BREAKING NEWS

‘පුහුල් හොරා’ සහ ‘බැඳුම්කර හොරා’ සොයා ගන්නා විදිහ. . .

‘පුහුල් හොරා’ සහ ‘බැඳුම්කර හොරා’ සොයා ගන්නා විදිහ. . .

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය බ්‍රහස්පතින්දා පිටකෝට්ටේ පිහිටි එහි ප්‍රධාන කාර්යාලයේදී පක‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් රැස් විය.

එහිදී මුලින්ම සාකච්ඡාවට භාජනය වූයේ පක‍්ෂයට එරෙහිව වත්මන් ආණ්ඩුව විසින් දියත් කර ඇති මර්දනය පිළිබඳවය.

“ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහනයක් පාවිච්චි කළා, කියන චෝදනාව යටතේ මාව දින 50ක් රක්ෂිත බන්ධනාගාරගත කරපු මේ ආණ්ඩුව දැන් මාසයක් තිස්සේ සරත් වීරවංශ සහෝදරයා එම චෝදනාවට රඳවා ගෙන සිටිනවා. ජයන්ත සමරවීර සහෝදරයාත් සතියක් තිස්සේ සිරගතවයි සිටින්නේ. අපි සියලූ දෙනාම එකම චෝදනාවකට, එකම නඩුවක සැකකරුවන් බවට පත් කොට තිඛෙනවා. මේ විදියට ගිහිල්ලා විමල් වීරවංශ සහෝදරයාත් මේ නඩුවේම සැකකරුවකු බවට පත් කරන්නයි මේ මූල්‍ය අපරාධ කොට්ඨාසය සැරසෙන්නේ. මේ නඩුව ගොනු කොට ඇත්තේ පොදු දේපළ පනත යටතේ නිසා සුවිශේෂ හේතුවක් නොමැතිව ඇප ලබා ගැනීමටත් නොහැකියි’ එහිදී ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා පෙන්වා දුන්නේය.

“ඉතාමත් අත්‍යවශ්‍ය සහ සාධාරණ හේතු මත රජයේ වාහනයක් භාවිතා කළ අපව මූල්‍ය අපරාධ කොට්ඨාසයට ගෙනල්ලා ප්‍රශ්න කරලා චෝදනා වරගන්වලා ඉදිරිපත් කරලා හිරේ දමන මේ ආණ්ඩුව අද මොනවාද කරන්නේ? ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒම, රණවිරු දඩයම හා එට්කා ගිවිසුම අත්සන් කිරීම වැනි දේශපාලන අපරාධ. මේ දේශපාලන අපරාධවලට එරෙහිව කොන්දේසි විරහිතව සටන් වදින නිසයි, ඒවාට එරෙහිව ජනතාව පෙළගස්වන නිසයි අපේ අය මේ විදියට අද සිරගත කරන්නේ” ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.

”තමන්ට හීලෑ නොවන ඒකාබද්ධ විපක‍ෂයේ නායකයන් හිරේ දමන මේ ආණ්ඩුව අද ‘ක්ලීන් සූට්’ හොරකමට පාර කපා ගෙන තිඛෙනවා. හිටපු මහ බැංකු අධිපති
අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන ඇලෝසියස්ගේ සමාගම(පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම) පසුගිය වසර තුළ බිලියන 05කට අධික ලාභයක් ලබාගෙන තිඛෙනවා. එදා ‘පුහුල් හොරා කරෙන් දැනේ’ කියලයි කීවේ. අද ‘බැඳුම්කර හොරා මහ බැංකු අධිපතිගේ බෑණාගේ සමාගම ලැබූ අධික ලාභයෙන් පෙනේ’ කියලයි කියන්න තියෙන්නේ. පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම, මහ බැංකුව සමග කළ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව මහ බැංකුවේ ‘බැංකු නොවන මූල්‍ය සමාගම් අධීක්ෂණ දෙපාර්තමේන්තුව(Department of Supervision of Non-Bank Financial Institutions) විසින් සිදු කළ පරීක්ෂණ වාර්තාව ඉතාමත් පැහැදිලිව ‘බැඳුම්කර හොරකම’ සිදු කළ ආකාරය පෙන්වා දී තිඛෙනවා.

මෙම වාර්තාව මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු වුවත් එය ඉහත කී මහ බැංකු දෙපාර්තමේන්තුවේ DG(SM) යන තනතුර දරන දූෂිත නිලධාරියා තවමත් එය තමන්ගේ ලාච්චුවේ දමාගෙන තිඛෙනවා. මේ හොරකම තමයි ලංකා ඉතිහාසයේ සිදු වූ විශාලතම හොරකම. මේ ‘ක්ලීන් සූට්’ හොරකම ඉදිරියේ FCIDය සහ CIDය යන දෙකත් අල්ලස් කොමිසමේ ‘ලලනාවත්’ නිහඬව සිටිනවා. මෙම වාර්තාව මම ඊයේ පැවැති ඒකාබද්ධ විපක‍ෂයේ පක‍ෂ නායක මාධ්‍ය හමුවේදී මාධ්‍ය වෙත ලබා දුන්නා. එය අද ජාතික පුවත්පත් කිහිපයක ප්‍රධාන පුවත ලෙස පළව තිබුණා. මේ සොරකමට වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාවේ යොදවන තෙක් අපි සටන් වැදිය යුතුයි” ජානිපෙ නායක විමල් වීරවංශ මහතා අවධාරණය කර සිටියේය.

-අබර-
2016.10.08

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*