BREAKING NEWS

මහින්ද සමග රට දිනවන්න නුගේගොඩදී ජාතික රැලියක්!

gossip photo‘‘නැවත මම දේශපාලනයට එනවා. දුක් වෙන්න එපා! මම ඔබ සමග ඉන්නවා.’’
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පසුගියදා එසේ පවසා තිබිණි. තංගල්ල කාල්ටන් නිවසේදී පැවැති අමාදම් සිසිල ධර්ම දේශනා මාලාවේ නවම් පොහෝ දින ධර්ම දේශනාවෙන් අනතුරුව ධර්ම දේශනාවට සවන් දීමට පැමිණි පිරිස තමන් අතරමං නොකර දේශපාලනයට එන්නැයි ඉල්ලා සිටි අවස්ථාවේදී මහින්ද රාජපක්‍ෂ මහතා එසේ පිළිතුරු දී තිබිණි.

මේ අතර ගෙවී ගිය සතිය පුරා ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ, මහජන එක්සත් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී, නීතිඥ උදය ගම්මන්පිල යන මහත්වරු කොළඹදී විවිධ ස්ථානවලදී රැස් වී සාකච්ඡා වට ගණනාවක් පවත්වා තිබිණි. ‘පසුගිය ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් අනතුරුව මේ රට ගමන් කරන්නේ කුමන දිශාවකටද?’ යන්න ඔවුන්ගේ සාකච්ඡාවට බඳුන් වූ මූලික පැනයකි.

මේ රට, දිනා ගත් ජයග‍්‍රහණ උදුරා ගැනෙන, එහි ඒකීයභාවය අහිමි කෙරෙන බෙදුම්වාදී ජාතිවාදී කල්ලි සතුටු කෙරෙන වර්ගයේ ෆෙඩරල් ව්‍යවස්ථාවක් යටතට ගෙන ඒම වත්මන් පාලකයන්ගේ අරමුණ වී තිබෙන බව එහිදී අවධාරණය කෙරිණි.

මේ අනතුරුදායක ගමනින් රට බේරා ගත හැක්කේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මීළග මහ මැතිවරණයේදී අගමැති අපේක්‍ෂකයා ලෙස රැග‍ෙන ඒමෙන් පමණක් බවත් මේ දේශපාලන පක්‍ෂ නායකයන්ගේ අදහස විය.

‘‘රට දිනා ගත් ජයග‍්‍රහණ අහිමි කිරීමේ ‘හංස මෙහෙයුම’ පැරදවීමට මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අග‍්‍රාමාත්‍ය අපේක්‍ෂකයා වශයෙන් ගෙන ආ යුතු බව අවිවාදිතයි. ශ‍්‍රී ලනිප වර්තමාන නායකත්වය ඒකට එකග වෙයිද?’’ විමල් වීරවංශ මහතා විමසා සිටියේය.

‘‘එහෙම එකග නොවුණොත් ජාතිකවාදී, වාමවාදී දේශපාලන බලවේග එකතු වෙලා ඒ වැඬේ කළ යුතුයි. කෙසේ වෙතත් අපි මේ පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමට පළමුව මාධ්‍ය හමුවක් පවත්වමු. අපේ අදහස් එහිදී රටට කියමු’’ දිනේෂ් ගුණවර්ධන මහතා එයට පිළිතුරු වශයෙන් පැවසීය.

‘‘මාධ්‍ය හමුවකදී අපට ජනතාවට මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කළ හැකියි. අපි මේ ’හංස මෙහෙයුමට’ එරෙහි ගමන ජාතික රැලියකින් ආරම්භ කරමු! මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට ඡන්ද දුන් ලක්‍ෂ 58ක ජනතාවට මේ රැලියට ඇරයුම් කරමු! යහපාලනයේ රග දැනටමත් තේරී ඇති ජනතාවටද ඊට ඇරයුම් කරමුු!. මේ රැලිය ඵෙතිහාසික රැලියක් වන බව මට විශ්වාසයි’’ විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.
‘‘එවැනි ඵෙතිහාසික රැලියකට සුදුසුම ස්ථානය මම හිතන්නේ නුගේගොඩයි’’ දිනේෂ් ගුණවර්ධන මහතාගේ එම අදහසට සෙසු නායකයෝ එකගතාව පළ කළහ.

ඒ අනුව, ‘මහින්ද සමග රට දිනවමු!’ යන තේමාව යටතේ දිනේෂ්, විමල්, වාසු, ගම්මන්පිල යන පක්‍ෂ නායකයන් ජනතාව අමතන දැවැන්ත ජාතික රැලියක් ලබන පෙබරවාරි 18 වැනිදා සවස නුගේගොඩදී පැවැත්වීමට නියමිතය.

මෙසේ ඉහත කී දේශපාලන පක්‍ෂ නායකයන් ‘මහින්ද සමග රට දිනවන’ ජාතික රැලියකට සැරසෙද්දී මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් යළි දේශපාලනයට පැමිණිය යුතුය යන ස්ථාවරයේ සිටින විද්වතුන්, වෘත්තිකයන්, ව්‍යාපාරික ප‍්‍රජාව මෙන්ම වෘත්තීය සමිති නායකයන් රැසක් සමග දේශපේ‍්‍රමී වැඩ කරන ජනතා මධ්‍යස්ථානයේ සභාපති, හිටපු සංස්කෘතික කටයුතු අමාත්‍ය පියසිරි විජේනායක මහතා සාකච්ඡා වට ගණනාවක් පැවැත් විය. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කිරීම, රජයේ සේවක වැටුප් වැඩිවීම ආදියේදී සිදු කර ඇති රැවටීම් පිළිබඳව ද, දෙමුහුන් වාහන මිල වැඩි කිරීම, කොටස් වෙළඳපොළෙහි සිදුව ඇති කඩා වැටීමඳ, විශ‍්‍රාමිකයන්ට සිදුව ඇති අසාධාරණය ආදී අතුරු අයවැයට අදාළ කරුණු රැසක් ද එහිදී සාකච්ඡාවට බඳුන් විය.

About the Author

Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*