BREAKING NEWS

මහින්ද ප‍්‍රමුඛ සන්ධානය දිනවිය යුත්තේ ඇයි! – විමල්ගෙන් සන්සන්දනාත්මක පැහැදිලිි කිරීමක්

දිනාගත් ජාතික ආරක්‍ෂාව රැකගැනීමට, රටේ ඒකීයභාවය තවදුරටත් සනාථකර ගැනීමට, දෙමළ ජාතිවාදී බෙදුම්වාදයට පණ දීමට ඉඩ නොදීමට හා දැනට නතරකර ඇති 58,000කට අධික සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට අවශ්‍යනම් මෙවර මැතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ ප‍්‍රමුඛ සන්ධානය දිනවන ලෙසත් දෙමළ ජාතිවාදී බෙදුම්වාදයට පණ දීමට, උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමට හා උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ඉවත් කිරීමට අවශ්‍යනම් මෙවර මතිවරණයෙන් රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ සන්ධානය දිනවන ලෙසත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඒ මහතා එසේ ඉල්ලා සිටියේ පසුගියදා මහනුවර දිස්ත‍්‍රික්කයේ ගලගෙදර නගරයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති එජනිස ජනරැලියේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.
‘‘ ජනවාරි 08 වැනිදා සිදු වූ වැරැද්ද නිවැරදි කරන දිනය තමයි අගෝස්තු 17 වැනිදා. සමහර වැරදි තියෙනවා, කවදාවත් නිවැරදි කරන්න අවස්ථාවක් නොලැබෙන. නමුත් ජනවාරි 08 වැනිදා සිදු වූ වැරැුද්ද නිවැරදි කිරීමට ජාතියේ පිනට එකම එක අවස්ථාවක් ලැබී තිබෙනවා.
මේ මහ මැතිවරණ සටනේදී තිබෙන්නේ ‘රනිල් වික‍්‍රමසිංහද?, මහින්ද රාජපක්‍ෂද?’ යන ප‍්‍රශ්නය විසඳා ගැනීම පමණයි. මහින්ද රාජපක්‍ෂ ඕනෙ නම් ඒකෙන් කියැවෙන්නේ කුමක්ද? ‘දිනාගත්තු ජාතික ආරක්‍ෂාව රැකගන්න ඕනෙ, රටේ ඒකීයභාවය තවදුරටත් සනාථකර ගන්න ඕනෙ, දෙමළ ජාතිවාදී බෙදුම්වාදයට පණ දෙන්න ඉඩ දෙන්නේ නැහැ, මේ රටේ නතරකර තිබෙන 58,000කට අධික සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කරන්න ඕනෙ, දිනාගත්තු සාමය රැකගනිමින් මේ රට ගොඩන`ගන සටන යළි ආරම්භ කළ යුතුයි’ කියන එකයි.
රනිල් වික‍්‍රමසිංහ ඕනෙ නම් ඒකෙන් කියැවෙන්නේ කුමක්ද? ‘දෙමළ ජාතිවාදී බෙදුම්වාදයට යළි පණ දෙන්න ඕනෙ, උතුරේ හමුදා කඳවුරු ගලවන්න ඕනෙ’ කියන එකයි. පසුගියදා දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එළිදැක්වූවා. එය ‘තිම්පු මූලධර්ම’ මත පදනම්වයි එළි දැක්වූයේ. ඒ අනුව නිජභූමි සංකල්පය පිළිගන්න ඕනෙ, ස්වයංතීරණ අයිතිය පිළිගන්න ඕනෙ. උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්න ඕනෙ. වෙනම ආණ්ඩුවක් ලබාදෙන්න ඕනෙ. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා මේ ප‍්‍රතිපත්ති පිළිඅරගෙන ඉවරයි. ඔහු දැන් උත්සාහ ගනිමින් සිටින්නේ දෙමළ ජාතික සන්ධානයත් එකතු කරගෙන ජාතික ආණ්ඩුවක් හදන්න.
ජනාධිපතිවරණයේදී මෛත‍්‍රී නංගීව පෙන්වලා රනිල් අක්කා දීග ආවා. මේ සැරේ පෙන්වන්න නංගී කෙනෙක් නැහැ. රනිල් වික‍්‍රමසිංහට තරගයට එන්න වෙනවා. රනිල් වික‍්‍රමසිංහ හිතාගෙන හිටියේ මහින්ද රාජපක්‍ෂට නාමයෝජනා නොලැබේවි කියලා. දැන් තේරෙනවා දිනන එක අමාරුයි කියලා. ඒ නිසා එයා දෙමළ ජාතික සන්ධානයත් එකතු කරගෙන දෙමළ ජාතිවාදී බෙදුම්වාදයට අනුව නැටවෙන ඉතිහාසය තුළ බිහිවූ දේශද්‍රා්හීම පාලනය ගොඩන`ගන්නයි සූදානම් වෙන්නේ.
ලස්සන මෝස්තර වචන අල්ලාගෙන අපි මෙතැන බෙදුනොත් රටට සිදු වෙන්නේ කුමක්ද? ශ‍්‍රී ලංකාවේ යහපාලනයක් හදන්න ඇත්ත වශයෙන්ම පාර කැපුවේ මහින්ද රාජපක්‍ෂ. අභ්‍යන්තර ගැටුම් තිබෙන රටක යහපාලනයක් හදන්න බැහැ, මේ රටේ යහපාලනයකට තිබූ ප‍්‍රධානතම බාධාව බෙදුම්වාදී ත‍්‍රස්තවාදය. ඒක අවසන් කරපු මහින්ද රාජපක්‍ෂට යහපාලනයක් හදන්න බැරිකමක් තිබුණේ නැහැ. මේ අය බලයට ආවේ බොරු යහපාලන සඨන් පාඨ තොරොම්බල් කරමින් බව, හංසයා කියලා කොකාට රැවටුණු ජනතාවටත් දැන් තේරිලා තිබෙනවා.
‘දේදුනු පවුල් පාලනය’
ආර්ථිකය භාර ඇමතිකම දුන්නේ කම්බ හොරෙකුට. මම කියන්නේ රවී කරුණානායක ගැන නොවෙයි. අද ඇප නැතිව රාජ්‍ය බැංකුවලින් ණය දෙනවා, ඒ ණය මුදලින් 20%ක් දෙන්න ඕනෙ ඒ අයගේ මැතිවරණ ව්‍යාපාරයට. අපට කීවේ ‘රාජපක්‍ෂ පාවුල් පාලනය’ කියලා. දැන් මේ අයට තියෙන්නේ මොන පාලනයද? දේදුනු පවුල් පාලනය. රනිල් වික‍්‍රමසිංහ, සාගල රත්නායක, මංගල සමරවීර, අකිල විරාජ් කාරියවසම්, ජාතික ලැයිස්තුවේ අංක 01 මලික් සමරවික‍්‍රම, සජිත් පේ‍්‍රමදාස, රුවන් විජේවර්ධන, සූජීව සේනසිංහ, නවීන් දිසානායක, මෙන්න දේදුනු පවුලේ සාමාජිකයෝ. මේ ‘දේදුනු පවුල’ තමයි රට පාලනය කරන්නේ. මොලේ විකෘති වුණු ‘දේදුනුකාරයන්’ ටිකකට රටක් භාර දෙනවාද?
යුද්ධය දිනලා අවුරුදු 06ක් ගත වෙන්නත් කලින් ‘තොප්පිගල කියන්නේ කැලයක්’ කියලා කියපු අයට, ‘ ඕනෙ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන්’ කියලා කියපු ගොන්නුන්ට, ‘අලිමංකඩ යනවා කියලා පාමංකඩ යනවා’ කියලා කියමින් රණවිරුවන්ට අපහාස කරපු ජෝකර්ලාට මේ රටේ පාලන බලය ලබාදිය හැකිද?
ජාතිවාදී බෙදුම්වාදයට පණදීම පමණයි දැන් සිදුවෙමින් පවතින්නේ, අගෝස්තු 01 වැනිදා සිට උතුරු මුහුදේ කුඩා නාවික ප‍්‍රහාරක යාත‍්‍රා මුර සංචාර නවත්වන්න කියලා උතුරට ගොස් වත්මන් ආරක්‍ෂක ලේකම්වරයා උපදෙස් දී තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තකොට තිබෙනවා, ‘දකුණු ඉන්දියාවේදී සයනයිඞ් කරල් හා පුපුරන ද්‍රව්‍ය ළ`ග තිබූ, පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තා’ කියලා. මේ කරුණු දෙක එකවර සලකලා බැලූවොත්, කොටියාට යළි පණ දීමක් නොවෙයිද මේ සිදුවන්නේ? මේ සියල්ල මැද්දේ දෙමළ ජාතික සන්ධානය තමන්ට නැටවිය හැකි රනිල් වික‍්‍රමසිංහගේ රූකඩ පාලනයක් හදන්නයි සූදානම්ව ඉන්නේ.
‘බටලන්ද මාවත’
රනිල් වික‍්‍රමසිංහ අද කියනවා තරුණයන්ට අනාගතයට යන පාර කපනවාලූ. ඒකේ නම ‘බටලන්ද මාවත.’ තරුණයන්ට දෙනවාලූ වෘත්තීය පුහුණුව, ‘පශ්චාත්භාගයට කටුකම්බි ඇතුළු කරන විට ඉවසාගෙන සිටීමේ හැකියාව පුහුණු කිරීමේ පාඨමාලාව, ‘බෙල්ලට ටයර්මාලා දමන විට කෑනොගසා සිටීම පුහුණු කිරිමේ පාඨමාලාව ඒ වෘත්තීය පුහුණුව යටතේ තරුණයන්ට ලැබේවි. ඒවා තමයි රනිල් මේ රටේ තරුණයන්ට දීලා තියෙන්නේ. ඉදිරියේදී බලයට ආවොත් එයා තරුණයන්ට දෙන්නෙත් ඒවාම තමා.
බටහිර අධිරාජ්‍යවාදීන් බලාඉන්නවා, යුද්ධය දිනාදුන් නායකයා ඇතුළු රණවිරුවන් යුද අපරාධ අධිකරණයට රැගෙන යන්න. ඒ විතරක් නොවෙයි මේ පඹයන්ගේ පාලනය පාවිච්චි කරලා යුද්ධයෙන් බෙදන්න බැරි වුණු රට බෙදා වෙන් කරන්නත් ඔවුන් සූදානම් වෙනවා.
‘මේ පාවාදීමේ ගමනට ඉඩ තියන්න එපා!’ කියලා අපි කන්ද උඩරට විරෝදාර ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අද රට එක්සේසත් කළ නූතන මහා පරාක‍්‍රමබාහු ඉන්නවා එක පැත්තක. රට පාවාදුන් නූතන දොන් ජුවන් ධර්මපාල පෙරිය බණ්ඩාර ඉන්නවා තවත් පැත්තක. අද රටේ ඒකීයභාවය සුරකින බව සනාථකර ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය මගින් පමණයි. එජාපය සහ ජවිපෙ ඒකීයභාවය යන වචනය හලලා තියෙනවා. රටේ ඒකීයභාවය සුරකින බව ජනතාව සමග එම පක්‍ෂ සම්මුතියකට පැමිණ නැහැ. මේ සියල්ල සලකා බලා දේශයේ සූජාත දූ පුතුන් ලෙස අගෝස්තු 17 වැනිදා බුලත් කොළයට කතිරය ගසා එජනිස දිනවීමට පෙරමුණ ගනිමු.’’
(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*