BREAKING NEWS

මහින්ද රාජපක්ෂ වැනි ලොවම මවිත කළ ජන නායකයකු ආරක්ෂා කිරීම ඔබ- අප සැමගේ යුතුකමක් – කුබෝ විහාරාධිපති නාහිමි

බිහිසුණු ත්‍රස්තවාදයක් පරදවා ලොවම මවිත කළ මහින්ද රාජපක්ෂ වැනි ජන නායකයකු ආරක්ෂා කිරීම ශ්‍රී ලාංකිකයන්ගේ මෙන්ම ජපානය වැනි සාමය අගයන රටවල ද යුතුකමක් බව ජපානයේ ප්‍රධානතම බෞද්ධ විහාරස්ථානයක් වන කුබෝ විහාරස්ථානයේ විහාරාධිපති නාහිමිපාණෝ පැවසූහ.
ඊයේ (13) ශ්‍රී ලංකාවේ 5වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිත පිරිස වෙනුවෙන් ජපානයේ කුබෝ විහාරස්ථානයේ පැවැති ආශිර්වාද පූජාවෙන් අනතුරුව අනුශාසනාවක් සිදු කරමින් උන්වහන්සේ එසේ පැවසූහ.
එහිදී කුබෝ විහාරාධිපති නාහිමිපාණෝ මෙසේ ද සදහන් කළේය.
‘‘ රටක අධර්මිෂ්ඨ පාලනයක් ඇති වූවාම ගංවතුර උවදුරු, නායයෑම්, හදිසි ගිනිගැනීම් ආදී නොයෙක් උවදුරු ඇති වන බව බුදුදහමෙහි සදහන් වෙනවා. අද ලංකාද්වීපයේ එවැනි උවදුරු ඇති වන්නේ අධර්මිෂ්ඨ පාලනයක් බිහිව තිබෙන නිසා බව අපගේ විශ්වාසයයි. ඒ උවදුරු දුරුව ගොස් ලංකාද්වීපයට යළි සාමය, සෞභාග්‍යය උදාවීමට නම් නැවතත් මහින්ද රාජපක්ෂ වැනි ධර්මිෂ්ඨ නායකයකු අවශ්‍යයි. එ සදහා මහින්ද රාජපක්ෂ නාමයට ගරු කරන ජපන් ජාතිකයන්ගේ උපරිම සහයෝගය ලබාදීමට අප කටයුතු කරනවා.“
දහස් සංඛ්‍යාත ජපන් ජාතික බැතිමතුන් පිරිසකගේගේ සහභාගීත්වයෙන් පැවැති මෙම ආශිර්වාද පූජාවට මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, ජානක වක්කුඹුර, රොෂාන් රණසිංහ, ලොහාන් රත්වත්තේ යන පාර්ලිමේතු මන්ත්‍රීවරු ද සහභාගී වූහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

About the Author

Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*