BREAKING NEWS

මහින්ද රජයට පවරා ගත් රාජ්‍ය ආයතන එජාපය යළි බිලි දෙන්න හදනවා -විමල් වීරවංශ

ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව, ලංකා හොස්‌පිටල් ආයතනය හා ලිට්‌රෝ ගෑස්‌ සමාගම පෞද්ගලික අංශයට විකිණීමට කටයුතු කරගෙන යන බව ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවැසීය.

විපක්‍ෂ නායක කාර්යාලයේදී පෙරේදා (23 දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

මහින්ද රාජපක්‍ෂ රජය විසින් පුද්ගලීකරණය සම්පූර්ණයෙන් නවතා එදා විකුණා දැමූ රාජ්‍ය ආයතන නැවත රජය යටතට ගෙන ශක්‌තිමත් කර රැකදුන් අතර එජාප ආණ්‌ඩුව යළි ඒවා බිලිදීමට සූදානම් වන බවත් හෙතෙම පැවැසීය.

විමල් වීරවංශ මහතා තවදුරටත් මෙසේද පැවැසීය.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පසුගිය 18 වැනිදාට පෙරත් මේ අවස්‌ථාවේදීත් ඔහුගේ තේමාව වෙනමොකුත් නොව දිනූ දේ රැකගමු යන්නයි. ඒක මොන කප්පමක්‌ හරි ලබාදී රැක ගන්නයි හදන්නේ. සම්බන්ධන් මහත්තයා කියනවා ඔවුන්ට උතුරට ස්‌වයං පාලනයක්‌ ලබා දෙන බවත්, අනෙක්‌ පැත්තෙන් මුස්‌ලිම් කොංග්‍රසය නැගෙනහිරට වෙනම පරිපාලන දිස්‌ත්‍රික්‌කයක්‌ ලබාදෙන බවට ගිවිසුම් අත්සන් කළ බව කියනවා. ඒ විතරක්‌ නෙවෙයි ජනතා විමුක්‌ති පෙරමුණට ලංගම බස්‌ ලැබෙනවා. අනෙක්‌ පැත්තෙන් අයි.ටී.එන්. හා ලක්‌හඬ සජීවී විකාශනයන් ලැබෙනවා. රුපියල් ලක්‍ෂ අටකට මේ මුදල් ගෙවලා තියෙන්නේ ජ.වි.පෙ. නෙවෙයි. ජනතා විමුක්‌ති පෙරමුණට මේ ආණ්‌ඩුවේ කොතරම් බලයක්‌ තියෙනවද කියලා මේ දේවලින් පේනවා.

එජාපයේ සැබෑ ප්‍රතිපත්තිය එළිදක්‌වලා තියෙනවා. ඒක තමයි එදා 2001 – 2004 කාලයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්‌ඩුව හඳුන්වා දුන් යළි පුබදමු ශ්‍රී ලංකා වැඩසටහන. දැන් සතොස කාබාසිනියා කරලා. රාක්‌ක හිස්‌වෙනවා. එය පුද්ගලික අංශයට විකිණීමට යනවා. ලබන 18 වැනිදා එජාපයට බලය දුන්නොත් මේ රාජ්‍ය ආයතන සියල්ලම අහිමි වී රට ආර්ථික වශයෙන් අගාධයට ඇද වැටෙනවා.

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*