BREAKING NEWS

පැරදුනේ මහින්ද නොවේ රටයි

මොන අඩු පාඩු තිබුනත් මහින්ද රාජපක්ෂ කියන්නේ විසිකරන්න පුලුවන් නායකයෙක් නොවෙයි. ඔහු මේ ජාතියට ලබාදිය යුතු ලොකුම සහනය ලබා දීපු නායකයා. ඒ ගෞරවය සදාකාලිකවම ඔහුට හිමියි. ඒ නිසා තමයි ඔහුව අත්හරින කෙළෙහිගුණ නොදත් ක්‍රියාව අපට කරගන්න බැරිවෙලා තියෙන්නේ.

මහින්ද නිසා මහින්ද පැරදුණේ නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුද්ධයට නායකත්වය දීපු මේ රටේ හිටපු රාජ්‍ය නායකයන්ගෙන් අසම සම නායකයා. හැබැයි ඔහු දේශපාලන වශයෙන් තමන් ඉදිරිපිට නිර්මාණය වන අභියෝග සියුම්ව හදුනාගැනීමට සමත් උනේ නැහැ. සතුරා ඔහුගේ නිවස වටලා තිබෙන බව ඔහු දැක්කේ නැහැ. අපි මේක දැක්කා. අද බලන්න……පී.බී.ජයසුන්දරට අදාළව කිසිම වංචා දූෂණ චෝදනාවක් ඔය ගරු කටයුතු මහත්වරුන් මතු කරන්නේ නැහැ. ඒක අපි ගොඩක් කලින් දැක්කා. එතුමා මේ අභ්‍යන්තර වැටලීම දැක්කේ නැහැ.

ඇත්තම ගත්තොත් තව ඡන්ද ලක්ෂ දෙක හමාරයිනේ අපට තව ඕනෑ වුණේ. මේ ඡන්ද ලක්ෂ දෙක හමාර ගන්න තිබුණා අපි කලින් කියපු ඒවා හරියට තේරුම් ගත්තා නම්. මධ්‍යම පන්තියේ තිබුණු විවේචන වලට අපි පිළිතුරු දිය යුතුව තිබුණා. ඒක එකක්. දෙක ආණ්ඩුව ඇතුළේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක් හිටියා හරියට වැඩ කළේ නැති. මතුපිටින් පේන්න හිටියට බිමට හරියට මැදිහත් වුණේ නැහැ. ඒ වගේම සිරිසේන මහත්තයාට අවශ්‍ය විදිහට හැසිරුණු විශාල පිරිසක් මෙතැන හිටියා. මේ අය කරපු මේ නින්දිත පාවා දීමේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහට තමයි අර ලක්ෂ දෙක හමාර ගන්න බැරි වුණේ. ඇත්ත වශයෙන්ම ගත්තොත් අපට මේ පරතරය පුළුවන් තරම් අවම කරගන්න පුළුවන් වුණා. ඒක දිනන තැනට ගෙනියන්න තිබුණ යාන්ත්‍රණය හොදින් ශක්තිමත්ව තිබුණා නම්.

අද මිනිස්සු බලාගෙන ඉන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ අගමැති කරන්න. හංසයාට ගහපු මිනිස්සු බලාගෙන ඉන්නෙත් ඒකයි. ඒ නිසා තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාට පක්ෂයත් නැති කරන්නේ. අපි කියනවා ඒවට උත්තර තියෙනවා. ඒ උත්තර අරගෙන අපි එනවා. ඕන්නම් අපිව හිරේ දාන්න. හිරේ දාන්න මහත්වරුණි……මේවට උත්තර තියෙනවා. ඒ උත්තර අරගෙන අපි එනවා. අපි ලෑස්තියි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් නැති වෙච්ච මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ අගමැති කරන්න. වැඩි ඈතකදි නොවෙයි. ඊළග මහ මැතිවරණයේදීම.”

ජාතික නිදහස් පෙරමුණේ නායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඉරිදා ලංකාදීප පුවත්පත සමගින් සම්මුඛ සාකච්චාවකට එක් වෙමින් රටේ ඉදිරි දේශපාලනය පිළිබදව මෙසේ අදහස් දැක්වීය. ඔබට මෙම සම්පූර්ණ සාකච්ඡාව 2015.01.18 ඉරිදා ලංකාදීප පුවත්පතින් කියවිය හැකිය.

10885278_691623184288838_330343447377672408_n

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*