BREAKING NEWS

මහ වැසි පරදා පැවැති ‘රනිල්ගේ ව්‍යවස්ථා පැකේජයට එරෙහි ජාතික සමුළුව’…

මහ වැසි පරදා පැවැති ‘රනිල්ගේ ව්‍යවස්ථා පැකේජයට එරෙහි ජාතික සමුළුව’…

ජාතික නිදහස් පෙරමුණ විසින් අද(14) කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී ‘රනිල්ගේ බෙදුම්වාදී ව්‍යවස්ථා පැකේජය පරදවමු!’ යන මැයෙන් ජාතික සමුළුවක් පවත්වනු ලැබීය. ධාරානිපාත වැසි මැද පැවැති මෙම ජාතික සමුළුවට පක්ෂ ක්‍රියාකාරිහු රැසක් එක්ව සිටියහ.

සමුළුවේ ප්‍රධාන දේශනය පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ද පිළිගැනිමේ කතාව ප්‍රචාරක ලේකම්, මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා ද සිදු කරන ලදහ.

මෙම ජාතික සමුළුව පක්ෂයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ, නියෝජ්‍ය නායකවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද වන වීරකුමාර දිසානායක ජයන්ත සමරවීර යන මහත්වරු ඇතුළු පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ එම ජාතික සමුළුවේ ඡායාරූප සටහනකි.

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    වචනත් එන්නේ නැහැ අද මට හරියට. අනේ විමල් මහා වැස්සේත් මෙච්චර විශාල මිනිස්සු ගොඩක් ඇවිල්ල. තේරෙනවා නේද මිනිස්සු කොයි තරම් ඔයා ගැන බලාපොරොත්තු තියා ගෙන ඉන්නවද කියලා. කොයි මොහොතේ හරි අන්තිම මොහොතේ හරි රට බේරා ගනියි කියලා මුළු රටටම තියෙන එකම බලාපොරොත්තුව විමල් වීරවංශ කියන මුළු රටම ආදරේ කරන දේශප්‍රේමී දේශපාලන නායකයා. අනේ මට හරිම ආදරේ හිතෙනවා.

    කවියක් ලියන්න වටිනවා. තාම හරියට වචන ආවේ නැහැ හුඟ කාලෙකින් ලියපු නැති නිසා. කලින් ලියපු එකක් මතක් වුනා.

    ඔබ හිතුවේ ඔබෙ යුතුකම
    රට රැකීම එකම පැතුම
    මට ඕනා දහස් ගණන්
    ඔබෙ අඩි පාරේ දැකීම

  2. Champa Reply

    ඔන්න ඔයාගේ ඊයේ කතාවට සෑහෙන්න බය වෙලා දැක්කද ඔළුව කැඩිච්ච කැරපොත්තෝ හතර අතේ දුවනව.

  3. Champa Reply

    අන්න e-voting system එක එනවලු. මම කලින් දවසක කිව්වා e-ID එනකොට ඊළඟට e-voting system එනවා කියලා, මොකොද ආණ්ඩුව හොරට චන්දෙ දිනන්න තියෙන එකම විදිය. මැකො ඕ වැඩේට captain. රනිල් දිනවන්න වැඩ කරන මිනිස්සු නම් කැමති වෙයි මේකට, හැබැයි රටේ අනිත් මහජනතාව මේ ගැන කරන්න ඉස්සෙල්ල විරුද්ධ වෙන්න ඕනේ.

  4. Champa Reply

    මම 14 වෙනිදා ඉඳන් විමල්ගෙ කතාවට කවියක් හදන්න හදනව. ඒ වුනාට වචන එන්නේ නැහැ. වෙනදට නම් හිතන්නත් ඕනේ නැහැ තිසා වැවේ සොරොව්ව ඇරියා වගේ වචන ගලා එනව. කිසි හේතුවක් නැතුව දවස් දෙක තුනක ඉඳන් මොකක්ද එකකට මට හරිම දුකක් දැනෙනවා. ඒ හින්දා සිංහලෙන් comment එකක්වත් ලියන්න හරියට වචන එන්නේ නැහැ. මගේ හිත රිදෙන දෙයක් වුනොත් මම මාගල් ගණන් ලියනවා. හැබැයි දුක හිතුනම මුකුත් ලියවෙන්නේ නැහැ. වෙන මිනිස්සුන්ට හොඳම නිර්මාණ කවි සින්දු ලියවෙන්නේ දුකෙන් ඉන්න කොටලු. මට එකේ අනිත් පැත්ත.

Leave a Reply

*