BREAKING NEWS

‘පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වතාවට අඩි 20ක විරෝධතා බැනරයක් එසවෙයි!’

ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම පක්ෂ නායක, විමල් වීරවංශ මහතාගේ ප‍්‍රධානත්වයෙන් එහි බත්තරමුල්ලේ පිහිටි ප‍්‍රධාන කාර්යාලයේදී රැස් විය.

‘‘අද මේ රටේ කේන්‍ද්‍රීය ප‍්‍රශ්නය වෙලා තියෙන්නේ රට බේරාගත් රණවිරුවන් දංගෙඩියට යවන දෙමුහුන් අධිකරණයක් පිහිටුවීමේ ක‍්‍රියාවලියයි. ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර බලවතුන්ගේ උවමනාව අද ඉටු වී තිබෙනවා. රටට හතුරු මෙම ක‍්‍රියාවලිය දැන් පහසුවෙන් ඉදිරියට ගෙන යාමට මේ අයට පුළුවන්. මේ ප‍්‍රශ්නය අද මාධ්‍ය තුළ සාකච්ඡාවට බඳුන් වෙන්නේ නැහැ. මාධ්‍යවලට රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ‘දබරඇඟිල්ල’ ඔසවා තිබෙනවා. අඩුම තරමින් මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදීවත් කතා කිරීමේ ඉඩකඩ අහුරා තිබෙනවා’’ විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.

‘‘දෙමුහුන් අධිකරණය කියන මාතෘකාව යට ගහන්න, අද කල්තැබීමේ විවාද, විශේෂ ප‍්‍රකාශ හරහා වෙනත් වෙනත් මාතෘකාවන් පාර්ලිමේන්තුවට එනවා. මේ ප‍්‍රශ්නය දිගින් දිගටම යට ගහනවා. මේ මාතෘකාව පාර්ලිමේන්තුව තුළ කතාබහට ලක්වන වැඩක් අපි මේ සතිය තුළ කොහොම හරි කරමු’’ ජානිපෙ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා පවසා සිටියේය.

‘‘අපි, දෙමුහුන් අපරාධ අධිකරණය එපාෟ’ කියලා ලොකු බැනරයක් පාර්ලිමේන්තුවට රැගෙන යමු. විමල් සහෝදරයා දෙමුහුන් අධිකරණයක් පිහිටුවීමට එරෙහිව දිනයක විවාදයක් ඉල්ලලා දාපු යෝජනාව, වහා විවාදයට ගන්න කියලා බල කරමු. ඒකෙන් මේ පිළිබඳව රටත්, ජනතාවත් තවදුරටත් දැනුම්වත් වෙනවා’’ ජානිපෙ නියෝජ්‍ය සභාපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා පැවසීය.

ඒ අනුව අඩි 20ක දැවැන්ත බැනරයක් නිර්මාණය කොට එය පාර්ලිමේන්තුවට රැගෙන ඒමේ වගකීම නිරෝෂන් පේ‍්‍රමරත්න නවක මන්ත‍්‍රීවරයා භාර ගත්තේය. පසුගිය අගහරුවාදා පාර්ලිමේන්තුව තුළ ඉහත විරෝධතාව සාර්ථකව පැවැත්වීමට ජානිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු සමත් වූහ. ඊට විපක්‍ෂයේ සෙසු මන්ත‍්‍රීවරුන්ගේ ද සහාය ලැබිණි. සිසිර ජයකොඩි, උදය ගම්මන්පිල, මහින්දානන්ද අලූත්ගමගේ, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, ලොහාන් රත්වත්තේ යන මන්ත‍්‍රීවරු ඒ අතර වූහ.

‘කුරුණෑගල නසරානියා’

පසුගිය බදාදා පාර්ලිමේන්තුව කල්තැබීමේ විවාදයේදී සිය අදහස් දැක්වීමෙන් අනතුරුව විමල් වීරවංශ මහතා මන්ත‍්‍රීවරුන්ගේ ආපනශාලාව වෙත යන විට ගයන්ත කරුණාතිලක, එරාන් වික‍්‍රමරත්න යන අමාත්‍යවරු හා කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා තේ පානය කරමින් කතාබහක නිරතව සිටියහ.

‘‘මට බාධා කරන්න දැන් වෙනම කෙනෙක් දාලාලූ නේද? එයා නලින් බණ්ඩාර මන්ත‍්‍රීතුමා නේද?’’ විමල් වීරවංශ මහතා සිනහමුසු මුහුණෙන් විමසා සිටියේය.

ගයන්ත කරුණාතිලක ඇමතිවරයා ඊට පිළිතුරු දුන්නේ හිස වනමිනි.

‘‘ඔබතුමා මට අද අලූත් වචනයකුත් පාවිච්චි කළා නේද, ‘කුරුණෑගල නසරානියා’ කියලා.’’ නලින් බණ්ඩාර මන්ත‍්‍රීවරයා විමල් වීරවංශ මහතාගෙන් එසේ විමසා සිටියේය.

‘‘ඔව්! ඔව්! එහෙම එකක් පාවිච්චි කළා.’’ විමල් වීරවංශ මහතා පිළිතුරු දුන්නේය.

‘‘ඒකේ තේරුම මොකක්ද?’’ එරාන් වික‍්‍රමරත්න මහතා විමසා සිටියේය.

‘‘තේරුම දැනගත්තොත් මෙයා තවත් කිපෙනවා’’ විමල් වීරවංශ මහතා ඔවුන්ගෙන් සමුගත්තේ එසේ පවසමිනි.

මේ අතර විමල් වීරවංශ මහතාට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් පවත්වන විමර්ශන තවදුරටත් තීව‍්‍ර කර තිබේ. විමල් වීරවංශ මහතාගෙන් සිදු කරන නිමක් නොමැති ප‍්‍රශ්න කිරීම්වලට අමතරව අමාත්‍ය කාර්ය මණ්ඩලයේ සේවයේ නියැලී සිටි පිරිස් වෙතින් ප‍්‍රශ්න කිරීම් සිදු කරන තැනට විමර්ශන පුළුල් වී තිබේ.

‘දෙමුහුන් අධිකරණය පිළිබඳව මහ සගරුවන දැනුම්වත් කරයි’

දෙමුහුන් අපරාධ අධිකරණයක් ශ‍්‍රී ලංකාව තුළ පිහිටුවීමට අදාළ විශේෂ නීතිය පාර්ලිමේන්තුව තුළ සම්මත කිරීමට ඉඩනොදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට බලකරන ලෙස මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටීමේ වැඩපිළිවෙළක් මේ දිනවල ජාතික නිදහස් පෙරමුණ විසින් අරඹා තිබේ.

පක්‍ෂ නායක විමල් වීරවංශ සහ හිටපු අමාත්‍ය පියසිරි විජේනායක යන මහත්වරු මේ අනුව ප‍්‍රමුඛ පෙළේ භික්‍ෂූන් වහන්සේලා රැසක් බැහැදැක මේ පිළිබඳව කරුණු සැලකර සිටියහ. එහිදී මේ කරුණ අරභයා ආණ්ඩුවෙන් ජනමත විචාරණයක් ඉල්ලා සිටීමට ද තීරණය වී තිබේ.

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*