BREAKING NEWS

බෞද්ධ සංස්කෘතික උරුමය මත පිහිටා කටයුතු කිරීමට අදිටන්කර ගනිමු!

බෞද්ධ සංස්කෘතික උරුමය මත පිහිටා කටයුතු කිරීමට අදිටන්කර ගනිමු!

බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහිපත් කෙරෙන තවත් වෙසක් පුන් පෝහෝ දිනයක් අදට(10) යෙදී ඇත. ලොව පුරා විසිරී සිටින බෞද්ධ ජනතාව මෙන්ම ලාංකේය බෞද්ධ ජනතාව ද මේ උතුම් දිනයේදී දාන, සීල, භාවනා වැනි ප‍්‍රතිපත්ති පූජාවන්හි යෙදීමට මූලිකත්වය දෙති. එසේම ඔවුහු එදින දන්සැල් පැවැත්වීම, තොරණ ආදී වෙසක් සැරසිලි සිදු කිරීම, මල් පහන් පූජා පැවැත්වීම ආදී ආමිස පූජාවන්හි ද නිතර වෙති.

බෞද්ධ ජනතාව බහුතරයක් වෙසෙන ලාංකේය සමාජය තුළ පැන නැගී ඇති බොහෝ ගැටළු වලට පිළියම් බෞද්ධ දර්ශනය තුළත් ක‍්‍රි. පූ තුන්වන සියවසේ සිට අප පෙරට ගෙන ආ බෞද්ධ සංස්කෘතිය තුළත් ගැබ්ව තිබේ.
එබැවින් වෙසක් සමයෙහි ලාංකේය බෞද්ධ ජනතාව අනුගමනය කළ යුතු වැදගත්ම පිළිවෙත් මොනවාද? ආමිස පූජා සහ ප‍්‍රතිපත්ති පූජාවන්හි යෙදෙන අතර බෞද්ධ දර්ශනය නිවැරදිව අනුගමනය කිරීමට සහ බෞද්ධ සංස්කෘතික උරුමය මත පා තබා කටයුතු කිරීමට අදිටන්කර ගැනීමය.

එවැනි අදිටනක් තුළින් අප සතු බෞද්ධ සභ්‍යත්වය ඔප් නැංවී සමානාත්මතාවයේ හා සැබෑ සහජීවනයේ බිජුවට මේ පොළොව මත සරු ලෙස වැඩෙනු නියතය.

විමල් වීරවංශ(පා.ම),
නායක,
ජාතික නිදහස් පෙරමුණ
2017.05.10

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*