BREAKING NEWS

‘පෙරළියක ඇරඹුමට‘ විමල්ගෙන් ඓතිහාසික කතාවක්! නුගේගොඩට ලක්ෂ ගණනින් රොද බඳින්න

‘පෙරළියක ඇරඹුමට‘ විමල්ගෙන් ඓතිහාසික කතාවක්! නුගේගොඩට ලක්ෂ ගණනින් රොද බඳින්න
– ජාතික නිදහස් පෙරමුණ

ආණ්ඩුව ගෙදර යවන ‘පෙරළියක ඇරඹුම’ ජන රැලියේදී සිරගතව සිටින තම පක්ෂයේ නායක, විමල් විරවංශ මහතා ඓතිහාසික කතාවක් සිදුකරනු ඇති බවත් රටට ආදරය කරන සියලූ ජනතාව හෙට(27) නුගේගොඩට රොද බැදිය යුතුව ඇති බවත් ජාතික නිදහස් පෙරමුණ පවසයි.

අද(26) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී එහි ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ පැවසීය.

“2017 වසර අවසන් වනවිට මේ ආණ්ඩුවට තමන්ගේ හාම්පුතුන් වෙනුවෙන් ඉටුකළයුතු බරපතළ කොන්ත්‍රාත්තුවක් තිබෙනවා. රට බෙදන ව්‍යවස්ථාව සම්මත කර ගැනීම, ජුනි මාසය වනවිට එට්කා ගිවිසුම අත්සන් කිරීම, ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට ලබාදීම, හම්බන්තොට වරාය සහ ඉඩම් අක්කර 15,000ක් චීනයට ලබාදීම, සුරාබදු දෙපාර්තමේන්තුව, රේගුව හා දේශීය ආදායම් දෙපාර්තම්න්තුව එකතු කරලා එක් ආයතනයක් හදලා එය පෞද්ගලික සමාගමකට ලබාදීම, මිනුම්දෝරු දෙපාර්තමේන්තුව පෞද්ගලිකරණය කිරීම, රාජ්‍ය සේවයේ ප්‍රතිපත්ති සෑදීම ඇමරිකානු සමාගමකට පැවරීම යන ඒවා එම කොන්ත්‍රාත්තුව ඇතුළේ තිබෙනවා.

රට ෆෙඩරල් කරන, රටේ සම්පත් පෞද්ගලීකරණය කරන, රටේ ඉඩම් විජාතිකරණය කරන මේ කොන්ත්‍රාත්තුව ඉටු කිරීමට ඉඩ දී නිහඩව බලා සිටිමට අපට බැහැ. ඊට එරෙහිව ජනතාව පෙළගැස්විය යුතුව තිබෙනවා. ජනතා විරෝධය කුළුගැන්විය යුතුව තිබෙනවා. එතැනදී තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා අපිට විරුද්ධවිනව බටලන්ද තියරිය’ ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙන්නේ. එදා 80 දශකයේ අගභාගයේ රටේ ඒකීයභාවය වෙනුවෙන් පෙරට ආ 60,000කට අධික සුජාත දූපුතුන් පිරිසක් ටයර් මාලා දමලා ගින්ි තියලා, වෙඩි තබලා ගංගාවල පාකරලා යැව්වේ ‘මිස්ටර් ක්ලීන්ගේ බටලන්ද තියරිය’ අනුවයි. අද තමන්ගේ හාම්පුතුන් වූ විජාතික බලවේගවල කොන්ත්‍රාත්තුවට විරුද්ධ වන අය මර්දනයට මේ රනිල් මහත්තයා හදුන්වලා දීලා තියෙන තියරිය තමයි අපිිනව බටලන්ද තියරිය’ කියන්නේ. නීතිය නමන පොලිස්පතිට ඕඩර් දීලා, අලූතෙන් ත්‍ක්‍ෂෘ නමැති දඩයම් ඒකකයක් මගින් අත්අඩංගුවට අරන්, ‘බිම්බලා’ දමලා අධිකරණයට බලපෑම් කරලා රක්ෂිත බන්ධනාගාරගත කිරීම තමයි ‘නව බටලන්ද තියරියෙන්’ කරන්නේ. රටේ අනාගතය වනසන මේ ආණ්ඩුවට එරෙහි ජනබලවේගයට නායකත්වය දෙන පිරිස නිහඩ කරන්නයි මේ හදන්නේ.

‘’විමල්ගෙන් විශේෂ කතාවක්’’

මේ මර්දනය හමුවේ අපි නිහඩව ඉන්නේ නැහැ. රටම වනසන විජාතික කොන්ත්‍රාත්තුවක් ඉටු කරන මේ ආණ්ඩුව ගෙදර යැවීම හැකි ඉක්මනින් කරනවා. ඒ් ‘පෙරළියේ ඇරඹුම’ හෙට(27) නුගේගොඩින් අරඹනවා. ඒ සදහා ලක්ෂ ගණනින් රොද බදින්න කියා මේ රටට ආදරේ කරන ජනතාවගෙන් ඉල්ලනවා. ඒ වගේම හෙට(27) සවස නුගේගොඩට රොද බදින ලක්ෂ සංඛ්‍යාත ජනතාවට සිරගතකොට සිටින අප පක්ෂයේ ආදරණීය නායක විමල් විරවංශ මහතාගේ ඓතිහාසික කතාවක් ඇසීමේ අවස්ථාවත් අපි නිර්මාණයකර තිබෙනවා.

‘’ඩීල් එකේ ප්‍රමාණය අයර්ලන්ත මාලිගාවලින් පෙනෙනවා’’

මේ ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය සමග ලක්ෂ සංඛාත ජනකායක් එකතු වෙනකොට ඩීල් විපක්ෂය පාර්ලිමේන්තුෙව් ‘හීන් කෙදිරියක්’ විතරක් නගලා නිහඩව ඉන්නවා. අද ඩීල් කුමාරලාගේ ඩීල් රට හමුවේ හෙළිදරව් වෙලා තිබෙනවා. අයර්ලන්තයේ මාලිගාවලින් පේන්නේ වෙන කිසිවක් නොවෙයි ඩීල් කුමාරගේ ඩීල් එකේ ප්‍රමාණයයි. මේ අවස්ථාවේ ඩීල් කුමාරලාගේ ඩීල් අහුවුණු එක රටේත් ජනතාවගේත් වාසනාවක්. මේ රටේ ජනතාව රනිල් සමග ඩීල් දමපු ඩීල් කුමාරලාට ඉදිරි මැතිවරණ වලදී නිසි පිළිතුරු දේවි.

‘දුෂණය, වංචාව නැති කරනවා’ කියලා බලයට ආපු මේ ආණ්ඩුව 2016 ලෝක දුෂණ දර්ශකයට අනුව ශ්‍රී ලංකාව 95 වැනි තැනට ඇද වට්ටලා තියෙනවා. මේ අවුරුදු 02 තුළ මේ රටේ දුෂණ වැඩිවී තිබෙනවා. බැදුම්කර වංචාව, ගල්අගුරු වංචාව වැනි රාජ්‍ය බලය යොදාගෙන කරපු වංචා නිසයි මේ ලෝක දර්ශකයට අනුව ශ්‍රී ලංකාව පහතටම වැටී ඇත්තේ. යහපාලන සිහින සියල්ල දැන් බිදී ගිහින් අවසන් කියා 2015 ජනවාරි 08 වැනිදා හංසයාට කතිරය ගැසූ ජනතාව අද තේරුම් අරන් තිබෙනවා’’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2017.01.26

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*