BREAKING NEWS

මාතෘභූමිය වෙනුවෙන් හඩ නගන මහජන නියෝජිතයන්ගේ හඩ යටපත් කරලා බෙදුම්වාදී ව්‍යවස්ථාවක් බලහත්කාරයෙන් පැටවීමට ආණ්ඩුව උත්සාහ කරනවා

13443243_957981664319654_1517492815996309915_oමාතෘභූමිය වෙනුවෙන් හඩ නගන මහජන නියෝජිතයන්ගේ හඩ සිරගතකර මාතෘභූමිය සම්පූර්ණයෙන්ම වනසන බෙදුම්වාදී ව්‍යවස්ථාවක් ජනතාව මත බලහත්කාරයෙන් පටවන පසුබිම හැදීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

අද(21) බොරැල්ල රිමාන්ඞ් බන්ධනාගාරයේ සිරගත කොට සිටින ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් මහතාගේ සුවදුක් විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද පැවසීය.

‘‘පොසොන් පොහොය දිනයේ බෞද්ධයකු වූ උදය ගම්මන්පිල මන්ත‍්‍රීතුමා අත්අඩංගුවට ගත්තා. රාමසාන් උපවාස සමයේදී මුස්ලිම් බැතිමතකු වූ මොහොමඞ් මුසම්මිල් මහතා අත්අඩංගුවට ගත්තා. අඩුම තරමින් මේ සංවේදී කාරණාවත් සැලකිල්ලට නොගනිමින් පොලීසිය ලවා තම දඩයම් කිරීමේ පිපාසාව මේ ආණ්ඩුව ඉටුකර ගත්තා. මින්පෙර මේ තරම් කෲර ලෙස කිසිදු ආණ්ඩුවක් ක‍්‍රියාත්මක වී නැහැ. එවැනි පාලකයන්ගේ යුගයක් තමයි අද නිර්මාණය වී ඇත්තේ.

තරුණයන්ව හප්පලා කිසිදු උපද්‍රවයක් නොවී බේරිලා ඉන්න ඇමතිලාට ක‍්‍රියාත්මක නොවන නීතිය, අද ඒකාබද්ධ විපක්‍ෂය දඩයම් කිරීමට යොදා ගන්නා නීතියක් බවට පත්වෙලා. මංතීරු ගලවන ඇමතිලාට පොදු දේපළ විනාශ කිරීම යටතේ දාන්නේ නැති නඩු, ඒකාබද්ධ විපක්‍ෂයේ මහජන නියෝජිතයන් තෝරමින් දමන තත්වයක් අද ඇති වෙලා තිබෙනවා. මාතෘභූමිය වෙනුවෙන් හඩ නගන මහජන නියෝජිතයන්ගේ හඩ සිරගත කරලා, මාතෘභූමිය සම්පූර්ණයෙන්ම වනසන බෙදුම්වාදී ව්‍යවස්ථාව, රට මත බලහත්කාරයෙන් පටවන පසුබිම තමයි අද මේ හදන්න උත්සාහ ගන්නේ.

අපි ජනතාවට කියනවා ‘කරුණාකර මේ අනතුර දකින්න. මහ මගට බැහැලා මේ දඩයමට එරෙහිව සක‍්‍රීයව විරෝධය පෙන්වන්න. එහෙම නොවුණොත් වෙන්නේ, මාතෘභූමිය වෙනුවෙන් කැප වෙන්න ඉන්න මිනිසුන් සිරගත කරලා සිටියදී බෙදුම්වාදයට කත් අදින ව්‍යවස්ථාව සම්මත කරන ජනමතවිචාරණ කරළියට ගෙන ඒමයි.’ කියලා. ඒක තමයි මේ බටහිරගැති රූකඩ ආණ්ඩුවේ ප‍්‍රධාන න්‍යාය පත‍්‍රය. ඒක පරදවන්න නම් මේ ක‍්‍රියාදාමය ඉවසන්නේ නැතිව, මාධ්‍යවලින් බොරු ගොතලා සිදුකරන මේ නායකයන් බිලිගැනීම පිළිගන්නේ නැතිව ඊට එරෙහිව නැගී සිටිය යුතුයි. ඒ වෙනුවෙන් අපි ඒකාබද්ධ විපක්‍ෂය ලෙස නායකත්වය දෙනවා, පෙරමුණ ගන්නවා’’

මේ අවස්ථාවට ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු වන ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, ජානක වක්කුඹුර, ජාතික නිදහස් පෙරමුණේ රත්නපුර දිස්ත‍්‍රික් නායක, පළාත් සභා මන්ත‍්‍රී දීපාල් ගුණසේකර, මහජන එක්සත් පෙරමුණේ උප සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෝමවීර චන්ද්‍රසිරි යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2016.06.21

 

13490598_957982710986216_8310908139035013550_o

About the Author

Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*