BREAKING NEWS

මට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව පුදුමාකාර ලෙස කාර්යක්ෂවම චෝදනාපත‍්‍රයක් ගොනු කර තිබෙනවා

Captureතමන්ට මීට පෙර එල්ල කළ චෝදනා ඉවත්කර ‘ අවිධිමත් ලෙස ගුවන් ගමන් බලපත‍්‍රයක් සන්තකයෙහි තබා ගැනීම ’ යන චෝදනාව යටතේ නීතිපති දෙපාර්තමේන්තුව පුදුමාකාර ලෙස කාර්යක්ෂමව චෝදනාපත‍්‍රයක් ගොනු කර තිබෙන බව ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අද(03) මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනීසිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සදහන් කළේය.

‘‘ මීට මාස කිහිපයකට පෙර කටුනායක ගුවන් තොටුපලේදී රහස් පොලිසිය විසින් මාව අත්අඩංගුවට ගනු ලැබුවේ චෝදනා කිහිපයක් ගැන විමර්ශනය කිරීමටයි. එහිදී එල්ල කළ ප‍්‍රධාන චෝදනාව තමයි ‘ගුවන් බලපත‍්‍ර දෙකක් තමන් සන්තකයෙහි තබා ගැනීම’ කියන චෝදනාව. නමුත් අද වනවිට එම චෝදනාව ඉවත් වෙලා ‘අවිධිමත් ලෙස ගුවන් ගමන් බලපත‍්‍රයක් තමා සන්තකයෙහි තබා ගැනීම’ කියන චෝදනාව විතරක් චෝදනා පත‍්‍රයක් ලෙස ඉදිරිපත් කර තිබෙනවා.
මේ ගැන මම පුදුමයට පත්වුණා. මොකද නීතිපති දෙපාර්තමේන්තුව 2005දී දමා ඇති පැමිණිලිවලටවත් තවම චෝදනාපත‍්‍ර ගොනුකරලා නැහැ. හැබැයි මට එරෙහි පැමිණිල්ලට පුදුමාකාර ලෙස කාර්යක්ෂමව නීතිපති දෙපාර්තමේන්තුව චෝදනාපත‍්‍රයක් ගොනු කරලා තිබෙනවා. නීතීඥ මහත්වරුන් අතර කතාබහට ලක්වුණා, ‘2005, 2006 දාපු නඩුවලටවත් නීතිපති දෙපාර්තමේන්තුව චෝදනාපත‍්‍ර ගොනු කරලා නැති තත්වයක් යටතේ මේ නඩුවට මේ ආකාරයට උනන්දුවෙන් කටයුතු කිරීම ගැන අපිත් පුදුමයට පත්වෙනවා’ කියලා.
කෙසේ වෙතත් මෙම චෝදනාවට මා නිවැරදිකරු බව අධිකරණය ඉදිරියේ ප‍්‍රකාශ කර සිටියා. ඒ අනුව නඩුව විභාග කිරීමට වෙනත් දිනයක් නියම කරනු ලැබුවා.’’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2016.05.03

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*