BREAKING NEWS

පොලිස්පතිවරයා ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ජීවිත අවදානමකට හෙළිමේ මෙහෙයුමක

13667767_980199495431204_3454051673766279151_oපොලිස්පතිවරයා ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ජීවිත අවදානමකට හෙළිමේ මෙහෙයුමක

– ජානිපෙ නායක විමල් වීරවංශගෙන් විශේෂ හෙළිදරව්වක්

ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලබා දී ඇති ප්‍රභූ ආරක්‍ෂක නිලධාරීන් පාද යාත්‍රාවේ අවසන් දින ඉතාමත් සූක්‍ෂම ලෙස ඉවත්කරවා ඔවුන්ගේ ජීවිත අවදානමට ඇද දැමීමේ මෙහෙයුමක පොලිස්පති පූජිත ජයසුන්දර මහතා නිරතව සිටන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, ‘ජන සටන පාද යාත්‍රා ජාතික මෙහෙයුම් කමිටු සාමාජික විමල් වීරවංශ මහතා හෙළිදරව් කරයි.

ඊයේ (31) රාත්‍රී ‘ජන සටන පාද යාත්‍රාවේ සිව්වන දින’ කටයුතු අවසන් කරමින් පැවැති ජන රැලිය අමතමින් විමල් වීරවංශ මහතා මේ බව අනාවරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

“සරත් ෆොන්සේකා මහත්තයා පසුගිය දිනවල තමන් තන්වේලට කන කෑම කිරිබත්ගොඩ එල්ලලා තිබුණා. මේ දවස්වල ෆොන්සේකා ඉන්නේ බඩගින්නේ. එයා මේ කෑම කන්න පටන් ගත්තේ එක්සත් ජාතික පක්‍ෂය සමඟ එකට දීග කන්න පටන් ගත්තට පසුවයි. අපි කියනවා ‘ඔයාම ඒ කෑම කන්න කියලා.

‘අජූතයි පූජිත අජූතයි’

උදේට කාපු කෑම වේල පමණක් බඬේ තියාගෙන දවල්ටවත් කෑම කන්න නතර නොවී දින 04ක් පුරා මේ වන විට මේ ‘ජන සටන පාද යාත්‍රාව’ මේ රටට අදාරය කරන මිනිස්සු පෙරට ගෙන ආවා. මේ පාද යාත්‍රාව නතර කරන්න මේ යහපාලන ආණ්ඩුව නොකළ දෙයක් නැහැ. දිගින් දිගටම අධිකරණ නියෝග අරගෙන පාද යාත්‍රාව නතර කරන්න ‘සිරිකොත පොලීසිය’ කටයුතු කළා. ශ්‍රී ලංකා පොලීසිය අද පූජිත පොලිස්පතිවරයා විසින් සිරිකොත පොලීසියක් බවට පත්කර තිබෙනවා. ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාවට ඉන්න ප්‍රභූ ආරක්‍ෂක පොලිස් නිලධාරීන් පමණක් හෙට (පාද යාත්‍රාව අවසන් දිනයේ) උදේ 9:00ට කොළඹ පිහිටි ඔවුන්ගේ මූලස්ථානයට ‘විශේෂ සාකච්ඡාවක්’ සඳහා කැඳවා තිබෙනවා. ‘අජූතයි’ පූජිත පොලිස්පතිතුමනි අජූතයි’ කියලයි අපට කියන්නේ වෙන්නේ. පාද යාත්‍රාව අවසන් දිනයේ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාව ඉවත් කරලා ඔවුන්ගේ ජීවිත අවදානමට හෙළන්න නේද මේ මෙහෙයුම දියත් කරන්නේ? කියලා අපි පොලිස්පතිවරයාගෙන් දැඩිව ප්‍රශ්නකර සිටිනවා. අද ශ්‍රී ලංකාවට ලැබී තිබෙන්නේ ‘මරදානේ චොප්පෙ’ වැනි පොලිස්පතිවරයෙක්. මෙයා අගමැති රනිල් වික්‍රමසිංහටම ගැලපෙන බඩුවක්. අපි බොහොම කරුණාවෙන් මේ පොලිස්පතිවරයාට කියනවා ‘මේ රටේ ඉදිරියේ සිදු වන්නේ කුමක්ද කියා තීරණය කරන්නේ මේ රටේ පොදු ජනතාව. ඒ නිසා මේ ආකාරයට කටයුතු කරන්න සූදානම් වෙන්න එපාෟ’ කියලා.

‘කෙටිම කලකින් ජනතාවට එපා වූ ආණ්ඩුව’

අද දිනයේ පාර දෙපස සිට පාද යාත්‍රාවට ජවය සැපයූ ජනතාවට අමතරව පාද යාත්‍රාව තුළ 30,000කට අධික ජනතාවක් ගමන් කරනු ලැබුවා. මේ දින හතර තුළ පාද යාත්‍රාව තුළ ගමන් ගත් සහ මඟ දෙපස සිට එයට තම සුබ පැතුම් එක් කළ, කෑම බීම සපයපු ජනතාව ලක්‍ෂ 10කට වැඩියි. අපි කල්පනාකර බැලිය යුතුයි, ‘මේ තරම් ජන ගඟක් එකතු වෙලා ඉන්නේ ඇයි?’ කියලා. එහෙම එකතු වුණේ මේ රටේ ජනතාවට කෙටිම කාලයකින් එපා වූ ආණ්ඩුව මේ යහපාලන ආණ්ඩුව හින්දයි.

මේ ආණ්ඩුව බලයට ඇවිත් කෙටි කලකින් පොහොර සහනාධාරය, පාසල් නිල ඇඳුම කප්පාදු කළා. ජනතාව මත අධික බදු බරක් පැටවූවා. රජයේ සේවයට අලුතින් බැඳෙන දරුවාගේ විශ්‍රාම වැටප් අයිතිය කප්පාදු කළා. රණවිරුවන් දඩයම් කිරීමට විශේෂ යුද අපරාධ අධිකරණයක් පිහිටුවීමට යනවා. මේ රටේ සේවා ආර්ථිකය සම්පූර්ණයෙන්ම ඉන්දියාවට විවෘතකර දෙන ‘එට්කා ගිවිසුම’අත්සන් කිරීමට සූදානම් වෙනවා. අද බුද්ධි අංශ නිලධාරීන් සිරගත කරලා ඔවුන්ගෙන් පලිගන්නවා. රාජපක්‍ෂවරුන් ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන්ගෙන පලිගන්නවා. මේ රටේ ජනතාවට නිදහසේ හුස්ම ගන්න පුළුවන් මහින්ද රාජපක්‍ෂ නැමති නායකයකු මේ රටේ ජනාධිපති ධුරයට පත් වුණු හින්දා. ඒ නිසයි මේ රටේ ඒකීයභාවය රැකුණේ. යුද්ධය පැවැති කාලයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිධුරයේ සිටියානම් කොටි විසින් අපේ හමුදාවට පරද්දලා තිබේවි. එතකොට ඔහු කියාවි ‘මම දැනගෙන හිටියේ නැහැ හිටන්’ කියලා. එහෙම ‘හිටන් කෙනෙකුට’ මේ රට පාලනය කරන්න බැහැ. රාජ්‍යයේ වගකීම අතට ගත්තු පාලකයකු මේ රටට ඕනේ. මේ වගේ ‘ලංසි පැපොල් ගෙඩි දෙකකට’ ‘එළ හරකකු සහ මී හරකකුට’ මේ රට කන්න දෙන්න බැහැ. පාර්ලිමේන්තුවේ වරප්‍රසාද, වරදාන දිලා හදා ගත්තු තුනෙන් දෙකේ බලය හොල්ලන මහජනතාවගේ තුනෙන් දෙකේ බලය තමයි අද මේ විදියට මහ පාරේ ගමන් කරන්නේ.

‘මඩ ගහලා මඬේම එරිලා මිය යන ආණ්ඩුවක්’

අද තියෙන්නේ නල්ලමලේ යහපාලනයක්. ‘පාද යාත්‍රාවට මඩ ගහන්න කියලා මාධ්‍යවලට බලපෑම් කරනවා. විද්්‍යුත් මාධ්‍යවලට, ‘මේ පාදයාත්‍රාව පැයෙන් පැය වාර්තා කිරීම නතර කරන්න’ කියලා තර්ජනය කරනවා. අපි කියනවා ‘මඩ ගහන්න. මඩ ගහන්න’ කියලා. වැඩිකල් යන්න කලින් අපි මේ ආණ්ඩුව ‘මඬේම ගිලිලා මියයන ආණ්ඩුවක් බවට පත් කරනවා. අපි ඉදිරියේදී මේ මහ පොළොවේ තුනෙන් දෙක බලයෙන් පාර්ලිමේන්තුවේ හොරට නිදා ගත්තු තුනෙන් දෙකේ බලය හෙල්ලනවා.

අපේ මුතුන්මිත්තන් ලේ හලලා රැකගත්තු මේ පොළව විනාශ කරන්න මේ ‘හුටන්-හිටන්’ පාලනයට ඉඩදී නිහඬව ඉන්න අපි කාටත් බැහැ. මේ අෘණ්ඩුවේ ඔඩොක්කුවේ ඉන්න රතු අලි පැටියත් අද මේ පාදයාත්‍රාවට විරුද්ධව කෑගහනවා. එදා එන්.ජී.ඕ කාරයෝ ජවිපෙට කීවා ‘ජාතිවාදියෝ’ කියලා ‘අද ජවිපෙ අපට කියනවා ‘ජාතිවාදියෝ’ කියලා. අපි අහනවා ංබෙදුම්වාදයට එරෙහිවීම ජාතිවාදයද? කියලා. ජාතික සමගිය වෙනුවෙන් ඒකාබද්ධ විපක්‍ෂය සැම විටම පෙනී සිටිනවා සහජීවනය කියන්නේ එක් ජාතිවාදයකට එරෙහිව අනෙකුත් ජාතිවාදයන් වඩවාලන එක නොවෙයි. අපි විරුද්ධ ඒ ප්‍රතිපත්තියට. එහෙම වුණාම ඒකාබද්ධ විපක්‍ෂයට ජාතිවාදී ලේබල් අලවන්න බැහැ.

‘ජන සටන ඇරඹිලා තිබෙන්නේ’

දැන් ජන සටන ඇරඕලා තිබෙන්නේ හෙට(01) අපි ජන සටන පාද යාත්‍රාව කිරිබත්ගොඩින් උදේ 9:00ට අරඔනවා. හෙට අපි කොළඹට යනවා. ලක්‍ෂ ගණන් ජනතාව කොළඹ වීදි දිගේ සැරිසරන දිනය හෙටයි. වික්‍රමසිංහ බයවෙලා ඉන්දුනීසියාවට පැන ගිහිල්ල. මම හිතන්නේ සිරිසේන මහත්තයාට යන්න රටක් නැහැ වගෙයි.

අද(31) හොරගොල්ලේ බණ්ඩාරනායක සමාධියට පුෂ්පෝපහාර දැක්වීමට අපේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීතුමන්ලා සූදානම් වුණා. ඒ සද්කාරයට අපේ ‘හොරගොල්ලේ අක්කා’ විරුද්ධ වුණා. පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය යොදා ගනිමින් බණ්ඩාරනායක සමාධියට ඇතුළුවීම තහනම් කළා. තම පක්‍ෂයේ නාර්මාතෘවරයාට පුෂ්පෝපහාර දැක්වීමට ඒ මන්ත්‍රිතුමන්ලාට තිබූ අයිතිය අහිමි කළා. මේ සියල්ලෙන් පෙනී යන්නේ සතුරා බිය වී ඇති තරමයි. සතුරා බිය වි ඇති තරමින් පෙනී යන්නේ මේ ආණ්ඩුව ගෙදර යවන එක මහ කජ්ජක් නොවන බවයි.

ඒ නිසා අපි හෙට(01) උදේ 9:00ට යළි සටන පටන් ගනිමු. රට වෙනුවෙන් මේ ස්ථානයට එකතු වෙමු. රටට සතුරු ආණ්ඩුව හොල්ලන, ඔවුන්ට පාර්ලිමේන්තුව තුළ තිබෙන තුනෙන් දෙකේ බලය හොල්ලන සටන්කාමී පාද යාත්‍රාවට රොද බැඳ ගනිමු.

ඒ සඳහා ඔබ සැමට ධෛර්යෟ ශක්තියෟ
ඒකාබද්ධ විපක්‍ෂයට ජයවේවාෟ
මාතෘභූමියට ජයවේවාෟ

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2016.08.01

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*