට යනවා.

    දැන් ඔය වගේ එලි කීයක් පත්තු කලාද? විමල් පෙබරවාරි 18 පටන් ගත්තු සටනේ බැටන් එක godfather විමල්ගෙ අතින් අරන් බැසිල්ට දුන්නේ රනිල්ගෙ ආණ්ඩුව බේරන්න. ඊට පස්සේ කිව්වා මොකක්ද නව බලවේගයක් පටන් ගන්නවා කියල. නමකුත් දුන්න මට මතක නැහැ. රත්නපුරේ පලවෙනි ඒ වගේ රැස්වීම තිබ්බ. දිනේ 8 වගේ මතක. එහෙම ගිහින් ගිහින් පෙරළියක ඇරඹුම කියලා පස්සේ වෙන එකක් පටන් ගත්ත. පක්ෂ භේදයක් නැතුව විමල් එකතු කරපු මිනිස්සු ටික තනියම ඒගොල්ලන්ගෙ කර ගන්න. ඒකට ඇත්තටම මොකොද වුනේ විමල්? පෙරලිය ආගිය අතක් නැහැ. කලාමැදිරි එලි පොඩි හුළඟටත් නොපෙනී යනවා.

  5. Champa Reply

    රටේ ඒකීය භාවය රැකුණේ 2009 යුද්ධෙ දිනපු නිසා නෙමෙයි ඊට හුඟක් කලින් රනිල් ගනාපු සටන් විරාම ගිවිසුම විමල්ල ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් දාල පරද්දපු නිසා. ඊට පස්සේ එකතු කරලා තිබුණු උතුරු නැගෙනහිර වෙන් කරපු නිසා. ඒ කාලේ මහින්දලා ගෝඨාභයල බැසිල්ල පලාතක හිට්යේ නැහැ. එහෙම නොකරන්න යුද්ධයක් කරන්න 2009 වෙනකොට රටක් ඉතුරු වෙලා තියෙන්නේ නැහැ. ඒකීය රට රැකුණේ මුලින් දාපු ශක්තිමත් අඩිතාලම නිසා මිසක් අග කොටසේ කරපු ටිකෙන් නෙමෙයි. ඒ ගොල්ලෝ හිතන්නේ ඉතිහාසය පටන් ගත්තේ 2009 කියලා. 2007 විමල් ඒ ආණ්ඩුව බේරාගත්තේ නැත්නම් රාජපක්ෂලා කොහෙද කියලා නැහැ. විමල් එක්ක එදා රට රැක ගන්න එකතු වෙච්ච මිනිස්සු තවත් ඉන්නවා..අනිත් මිනිස්සු කරපුවා යට ගහලා තමන් කරපුවා ටික උලුප්පන්න හදන හැටි දැකලා හිනා ගියා

    ඔය වගේ තවත් මොකක් හරි තිබ්බ නේද වියත් මග කියලා. ඒකට වුනෙත් පෙරළියට වුනු දේමද දන්නේ නැහැ නේද?

  6. Champa Reply

    First time I saw blue colour in your poster. Got the message. You are going along with godfather in 2020, right? Where is your backbone? When you went against powerful Ranil Wickremasinghe and filed a case in the supreme courts to protect the unitary Sri Lanka you had a backbone. When you went to courts to de-amalgamate North and East you had a backbone. Even in 2014 you had the backbone to present 12 conditions against your powerful godfather when nobody else had the backbone to say a word against him. In 2015 February 18 you had the backbone to rise against this government when they were most powerful and remain so even today without compromising your principles.

    Never mind. Protect the corrupt terror regime and bring them back to power because without you they are nobody. I, on the other hand be on the opposite side with the masses who fight for a corruption and intimidation free political system. Who will win? I don’t set my heart on anything easily. But if I do, I never lose. When I am ready to go for my goal I don’t mind writing my last will. I never regard you as an enemy even though I am against the system you support. We will remain as good friends. Love you very much.

    • Champa Reply

      They even suppressed me from writing in support you when you were in jail. I didn’t have any way to get my pain out and I had to severely suffer, I almost had a brain coma. If they can do that even without power what will they do when they get the power again? Unthinkable. The day your bail was rejected by the high courts, my last hope, I had unbearable pain, I didn’t sleep that night but sat on a high chair for fear that if I fall asleep I would never wake up as the pain I felt was so unendurable. Do you think I will ever let them come back if I can stop them?

    • Champa Reply

      Sorry Wimal. I think my words are little too harsh for you about the side you support mentioned in my first comment here. Sorry ok. Love you. Did you get angry? Please, don’t wear black now that I apologized. Love you.

  7. Champa Reply

    I am glad at least there were 41 votes against the New Inland Revenue Act. That speaks volumes.

    This government makes money only robbing people and businesses and selling national assets. Why should people pay for their unproductivity and inefficiency? They should find other ways to generate money for the government.

    Things are getting worse for people Wimal. Remember I said we should demand a mid-term election. We could have if Rajapaksa clan didn’t do the daytime Miguel nighttime Daniel politics. I told you to hold a separate May Day rally when you came out of prison. Even in 2015, I told you to present an alternative to MR. If you had done one of them, today you could have got the support of those who came for Paada Yatra irrespective of party politics. The number in the parliament doesn’t matter. What matters is the opinion of the people outside the parliament. They will be vulnerable in 2020 too if not directed.

    • Champa Reply

      Excuse me, which one is correct 41 against or 25 against the Bill. There are contradictory reports.

      See, Rajapaksa clan made a monumental blunder by suppressing me from expressing my own opinions. If I was allowed to keep on writing to LCN, you and I could have turned the table upside down. Everything happens for a reason. So, I have no worries. I never change my style or principles to please anybody. And I support executive presidency too, the value of which I am sure people have realized by now.

  8. Champa Reply

    මේ ආණ්ඩුවට මොක් වෙලාද? වරාය විකුණලා අලුත් බදු ගහල මදිවෙලා අලිත් විකුණලා වල් ඌරන්වත් මරන්න යනව. මුන්ට නම් අමු කැවිලා දෙයියනේ.

    වල් ඌරො මරන්න කියලා දැන් සංචාරකයන්ට සෆාරි දායිද දන්නේ නැහැ අභය භූමි වල රෑට. අනේද කියන්නේ. සත්තු මරණ එක නීතිගත කරන්න කියලා මොන හිතකින්ද කියන්නේ. මම හිතන්නේ අර abortion legalize කරන්න හදන එක සෑහෙන්න හිතට වදින්න ඇති නේද? අනේ විමල් මේ යක්කු අලි වැඩියි කියල අලින්ටත් abortion කරයිද දන්නේ නැහැ. මේ වගේ අරුම පුදුම සත්තු ඉන්න ආණ්ඩුවක් නම් ලෝකේ කොහෙවත් නැතුව ඇති. මම හිතන්නේ මේ යක්කුන්ට මොකක් හරි අස්වාභාවික මොලේ අමාරුවක් තියෙනවා.

  9. Champa Reply

    හලෝ ප්‍රියතම මන්ත්‍රීතුමා, ඔන්න මීට පස්සේ එහෙම කියන්න එපා “ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් 10 දෙනෙකු හිරේ දැෙමීම් සූදානමක් – විමල්ගෙන් සුවිශේෂී අනාවරණයක්” කියලා එහෙම, මොකොද මිනිස්සු හිනා වෙයි, හූ කියන්නත් ඉඩ තියෙනවා ඔන්න අපි දන්නේ නැහැ.

    මීට පස්සේ කියන්න ඕනේ “ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් 10 දෙනෙකු රෝහල් ගත කිරීමේ සැලසුමක් – විමල්ගෙන් සුවිශේෂී අනාවරණයක්” කියලා හොඳද.

  10. Champa Reply

    විමල් දැන් කතා කරලත් වැඩක් නැහැ, හැබැයි ඔයා press briefing එකක් තිබ්බද New Inland Revenue Act එක ගැන? ඉස්සර ඔයානෙ ඔය වගේ දේවල් study කරලා ඇවිල්ල මිනිස්සුන්ට කියල දෙන්නේ? ඔයා මේ පාර එහෙම කලාද? මට ඒ කතාව miss වුනාද? මුළු බදු පනතම දඩ ගුහාවක්. පොඩි ව්‍යාපාර කරන මිනිස්සු දන්නවද දන්නේ නැහැ tax file කලේ නැත්නම් රුපියල් මිලියනයක් දඩ ගහනවා කියලා. ඒ කියන්නේ රුපියල් 15,000ක් ගෙවන එක මඟ අරුනොත් ලක්ෂ 10ක් ගෙවන්න වෙනවා. මුලින් තිබුණු විදියට. මේවා වෙනස් කරන්න කවුරු හරි යෝජනා කලාද? තනිකරම මිනිස්සු හූරගෙන කන්න මේ පනත හදලා තියෙන්නේ. බදු ගෙවන්නත් ඕනේ, ඒකත් ගන්නවා, ඊට අමතරව තව දඩ ගහලත් හම්බ කරගන්නවා. හුඟක් මිනිස්සු දහිරියෙන් තනි තනිව පොඩි පොඩි ව්‍යාපාර කරනවා. මහන්සි වෙලා හම්බ කරනවා. ඒ සල්ලි හූරගෙන කන්න තමයි පනතක් ගෙනාවේ. ඊළඟට රුපියල් ලක්ෂ ගණන් බොරු දීමනා හදල ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට නිකම් සල්ලි දෙනවා. එකම දේට දෙවිදියකට සල්ලි දෙනවා. රටේ ආදායම නිකම් ඉන්න මන්ත්‍රීවරු ඇමතිවරු නඩත්තු කරන්න වියදම් කරලා, ඉතිරි වියදම් පියවා ගන්න මිනිස්සුන්ගෙන් සල්ලි හූර ගන්නවා.

    ලෝකේ පුරා ප්‍රසිද්ධයි ආණ්ඩුවේ හොරකම් වංචා දූෂණ අල්ලස් ගැන. කොච්චර ප්‍රසිද්ධද කිව්වොත් සුද්දොත් දැන් මුන්ගෙන් අල්ලස් ඉල්ලනවා වෙළඳ ගිවිසුම් ගහන්න. අගමැතිටයි ඇමැතිවරුන්ටයි අල්ලස් දුන්නහම ලංකාවේ ඕනේ වරායක්, ගුවන් තොටුපලක්, ඉඩමක්, බිල්ඩිමක් කුණු කොල්ලෙට ගන්න පුළුවන් කියලා ලෝකෙම ප්‍රසිද්ධයි. චික්. දන්නවද දැන් 2025, 2030 වගේ ඈත අවුරුදු ගණන් කියලා කතා පවත්තන්නේ ඇයි කියලා නැත්නම් ආණ්ඩුව කඩා වැටෙයි කියලා පිටරට මිනිස්සු හිතුවොත් මේවා විකුණගන්න බැරි නිසා.

  11. Champa Reply

    I just saw the latest news. Now I know what you will say – Ditta Dammvedaneeya…. right? C’mon Wimal, what is wrong is wrong no matter who did it. Wasting public money is a crime. You tell me with Rs. 600 million how many houses you could have built? As far as I could remember P B refused to release money to your projects. When you were the Housing Minister how many poor people came to your Ministry asking for houses? You could have built a village with that money, if it was given to your Ministry.

  12. Champa Reply

    If one of MR’s brothers was involved in an accident, what will happen? Will he be arrested? No, they will show somebody else as the driver and let the priviledge go home. I see a difference now.

  13. Champa Reply

    At this rate of political maneuvering and distorting justice, even if Aloysius is sentenced to 3 years rigorous imprisonment, Ranil will keep him at the Prison Hospital. Can MR and JO object?

    What is the guarantee that MR and JO didn’t exchange Lalith W to Aloysius?

    Why do people still support MR, GR and BR I can’t understand?

Leave a Reply

*