BREAKING NEWS

බැසිල් රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගත්තේ ආණ්ඩුවට එල්ල වන ජනතා විරෝධය වෙනතකට හැරවීමටයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙය ආණ්ඩුවත් ආණ්ඩුවට වක‍්‍රාකාරයෙන් සහයෝගය දක්වන නිල විපක්‍ෂයත් කල් තියා සූදානම් කරන ලද්දක් බව ඉතා පැහැදිලිය. අද දින රාජපක්‍ෂ පවුලේ ප‍්‍රබලයකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවට ජනතා විමුක්ති පෙරමුණේ නිල නොවන වෙබ් අඩවිය විසින් කල් තියා ප‍්‍රවෘත්තියක් පළ කොට තිබුණේ මේ බව තවදුරටත් තහවුරු කරමිනි.

වැට් බද්ද සහ ජාතිය ගොඩගැනීමේ බද්ද නීතිවිරෝධීව වැඩි කිරීම, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කොට අත්අඩංගුවේ පසුවන සහ දඩුවම් විදින කොටි ත‍්‍රස්තවාදීන් නිදහස් කිරිමේ සූදානම හා පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් දැමීම ආදී ජනතාද්‍රෝහී ක‍්‍රියා කලාපයන් හේතුවෙන් ආණ්ඩුවට මේ වන විට දැඩි ජනතා විරෝධයක් එල්ල වෙමින් පවතී. එම ජනතා විරෝධය වෙනතකට හැරවීමේ උවමනාවෙන් ඉහත අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව අපගේ විශ්වාසයයි.

වත්මන් ආණ්ඩුව විපක්‍ෂයේ දේශපාලනඥයන් දඩයම් කිරිමේ මෙවලම වන FCID යොදා ගනිමින් සිදු කරන මර්දනය තරයේ හෙළ දකින්නෙමු. එසේම රට ගැන සිතා ඊට එරෙහිව සබුද්ධිකව පෙළ ගැසෙන ලෙස සියලූ ජනකොටස් වෙතින් ඉල්ලා සිටිමු.

විමල් වීරවංශ(පා.ම),
නායක,
ජාතික නිදහස් පෙරමුණ
2016.05.12

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*