BREAKING NEWS

මහානාහිමිවරු ඇතුළු සංඝරත්නයේ ඉල්ලීම මත විමල් උපවාසය අත හරී

මහානාහිමිවරු ඇතුළු සංඝරත්නයේ ඉල්ලීම මත විමල් උපවාසය අත හරී
එම අවස්ථාවේදී ලබාගත් දර්ශන සහ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පල්ලත්තර සුමනජෝති මහානාහිමිපාණන් වහන්සේ විසින් මාධ්‍ය වෙත දැක්වු අදහස්

 

 

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් අද(30) උදෑසන කොළඹ ජාතික රෝහල පරිශ්‍රයේදී මාධ්‍ය වෙත දැක්වූ අදහස්

 

බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය නාගොඩ අමරවංශ නාහිමියන් අද(30) උදෑසන කොළඹ ජාතික රෝහල පරිශ්‍රයේදී මාධ්‍ය වෙත දැක්වූ අදහස්

 

 

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    විමල්, මම ඔබට මගේ පණටත් වඩා ආදරෙයි කියල ඔබ දන්නවා. ඔබේ Godfather මහින්දටත්, ඔය හාමුදුරුවරු හැමෝටමත් වඩා මං ඔබට ආදරෙයි කියලා ඔබ දන්නවා. 2015 පෙබරවාරි 18 ඉඳන් මේ දක්වා එක මොහොතක් වෙනස් නොවී මම ඔබේ දේශපාලන ජීවිතේ සෙවනැල්ල වගේ හිට්යා කිව්වොත් වැරදි නැහැ නේද?

    ඔබේ Godfather මහින්ද වගේ මම කවදාවත් ඔබව පාවාලා දුන්නේ නැහැ. ඔබට හතුරුකම් කලේ නැහැ. උඩින් හොඳ මූණ පෙන්නලා යටින් ඔබට game දුන්නේ නැහැ. මං හොඳ ශක්තිමත් චරිතයක් කියලා ඔබ දන්නවා. ඒ වගේම නිර්දය විවේචකයෙක්. මම හැමදාම මට හරියි කියලා හිතන දේ කතා කළා. මම තනියම කතාකලා. රනිල්ට කඩේ යන මහින්ද අතෑරලා මම ඔබ එක්ක ඉන්න, රටට හොඳ පැත්තේ ඉන්න, හරි පැත්තේ ඉන්න දෙපාරක් හිතුවේ නැහැ.

    ඔබ උපවාසය අතහැරිය එක ගැන මම හුගක් සන්තෝෂ වෙනවා. ඔබ කිරි වීදුරවක් බිව්වා කිව්වහම ඇවිලිලා තිබුන මගේ හිත නිවිලා ගියා.

    හැබැයි, ඔබ මේ හාමුදුරුවන්ගේ හිස් වචන වලට රැවටිලා කිසි කොන්දේසියක් නැතුව උපවාසය අත් හල එක ගැන මම සතුටු නැහැ. මෙච්චර කල් දවස් 9ක් හිටපු එකේ ඔබට තිබුනා හිතන්න කල් ඉල්ලන්න. එහෙම කළා නම් ඔබ වෙනුවෙන් ජනතාව ඉස්සරහට ඇවිල්ල ආණ්ඩුවට බලපෑමක් කරනවා ඔබව නිදහස් කරගන්න. උපවාසය කරපු ඔබව මිනිස්සු දැක්කේ ඊයේ. ඔබව දැක්කට පස්සේ තමයි මිනිස්සුන්ට ආවේගයක් ආවේ. ඔබව නිදහස් කරගන්න ඔබ වෙනුවෙන් ඉස්සරහට එන්න ඔබ මිනිස්සුන්ට අවස්ථාවක් නොදුන් එකට මම කැමති නැහැ.

  2. Champa Reply

    මේ හාමුදුරුවන් ඇතුළු ලංකාවේ ඉන්න හැම හාමුදුරු කෙනෙකුටම මගේ බලවත් විරෝධය සහ අප්‍රසාදය පල කරනවා. (විමල්ව බලන්න වැලිකඩට ආපු, මම හුඟක් ගරු කරන මැදගොඩ අභය තිස්ස හාමදුරුවෝ, බෙන්ගමුවේ නාලක හාමුදුරුවෝ, ධම්මිස්සර හාමුදුරුවෝ, ඇමරිකාවේ සංඝනායක හාමුදුරුවෝ සහ තව කඩුවෙල හාමුදුරුවෝ ඇතුළු හාමුදුරුවරු කිහිප නමකට [සමාවෙන්න ඕනේ නම් ඔක්කොම මතක නැහැ] මේ කතාව අදාළ නැහැ.)

    මම හාමුදුරුවරුන්ට හුඟක් ගරු කරන කෙනෙක්. හැබැයි මම කියන්න ඕනේ දේ කියනව. ඇත්ත කියන්න මට හාමුදුරුවරුත් එකයි, මහින්දත් එකයි, ජනාධිපතිත් එකයි.

    හාමුදුරුවරුන්ගේ කතාවල් නම් හරි ඉහලයි. හැබැයි මේ හාමුදුරුවරුන්ගේ පඬුපුල් ආසනේ උණු වෙන්න මෙච්චර කල් ගියේ ඇයි? රට වෙනුවෙන් මේසා විශාල සේවාවක් කරපු විමල් අදට දින 80ක් තිස්සේ හිර ගෙදර දුක් විඳිනවා. විමල්ටම වීශේෂ වෙන විදියට අධිකරණයට දේශපාලන බලපෑම් එල්ල කලා. ඇප ඉල්ලීම් එකපිට එක ප්‍රතික්ෂේප වුනා. නඩුව අනවශ්‍ය විදියට කල් දැම්ම. මේ කාලය ඇතුලත ලංකාවේ කිසිම හාමුදුරු කෙනෙක් විමල්ට සාධාරණය ඉල්ලලා ආණ්ඩුවට බලපෑමක් එල්ල කලේ නැහැ. දැන් එනවා කිරි පොවන්න.

    අර මාතර ඉඳන් ආව හාමුදුරු කෙනෙක් කියනව, විමල් වීරවංශ මන්ත්‍රීතුමා උපවාසය අතහැරියා, කිරි වීදුරුවක් බිව්වා, දැන් එතුමා මාරාන්තික තත්වයෙන් මිදිලා තියෙනවා, තව ටික දවසකින් සනීප වුනහම ආයේ “බන්ධනාගාරයට” යන්න පුළුවන් කියලා පොඩි හිනාවකුත් එක්ක කිව්වා. මට නෙද්දකින් කියල කියවුනා. (සමාවෙන්න ඕනේ). ඕක කියන්නද මාතර ඉඳන් ආවේ? වැදගත්, ගරුතර හාමුදුරු කෙනෙක් නිසා මම වෙන ඒ ගැන ලියන්නේ නැහැ. හැබැයි ඒ කතාව මට කලකිරීමක් ගෙනාව.

    මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ දේශපාලකයන්ට …. ගියාට මොකොද දේශප්‍රේමී විමල් වීරවංශට කරන අසාධාරණයට විරුද්ධව මේ දින 80 ඇතුලත එක දවසක් කතා කරලා නැහැ. අද කරපු කතාවත් මට තේරුනේ නැහැ. විමල්ල දහස් ගණනක් එළියේ ඉන්නවලු ඒ අයත් එක්ක විමල් ප්‍රාර්ථනා කරපු ලෝකය ගොඩ නඟනව්ලු. ඒ කිව්වේ විමල් ඔහොම හිරේ දුක් විඳින්න කියන එකද?

    කණගාටුවෙන් වුනත් කියන්න ඕනේ, මේ හාමුදුරුවරු ආවේ කිසිම අරමුණක් ඇතුව නෙමෙයි. අඩු ගානේ විමල්ට වෙන අසාධාරණය ගැනවත් හරි හමන් හැඟීමක් ඇතුව නෙමෙයි. නිකම් එන්නන් වාලේ ආව. අරමුණක් ඇතුව ආව නම් ඉස්සෙල්ල කරන්නේ ආණ්ඩුව බලධාරීන්ට කතා කරලා ඊට පස්සේ විමල්ගේ උපවාසය නවත්තන්න එන එක.

    අනිත් එක හාමුදුරුවරුන්ගේ සම්බන්ධයක් නැති වුනත්, මේ උපවාසය නතර කරලා, විමල්ට නිදහස ලබා දෙන්න විශාල මහජන නැගිටීමක් වෙන එක නවත්තන්න විමල්ව පාවා දුන්නු එවුන්ගේ තවත් එක සැලසුමක් කියලා මට හිතෙන එකේ කිසි වැරැද්දක් මට පේන්නේ නැහැ.

    දැන් හාමුදුරුවරු විමල්ට කිරි වීදුරුවක් බොන්න දීල ගියානේ. ඊට පස්සේ කියන්නේ විමල් මහ උළුගෙදර බත් කෑවට කමක් නැහැ කියලද?

    විමල්ගේ නඩුව අප්‍රේල් 3 වෙනිදා ආයේ අහනව. ඇප දෙන්න පුළුවන් කාරණාවකට ඇප නොදී අයුක්ති සහගත විදියට සිරගත කරලා ඉන්න විමල්ට ඇප අරන් දෙන්න මේ හාමුදුරුවරු මැදිහත් වෙලා ඊට කලින් ආණ්ඩුවට කතා කරනවද නැත්ද?

    ඇත්තමට විමල්ව බලන්න ආවේ විමල්ට කිරි වීදුරවක් පොවලා යන්නද, නැත්නම් කිරි කියලා පුන්නක්කු වීදුරවක් පොවලා යන්නද කියන එක මුළු රටටම දැන් බලා ගන්න පුළුවන්.

  3. Champa Reply

    විමල්, මම ජයන්තට මෙහෙම ලියනවා, මොකොද ඔයාට කියවන්න බැහැනේ.

    ජයන්ත මම හිතනවා ඔබේ පක්ෂයේ දේශපාලන බල මණ්ඩලය රැස්වෙලා තීරණයක් අරන්, විමල්ව මුණ ගැහෙන්න ඇවිල්ල උපවාසය නතර කරන්න කියපු හාමුදුරුවරුන්ට කතා කළා නම් හොඳයි කියලා. මොකොද විමල් මේ උපවාසය කලේ ඇප ඉල්ලන්න නෙමෙයි, යුක්තිය සාධාරණය ඉල්ලන්න. දේශපාලන පලිගැනීම්, අධිකරණයට, පොලීසියට කරන බලපෑම් නතර කරවන්න. ඉතින් ඒ වගේ උතුම් පරමාර්ථයක් තිබුණු උපවාසයක් හාමුදුරුවරුන්ගේ ඉල්ලීම නිසා නැවැත්තුව නම්, විමල්ගේ පරමාර්ථ ඉෂ්ඨ කරලා දෙන එක හාමුදුරුවන්ගේ යුතුකම සහ වගකීම. විමල් වෙනුවෙන් ජනතාව නැගී හිටින්න ඉස්සෙල්ල හාමුදුරුවරු ඉස්සරහට පැන්න නම්, දැන් හාමුදුරුවරුන්ගේ යුතුකම සහ වගකීම තමයි විමල්ට යුක්තිය ඉෂ්ඨ කරලා දෙන්න මැදිහත් වෙන එක.

    අනිත් එක පුළුවන් නම් පස්සේ විමල්ට කියන්න, එයා සනීප වෙලා පාර්ලිමේන්තු ගියහම රිමාන්ඩ් හිර ගෙදර ඇප නැතුව, නඩු නැතුව දීර්ඝ කාලයක් සිරගත කරලා ඉන්න සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් සියලු ජාතිකයන්ට එක්කෝ චෝදනා ඇත්නම් ඒවා ඉදිරපත් කරලා, එහෙම නැත්නම් ඇප පිට නිදහස් කරලා ඒ මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ඨ කරන්න කියලා පාලකයන්ගෙන් ඉල්ලන්න කියලා. (මම දන්න දෙමළ මනුස්සයෙකුට මෙහෙම පොරොන්දු වුනා, විමල්ට කතා කරනවා කියලා). මට මතකයි විමල් දවසක් කිව්වා පාර්ලිමේන්තුවේ දී මෙහෙම සිරකරුවෝ ඉන්නවා, එයාට ඒ ගැන කනගාටු හිතෙනවා කියලා.

  4. Champa Reply

    “ප්‍රියතම මන්ත්‍රීතුමනි”, දළදා සමිඳු පිහිටෙන් ඉක්මනින් සුවපත් වෙන්න.

    ඊයේ ආපහු ලියන්න හිටියට බැරිවුනා. ඊයේ මම හුඟාක් කල්පනා කරලා, ඔබට තියෙන ජීවිත අනතුර ගැන සලකළා, ඔබේ ඉදිරි කටයුතු ගැන මගේ යෝජනා දැන්ම නොකියන්න හිතුවා.

    ඔබට තියෙන ජීවිත අනතුර පහවෙලා නැහැ. ඔබ හිර ගෙදරට ගිය දවසේ ඉඳන් මම වෙන අය අතේ ඔබට මේ අනතුර ගැන කියලා එවලා තියෙනවා.

    මිනිස්සු කියනව හිර ගෙදරදී ඔබට වහ දෙන්න සැලසුමක් තිබුනා කියල. හිර ගේ ඇතුලේ ගැටුමක් ඇති කරවලා අහම්බෙන් වගේ ඔබට මාරාන්තික තුවාල සිද්ධ කරන්න සැලසුමක් තිබුනා කියලා. ඔබ බලාපොරොත්තු නැති විදියට උපවාසයක් ආරම්භ කල නිසා සමහර සැලසුම් වෙනස් කරන්න වුනාලු.

    ඔබව සිරගත කල මුල් දවසෙම මම සිරිසේන ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා ඔබට සිරගෙදරදී විශේෂ ආරක්ෂාවක් දෙන්න කියලා.

    ඊළඟට දැන් දවස් කීපෙකට ඉස්සෙල්ල මම Ceylon Telegraph එකට ලියපු වෙලාවකත් මේ ආරක්ෂාව දෙන එක ගැන ආපහු කතා කළා.

    දැන් අද තුන් වෙනි වතාවටත් මම සිරිසේන ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා විමල් වීරවංශ මන්ත්‍රීතුමාට “විශේෂ” ආරක්ෂාවක් දෙන්න කියලා.

    ඒ වගේම ගිය ජනවාරි මාසෙම මම ජනාධිපතිතුමාට ලිව්වා (through LCN) පොලීසියට, නීතිපති දෙපාර්තුමේන්තුවට සහ අධිකරණයට තියෙන දේශපාලන බලපෑම මහාධිකරණයටත් සිද්ධ වෙන එක නවත්තලා ඔබේ ඇප ඉල්ලීමට සාධාරණයක් ඉෂ්ඨ වෙන්න ඉඩ සලස්වන්න කියලා. ඒක සිද්ධ වුනේ නැහැ. වෙන කාටවත් කරපු නැති විදියට නීතිපතිවරයා ඔබේ නඩුවට බලපෑම් කරලා ඔබේ ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂෙප වන තැනට වැඩ සිද්ධ කලා කියන එක දැන් ලංකාවම දන්නවා.

    ඒ හින්ද අඩු ගානේ විමල්ගේ ආරක්ෂාව ගැන කාරණාව බරපතල කාරණාවක් විදියට සලකල විමල්ගේ ආරක්ෂාව තර කරන්න කියල මම ආපහු ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්න කැමතියි.

    ඇප නොදී දිගින් දිගටම සිරගත කරලා ඉන්න විමල්ට හිරගත වෙලා ඉන්න අතරේදී මොනයම්ම හරි කරදයක් වුනොත් එහි සම්පූර්ණ වගකීම ජනාධිපති, අගමැති ඇතුළු ආණ්ඩුව භාර ගත යුතුයි කියලා වෙලාසනම කියනවා.

    විමල් ඔබට කරදරයක් වෙන්නේ නැහැ. ඒත් මට ආපහු භය හිතෙනවා හුඟක්.

    ඔබට මහානුභාව සම්පන්න ශ්‍රී දළදා සමිඳු පිහිටත්, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශීර්වාදයත්, මම විශ්වාස කරන රුහුණු කතරගම කඳ සුරිඳුන්ගේ රැකවරණයත්, සියලු අභියෝග, පලි ගැනීම්, වේදනා, දුක් දෝමනස්ස දරා ගන්නට යෝධ බල යෝධ වීර්යයයත් ලැබෙන්න කියල හුඟක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.

  5. Champa Reply

    විමල්, ඔයාට කොහොමද, විමල්? දැන් ටිකක් සනීපද? Hospital එකට ගේනකොට අත් දෙක තිබුණු හැටි දැකලා මම හරියට බය වුනා. Get well, soon.

    Your mental toughness is unbelievable, Wimal. Your self confidence has no match. OMG, I think I am only beginning to know you. Your mental strength and endurance may have given a slap on the face to those who thought they could make you mentally and physically suffer. May the Blessings of the Sacred Tooth Relics be upon you! Take care. Love you.

  6. Champa Reply

    Wimal, you should not get out of the bed at least for another one and a half a week. You went on a life threatening hunger strike for 9 days. It will take a long time for you to fully recover.

    You have a right to be in bed until you get the physical strength to walk and do your normal activities even though you are a prisoner. The medical officer has no right to tell you to walk, if you yourself are unable to get up.

    Nobody has a right to violate the Human Rights of an ailing prisoner, let alone a Political Prisoner like you, who is a sitting Member of Parliament.

    • Champa Reply

      Knowing you very well, Wimal, I thought of making a personal plea too.

  7. Champa Reply

    “ප්‍රියතම මන්ත්‍රීතුමා” (විමල්, අනේ අර හාමුදුරුවෝ ලියලා එවපු මේ වචන දෙකට මම හරිම ආසයි). ඔයා දිහෑ උඩින් බලලා සමහරු කියනවා ඔයාට සනීපයි කියලා. මම නම් ඒක පිළිගන්නේ නැහැ. Some who made such announcements just after one day of the conclusion of your 9-day hunger strike, have ulterior motives.

    ඔයා දවස් 9ක් නිරාහාරව උපවාසය කළා. වේල් 26ක් හෝ 27ක් නොකා හිටියා කිව්වට, ඇත්තටම ඊට කලිනුත් රාත්‍රී ආහාරය ගන්නේ නැතුව හිටියා නේද? ඔයා උසාවියට කිව්වා මූලික මිනිස් අයිතිවාසිකම් පවා කඩකරමින් පැය 13ක් washroom පාවිච්චි කරන්න ඉඩ දෙන්නැති නිසා රාත්‍රී ආහාරය නොගෙන ඉන්නවා කියලා.

    ඔයා උපවාසය කරනවා කියලා මම දැන ගන්නකොට ඒක පටන් අරන් ඉවරයි. මට කියන්න ඕනේ වුනා, එතකොටත් ශාරීරිකව දුර්වල වෙලා ඉන්න නිසා දැන්ම ඒ වගේ දෙකට යන්න එපා කියලා. හැබැයි පටන් ගත්තට පස්සේ ඔයාට ධෛර්යය දෙනවා මිසක් ඔයා එක අරමුණක් වෙනුවෙන් කරන දේ නවත්තන්න තරම් මගේ හිත දුර්වල වුනේ නැහැ.

    මම කියන්න ගියේ මොකක්ද දන්නවද? ඔයාගෙ හිත හුඟක් හයිය බව ඇත්ත. හැබැයි විමල්, දවස් 9ක් නොකා හිටපු ඔයාගෙ ශරීරයේ නොපෙනෙන දුර්වලකම්, අසනීප හුඟක් තියෙනවා.

    මං උදාහරණයක් කියන්නද? කාලෙකට ඉස්සෙල්ල මට ලියන්න ඕනේ වුනා Diet Programme එකක් ගැන කරපු Research එකක් ගැන. ඒක කරලා තිබුනේ බර හුඟක් වැඩි Heart Patients ලට. මට ඕනේ වුනා සාමාන්‍ය බරක් තියෙන නිරෝගී පුද්ගලයෙක් විදියට ඒකෙ ප්‍රතිඵල ගැන බලන්න. සති දෙකක් ආහාරය විදියට ගන්න තිබුනේ, One Cabbage head, 5-6 large Onions, two bunch of Celery, 2 cans of Tomatoe, ලුණු සහ කැමති වෙන රසක් එකතු කරපු “සුප්” එකක් (I can’t remeber the exact quantity). මම වෙන මුකුත් නොකා, මේ සුප් එක විතරක් ගත්ත. (ඒ වුනාට ඒ Programme එකේ තිබුනා සුළු ප්‍රමානයකින් කන්න පලතුරු, එළවලු, cooked meat වගේ දේවල්. මම ඒවා කෑවේ නැහැ.) දන්නවද විමල්, සතියක් යනකොට මාව පරඬලක් වගේ වුනා. මම කියන්නේ කෙට්ටු වුනා කියන එක විතරක් නෙමෙයි, ඇඟේ ශක්තිය සම්පූරනයෙන්ම නැතිවුනා. පඩිපෙළ බහිනකොට මට දැනුනේ මාව පාවෙනවා වගේ. ඒ විතරක් නෙමෙයි මගේ ඇස් පෙනීමත් හොඳටම අඩු වුනා. Screen එකේ අකුරු බොඳ වෙලා පෙනුනා. අම්මෝ මම ඉක්මනට “සුප්” එක නතර කළා. මම මතක නැහැ දැන් හරියටම, මම හිතන්නේ මම ඒ Research Institute එකට මේ ගැන කියල යැව්වා.

    ඊට පස්සේ මම සතියක් නිවාඩු දාලා සාමාන්‍ය කෑම ගත්තත්, පරණ තත්වෙට එන්න මාසෙකට වඩා ගියා.

    මම කියන්න ගියේ මොකක්ද දන්නවද? බඩගින්නේ නොහිඳ සුප් එකක් බීලත් මට ඒ තරම් හානියක් වුනා නම්, කිසිම කෑමක් නොකා දවස් 9ක් හිටපු ඔයාගේ ශරීරයට වෙලා තියෙන හානිය මේ වගේ කී ගුණයක් වෙන්න ඕනෙද? පිටින් බලලා ඒක කියන්න බැහැ.

    මං මේක නිකම් කියන්නේ, සමහර විට ඇඟ ඇතුලේ සමහර Organs ඉදිමිලා ඇති.

    ඒ නිසා විමල් පරිස්සම් වෙන්න. අඩු ගානේ සති දෙකකටවත් ඇඳෙන් නම් බහින්න එපා. ඔයාට ඇඟට ගන්න ඕනේ ශක්තිය වෙන දේවල් වලට වැය වෙන්න දෙන්න එපා. ඒ නිසා හිතේ හයිය තිබුනට තව සති දෙකකටවත් ඇඳෙන් බහින්න එපා, හොඳද. ඊට පස්සේ අමාරු වුනහම recover වෙන්න හුඟක්ම අමාරු වෙයි. අනිත් කාටවත් නොදැනුනාට මම මගේ අත්දැකීමෙන් දන්නවා ඔයාගේ ශරීරයට වෙලා තියෙන හානිය. ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්න එපා, විමල්, හොඳද? ඔයාව හිරේ දමපු මෘගයන්ට ඔයාගේ ජීවිතේ නැති වෙනවා දකින්න ඕනේ වුනාට, මේ රටේ අනිත් හැමෝටම ඕනේ ඔයා ජීවත් වෙනවා දකින්න.

    විමල් ඔයා හරිම හිත ශක්තිමත් කෙනෙක්. ඔය හිතේ ශක්තිය මම මීට කලිනුත් දැකලා තියෙනවා, හැබැයි, ඔයාට මේ තරම් හිතේ ශක්තියක් තියෙනවා කියලා කලින් දැකලා තිබුනේ නැහැ. ඔයාගේ මුරණ්ඩු කමුත් දැකලා තියෙනවා. හැබැයි මේ වතාවේ නම් මම හුඟක් ආදරෙන් මේ කියන දේ අහලා අඩු ගානේ සති දෙකක්වත්, ඇඟට හරි හමන් ශක්තියක් එනකම්, ඇඳෙන් බහින්නේ නැතුව විවේක ගන්නවා නේද? ඔයා රිමාන්ඩ් සිරකරුවෙක් වුනාට, සිරකරුවන්ටත් අයිතිවාසිකම් තියෙනවා. විශේෂයෙන් අසනීපයෙන් ඉන්න සිරකාරයෙකුට.

    • Champa Reply

      ආදරණීය විමල්, මම ප්‍රාර්ථනා කරනවා ඔබට නිදහස් පුරවැසියෙක් විදියට, ඔබේ සෞඛ්‍ය තත්වය හොඳ තත්වයට හැරෙන්න අවශ්‍ය විවේකය ඔබේ පවුලේ අය, හිත මිතුරන් සහ පාක්ෂිකයන් අතර ගත කරන්න ලැබෙන්න කියලා.

  8. Champa Reply

    I had a hearty laugh when I saw an interesting few lines in a weekend newspaper, which seems to me a column with deconstructed gossip.

    If Wimal’s Godfather is tired of his shade, without being jealous of other people’s sun and raining other people’s parades, what he should do is getting out of the shade and look for the sun.

    • Champa Reply

      I forgot to mention, it was “Divaina”.

  9. Champa Reply

    විමල්ගේ සටන හාමුදුරුවරු අතට ගත්ත නිසා විමල් උපවාසය අත ඇරියා.

    දේශපාලන බලපෑම් නිසා, අධිකරණයේ ස්වාධීනත්වය, අපක්ෂපාතීත්වය සහ සමානාත්මතාවය හැම පුරවැසියෙකුටම එක සමානව නොලැබීමට විරුද්ධව සහ දේශපාලන දඩයම ඇතුළු තවත් කාරණා වලට විරුද්ධව විමල් දින 9 1/2ක් තිස්සේ නිරාහාරව ඉඳිමින් ගෙන ගිය සටන අර්ථවත් වෙන්න නම්, ඉස්සෙල්ලම විමල්ට යුක්තිය ඉෂ්ඨ වෙන්න ඕනේ.

    විමල්ගේ නඩුව අප්‍රේල් 3 වෙනිදා අහනවා.

    මම හිතනවා හාමුදුරුවරු විමල්ට දීපු පොරොන්දුව ඉෂ්ඨ කරලා එදාට දින 83ක් පිරෙන විමල්ගේ අයුක්ති සහගත රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම නිමා කරලා විමල්ට යුක්තිය සහ සාධාරණත්වය ඉෂ්ඨ වුනු බව ලංකාවටම දැන ගන්න සලස්වයි කියලා.

    විමල් නිදහස් වුනාට පස්සේ, දේශපාලනයෙන් තොරව, රටේ සියලු ප්‍රශ්ණ වෙනුවෙන් ප්‍රබල හඬක් නඟන පුළුල් ජන බලවේගයක් ගොඩ නඟන්න විමල් සහ මහා සංඝ රත්නය පියවර ගනියි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

  10. Champa Reply

    There was an article titled “A Hunger Strike that falls flat on the face” appeared in “Sunday Observer” dated April 2, 2017 which carried deliberate distorted facts pertaining to Wimal’s case.

    This is the link to the article.
    http://www.sundayobserver.lk/2017/04/02/hunger-strike-falls-flat-face

    The “Sunday Observer” (SO) didn’t publish my reply, giving a clear message about SO’s determination to feed the readers with erronous facts with regard to Wimal’s case, especially his bail application.

    The following is my reply sent to “Sunday Observer” with one added paragraph about “preferential treatment to government politicos”.

    To Rasika Jayakody, the writer of the above article:-

    Your rigmarole on Wimal’s hunger strike only shows your bankruptcy.

    However, I wish to dispute the following quotes which clearly show a surprise lack of your basic knowlege or pretense, I don’t know which.

    1. Quote: “When it comes to offences of this nature, everyone is equal, in the eyes of the judiciary, irrespective of their positions or status. No one can expect special treatment based on their positions in Parliament or health conditions of their family members.” Unquote:

    Quote: “Obviously, Weerawansa is not the only imprisoned father whose children are under mental duress. It is highly doubtful whether any judiciary can consider it a valid reason to grant someone bail for an unbailable offence such as, misappropriation of public properties”. Unquote:

    This is not true. In Wimal’s case itself, on a previous occasion, the Magistrate had ordered to release SEC former DGM Samantha Lokuhennadige on bail after taking into consideration his 12-year-old daughter’s mental health condition as “an exceptional circumstance”.

    Your above assumption at (1) is discriminatory. Doesn’t this show that Wimal’s case is a super example of selective judicial impartiality due to political influence, what else? How could anybody finds fault with his hunger strike seeking justice? You should appreicate the fact that as any other citizen of this country, Wimal also deserves justice, justness, equity and equility of the law.

    2. Quote: “Be that as it may, Weerawansa, or other MPs who went to jail in the recent past do not get protection from such legal provisions. Most of them were taken into custody for offences committed against the Public Property Act – a strong legislation seeking to protect the abuse of state properties”.

    Any misappropriation exceeding Rs. 25,000 is considered an unbailable offence, under this legislation”. Unquote:

    Oh yeah, thank you for reminding me that Basil was out on bail on the very first day of his hearing for charges under Money Laundering Act to a tune of Rs. 208 million involving a land and a villa in Malwana.

    And Gotabhya was also charged for causing a loss of US$ 75 million in relation to Avant-Garde ‘business’ who was granted bail on the same day.

    There are a number of other cases of lesser values who were granted bail without any problem.

    How do you justify these cases based on your own (2) above? Your judgement on Wimal is totally bias.

    Your failed attempt portray Wimal’s hunger strike a bid to gain public sympathy is hilarious. If he had any such desire, he needed not to be in jail for 85 days. He could have started a hunger strike the first day of his impriosnment.

    Wimal even tried the Judiciary to see reason by making a statement without a Counsel. Upto date, the Judiciary has failed its duty to explain the citizens of this country the reason for granting preferential treatment to government politicos, namely; Ashu Marasinghe, Lasantha Alagiyawanne and Rajitha Senaratne. Where is the justice? Gone with the politically influenced wind?

    “Without falling flat on your face”, can you please provide just one example where AG took special interest and objected anybody’s bail application at HC, other than Wimal’s?

    How do you explain this? A “politicized objection”, a “selective impartiality” or a “selective justice”?

Leave a Reply

*