BREAKING NEWS

‘මහනාහිමිවරුන්ගේ සංඝ විධානය මේ රටේ ඓතිහාසික සම්ප්‍රදාය අනුව භාරගැනීම වෙනුවට ආණ්ඩුව කළේ උන්වහන්සේලාට එරෙහිව තම දඩෝරියන් නිදහස් කිරීමයි’

‘මහනාහිමිවරුන්ගේ සංඝ විධානය මේ රටේ ඓතිහාසික සම්ප්‍රදාය අනුව භාරගැනීම වෙනුවට ආණ්ඩුව කළේ උන්වහන්සේලාට එරෙහිව තම දඩෝරියන් නිදහස් කිරීමයි’

– ජානිපෙ නායක විමල් වීරවංශ

අලුත් ව්‍යවස්ථාවක් හැදීමට ජනවරමක් ලැබී නැති බව, ඒකීය රාජ්‍යය වෙනස් නොකළ යුතු බව, බුද්ධාගමට ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති ප්‍රමුඛතාව ඉවත් නොකිරීම ආදී කරුණු ඇතුළත් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ සංඝ විධානය මේ රටේ ඓතිහාසික සම්ප්‍රදාය හා සභ්‍යත්වය අනුව ශිෂ්ට සම්පන්නව පිළිගන්නවා වෙනුවට මේ ආණ්ඩුව උන්වහන්සේලාට නිග්‍රහ කිරීම පිණිස තම රතු පාට දඩෝරියන් සහ එන්.ජී.ඕ. දඩෝරියන් නිදහස් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

“ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ඇතුළු එම සංඝ කාරක සභාවන් විසින් ගැඹුරින් කරුණු සලකා බලා නිකුත් කරනු ලැබූ ඒකාබද්ධ නිවේදනය, එහෙම නැතිනම් ආණ්ඩුවට එල්ල කළ සංඝ විධානය පිළිබඳව මේ වන විට සමාජය තුළ බොහෝ කතාබහ ඇතිව තිබෙනවා. ඒ වගේම තාමත් ඉපදුණේ නැති දරුවකුට කේන්දර හැදීමට මහා සංඝරත්නය සහ ඒකාබද්ධ විපක්‍ෂය කලබල වී ඇති බවටත් චෝදනා එල්ල වෙනවා. ඉතා පැහැලිව මා පවසනවා ‘ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ඇතුළු කාරක සංඝ සභාවන්, ඒකාබද්ධ විපක්‍ෂය, ජාතික නිදහස් පෙරමුණ යන කිසිවකුත් ඉපදුණේ නැති දරුවකුට කේන්දර හැදීමට ගොස් නැහැ’ කියා.

මේ මා පෙන්වන්නේ මේ බෙදුම්වාදී ව්‍යවස්ථාව පිළියෙල කිරීමට පිහිටු වූ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්‍ෂ ගණනාවක නියෝජිතයන්ගෙන් සැදුම්ලත් මෙහෙයුම් මණ්ඩලයට අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තා කෙටුම්පත.’ (එම අතුරු වර්තා කෙටුම්පත මාධ්‍යයට පෙන්වයි) ඔබට මතක ඇති මේ ව්‍යවස්ථා සම්පාදක කටයුතු ඇරඹුණු ආකාරය. මුලින්ම 2015 දෙසැම්බරයේ පමණ මුළු පාර්ලිමේන්තුවම නාමිකව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කළා. ඉන් පසු ව්‍යවස්ථාවේ මූලිකාංග 06ක් ගැන මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට වාර්තා 06ක් ඉදිරිපත් කිරීම පිණිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අනු කමිටු 06ක් ද පිහිටුවනු ලැබුවා. මේ ක්‍රියාවලිය අරඹන විටම ජානිපෙ අපි මේ ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලියෙන් ඉවත් වූවා. එසේම කථානායකවරයාට ලිඛිතව දැනුම් දුන්නා, ‘ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 05 දෙනා මෙම බෙදුම්වාදී ව්‍යවස්ථාවක් හැදීමේ කටයුත්තෙන් ඉවත් වන බව.’ නමුත් අපේ වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා මා ඉහත කී එක් අනුකමිටුවකට වැරදීමකින් ඇතුළත් කර තිබුණා. අපි ඒ බව කථානායකවරයාට දැනුම් දී නිවැරදි කර ගත්තා. ඒ අනුව මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කළා කියා කියන කතාව බොරුවක්. අපි මුල සිටම ඉන් ඉවත්වයි ඉන්නේ. කෙසේ නමුත් මේ වන විට පාර්ලිමේන්තුවට ඉහත කී අනු කමිටු 06හි වාර්තා ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය සමඟ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්‍ෂ නියෝජිතයන්ගෙන් පිහිටවූ මෙහෙයුම් කමිටුවට අගමැතිවරයා අතුරු වාර්තා කෙටුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා. හැබැයි ඒක ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තා කෙටුම්පත’ කියලයි නම් කර ඇත්තේ. ඒ අනුව මෙහෙයුම් කමිටුවේ සෙසු සාමාජිකයන්ට ද නොදැනෙන සේ අගමැතිවරයා පිටතින් හදාගත් කෙටුම්පතක් ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තා කෙටුම්පත’ නමින් ඉදිරිපත් කර අවසන්. එයයි මා ඔබ ඉදිරියේ තැබුවේ. නව ව්‍යවස්ථාවට අදාළ අකුරක්වත් ලියා නැතැයි දස අතේ දිවුරන මේ හොර රැල අද පාර්ලිමේන්තුව පමණක් නොවෙයි, පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්‍ෂවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව ද නොමඟ යවා තිබෙනවා. දැන් මාධ්‍යවේදී ඔබට පැහැදිලි ඇති මේ අපි කතා කරන්නේ ඉපදුණේ නැති දරුවකු ගැන නොවෙයි කියා. දැන් දරුවා ඉපදිලා. තවම ඇවිදින්නේ නැති එක විතරයි අඩුව.

දැන් මේ ආණ්ඩුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදීම වෙනුවෙන් මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කරමින් එහි මෙහෙයුම් මණ්ඩලයක් ද පිහිටුවා එමගින් අතුරු වාර්තා කෙටුම්පතක් ද ඉදිරිපත් කර අවසන්. හැබැයි ප්‍රශ්නය තිබෙන්නේ, එම වාර්තාව පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්‍ෂවල නියෝජිතයන්ගෙන් සමන්විත එම මෙහෙයුම් කමිටුවේ වාර්තාවක් ලෙස නම් කර තිබුණාට එය මෙහෙයුම් කමිටුවේ සභාපති වන අගමැති රනිල් වික්‍රමසිංහ පිටතින් හදාගෙන ඇවිත් කමිටුවට දමපු අතුරු වාර්තාවක් වීමයි. (යළි අවධාරණය කරයි)

‘ඒකාබද්ධ විපක්‍ෂය රනිල්ට ලියූ ලිපිය’

මේ විදියට මෙහෙයුම් කමිටුවට අගමැතිවරයා එහි සභාපති ලෙස තමන්ගේ අතුරු වාර්තාවක් ඉදිරිපත් කරලා ඒක මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව ලෙස නම් කිරීම පිළිබඳව සහ එම අතුරු වාර්තාවේ සඳහන් කරුණු පිළිබඳව සිය නිරීක්‍ෂණ, මෙහෙයුම් කමිටුවේ ඒකාබද්ධ විපක්‍ෂයේ නියෝජිතයන් දෙදෙනා වන දිනේෂ් ගුණවර්ධන සහ ප්‍රසන්න රණතුංග යන මහත්වරු පිටු 07ක ලිපියක් මගින් යවා තිබුණා. එම ලිපියෙහි සඳහන් ඉතා වැදගත් නිරීක්‍ෂණ 02ක් මම ඔබගේ අවධානයට යොමු කරනවා. ඒ අනුව, කරුණු දැක්වීම 1 යටතේ පෙන්වා දෙනවා,

‘උක්ත අතුරු වාර්තා කෙටුම්පත සකස් කිරීම ද, ඉහත සඳහන් ක්ෂේත්‍රයන් හා ඒවායේ සීමාවන් තීරණය කිරීම ද කවුරුන් විසින් සිදු කරනු ලැබුවේ ද යන්න පිළිබඳව කිසිදු සඳහනක් එම අතුරු වාර්තා කෙටුම්පතේ සඳහන් කර නොමැත. එබැවින් එම අතුරු වාර්තාව (කෙටුම්පත) මේ වන විට මෙහෙයුම් කමිටුවේ සිටින සියලුම සාමාජිකයන් විසින් ගන්නා ලද තීරණයක් හෝ අදහස් අනුව සකස් කර නොමැති බවත්, මෙහෙයුම් කමිටුවෙන් පරිබාහිර තැනැත්තන් විසින් මෙහෙයුම් කමිටුව විසින් මුලින් තීරණය කරනු ලබන නිර්ණායක හා ක්ෂේත්‍රයන් පිළිබඳ විමසීමක් නොකොට සකස් කරනු ලබන මෙවැනි වාර්තාවන් සලකා බැලීම හෝ අනුමත කිරීම පිණිස මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටින ලෙසටත් මෙහෙයුම් කමිටුවේ සභාපති වෙත මෙයින් දන්වා සිටිනු ලැබේ.’ කියා.

මා පවසන දෙවන වැදගත් නිරීක්‍ෂණය, පවතින ව්‍යවස්ථාවේ 05 වන වගන්තියට අදාළවයි ඉදිරිපත් කර ඇත්තේ.

‘යෝජනා කර තිබෙන සූත්‍රණය එක හෙළාම ප්‍රතික්ෂේප කර සිටිමු. එම සූත්‍රණයන් මගින් ශ්‍රී ලංකාවේ දේශ සීමාවන් සම්පූර්ණයෙන්ම අවිනිශ්චිත භාවයකට පත්කරනු ලැබේ. තව ද එහි සඳහන් (ඊනියා) 20 වැනි උපලේඛනය පිළිබඳව හෙළිදරව්වක් කර නොමැති අතර එවැනි උපලේඛනයක් සම්බන්ධයෙන් සඳහන් කිරීම මගින් ගම්‍ය වන්නේ එවැනි උපලේඛනයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක කෙටුම්පතක් මේ වන විටත් සාදා නිම කර ඇති බව හා එම කරුණ මෙහෙයුම් කමිටුවේ සියලු සාමාජිකයන් ගෙන් පාර්ලිමේන්තුවෙන් හා ජනතාවගෙන් වසන් කර තිබෙන බවකි.’ යනුවෙන් එම නිරීක්‍ෂණයෙන් පෙන්වා දී තිබෙනවා. ඒ අනුව අපට යළි යළිත් තහවුරු කළ හැකියි, ‘දරුවා ඉපදිලා ඉවරයි, තවම ඇවිදින්නේ, කතා කරන්නේ නැති එක විතරයි අඩු. ඒකාබද්ධ විපක්‍ෂය මේ වන විට මේ අතුරු වාර්තාවට විරුද්ධත්වය පළ කරලා ලිපියකුත් යවා අවසන්’ කියා.

‘දඩෝරියෝ ටික නිදහස් කළා’

ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ඒ සංඝ විධානය ආණ්ඩුවට ඉදිරිපත් කළාම ආණ්ඩුව හැසිරුණේ කොහොමද? මේ රටේ ඓතිහාසික සම්ප්‍රදාය අනුව එය ශිෂ්ටසම්පන්නව බාර ගැනීම නොවෙයිද සිදු විය යුත්තේ? නමුත් ආණ්ඩුව සිදු කළේ තම දඩෝරියන් ටික නිදහස් කිරීමයි. මේ ආණ්ඩුවට ඉන්නවා මේ වගේ වේලාවට බුරන්න හදා ගත්තු දඩෝරියෝ ටිකක්. සමහරු රතුපාට දඩෝරියෝ, තවත් සමහරු එන්ජීඕ දඩෝරියෝ. මේ ඔක්කොම දඩෝරියෝ මහා සංඝරත්නයට බුරන්න පටන්ගත්තා. කසාවතට නිඟා කරන්න පටන් ගත්තා. ජනාධිපතිවරයා මේ සංඝ විධානයෙන් පස්සේ ත්‍රෛනිකායික මහනාහිමිවරුන් සමඟ මහනුවරදී සාකච්ඡා කරන විටම ආණ්ඩුව මේ දඩෝරියෝ ටික ලවා මහා සංඝරත්නයට බැන වදිනවා, බුරාගෙන හපා කන්න යවනවා. ඒ ජවනිකා මහ ඉහළින් ආණ්ඩුවේ නාලිකා ඔස්සේ විකාශය කරනවා.

‘ආණ්ඩුවට නව ව්‍යවස්ථාවක් හදන්න ජනවරමක් නැහැ තමයි’

මේ දඩෝරියෝ ටික කියන්නේ ‘මහනාහිමිවරුන් මේ ආණ්ඩුවට නව ව්‍යවස්ථාවක් හදන්න ජන වරමක් නැහැ කීම වැරදියි’ කියලයි. නමුත් 2015 ජනවාරි 08 මේ ආණ්ඩුව බලයට පත් කිරීමට මූලික වූ රතන හාමුදුරුවොත් පිළිගන්නවා ‘2015 ජනවාරි 08 වැනිදා නව ව්‍යවස්ථාවක් හැදීමට ජනවරමක් ලැබුණේ නැහැ. ජනමත විචාරණයකට තුඩු නොදෙන වෙනස්කම් කිරීමට පමණයි ජනවරම ලැබුණේ’ කියා. එහෙම තිබියදී මේ කුලී හේවායෝ ටික කියන්නේ කොහොමද ‘ජනවරමක් තිබෙනවා’ කියා?

ඒ වගේම මේ ජාතික ආණ්ඩුව නියෝජනය කරන අයට මහ මැතිවරණයේදී නව ව්‍යවස්ථාවක් හැදීමට ජනවරමක් ලැබුණද? නැහැ. එජාපය තමන්ගේ මැතිවරණ ප්‍රකාශනයේ නව ව්‍යවස්ථාවක් පිළිබඳව සඳහන් කර තිබෙන්න ඇති. නමුත් මේ රටේ බහුතර ජනතාව එම මැතිවරණ ප්‍රකාශනය ප්‍රතික්ෂේප කර තිබෙනවා. එජාපයට මහ මැතිවරණයෙන් මන්ත්‍රී ආසන 113ක් ලබා ගැනීමට හැකි වුණේ නැහැ. එජාපයට සහ ජවිපෙට ලැබුණු මන්ත්‍රී ආසන සංඛ්‍යාව එකතු කළත් 113ක් වෙන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුව ‘නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදීමට ජනවරමක් ලැබුණා’ කීම සම්පූර්ණ ප්‍රෝඩාවක්. ජවිපෙ දඩෝරියෙක් කියන්නේ ‘මහනාහිමිවරුන්ට ඔවුන්ගේ මතය කීමට අයිතියක් තිබෙනවා. නමුත් ආණ්ඩුව ජනවරම අනුව කටයුතු කළ යුතුයි’ කියලයි. බලන්න අද මේ ජවිපෙ දඩෝරියන් ආණ්ඩුව හමුවේ හුරතල් වන විදිය. එදා මේ විදියේ ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන එන බව දැන ගත්තාම ජවිපෙ කීවේ කුමක්ද? ‘ෆෙඩරල් ව්‍යවස්ථාව වහා හකුළා ගනු!’ කියලයි. නමුත් අද සිදුව ඇති වෙනස බලන්න.

‘කසාවතට නිඟා කිරීම දැඩි පිළිකුළෙන් හෙළා දකිනවා’

‘ඒකීය රාජ්‍යය වෙනස් නොකළ යුතුයි, බුද්ධාගමට ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති ප්‍රමුඛතාව ආරක්‍ෂා කළ යුතුයි’ කියා කියන්න මහා සංඝරත්නයට අයිතියක් නැද්ද? සත්‍ය ගවේෂණ කොමිසමක් පිහිටුවීම, උතුරු – නැඟෙනහිර සිංහල ජනතාව වෙනුවෙන් ඇමතිවරයකු පත් කිරීම, මධ්‍යම සංස්කෘතික අරමුදල් පනත සංශෝධනය කිරීම, භික්‍ෂූන් වහන්සේට කරන අගෞරව නතර කිරීමට පියවර ගැනීම ආදී පුළුල් යෝජනාවලියක් මේ සංඝ විධානය තුළ තිබෙනවා. මේ කිසිවක් පිළි නොගෙන, මේ රටේ ඓතිහාසික සම්ප්‍රදායට නොගැලපෙන සේ මහා සංඝරත්නය හපා කෑමට තම දඩෝරියන් නිදහස් කිරීමේ ත්‍රාඩ ක්‍රියාව අපි දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකිනවා.

‘සඳ – හිරු සෑය සහ ටයර් සෑය’

‘සඳ-හිරු සෑය හදපු එක වරදක්. පව් සමා කර ගන්න ඉරටු තිබෙන කොස්සෙන් වැලි මළුව පිහ දාන්න’ කියා හිටපු ජනාධිපතිතුමාට දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා. ඔබතුමා ඒ ජාතියේ කොස්සක් හොයා දෙන්න. අපි හිටපු ජනාධිපතිතුමාට එවිට එය ගිහින් දෙන්නම් මළුව පිහ දාන්න. (මාධ්‍යවේදීන්ගේ සිනා) අද ‘සඳ – හිරු සෑය’ හදපු එක වැරදියි කියන්නේ රට වටේ ‘ටයර් සෑයවල්’ හදපු අයයි. ‘සඳ – හිරු සෑය’ හදපු එක වරදක් නම් පව් සමා වෙන්න මාස තුනයිනේ මළුව අමදින්න ඕනෙ. නමුත් ටයර් සෑයවල් හදලා මිනී පුච්චපු අයට රට වටේ තිබෙන හැම සෑයක්ම 365 දවසෙම ඉඳලෙන් අතුගෑවත් ඒ පව් කමා කරගන්න බැහැ.

‘බුද්ධාගමට ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති ප්‍රමුඛතාව’

බුද්ධාගමට ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති ප්‍රමුඛතාව ඒ විදියටම ආරක්‍ෂා කරනවා නම් මා ඔබට පෙන්වූ අගමැතිවරයා ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තා කෙටුම්පතට, ‘බුද්ධාගමට ප්‍රමුඛතාව ලබා දීමට’ අදාළව වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති 09 වැනි ව්‍යවස්ථාවට විකල්ප 07ක් ඇතුළත් කර ඇත්තේ ඇයි?්’ බුද්ධාගමට අත තියන්නේ නැත්තම් ඇයි විකල්ප 07ක් ඉදිරිපත් කරන්නේ? මේ හදන්නේ පවතින තත්වය වෙනස් කිරීමට නොවෙයිද? අනෙක මේ අතුරු වාර්තා කෙටුම්පත මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තා කෙටුම්පත නොවෙයිනේ. රනිල් වික්‍රමසිංහ ඒ නමින් පිටින් හදාගෙන ආපු එකක්නේ. ඒ නිසා අනිවාර්යෙන්ම මේ අය ‘බුද්ධාගමට ප්‍රමුඛතාව ලබා දීම සහ මූලික අයිතිවාසිකම් පටලවා’ බුදුදහමට ඓතිහාසිකව ලැබී තිබෙන ප්‍රමුඛතාව අහිමි කිරීමට සැරසෙන බව ද පෙනෙනවා.

‘ඒකාබද්ධයෙන් ඉල්ලීමක්!’

මා ඉහත කී පිටු 07ක ලිපිය ඒකාබද්ධ විපක්‍ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කර තිබුණේ 2017-04-03 දිනයේයි. මේ ලියැවිල්ල මීට කලින් මාධ්‍ය වෙත නිකුත් කර තිබූ එකක් නොවෙයි. එමගින් කියැවෙනවා ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ නමින් ඉදිරිපත් කර ඇති අතුරු වාර්තා කෙටුම්පත එම කමිටුවේ වාර්තාවක් නොවෙයි එහි සභාපති, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ එකක්. එය පිළිගත නොහැකියි’ කියා. දැන් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ද ‘ආණ්ඩුවට නව ව්‍යවස්ථාවක් හැදීමට ජනවරමක් ලැබී නැහැ’ කියා පවසා තිබෙනවා. මේ සියලු කරුණු අනුව ඒකාබද්ධ විපක්‍ෂය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවෙන් සහ මෙම ව්‍යවස්ථා සම්පාදක කාර්යයෙන් ඉවත් විය යුතුව තිබෙනවා. ඒකාබද්ධ විපක්‍ෂය මේ මෙහෙයුම් කමිටුව නියෝජනය කළත් දැන් ඉතා හොඳින් පෙනෙනවා මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තා කෙටුම්පත හදන්නේ ඒකාබද්ධ විපක්‍ෂය නොමඟ යවමින් බව. මේ ක්‍රියාවලියේ දිගටම රුඳී සිටියොත් ඒකාබද්ධ විපක්‍ෂයට සිදු වන්නේ අනුන්ගේ මල් වට්ටියකට අත ගහන්න, මේ ආණ්ඩුවේ රට බෙදන පාපී ව්‍යවස්ථාවට කරගහන්න. ඒ නිසා අපි ඉතාමත් ගෞරවයෙන් ඉල්ලනවා, ‘දැන්වත් මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක කාර්යයෙන් ඉවත් විය යුතුයි’ කියලා”

මෙම මාධ්‍ය හමුවට ජානිපෙ ගම්පහ දිස්ත්‍රික් නායක, පළාත් සභා මන්ත්‍රී ලලන්ත ගුණසේකර මහතා ද සහභාගී විය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2017-07-09

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    ප්‍රියතම මන්ත්‍රීතුමා, ඒකාබද්ධ විපක්ෂයට සුදු හුණු ගෑම ඇරුණුකොට, ඉතුරු ටික හොඳ කතාවක්.

    ෆෙඩරල් ව්‍යවස්ථාව ගැන රටම කතා කරන වෙලාවක ජාතික නිදහස් පෙරමුණ ආපහු තමන්ගේ ස්ථාවරය පැහැදිලි කරපු එක හොඳයි. හැබැයි ඒකාබද්ධ විපක්ෂය ගැන නම් කතා කරලා වැඩක් නැහැ. රනිල්ටත් වඩා ඒකට වැඩි උවමනාව තියෙන්නේ ඒකාබද්ධ විපක්ෂයට කියන එක පැහැදිලිවම පේනවා. හෝදලා වැඩක් නෑ. ලංකාවම දන්නවා. අන්තිමට මම/අපි වැඩි දෙනා විරුද්ධ වෙලා හිටපු President ටම කියන්න සිද්ධ වුනා රනිල්ගෙනුයි රනිල් එක්ක හවුලෙ රට පාවලා දෙන ඒකාබද්ධ විපක්ෂයෙනුයි රට බේරලා දෙන්න කියලා. ලැජ්ජයි.

    රනිලුයි ආණ්ඩුවයි මහා සංඝ රත්නයට අපහාස කර කරා හිතනවා නම් මර්දනය කරන්න ඒක වෙන්නේ නැහැ. මම දැක්ක දඹුල්ලේ හාමුදුරුවරු ආණ්ඩුවට අභියෝග කරලා තියෙනවා දඹුල්ල පන්සල වහන්න දෙන්නෙ නැහැ කියලා. මම කැමති ඒ විදියට. අසාධාරණයට අයුක්තියට හිස නමන්න හොඳ නැහැ. හාමුදුරුවරු අවුරුදෙක හමාරක් තිස්සේ කට වහාන හිටපු නිසා තමයි රනිල් හාමුදුරුවරු හිරේ දැම්මේ, කට වහන්න හැදුවේ. මම දැක්ක අර අලි තියාගෙන හිටියා කියලා නඩු දාපු හාමුදුරුවරු ඇතුළු තිස් ගානකට ඒ අලින්ගේ අයිතිය ඔප්පු කරන්න කල් දීල තියෙනවා. ඇති යන්තම්. නඩු දාන්න ඉස්සෙල්ල කියන්න තිබ්බනේ ලියකියවිලි නැත්නම් ඒවා හදා ගන්න කියලා. ඇත්තටම මම දැන ගෙන හිටියේ නැහැ ගෙදරක හරි පන්සලක හරි අලියෙක් තියා ගන්න ලියුමක් ඕනේ කියලා. මම හරියට දන්නේ නැති හින්දා අහන්නේ, හරකුන්, එළුවන්, කුකුලන්වත් ගෙදර තියා ගන්න ලියුම් ඕනෙද දන්නේ නැහැ නේද? සමහර වෙලාවට කැලේ ඉඳල වතු වලට හාවොත් එනවනේ, අර දුඹුරු පාට කැලා හාවෝ ඉන්නේ, එවුන්ටත් ලියුම් ඕනෙද දන්නේ නැහැ, ownership for visiting wild animals කියලා.

    විමල් මම හරිම කැමති හාමුදුරුවරු වෙනුවෙන් කතා කරපු එකට. මම සමහර හුඟක් ඈත කාලේ පින්තූර දැක්ක, විමල් වැඩිපුර ඉස්සර ඉඳලා තියෙන්නෙම හාමුදුරුවරු එක්ක නේද?

    ආණ්ඩුවට අලුත් ව්‍යවස්ථාවක් හදන්න ජනවරමක් නැහැ. අනිත් එක මොකෝ මේ රටට අයිතියක් තියෙන්නේ ඒගොල්ලන්ට චන්දෙ දීපු මිනිස්සුන්ට විතරද? ඇයි අනිත් මිනිස්සුන්ට අයිතියක් නැත්ද කතා කරන්න? එහෙම කොහොමද ඒගොල්ලන්නට ඕනේ ඕනේ විදියට වැඩ කරන්නේ.

    මට හිතෙන්නේ මම මේක ඔය ව්‍යවස්ථාව ගැන විමල් ලංකාවටම කියපු මුල කාලෙමදීම වගේ කිව්වා. රනිල් ඔය පාර්ලිමේන්තුවට පෙන්නලා සම්මත කරගන්න හදන්නේ ඇත්ත ව්‍යවස්ථාව නෙමෙයි, හොර එකක්. ඊට පස්සේ පාස් වුනාට පස්සේ රනිල් කරන්නේ වෙන එකක් ඒකට replace කරන එක. ව්‍යවස්ථාව ඔය විදියට අවුල් කර කර කොටස් වශයෙන් ගේන එකේ තේරුම ඒක. අවුල් කරන්නේ උවමනාවෙන්ම. අනිත් එක විමල් ඔයා ඕකට උනන්දුවක් අරගෙන කියවලා අනිත් අයටත් පැහැදිලි කලාට,මම නම් හිතන්නේ නැහැ පාර්ලිමේන්තුවේ 5/6ක්වත් ඕක තේරුම් ගන්නවා තියා කියවලාවත් ඇති කියලා. අන්තිමට වෙන්නේ වැඩි දෙනෙකුට ඕක එපා වෙනෙක. ඊට පස්සේ රනිල් ඇරනහම කිසි කෙනෙක් දන්නේ නැහැ, ඇත්ත ව්‍යවස්ථාව මොකක්ද කියල. ඒ නිසා රනිල් ගේන ව්‍යවස්ථාවට හරි සංශෝධන වලට හරි සහයෝගය දෙන හැමෝම කරන්නේ ආත්මාර්ථකාමී බල ලෝභය වෙනුවෙන් රටම පාවලා දෙන එක.

    දළදා සමිඳු පිහිටයි විමල් ඔයාට. ඔයාවත් හිටියේ නැත්නම් අද අපිට රටක් ඉතුරු වෙන්නේ නැහැ.

  2. Champa Reply

    මගේ comments වල හදිසි වෙනසක් පේනවද? අනේ මට හරිම creepy වැඩක් වුනා ඔයා හින්දා. පස්සේ ලියන්නම්.

    • Champa Reply

      Oh, I shall write about “this” later. (Really creepy). Sweetheart, remember I have been telling you to do the external degree since last year. I think I have said that more than 25 times. Could you please register at least? Look, you have already written 6 books. The last book, “The Left, the country needs” (without political parts) would otherwise fit for a thesis. The language you have used was little too advance, I mean my Sinhala is excellent, however, somethings I couldn’t get right away. Wimal, will you please? And English, too. I would like to see you writing a similar book in English. Do you know, in an African country an old person has learnt the English alphabet at the age of 94 and written a book in one year! Cheers!

      I saw the poster of your next seminar, wal AAnduwa… 😀 😀 😀 And “La La Land”. (Anyway, I saw progress. Well done. I wish you all the very best!).

  3. Champa Reply

    මට හිනාත් යනව දැන්. මම හිතුව මාත් එක්ක තරහට මේ photo එක dark කරලා කියල. ඒ මදිවට මාත් එක්ක තරහ නැති මිනිස්සුන්ටත් කළු අන්දන් එක්කන් ඇවිල්ල කියල මම කවියක් ලිව්ව දවස් දෙකකට වගේ ඉස්සෙල්ල ඕකට මං හිතන්නේ. එව්වේ නැහැ. පොඩ්ඩක් ඉන්න save කලාද දන්නේ නැහැ, තිබ්බොත් එවන්නම්.

    • Champa Reply

      යකඩ වුනත් උණු වෙනවැයි කියන්නේ
      ලීයෙන් කල හදවත උණු නොවෙන්නේ

      නපුරුකමට කළුපාටම අඳින්නේ
      අහක ඉන්න එවුනුත් කළු අඳින්නේ

      පුංචි දෙයක් අල්ලන් පලි ගහන්නේ
      ලොකු දේකට, අම්මෝ, බය හිතෙන්නේ

      කොටි වල්ගය අල්ලන් දුක් විඳින්නේ
      පෙර පිනකට මහ බඹු මා නොදන්නේ

      (පේනව නේද, මම හරිම ඉක්මනට conclusions වලට එනවා. පොඩි තැනක් වෙනස් කළා. පව් කියලා. This is not relevant now. Please delete this after reading).

      • Champa Reply

        Hello Admin, can you please delete this before WW sees this. I think I made a mistake.

        අනේ අයියෝ, කොටි වල්ගේ කිව්වා කියල දැන් ආයේ තරහ වෙයිද දන්නේ නැහැ. අපරාදේ මේක එව්වේ. Please delete this asap.

        • Champa Reply

          විමල් ඔයාට විහිළු තේරෙනවනේ හදිසියෙන්වත් මේක (the verses above) දැක්කොත් තරහා වෙන්න එපා හොඳේ. මම ඉතින් ඔයා වගේ 100%ක් serious නැහැනේ. මම 50% jovial soft character එකක් කියලා කියල තියෙනවනේ.

        • Champa Reply

          Hey, c’mon Admin, I told you to remove this.

          මේ site එකට අරකට වගේ ගංකබරයෙක් නැත්ද අප්පා?

          දැන් අරයා දකියි මේක. ඉවරයි.

  4. Champa Reply

    දවල් දෙයක් ලියන්න හිතුව ආයේ නිකම් හිටියා අනවශ්‍ය ඇඟිලි ගැහීමක් කියලා. හැබැයි ඒක ආයේ හිතුන දෙයක් දැකල. අර මං කිව්වේ ඔයා අළුත් පක්ෂයක් හදයි කියල. ඊට පස්සෙත් ඒකම හිතුන. අඩුගානේ නමවත් වෙනස් කරයි සමහරවිට කියල. දැන් මම දැක්ක එහෙම එකක් ඔයාගේ පක්ෂෙ නමට සමාන පක්ෂයක් UNFF. (එක්සත් ජාතික නිදහස් පෙරමුණ)

    There are specific laws in some countries when registering new political parties. People are not allowed to use names of already registered political parties, as it is or even partly, as it will confuse voters.

    * For an example, in UK, a new party called “Scottish Democratic Party” was NOT allowed as there was an already registerd party called “Scottish Democratic Alliance”.

    * Another example: “The Yorkshire Socialist Alliance” was NOT allowed to register as there was a party called “Socialist Alliance” already registered.

    Therefore, a new party called “United National Freedom Front” will definitely confuse already established “National Freedom Front” and its membership, not to mention the entire country as a whole.

    I think this is a gross violation of the rights of your party members. The name is extremely similar – almost – I mean 99%.

    They can even print party posters or any leaflets, even election posters, whatever, making “National Freedom Front” in big bold letters and the word “United” in small letters or may be in italic which will definitely confuse the registered membership of you party. And people might even not notice at all that the word “United” is there.

    You may seek legal advice. And, I hope you will remember I told you sometime ago what type of lawyers you should consult.

  5. Champa Reply

    මම ඔයාගේ video එක (last part) බලන්න ඉස්සෙල්ල වෙන තැනක our land කියා කියා ලිව්වා. ඔයා කියපුවම වෙන විදියකට. පේනවනේ great minds think alike.

Leave a Reply

*