BREAKING NEWS

“බුදු වදන ලොව පුරා ප්‍රචලිත කිරීමට දරණාගම කුසලධම්ම නාහිමිපාණන් ඉටු කළ මෙහෙය අතිවිශිෂ්ට ය”

“බුදු වදන ලොව පුරා ප්‍රචලිත කිරීමට දරණාගම කුසලධම්ම නාහිමිපාණන් ඉටු කළ මෙහෙය අතිවිශිෂ්ට ය”

කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති ධුරන්දර, බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ පූජ්‍ය දරණාගම කුසලධම්ම නාහිමිපාණන්ගේ අපවත් වීම පිළිබඳව ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් අපගේ සාතිශය සංවේගය පළ කර සිටින්නෙමු.

අමරපුර සංඝ සභාවේ මහා නායක ධුරය දැරූ අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමිපාණන්ගේ ගුරුහරුකම් මැද සිය භික්ෂු ජීවිතය ඒකාලෝක කර ගත් දරණාගම කුසලධම්ම නාහිමියන් විදේශ ධර්ම දූත මෙහෙවර වෙනුවෙන් සිදු කළ කැපවීම අපරිමිත ය. දහම් පාසල් තුළ ඉංග්‍රීසි බසින් දහම් අධ්‍යාපනය ලබා දීම වෙනුවෙන් වූ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට ද උන්වහන්සේ පුරෝගාමී මෙහෙයක් ඉටු කළහ.

එසේම බුදු වදන ලොව පුරා ප්‍රචලිත කිරීමේ උදාර අරමුණින් ඇරඹී බෞද්ධයා ගුවන්විදුලි නාලිකාවේ සහ රූපවාහිනී නාලිකාවේ නිර්මාතෘවරයා ලෙසින් පූජ්‍ය දරණාගම කුසලධම්ම නාහිමියන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ඉටු කළ මෙහෙය ද සදාඅනුස්මරණීය ය.

අවසන් වශයෙන් මේ ශෝකාකූල මොහොතේ උන්වහන්සේට ‘අජරාමර නිවන් සුව අත්වේවා!’යි පතන්නෙමු.

විමල් වීරවංශ(පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ,
2018-03-04

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    අනේ විමල් හරිම කම්පාවක් හිතෙනවා නේද? මේ හාමුදුරුවෝ ගැන මමත් හුඟක් අහල තියෙනවා. හුඟක් ප්‍රසිද්ධයි. සම්බෝධි විහාරේ කොහොමත් ප්‍රසිද්ධ පන්සලක් ලංකාවේ විතරක් නෙමෙයි පිටරටවලත්. හාමුදුරුවන්ට අමා මහා නිවන් සුව අත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එක ළඟ ළඟ ප්‍රසිද්ධ හාමුදුරුවරු තුන් නමක්ම අපවත් වුනා මේ අවුරුද්ද ලබපු දවසේ ඉඳල. දරුවොත් මැරෙනවා මරනවා අසාමාන්‍ය විදියට. මොකක්ද රටට වෙන්නේ දෙයියනේ. හරිම කම්පාවක් ඇතිවෙනවා විමල්.

  2. Champa Reply

    මගේ සිංහල comment එකක් තියෙනව Colombo Telegraph එකට දාන්න OMP ගැන. ඒක යන්නේ නැහැ. මගේ ගමනත් යන්නැතුව බලා ඉන්නවා ඒක දාලම යන්න. කවදාවත් නැතුව CT එකේ වැටිලා තියෙනව Under Maintenance කියලා. මම 2015 ඉඳන් ඒකට ලියලා තියෙනවා. කවදාවත් එහෙම එකක් දැකල නැහැ. මහින්දගේ කාලේ ගෝඨාභය CT එක වහලා දැම්ම වගේ ආපහු වෙලාද දන්නේ නැහැ. වැඩක් නැහැ කියලා. මම දැක්ක ඔයාගේ godfather කියනව මහ මතිවරනෙකට ලැස්ති වෙනවා කියලා. අනේ හොඳයි. ඒ කියන්නේ මට පාර්ලිමේන්තු එන්න පුළුවන් ඉස්සෙල්ල. මාත් ලැස්ති වෙන්න ඕනේ. මං හරිම කැමතියි පාර්ලිමේන්තුවට. මම ඉල්ලන්න හිතන්නේ උපන් ගමින් නෙමෙයි දකුණේ මගෙ සීයගේ ගමෙන්.

    • Champa Reply

      Don’t publish this please.

      Wow, it is working, CT. Wimal, there are things happening around me you won’t believe. I have been trying to send that comment for hours. Then right now I deleted one sentence I think is damaging to whom, do you know? To you!!!! Alright, in my opinion, I just said what happened at the time which is true. You were not there. I didn’t intend any harm. Then I sent it again. It went right away – without that sentence. Can you believe? I think there is someone above protecting you! And whomever who is that “divine fellow”, he is using me for you. Totally unfair, Wimal. I have a life too. OMG, things like this have happened to me many times. Sometimes my comments are deleted for no reason. As I don’t save them, many times I have to retype adjusting them. I sent a comment in Sinhala to CT last week, it didn’t publish. Unfortunately, I didn’t save so I couldn’t send it again. Then I gave up. I said something there, kind of a prediction which could have been used by somebody same as Vijithamuni’s prediction about MS. Now I think it is better it was not published. See, everything happens for a reason. Anyways, in 2019/2020, if you go with Hotu Phottuwa, I am going to a different stage devoid politicians. Nobody can stop me. Not even Brahma!

      • Champa Reply

        Aha.. this comment is still here???? Delete it. Otherwise people will laugh. It was a joke. Who would believe this nonsense??

  3. Champa Reply

    පොව් අනේ අගමැතිතුමා, එයාට රටේ කරදර මදිවට ගෙදරිනුත් ගෝරි. අර බලන්න, රෑට කාන්තාවන්ට පාරේ යන්න ආරක්ෂාවක් නැහැයි කියලා නීතිය සහ සාමය ඇමතිතුමාගේ වගේම ලංකාවේ අගැමතිතුමාගේ බිරිඳ සහ තව ආණ්ඩුවේ ඇමතිවරියක් වීදී බැහැළලු. ලැජ්ජයි. අගමැතිතුමාට දැන්නම් ඉල්ලලා අස්වෙන්නම වෙනවා. ඔන්න අපි නම් දන්නේ නැහැ. ඔයිට වඩා ප්‍රතිඵල දායකයිනේ ඕක උදේ කෑම මේසේදී කිව්වා නම් නේද? තාම නීතිය සහ සාමය අතට දුන්න විතරයිනේ. ඔහොම කරන්න හොඳ නෑනේ නේද? මහ පාරට ඇවිල්ල ඔහොම ඔළුවට පොලු පාරක් දෙන්නේ නැතුව චූටි කණේ පාරක් ගෙදරදීම දීල ඕක කියන්න තිබ්බනේ නේද?

  4. Champa Reply

    ඔයා මට ආයෙත් කණේ පාරක් ගැව්ව නේද විමල්? කෙනෙකුට මගේ හිත රිද්දන්න හරිම අමරුයි. මොකොද මම ලේසියෙන් දෙයක් ගණන් ගන්න කෙනෙක් නෙමෙයි. ඒ වුනාට දුක හිතවන්න හරි ලේසියි. ඒකට කමක් නැහැ. මගේ ගමන දවස් දෙකකින් පහු වුනා. කලබල තියෙන නිසා යනවද නැත්ද කියලා හිත හිත හිටිය. මං ආයේ එන්නේ ලබන සතියේ. එතකොට මගේ හිත හැදිලා තියෙයි.

  5. Champa Reply

    I am writing in a hurry. Wish you a very happy birthday Wimal. Shall write soon again.

Leave a Reply

*