BREAKING NEWS

මහබැංකු මහා කොල්ලයේ මහමොළකරුට පොලිසිය භාර දීම, හොර පූසකුට උම්බලකඩ පොල්ලකින් ගැහුවා වගේ වැඩක්

මහබැංකු මහා කොල්ලයේ මහමොළකරුට පොලිසිය භාර දීම, හොර පූසකුට උම්බලකඩ පොල්ලකින් ගැහුවා වගේ වැඩක්

– ජානිපෙ නායක විමල් වීරවංශ

ජනාධිපතිවරයා විකට ඇමැති මණ්ඩල සංශෝධනයක් සිදු කොට ඇති බවටත් එමඟින් මහ බැංකු මහා කොල්ලයේ මහමොළකරුට පොලිසිය ද අයත් වන නීතිය හා සාමය අමාත්‍යාංශය භාර දීම හොරා කා පැන යන බළලකුට උම්බලකඩ පොල්ලකින් පහර දීමකට සමාන බවටත් ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා චෝදනා කර සිටියි.

අද (26) ජාතික නිදහස් පෙරමුණේ පිටකෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහතා මෙසේ චෝදනා කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“මැතිවරණ ප්‍රතිඵලයෙන් හිරි වැටිලා ‘කළ යුත්තේ කුමක්ද?’ කියා නිනව් නැතිව සිටි ආණ්ඩුව ‘කන්දක් විලි ලා මී පැටියෙක් වැදුවා’ වගේ ඊයේ (25) මහා විකට ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු කර තිබෙනවා. ඒ විකට ඇමති මණ්ඩල සංශෝධනයෙන් පසුව ජනතාව, ‘බඩ අල්ලාගෙන හිනා වෙනවාද? වෙනත් යමක් කරනවාද?’ කියා අද සිතමින් ඉන්නවා.

‘හොර පූසකුට උම්බලකඩ පොල්ලකින් ගහනවා වගේ වැඩක්’

මැතිවරණ සමයේ ‘අගමැතිතුමනි මට හොරු අල්ලන්න ශක්තිය දෙන්න’ කියා ඉල්ලපු ඒ වගේම ඒ දිනවල ‘එක්සත් ජාතික පක්ෂයේ කට්ටිය දින විස්සක් යන කොට හොරකම් කරන්න පටන් ගත්තා. බැදුම්කර හොරුත් එක්ක මට ආයේ ආණ්ඩුවක් කරන්න බැහැ’ කියා කියපු ජනාධිපතිවරයා අවසානයේ යන්තම් 13%ක එජාප විරෝධී ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. නමුත් එවැනි රඟපෑමක නිරත වූ ජනාධිතිවරයා ඊයේ (25) ඇමති මණ්ඩල සංශෝධනයෙන් සිදු කළේ කුමක්ද? මහබැංකු මහා කොල්ලයේ මහමොළකරුට පොලිසිය සමඟ නීතිය හා සාමය අමාත්‍යාංශය භාර දීම. මැතිවරණ දිනවල ජනාධිපතිවරයා කරපු, කියපු දේවල් එක්ක ජනතාව හිතුවේ මැතිවරණයෙන් පස්සේ මහබැංකු මහා කොල්ලයේ මහ මොළකරුව අත්අඩංගුවට ගන්න කියා ‘පොලිසියට නියෝග දෙයි’ කියලයි. නමුත් දැන් වෙලා තියෙන්නේ, හොරා කාලා පැනලා යන පූසකුට උම්බලකඩ පොල්ලකින් ගහනවා වගේ’ වැඩක්.

‘අලි මදිවට හරක්’

මහ බැංකු මහා කොල්ලය කියන්නේ දකුණු ආසියාව තුළ සිදු වූ බරපතළම මූල්‍ය වංචාවයි. එවැනි මූල්‍ය වංචාවක් සිදුකොට රටේ ආර්ථිකය කාබාසිනියා කළ බවට එජාපයට චෝදනා කරලා තමයි ජනාධිපතිවරයා මෙතරම් හෝ එජාප විරෝධී ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තේ. එහෙම ඡන්ද අරන් අන්තිමේ දී එක්සත් ජාතික පක්ෂයත් සමඟ ඉදිරියට යන්න තීරණය කරලා ‘අලි මදිවට හරක් කිව්වා වගේ’ පොලිසියත් එක්සත් ජාතික පක්ෂයට භාර දෙමින් ජනාධිපතිවරයා රඟ දක්වමින් සිටින්නේ කවර ජවනිකා ද? මෙවැනි උසුළු විසුළු කරමින් මේ රටට ඉදිරියට යන්න පුළුවන් ද? දැන් බලන්න සාගල රත්නායකට භාර දුන්නා තරුණ කටයුතු අමාත්‍යාංශය. ඒක හරියට ‘නරියට කුකුල්ලු බාර දුන්නා වගේ’ නොවෙයි ද? (මාධ්‍යවේදීන්ගේ සිනා) මේ අය මේ රටත් එක්ක නේද මේ විදියට සෙල්ලම් කරන්නේ? මේ සංශෝධනවලට අද එක්සත් ජාතික පක්ෂයේම මැති ඇමතිවරුන් සිනහ වෙනවා. ඒ නිසා දැන්වත් මේ විකට ජවනිකා නතර කර, තම ධුරවලින් ඉල්ලා අස් වී සැබෑ ජන වරමකට ඉඩකඩ සලසන ලෙස අපි අගමැතිවරයාගෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

‘රෝහල්වල රෙදි සේදීමත් ඉන්දීය සමාගමකට’

ඒත් මේ සුළුතර ජන බලයක් නොමැති ආණ්ඩුව තවමත් රටට හතුරු න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම අතහැර නැහැ. තවමත් මේ රට ඉන්දියාවේ කොලනියක් බවට පත් කරන එට්කා ගිවිසුම අත්සන් කරන්න හදනවා. ශ්‍රී ලංකාවේ සේවා ආර්ථිකය මුළුමනින්ම ඉන්දියාවට විවෘත කර දෙන මේ වෙළඳ ගිවිසුම අත්සන් කරන්නත් කලින් ශ්‍රී ලංකාවේ රෝහල්වල රෙදි ටික සෝදන එක ඉන්දියානු සමාගමකට භාර දී තිබෙනවා. මේ රටේ දහස් සංඛ්‍යාත පිරිසක් රෝහල්වල රෙදි සේදීම ආශ්‍රිත කර්මාන්තයෙන් තමන්ගේ ජීවිකාව පවත්වාගෙන ගියා. දේශීය සමාගම් විසින් මෙතෙක් කලක් රජයේ රෝහල්වල රෙදි සෝදා, මැද දීම නියමිත ප්‍රමිතියට හා නියමිත ක්‍රියාපටිපාටියට අනුව මැනවින් ඉටු කර දුන්නා. ඔවුන් ඒ කටයුත්ත නිසි අයුරින් ඉටු නොකරන බවට කිසිදු චෝදනාවක් මෙතෙක් ඉදිරිපත් වී නැහැ. එසේ තිබියදී තමයි, තමන්ට කුට්ටියක් ලැබෙන නිසා රෝහල්වල රෙදි සේදීම ඉන්දීය සමාගමකට පවරා දෙන්නේ. අද එට්කා ගිවිසුම අත්සන් කිරීමටත් ප්‍රථම එහි ඇතැම් වගන්ති මේ ආකාරයට මේ සුළුතර, ජන බලයක් නොමැති ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරමින් සිටිනවා. තව ටික දිනකින් පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි ටිකත් එහෙට මෙහෙට වේවි. ඒ නිසා අපි මේ සුළුතර ජන බලයක් නැති ආණ්ඩුවට බල කර කියා සිටිනවා, ‘මේ ජනතා විරෝධී තීන්දුව වහා හකුළා ගන්න’ කියා.

‘සක්‍රීය බැරකම් කළමනාකරණය…’

ඒ වගේම මේ වනවිට ‘සක්‍රීය බැරකම් කළමනාකරණ පනත් කෙටුම්පත’ නමින් පනත් කෙටුම්පතක් අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ පනත් කෙටුම්පත සම්මත වුණොත් ශ්‍රී ලංකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණයෙන් 10%ක මුදලක්, අගමැතිවරයාට කැමති පොලියකට, කැමති හෙට්ටියකුගෙන් ණයට ගැනීමට බලය ලැබෙනවා. මේ රටේ සමස්ත ණය බර රුපියල් බිලියන 10,000 නම් ඉන් 10%ක්, එනම් රුපියල් බිලියන 1000ක් ණයට ගැනීමට මෙමගින් අගමැතිවරයාට බලය ලැබෙනවා. මේ අතිවිශාල මුදල කැමති තැනකින්, කැමති පොලියකට ගැනීමේදී යම් අඩුපාඩුවක් සිදුව ඇතොත් ජනතාවට ඊට එරෙහිව සිවිල් හෝ අපරාධ අධිකරණයකට යෑමේ අයිතිය මෙම පනත මගින් අහුරා තිබෙනවා. අගමැතිට පමණක් නොවෙයි, ඊට සම්බන්ධවන නිලධාරීන්ට විරුද්ධව ද නීතිමය පියවර ගැනීමේ ඉඩකඩ මේ පනත මගින් අහුරා තිබෙනවා. මේ නව නීතිය මගින් මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු මූල්‍ය නීති ගණනාවක් නොතකා ණය ගැනීමේ බලය ලැජ්ජා බය නැති අගමැතිට ලබා දෙනවා. බැඳුම්කර මගින් රුපියල් බිලියන 10ක් ලබා ගැනීමේ දී සිදු කළ මහා මූල්‍ය වංචාව තමයි අද අපේ රටේ ආර්ථිකය කාබාසිනියා කර ඇත්තේ. මෙවැනි නීතිමය රැකවරණයක් නොමැති නිසයි, අර්ජුන් මහේන්ද්‍රන්ලාට, අර්ජුන ඇලෝසියස්ලාට එරෙහිව මේ තරමින් හෝ නීතිය ක්‍රියාත්මක වෙන්නේ. මෙවැනි පනතක් සම්මත වුණොත් මේ සිද්ධිගත බැඳුම්කර වංචාව වගේ සියගුණයක මූල්‍ය වංචාවන් සිදු කිරීමට ලැජ්ජා බය නැති අගමැතිවරයාට සහ ඔහුගේ ගජමිතුරු ටයිකෝට් හොර නඩයට ඉඩකඩ ලැබෙනවා. ඒ තක්කඩි වැඬේට එරෙහිව අපේ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා විසින් අද දිනයේ අධිකරණ ක්‍රියාමාර්ගයක් ගනු ලැබුවා. ඒ පිළිබඳවත් මේ මොහොතේ දී සිහිපත් කරනවා.

විශේෂයෙන්ම මතක් කරන්න ඕනෑ, අගමැතිවරයාට පොලිසිය භාර දුන්නා. ඒ කියන්නේ බැඳුම්කර හොරුන්ට මෙතැනින් එහාට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊළඟට බන්ධනාගාර රාජ්‍ය ඇමතිකම ෆුට්නෝට් කල්ලියේ අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයාට ලබා දී තිබෙනවා. එතුමා අර්ජුන ඇලෝසියස්ලාව හොඳට බලා ගනීවි බන්ධනාගාර රාජ්‍ය ඇමැතිවරයා විදිහට. මෙතෙක් කලක් මේ ආණ්ඩුව දිව්වේ, පොලිසිය, බන්ධනාගාර බස් එක, බන්ධනාගාරය හා උසාවිය පෙන්වමින්. දැන් පොලිසියත් අගමැතිගේ. බන්ධනාගාරයත් අජිත් පී. පරේරාගේ. උසාවියත් කාට දෙයිද දන්නෙ නැහැ. කොහොම වුණත් ඒ පරණ ජවනිකා ටික පෙන්වනවා හැර මේ අයට කරන්න වෙන වැඩක් නැහැ. ඒ නිසා රටේ අනාගත පරපුරේ කාලය කාබාසිනියා නොකර දැන්වත් ගෙදර යන්න, කියා අපි නැවතත් මේ ‘යහපාලන’ නඩයෙන් ඉල්ලා සිටිනවා”

මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලලන්ත ගුණසේකර, කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති, මෙවර නගරාධිපති ධුරයට පත් වීමට නියමිත බුද්ධික ජයවිලාල් යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2018/02/26

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    I am not bored Wimal. I need a ‘mental rest’ to recharge my batteries. Love you.

  2. Champa Reply

    හරිම කපටිය ඔයා. දැම්ම මගේ පාටවල්. තරහකාරය. ඔයා අඳින්න එපා මගේ පාට එහෙම මීට පස්සේ. මෙතැන මගේ website එක බලන්නත් එපා ඔයා. ඔයා මේක අවභාවිතා කරනවා.

  3. Champa Reply

    දැක්කද අර එහා පැත්තේ තියෙන මහින්දගේ කතාව? විමල්ට විශේෂ ස්තූතියක්ලු අවලාද වලට උත්තර දුන්නට. Oh, yeah yeah…..
    විමල් අවලාද වලට උත්තර දුන්නේ නැහැ. විමල් කපටිය. විමල් ඒ අවලාද වලට අදාල දේවල් කතා කළෙම නැහැ එක රස්වීමකදිවත්. උදාහරණයක් විදියට;
    විමල් ෆෙඩරල් ව්‍යවස්ථාව ගැන කතා කලේ නැහැ, ඒ මොකද කිව්වා නම් එතකොට මිනිස්සුන්ට මතක් වෙනවා මහින්දයි JO එකයි රනිල්ගේ ෆෙඩරල් ව්‍යවස්ථාදායක සභාවේ ඉඳගෙන ඒක හදන්න උදව් කළා මිසක් ඒකෙන් අයින් වෙලා ෆෙඩරල් ව්‍යවස්ථාව නවත්තන්න හැදුවේ නැහැ කියලා.
    විමල් OMP එක ගැන කතා කලේ නැහැ. ඒ මොකොද කිව්වා නම් එතකොට මිනිස්සුන්ට මතක් වෙනවා මහින්දයි JO එකයි ඒකට විරුද්ධව චන්දෙ දෙනවා තියා පර්ලිමෙන්තුවෙවත් එදා හිටියේ නැහැ කියල.
    විමල් හම්බන්තොට වරාය ගැන කතා කලේම නැහැ. ඒ මොකොද කිව්වා නම් එතකොට මිනිස්සුන්ට මතක් වෙනවා මහින්දයි JO එකයි හම්බන්තොටට වරාය ගැන පනතට විරුද්ධව චන්දෙ දුන්නේ නැහැ කියලා.
    විමල් කතා කලේ වල්පල්. කපටිය. JO එකට අවාසි වෙන මුකුත් කතා කලේ නැහැ. වහල දැම්ම. මිනිස්සුන්ව තනිකරම වශී කරගෙන ඉන්නේ කටින් ගහල. නැතනම් අර බලන්න ජනාධිපතිතුමා කිව්වා වැව් 2400ක් පිළිසකර කරනවා කියලා. මිනිස්සු හූම් නැහැ. වතුර නැහැ කියලා නහයෙන් අඬනවා. හැබැයි වැව් අර තරම් විශාල සංඛ්‍යාවක් පිළිසකර කරනවා කිව්වම වගේ වගක් නැතුව ඉන්නව. හැබැයි විමල් කිව්වහම අගමැතිට පොලිසිය දීම පැනලා දුවන පූසෙක්ට උම්බලකඩ පොල්ලකින් ගැහැව්ව වගේ
    කියල ලංකාවම හුරේ දානව, නියම කතාව කියලා කියනව. දෙන්නම එකයි. ගල් ආඳයි අංකූරයි. තකට තක. ඉන්නකෝ ඕගොල්ලන්ට හොඳ වැඩක් කරන්න 2019/2020දී.
    මම මේ දවස්වල කොන්ද පණ තියෙන මිනිහෙක් හොයනවා ජනතාව පැත්තෙන් ඉදිරිපත් කරන්න ජනාධිපතිවරණෙට. ඊට පස්සේ මම එයාට උදව්වට stage එකට එනව. විමල් හිතා ඉන්නේ එයා තමයි ලංකාවේ හොඳම කථිකය කියලා. මිනිස්සු කියනව ආසියාවේ රිදී සීනුවලු. කවුද පිස්ස්සියෙක් කිව්වා ජාතියේ රණහඬලු. ඒක නම් ඇත්ත වුනත් එයා වේදිකාව අවභාවිතා කරනවා එයාට ඕනේ ඕනේ විදියට. එහෙම හරි නැහැනේ. මට නම් එයා වගේ උම්බලකඩ පොල්ලෙන් ගුටි කාපු පූසෝ දුවනව වගේ ගස් ගල් වලටත් හිනා යන කතා කියන්න දන්නේ නැහැ. අගමැතිව පොලීසියට දෙනවා වෙනුවට පොලීසිය අගැමතිට දුන්න වගේ අහන් ඉන්න ඉර හඳටත් පිස්සු හැදෙන අප්‍රභංශ කතා කියන්න දන්නේ නැහැ. හැබැයි මම එයාගෙම වචන වලින් කතා කරනවා. ඉගෙන ගෙන ඇවිල්ල එයාට වඩා හොඳට වේදිකාවේ කතා කරනවා. එතකොට මිනිස්සු හිතයි රිදී සීනුව කියල තියෙන ටකරමකට කියලා කියලා. ඉන්නකෝ හොඳ වැඩක් කරන්න. මිනිස්සුන්ගේ මොල වහල මැටි ගහල තියෙන්නේ පක්ෂ විපක්ෂ දේශපාලකයෝ දෙගොල්ලම. දෙන්නම්කො ඔය දෙන්නටම. දෙයියෝ නැති තැන යක්කු බඩ පිනුම් ගහනවලු. මම දන්නවා කතා කරන හැටි. විමල්ගෙ විදියටමයි පටන් ගන්නේ ….”වැඩමුවා වදාළ අති ගෞරවණීය වන්දනීය ප්‍රේමණීය මහා සංඝරත්නයෙන් අවසරයි…… කියලා දෙන්නම්කො මමත් ඒ විදියටම. හැබැයි ඉතින් කොස්සවල් දෙකක් තියෙනව. එකක් මම දේශපාලනේට කැමති නැහැ. දෙවෙනි එක මට සෙනඟ ඉන්න තැන්වල ඉන්න බැහැ හුස්ම ගන්න බැරිව වගේ යනවා, දාඩිය දානව, ඇඟ පණ නැතිවෙනවා වගේ වෙනවා, වමනෙත් යනව. ඒකට මොකක් හරි කරන්න වෙනවා. නැත්නම් මට පුළුවන් විමල්ට තරඟයක් දෙන්න ලේසියෙන්ම. ඉන්නකෝ විමල් ඔයාට මම හොඳ වැඩක් කරන්න. ඔයාට උණ ගැනෙන්න මම ලංකාවේ ඉන්න ඔක්කොම ප්‍රේමවංශලා ටිකට අමතනවා. ඔයාගේ godfatherට ප්‍රේමවතීල ටික දෙනෙක් විතරක් ඉතුර වෙයි. හොඳ වැඩේ.

    • Champa Reply

      ආ….. තව අවලාද තිබුනනේ මට ඒවා අමතක වුන. මෛත්‍රීගේ අවලාද. ඒවාට නම් විමල් උත්තර දුන්න නම් තමයි. මට එක අමතක වුනානේ.

    • Champa Reply

      OMG. Hello Admin, could you please DELETE this long c. mment before Wimal sees it. I am sure I was bored when I wrote this crap. I don’t want Wimal to see this . Plesse remove it right now. Thank you.

  4. Champa Reply

    ඒකාබද්ධ විපක්ෂෙට එක වචනයක් නැහැ. මට හොඳට මතකයි චන්දෙන් පස්සේ රනිල්ව අයින් කරන්න යනව කියලා කතාව ගියහම බන්දුල ගුණවර්ධන මාධ්‍ය හමුවක් කැඳවල කිව්වා අගමැතිව තනතුරෙන් අයින් කරන එක නෙමෙයි විසඳුම කියලා. තව අය කිව්වා. ඔයාගේ පක්ෂේ මුසම්මිලුත් කිව්වා. මම හිතන්නේ ඔයාට වෙන්නැති ඕක කියන්න කිව්වේ. ඔයා ඉතින් මොළ කාරය හින්ද (ඔන්න මම කපටිය කියලා කිව්වේ නැහැ හොඳද) ඔයා ඒ කතාව නොකිය වෙන කෙනෙක්ට කියන්න දුන්න. දැන් බලන්න මහින්දානන්ද, CB වගේ අය අන්න දැන් කියනවා විශ්වාස භංගයක් ආවොත් රනිල්ව අයින් කරන්න එකට සහයෝගය දෙනවලු. මේවා මට විතරක් මතක මොකද විමල්? අනිත් මිනිස්සු මෙහෙම තමයි දේශපාලනේ කියලා නිකම් ඉන්නවද.

  5. Champa Reply

    හලෝ Site Admin සිංහල තේරෙන්නේ නැත්ද? මම කිව්වෙන් මේ දිග comment එක අරන් දාන්න කියලා විමල් දකින්න ඉස්සෙල්ල. මේක තාම මෙතන මොකොද. ඒක අයින් ක්රන්න.

  6. Champa Reply

    කෝ අනේ මේ site එකට ගංකබරයෙක් නැත්ද? අර long comment එක අයින් කරන්න please. I don’t want to see it. ලැජ්ජයි. අයියෝ අරය දැන් මේක දකින්නත් ඇතිද දන්නේ නැහැ.

  7. Champa Reply

    රනිල් ගෙනාපු OMP පනත පාර්ලිමේන්තුව ඇතුලේ pass වුනේ එක විරුද්ධ චන්දයක්වත් නැතුව. මහින්දයි JO එකයි එදා හැංගුන රනිල්ට OMP එක pass කරගන්න ඉඩ දීල. අස්සයට යන්න ඇරලා දැන් ඉස්තාලේ ඇතුලට ගිහින් තමන්ම පැනල යන්න දීපු අස්සයගේ වැරදි කියනව. රනිල් පනත ගෙනා වෙලාවේ, විමල් 2016 ඉඳන් කිව්ව හමුදාවට එරෙහි චෝදනා ෆැක්ටරියට විරුද්ධව JO එක කිසිම උද්ඝෝෂණයක් සංවිධානය කලේ නැහැ.

  8. Champa Reply

    මේ… බබා, අන්න මම ඔයාව ඇම්බැට්ට රැලක් ඇතුලට දැම්ම. නම කිව්වේ නැහැ මගෙ යාළුව කියලා කිව්වේ. ඔන්න තරහ වෙන්න නම් එපා හොඳද. ලියන කොට එහෙම තමයි අනේ. ඕගොල්ලෝ ඔක්කම මහින්දගේ අනුමැතිය අරන්නේ 19ට කැමති වුනේ. ඔන්න අනේ අරකට තරහ වෙන්න එපා හොඳද. මට හෙට දවස විතරයි තියෙන්නේ. OMP එක ගැන ලියන්න තැනක් නැහැ.

  9. Champa Reply

    හිනා යන වැඩක් කියන්නද? ජීවිතේ පලවෙනි වතාවට මම හීනෙන් දැක්ක කවුද මාව මරන්න යනව. 😀 😀 😀 තව සෙනඟ ඉන්න තැනක සරමක් කමිසයක් ඇඳපු මිනිහෙක් අඳුරන්නති මිනිහෙක් ඇවිල්ල මගෙන් උදව්වක් ඉල්ලුව. මම යනව ඒකට. එතකොට මට මඟදී ඇහෙනවා මාව මරන්න යන විදිය ගෑනු කෙනෙකුට කියනව. මම එතැන හිටපු වෙන කෙනෙක්ට කිව්වහම එයා මාව එතනින් අයින් කරල ගෙදර යන්න කියනව. මට ආපහු යන විදිය හොයා ගන්න බැරුව ඉන්න කොට මගේ ගෙදර අයව දන්න කෙනෙක් මාව අඳුර ගන්නවා. මට හිනා ගිය. මෙහෙම එකක් දැක්කමයි. මම මැරෙන්න පොඩ්ඩක්වත් බය නැහැ. මම මේ ගත කරන්නේ හතරවෙනි නැත්න්නම් පස්වෙනි අතිරේක ජීවිතේ. ඒ හින්ද මට ගානක් නැහැ. හැබැයි දැම්ම මැරෙන්නෙත් නැහැ. ඒ මොකොද කිව්වා නම් මට සමාජ සේවයක් කරන්න තියෙනවා අසරණ කාන්තාවන්, අහිංසක දරුවන් සහ පිලිසරෑන්ක් නැති වැඩිහිටියන් වෙනුවෙන්. දවසක සංවිධානයක් හදනව. නිකම් බෝඩ් ලෑලි උස්සන් ඉන්න එකක් නෙමෙයි. පාලකයන්ට බල කරලා මට ඕනේ දේ ඒ මිනිස්සු වෙනුවෙන් කරගන්න පුළුවන් විදියේ හුඟක් ප්‍රබල සංවිධානයක්.

    විමල්, මම දැක්ක ඔයාගේ අර accident එක ගැන මෙතැන තියෙන දේ. මම දන්නා දේට වඩා ටිකක් වෙනස්. පිටිපස්සෙන් ඔය තරම් තදින් වාහනයක් හැප්පෙන්න නම් ඒකට පිටිපැස්සෙන් වෙනත් වාහනයක් ඇවිල්ල හැපෙන්න ඕනේ. එතකොට control කරගන්න බැරි වෙනවා. එහෙම නැත්නම් ඔයාගේ වාහනේ අධික වේගයෙන් ගිහින් එකපාරට brake ගහන්න ඕනේ එථකොඅ පිටිපස්සෙන් එන වාහනේ ඇවිල්ල වදින්න පුළුවන් හුඟක් ලඟින් ආවොත්.ඒ වුනාට එතරම් තදින් වදින්න බැහැ. මේ කියන්නේ ඔයාට තේරුම් එහෙම දේවල් වෙන්න පුළුවන් කියන එක සහ ඒකට ලැස්ති වෙන්න කියන එක. ඕන හේතුවක් නිසාවත් group පිටින් ගමන් යන්න එපා. ඔයාගේ ගමන ඔයා වෙනම යන්න. එකම වාහනේ නැතුව සමහර වෙලාවට වාහනේ මාරු කරන්න. යන තැනට කලින් ගිහින් ඉන්න. ඉස්සර කොළොඹ බෝම්බ පිපිරෙන් කාලේ වාහන වල උල් යකඩයක් තියන් හිටියලු. මං කියන්නේ අර එක පැත්තක් උල් අනිත් පැත්ත පැතලි දිග යකඩේ. ඒකට මොකක්ද නමක් කියනව මට මතක නැහැ. ඒ මොකොද කිව්වා නම් කවුද කෙනෙක්ගේ නම මතක නැහැ වාහනේ ඉස්සරහ බෝම්බයක් පිපුරුවහම එයාට තුවාල වුනාලු. හැබැයි එයාව එකපාරට එලියට ගන්න බැරි වුනාලු බෝම්බෙට වාහනේ දොරවල් ඔක්කොම ලොක් වෙලා තිබුණු නිසා. දොරවල් කඩලා ගන්න කොට වෙන්න ඕනේ හරිය වෙලාලු. ඔයාගේ කාරෙකේ ඩිකියේ නෙමෙයි ඉස්සරහ seat දෙක යට මේ වගේ යකඩයක් පැත්තක් උල් අනිත් පැත්ත පැතලි හැබැයි අච්චර දිග එකක් නෙමෙයි ඒකෙන් බාගයක් විතර යකඩයක් තියල තියා ගන්න නිකම් උවමනාවක් වුනොත් කියල හොඳද. ඔයාට පොලිස් කාරයෙක් යනවා නේද වාහනේ. එයාට කියන්න. ඔයාට මුකුත් වෙන්නේ නැහැ විමල්. වැදගත්ම දේ ඔයා 2019/2020 ඉල්ලන්නේ නැහැ හොඳද. ඔයා තමයි සුදුසුම. හැබැයි ඔයාගේ ජීවිතේ අවදානම්. A big risk. සමහර විට දිවුර්ම් දුන්නට පස්සේ. මෙහෙම දෙයක් මට කලින් හිතුනේ නැහැ. දැන් හිතෙන්නේ මොකොද කියන්න දන්නෙත් නැහැ.

    මං ආයේ ලියන්නේ තව ටික දවසකින්. පරිස්සමින් ඉන්න හොඳද. ඔයාට ශ්‍රී දළදා සමිඳු පිහිටත්, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශීර්වාදයත්, මම විශ්වාස කරන රුහුණු කතරගම කඳ සුරිඳුන්ගේ බැල්මත්, රැකවරණයත්, ආරක්ෂාවත්, ප්‍රාර්ථනා කරනවා. මං මැරෙන්න ඉස්සෙල්ල මට ආසයි කතරගම දෙයියන්ට දාගැබක් හදල පූජා කරන්න. A big tall wish, isn’t it? හැබැයි මම දන්නවා මට ඒකට කොහොම හරි පාර හැදෙනවා කියලා. මට වැඩි දෙයක් කරන්න ඕනේ නැතිවෙයි මං හිතන්නේ. හැබැයි කතරගම දෙයියන්ට නම් homework ටිකක් කරන්න වෙයි. 😀 😀 😀 Take care. Love you very very much.

  10. Champa Reply

    ඔයා හරිම sweet අනේ සමහර වෙලාවට……..

Leave a Reply

*

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.