BREAKING NEWS

‘පිරිසිදු එජාපයෙන්’ බැඳුම්කර සුුදාලාට නාමයෝජනා ලැබේ යැයි අපි හිතන්නේ නැහැ – ජාතික නිදහස් පෙරමුණ

ඔවුන්ම හඳුන්වා ගන්නා පරිදි දැන් ඇත්තේ ‘පිරිසිදු එජාපයක්’ බැවින් එම පක්‍ෂයෙන් බැඳුම්කර වංචා ඇතුළු විවිධ වංචා සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති රනිල් වික‍්‍රමසිංහ ඇතුළු එජාප නායකයන්ට නාමයෝජනා ලබානොදෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

අද(07) බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එහි ප‍්‍රචාරක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා එසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේද පැවසුවේය.

‘‘වර්තමාන ආණ්ඩුව පත් වූ වහාම පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය(FCID) පිහිටුවනු ලැබුවා. මෙසේ පොලිස් ආඥාපනත උල්ලංඝනය කරමින් පිහිට වූ FCIDය විපක්‍ෂ දේශපාලනඥයින් දඩයම් කිරීම පසුගිය දින 160කට ආසන්න කාලය පුරාම සිදු කළා. දැන් ඒ බව මනාව පැහැදිලිි වී තිබෙනවා.

පසුගිය දිනවල විශාල මාධ්‍ය ප‍්‍රචාරයක් ලබාදීලා අප පක්‍ෂයේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට විරුද්ධව මුදල් විශුද්ධිකරණ පනත යටතේ මේ ත්‍ක්‍ෂෘය පරීක්‍ෂණයක් ආරම්භ කළා. විමල් වීරවංශ මහතා ඉදිකිරිම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය ධුරය දරන අවධියේ එම අමාත්‍යාංශය යටතේ පැවැති ඕෂන්විව් ඩිවලොප්මන්ට් පුද්ගලික සමාගමට අදාළවයි එම පරීක්‍ෂණය සිදු වුයේ.

මුදල් විශූද්ධිකරණ පනත යටතේ විමල් වීරවංශ වැරදි කළ බව FCIDය සිදුකළ පරීක්‍ෂණයේදී තහවුරු නොවීම නිසා එම නඩුව අවසන් කිරීමට අද වන විට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත්වරයා කටයුතු කර තිබෙනවා. රනිල් වික‍්‍රමසිංහ ‘පොලිස්පතිතුමා’ යටතේ තිබෙන FCIDය මගින් බොරුව සමාජගත කරලා සිදුකළ දේශපාලන දඩයම මෙමගින් ඉතාම පැහැදිලිිව දක්නට ලැබෙනවා.

මේ ආණ්ඩුව ‘අප්පච්චි මළෝ ගැන්සියට’ අයත් නොවන විපක්‍ෂ දේශපාලනඥයින් සියලූ දෙනා පසුගිය දින 160 තුළ දඩයම් කරන්න උත්සාහ කළා. එසේ ගත් එක් උත්සාහයක අවසානය තමා අපි මේ අධිකරණ තීන්දුවත් සමග දැක්කේ. ඒ නිසා මේ FCIDය සිදු කළ බොරු සංදර්ශනවලට නැවතීමේ තිත තැබිමේ මොහොත ළගා වෙමින් තිබෙනවා කියන එක ජනතාව තේරුම් ගත යුතුයි. මෙලෙස අසත්‍ය චෝදනා එල්ල කරමින් රට වෙනුවෙන් පෙනී සිටි දේශපාලනඥයින්ගේ චරිත ඝාතන කිරීම පිළිබඳව, මේ රටේ ජනතාව මේ ආණ්ඩුවට අගෝස්තු 17 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයේදී හොඳ පිළිතුරක් ලබාදේවි කියලා අපි විශ්වාස කරනවා ඒ වගේම විපක්‍ෂ දේශපාලනඥයන් දඩයම් කරමින් වත්මන් ආණ්ඩුවේ කප්පිත්තා ඇතුළු පිරිස සිදු කළ මහබැංකු බැඳුම්කර වංචාවේ සිට සියලූ වංචා පිළිබඳව අකුරටම නීතිය ක‍්‍රියාවේ යෙදවීමට අපි අගෝස්තු 17 වැනිදායින් පසුව කටයුතු කරන බවට ජනතාවට සහතිකයක් දෙනවා.

මේ ආණ්ඩුව රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය සම්පත් යොදාගෙන, සමහර තැන්වල ප‍්‍රචණ්ඩත්වය දියත් කරමින් මහ මැතිවරණයට සූදානම් වන බව ඉතා පැහැදිලිව දක්නට පුළුවන්. මේ ආණ්ඩුවේ පටු දේශපාලන උවමනාවන් ඉටු කරන පොලිසියේ නිලධාරීන් ඇතුළු සියලූ රජයේ සේවකයන්ට අපි කියනවා, ඉන් වැළකී සිටින්න. එසේ කටයුතු කරන සියලූ දෙනාට විරුද්ධව නීතිය ක‍්‍රියාවේ යෙදවීමට අගෝස්තු 17 වැනිදායින් පසු පිහිටුවනු ලබන ආණ්ඩුවෙන් කටයුතු කරනවා’ කියලා.

බැඳුම්කර සුදාලාට නාමයෝජනා දෙනවාද?

සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ මාඳුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා, එජාපයට හිතවත් කලාකරුවෝ ඇතුළු පිරිස් පසුගිය කාලයේ විශාල හඩක් නැගුවා, යහපාලනය පිළිබඳව. මේ අය කියන විදියට අද තියෙන්නේ බොහොම හොඳ එක්සත් ජාතික පක්‍ෂයක්. අපි මේ පිරිසිදු එක්සත් ජාතික පක්‍ෂයෙන් බලාපොරොත්තු වෙනවා, ‘කෝටි 5400කට වැඩි මේ රටේ මහජන මුදල් අමු අමුවේ කොල්ලකාපු, මහා භාණ්ඩාගාරය ශුද්ධ කරපු, ඒ පිළිබඳව වගකිවයුතු යැයි කෝප් කමිටු වාර්තාවේ නම සඳහන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහත්තයාට නාමයෝජනා ලබානොදෙයි’ කියලා. දැන් තියෙන්නේ පිරිසිදු එක්සත් ජාතික පක්‍ෂයක්නේ. චෝදනාවලට ලක්වූවන්ට නාමයෝජනා දෙන්නේ නැහැනේ. එහෙමනම් ‘පිරිසිදු එජාපයෙන්’ නාමයෝජනා රනිල් වික‍්‍රමසිංහටත් ලැබෙන්නේ නැහැ.

ඒ විතරක් නොවෙයි, වත්තල ප‍්‍රාදේශීය සභාවට කඩා වැදිලා මැර බලය පෙන්වපු, ක‍්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයේ වාහන යොදාගෙන සේරුවාවිල ප‍්‍රදේශයේ නිදන් හාරපු, ජෝන් අමරතුංගට ‘පිරිසිදු එජාපයේ’ නාමයෝජනා ලැබේවි කියලා අපි හිතන්නේ නැහැ. ඒ වගේම තඹ කන්ටේනරයක් මුදාගැනීමට බලපෑම් කළ බවට චෝදනා ලබපු සුජීව සේනසිංහට ‘පිරිසිදු එජාපයෙන්’ නාමයෝජනා ලබාදෙයි කියලා අපි හිතන්නේ නැහැ.

තවද භුවල්කා සමාගමෙන් කප්පම් ඉල්ලපු පාලිත රංගේ බණ්ඩාරට ‘පිරිසිදු එජාපයෙන්’ නාමයෝජනා ලැබේවි කියලා අපි හිතන්නේ නැහැ. ඒ වගේම කරුංකා ප‍්‍රතිඅපනයන භාණ්ඩයක් බවට පත් කරලා කරුංකා කන්ටේනර් රේගුවෙන් නිදහස් කරන්න බලපෑම් කරපු රවී කරුණානායකට පිරිසිදු එජාපයෙන් නාමයෝජනා ලැබේවි කියලා අපි හිතන්නේ නැහැ. ඌව පළාතේ වැලි තොටවල් එජාප හිතවතුන්ට ලබා දුන්නු බවට චෝදනා තියෙන හරින් ප‍්‍රනාන්දුට ‘පිරිසිදු එජාපයෙන්’ නාමයෝජනා ලැෙබිවි කියලා අපි හිතන්නේ නැහැ. මුදල් විශුද්ධිකරණ පනත උල්ලංඝනය කරමින් සමෘද්ධි මුදල් තම හිතවතුන්ට බෙදා දුන්නු සජිත් පේ‍්‍රමදාසට ‘පිරිසිදු එජාපයෙන්’ නාමයෝජනා ලැබේවි කියලා අපි හිතන්නේ නැහැ.

බැඳුම්කර සුදාලාට, නිදන් සුදාලාට, තඹ සුදාලාට, වැලි සුදාලාට, කරුංකා සුදාලාට, සමෘද්ධි සුදාලාට ‘පිරිසිදු එජාපයෙන්’ නාමයෝජනා ලබාදෙයි කියලා අපි හිතන්නේ නැහැ. නාමයෝජනා භාරදෙන දිනයේදී මේ චෝදනාවලට ලක්වූවන්ට නාමයෝජනා නොදී ‘අපි පිරිසිදුයි’ කියලා ඔප්පු කිරිමේ ඉඩකඩ එජාපයට දැන් ලැබී තිබෙනවා.

‘මහින්දට සන්ධානයෙන් නාමයෝජනා ලබා දෙනවා’ කියපු ගමන් අලියා හතරගාතෙන් වැටිලා ඉවරයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉන්න ‘අප්පච්චි මළෝ ගැන්සියේ’ අය තම පක්‍ෂයට එනවා කියමින් පාක්ෂිකයෝ බිඳ වැටෙන්න නොදී රඳවා ගන්න අද එජාපය බලවත් උත්සාහයක නිරත වෙනවා. මේ ඇහෙන්නේ එජාපයේ පරාජයේ අඳෝනාවයි.’’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2015-07-07

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*