BREAKING NEWS

‘මීට වඩා ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙතක් නැහැ. 225කට විසඳීමට තිබූ ප්‍රශ්නය, ජනතා පරමාධිපත්‍ය හිමි කෝටි එකහමාරක් වූ ඡන්දදායක ජනතාවට භාර දුන්නා’

‘මීට වඩා ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙතක් නැහැ. 225කට විසඳීමට තිබූ ප්‍රශ්නය, ජනතා පරමාධිපත්‍ය හිමි කෝටි එකහමාරක් වූ ඡන්දදායක ජනතාවට භාර දුන්නා’

– නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ පවසයි

උද්ගතව තිබූ ගැටුම විසඳීමේ වඩාත්ම ප්‍රජාතන්තත්‍රවාදී පිළිවෙත ජනාධිපතිවරයා විසින් අනුගමනය කර ඇති බවත් ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225කගේ මැදිහත්වීමෙන් විසඳිය යුතු ප්‍රශ්නය මේ රටේ ජනතා පරමාධිපත්‍ය හිමි කෝටි එකහමාරක් වන ඡන්දදායක ජනතාව වෙත ලබා දී ඇති බවත් ජානිපෙ නායක, නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ඊයේ (10) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“එක්සත් ජාතික පක්‍ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් බටහිර තානාපති කාර්යාල හා බැඳුණු රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකුත් පසුගිය කාලය තුළ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ නැති අවුලක් පෙන්වීමට විශාල උත්සාහයක් ගනු ලැබුවා. හිටපු අගමැතිවරයා බටහිර රටවලට ඇරයුම් කරනු ලැබුවා, ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හානිකර ලෙස මැදිහත්වීමට. ඒ වගේම ඉතිහාසය තුළ මෙතෙක් නොපැවති ලෙස අරලියගහ මන්දිරය පොලු මුගුරු සහිත පිරිසක් නවාතැන් ගත් තැනක් බවට පත් වුණා. පාඨලී චම්පිකලා ලේ වැගීරීම් ගැන කතා කරන්න පටන් ගත්තා.

‘රනිල් වික්‍රමසිංහගේ හැසිරීම’

මේ සියල්ල තුළින් ඔවුන් උත්සාහ ගත්තා මේ රට තුළ මැදපෙරදිග මෙන් ලේ වැකි ‘රෝස වසන්තයක්’ ඇති කරන්න. නමුත් මේ අයගේ විරෝධතාවලට කිසිදු ජනතා සහයෝගයක් ලැබුණේ නැහැ. නීතිවිරෝධී පහ කිරීමක් නම් සිදු කළේ, තමන් වගකිවයුතු නායකයෙක් නම් රනිල් වික්‍රමසිංහ මහතා කළ යුතුව තිබුණේ ඒ පිළිබඳව අධිකරණයේ පිහිට ගැනීම. නමුත් දී තිබෙන ශිෂ්ට සම්පන්න මාවත තෝරාගන්නවා වෙනුවට, ගැටුම්කාරී මාවතක් තෝරා ගනු ලැබුවා. අරලියගහ මන්දිරය තුළ දිගින් දිගටම රැදී සිටිමින්, අගමැති ලෙස දීපවාලි පණිවිඩ නිකුත් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ ආකාරය ඉතාමත් පහත්. මැතිවරණයකට පෙර ධුරය අහිමි වූ අගමැතිවරු මේ රටේ සිටියා. නමුත් ඒ කිසිවකුත් මේ ආකාරයට අරලියගහ මන්දිරය මූල කඳවුරක් බවට පත්කර ගනිමින්, ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලමින් කටයුතු කළේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතාගේ මේ හැසිරීම උපයෝගීකර ගනිමින් බටහිර රටවල් අපේ රටේ මේ අභ්‍යන්තර ප්‍රශ්නය තමන්ගේ ප්‍රශ්නයක් බවට පත්කර ගනිමින් කටයුතු කළා.

13 හදන හැටි – අනුර කියූ කතා’

මේ ආකාරයට අරලියගහ මන්දිරය මූල කඳවුරක් බවට පත්කර ගනිමින් කටයුතු කරනු ලැබූ විට ජනාධිපතිතුමන්ට ගත හැකි පියවර තිබුණා. තමන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ ප්‍රධානතම සැකකරුවෝ තමයි අරලියගහ මන්දිරය තුළ රැදී සිටියේ. එහෙත් ජනාධිපතිවරයා ඉතාමත් ශිෂ්ට සම්පන්න ලෙසයි කටයුතු කළේ. නමුත් මේ ගැටුම දිගටම පැවතීම රටට සුබදායක වන්නේ නැහැ. බලයේ ඉන්න ආණ්ඩුවකට ඔය කියන 113 හදන එක ඒ හැටි කජ්ජක් නොවෙයි. අපි නොවෙයි එදා අනුර දිසානායක කිව්වේ ‘සල්ලි කඳු ගණන් ගොඩගහනවා නම් ඒ පැත්තේ ඉන්නවාට වඩා වැඩි ගණනක් ආණ්ඩුවට එනවාට දෙනවා නම් 113 හදන්න බැරි ඇයි?’ කියලයි. ඒ වගේම අනුර දිසානායක කිව්වේ, ‘මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ පොලේ බඩු විකිණෙනවා වගේ විකිණෙන අය’ කියලයි. එහෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගෙන් 113 නොවෙයි 125ක ආණ්ඩුවක් හදන එකත් අමාරු නැහැ. නමුත් ඒක ශිෂ්ට සම්පන්න නැහැ.

‘හිටපු කථානායක – බටහිර තානාපති කාර්යාල’

හිටපු අගමැතිවරයාගේ ක්‍රියා කලාපය මෙන්ම කථානායකවරයාගේ පක්‍ෂග්‍රාහී ක්‍රියාකලාපය ද මෙවැනි ගැටුමක් නිර්මාණය වීමට බලපෑවා. කථානායකවරයා ව්‍යවස්ථාවට පිටුපා බටහිර තානාපති කාර්යාලවල උපදෙස් මත ක්‍රියා කළා. නව අගමැතිවරයා පිළිනොගෙන ‘පැවති තත්වය’ පිළිගන්නා බවට ප්‍රකාශ නිකුත් කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා ස්ථාවර නියෝගවලට පිටුපෑවා. ජනාධිපතිතුමන් තමන්ට ආණඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව අගමැතිවරයකු පත් කළාම ඔහුට පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සලසා දීම කථානායකවරයාගේ වගකීමයි. කරු ජයසූරිය මහතා ඊට හාත්පසින්ම වෙනස් ආකාරයට පක්‍ෂග්‍රාහීව කටයුතු කළා.

‘ඇමෙරිකන් තානාපතිගේ ට්විටර් පණිවිඩය’

ඒ නිසා මේ ගැටුම විසඳීමට වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙත අනුගමනය කරමින්, එහාට මෙහාට විකිණිය හැකිව තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් මගින් මේ රටේ බහුතර ජනතාව ප්‍රතික්‍ෂේප කරන ආකාරයෙන් ආණ්ඩුවක් හැදීම අතහැර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. එසේ විසුරුවා හැරීමෙන් පසුව එම ගැටුම නිරාකරණය කිරීමේ අවස්ථාව කාටද ලැබුණේ ? මේ රටේ ජනතා පරමාධිපත්‍ය බලය හිමි කෝටි එකහමාරක ඡන්දදායක ජනතාවට. ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ට්විටර් පණිවිඩයක් මගින් පවසා තිබෙනවා. ‘පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් මේ ගැටුම තවත් උග්‍ර වෙනවා’ කියා. මට නම් ඒක තේරෙන්නේ නැහැ. ජනතා පරමාධිපත්‍යයට ගරු කරමින් මහා මැතිවරණයකට යාමෙන් ප්‍රජාතන්ත්‍රවාදයට හානි වන්නේ කෙසේ ද?

කැළණිය රජ මහා විහාරාධිපති පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ, පවසා සිටියා ‘2015 මහ මැතිවරණයේදී මමත් ඡන්දය දුන්නේ එජාපයට. නමුත් මම කිසිසේත්ම දැන් එම මතයේ නොවෙයි ඉන්නේ. මම පත් කළ නියෝජිතයා දැන් මගේ මතය නියෝජනය කරන්නේ නැහැ’ කියා. මේ ප්‍රශ්නය උන්වහන්සේගේ ප්‍රශ්නයක් පමණක් නොවෙයි, එජාපයට ඡන්දය දුන් ලක්‍ෂ සංඛ්‍යාත පිරිසකගේ ප්‍රශ්නයක්. උන්වහන්සේගේ මුවින් පිට වුණේ ඒ සියලුදෙනාගේ වේදනාව, කනස්සල්ල. ඒ නිසා හොඳම දේ තමයි ඒ පසුතැවීමෙන් ඉන්න ඡන්දදායකයා අතට මේ ප්‍රශ්නය විසඳීමට දෙන එක. සමස්තයක් ලෙස, 225ක් අතේ ඇති මේ ප්‍රශ්නය විසඳීමට ඡන්දදායකයන් එක්කෝටි පනස්ලක්‍ෂයකට අවස්ථාව උදාකර දීම. ඒ දෙය ජනාධිපතිතුමන් දැන් සිදුකර අවසන්. මේ පිළිබඳව යම් ගැටළුවක් තිබෙන අයකුට පුළුවන් අධිකරණයේ පිහිට පතන්න. ඒක තමයි මේ රටේ පිළිගත් ක්‍රියා පිළිවෙත. ඒ නිසා තානාපති කාර්යාල ඉදිරියේ හඬා නොවැටී එසේ කරන ලෙස ඒ අයගෙන් ඉල්ලා සිටිනවා.

‘තීන්දුව ඔබේ අතේ’

අපි මේ රටේ ඡන්දදායක ජනතාවට කියනවා. ‘ඔබටයි මේ ගැටුම නිරාකරණය කිරීමේ අවස්ථාව ජනාධිපතිතුමන් විසින් ලබා දුන්නේ. ඔබ ලක්‍ෂ සිය ගණන්වල ලංසුවලට විකිණෙන කෙනෙක් නොවෙයි. ඔබට පුළුවන් ජනවාරි 05 වැනිදාට ඔබේ රටේ අනාගතය භාර දෙන්නේ කාටද කියා තීරණය කරන්න.’ කියා. එසේම තරුණ ඡන්දදායකයාට පුළුවන් ඔබ බලාපොරොත්තු වන ගුණාත්මක පාර්ලිමේන්තුවක් නිර්මාණයකර ගන්න”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2018-11-11

 

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    I am worried about MR.

  2. Champa Reply

    පිස්සෙක් රජ වෙලා රටේ
    ගහනව ගැට හතර අතේ
    රුවල කැඩුණු නැවක් වගේ
    රට යනවා කොහෙද නැතේ

  3. Champa Reply

    බලන්න President කරපු හරිම කැත වැඩේ. එයාට බහුතරය නැති එක වහ ගන්න වැරැද්ද Speaker ගේ පිටින් දාල. ඉන්නකෝ දෙනවා හොඳ fight එකක් Speaker වෙනුවෙන්. ඕගොල්ලන්ට බලය නැතුවත් මෙහෙම නම් බලය හොඳට ලැබුනොත් කොහොමද? දැන් බලපුවහම ඕගොල්ලෝ රනිල්ටත් වඩා ඒකාධිපති වෙලානේ. ව්‍යවස්ථාව කඩ කරමින්, පාර්ලිමේන්තු සම්ප්‍රදායට සම්පූරණයෙන් පිටින් යමින්, බල්හාත්කාරෙන්, කුමන්ත්‍රණ වලින්, කථානායකව බිය ගැන්වීමෙන්නේ බලය තහවුරු කරගන්නනේ ජනාධිපති හදන්නේ. එහෙම කොහොමද? මම හිටපු ජනාධිපතිතුමාට විරුද්ධ නැහැ. හැබැයි සිරිසේනගේ වැඩ වලට හරිම විරුද්ධයි. මෙහෙම ගිහින් මෙයා ඊළඟ ජනාධිපතිවරණයට ඉල්ලුවොත් තනිකරම බලය පෙන්නලා චන්ද වෙනස් කරලා දෙවෙනි පාරට බලහත්කාරෙන් බලය ලබා ගනියි. ඒක හරියන්නේ නැහැ.

  4. Champa Reply

    බලන්න මම “ජාතියේ රණහඬ” කියල කියපු විමල් වීරවංශ අද බෙලෙක්කයක් වගේ ටක ටක ගගා සෙවල සිරිසේනට කඩේ යනව. චික් විතරක්.

    බලන්න මම;
    “දෙන්න පණ ඔබට මැතිඳුනි
    සිංහ පෝතකයො පොරකති
    සිංහ නාද ඇසු හිවළුන්
    දුවති දස අතේ”
    කියපු හිටපු ජනාධිපතිතුමා අද හිවල ළඟ වැටිලා. දැන් සිංහ නාද ඇහෙන්නේ නැහැ. ඒ මොකොද කිව්වා නම් සිංහයා ආවට පස්සේ හිවලට සිංහ ඌෂ්නේ ඔළුවට ගහල තොර තෝංචියක් නැතුව කැහැගහනව.

    මම කිව්වා ඔය වැඩේ කරන්න එපා කියලා. චික් බලන්න. ලංකාවේ සද්දන්තම දේශපාලන ප්‍රතිරූප දෙක එක රැයෙන් වැට්ටුව.
    මගේ කේන්තිය දැන් නිවීගෙන යනවා ඒ හින්ද මුලදී තරම් හිටපු ජනාධිපතිතුමාට attack කරන්නේ නැහැ. මට එයා ගැන හුඟක් දුක හිතෙනවා.

    මට හිටපු ජනාධිපතිතුමාට කියන්නේ ඕනේ;
    “බැන්ද පෙම ඔබට රටවැසි
    වෙන්නෙ නැහැ වෙනස් කිසි ලෙසි
    අන්ධකාර වූ දෙරණට
    එලිය දෙනු මැනේ”
    කියලා. හැබැයි ඔහොම බාල්දු වෙලා අර ….ගෙ එළියෙන් නෙමෙයි.

  5. Champa Reply

    මොකක්ද අර පිස්සු වචනේ වම් පැත්තේ තියෙන්නේ “ආධානග්‍රාහී” කියල. මගේ ජීවිතේට ඔය වගේ වචනයක් අහල නැහැ. වචන හදනව නිකම් ෆැක්ටරියක් වගේ. මට හොඳට සිංහල පුළුවන්. හැබැයි මේ නගරේ අලුත් සිංහල වචන මට තේරෙන්නේ නැහැ. මේවා මේ මිනිස්සුන්ට තේරෙන භාෂාවෙන් කියන්න ඉගෙන ගන්න හොඳද.
    අර ඊට පහල ජයන්තගේ කතාවේ මොකක්ද “අකුදි විජේවීරයන්” කියන්නේ? අකුදි කියන්නේ අ + කුදි මොකක්ද මේක? කුදු නැති කියලද කියන්නේ? මොන පිස්සුවක්ද මේක? අම්මෝ ඕගොල්ලොග් බලයට ආවොත් මේ වගේ කාටවත් නොතේරෙන වචන වලින් ගහල අනිත් පැත්තේ මිනිස්සුන්ව වට්ටයිනේ. පණ්ඩිතයෝ. මිනිස්සුන්ට කියන්න ඕනේ පණ්ඩිතයන්ගෙන් ප්‍රවේශම් වෙන්න කියලා. ඕගොල්ලෝ අම්මෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් එහෙම හැදුවොත් පිස්සන් කොටු පිරෙන්න ගනියි මිනිස්සුන්ගෙන්.

  6. Champa Reply

    Is MR OK? දැන් එයත් කතා කරන්නේ සිරිසේන කතා කරන විදිහටනේ. ඔන්න බලන්න. මේවා කියවන්න.
    “විපක්ෂයේ මූලික කාර්යය වනුයේ පුළුවන් ඉකමනින් පවතින ආණ්ඩුව පෙරලා බලයට පැමිණීමයි.”
    (අනේ තරහ වෙන්න එපා ඔන්න. මට මීකට හුඟක් හිනා ගියා. ඒ මොකොද විපක්ෂය ආණ්ඩු පෙරළන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ. නැතුව එළියේ කුමන්ත්‍රණ වලින් නෙමෙයි. මේක කුමන්ත්‍රණයක් කියලා කියන්න සිද්ධ වෙලා තියෙන්නේ ඊට පස්සේ පාර්ලිමේන්තුව පැත්ත පළාතක ගියපු නැති නිසා.)

    “ජනතාවගේ අයිතිය අධිකරණයට ගොස් අභියෝගයට ලක් කරනවා නම් එය සම්පූරණ වැරදියි. එය ජනතා මතයට පරමාධිපත්‍යයට විරුද්ධවීමක්.” (ඇත්තට? එතකොට 2015 චන්දෙදි අවුරුද 5කට ආණ්ඩුවක් පිහිටවපු ජනතාවගේ අයිතියට මොකද වුනේ? ඒ අපි අකැමති පිරිසක් වුනත් ඒ ජනතාවත් මේ රටේම ජනතාවනේ. එතකොට ඒ ජනතා මතයට පරමාධිපත්‍යයට විරුද්ධව කුමන්ත්‍රණයකින් බලය අල්ල ගැනීම සම්පූරණ වැරදි නැත්ද? අනිත් එක දේශපාලනය කුමන්ත්‍රණයකින් බලය අල්ල ගත්තට පස්සේ අනිත් මිනිස්සු කට වාන් ඉන්න ඕනේ කියලද මේ කියන්නේ? කෝ සමාන අයිතිවාසිකම්?)

    “ඒ වගේම මැතිවරණයක් තුලින් ජනතාවගේ පරමාධිපත්‍යය ලබා දීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් වෙන්නේ කොහොමද කියල මම ජාත්‍යන්තරයට කියනව.”
    (ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධී වෙන්නේ ඕක කලේ දේශපාලන කුමන්ත්‍රණයකින් හින්ද. අනිත් එක ජනතා පරමාධිපත්‍යය කියන්නේ දේශපාලකයෝ හඳපානේ බලය අල්ලල ජනතාවට අරන් දෙන්න ඕනේ දෙයක් නෙමෙයි. ඒක ජනතාවගේ අයිතියක්. ජනතාවගේ පරම හිමිකමක්. ඒ අයිතිය ජනතාවට දීල තියෙන්නේ ව්‍යවස්ථාවෙන්මයි. නිශ්චිත කාල සීමාවකදී ඒ කියන්නේ අවුරුදු 6කට හෝ දැන් 5කට සැරයක් ජනතාව ඒ අයිතිය භුක්ති විඳිනවා.)

  7. Champa Reply

    හූහූ හූඌඌඌඌඌඌ අන්න පොහොට්ටුව අර හොර නාමල් කුමාර චන්දෙට දානවලු.
    ඉස්සර නම් පාර්ලිමේන්තුවේ ඉන්න සමහරු හොරු තක්කඩි කියලා මිනිස්සු දැන ගන්නේ කාලෙකට පස්සේ.
    මේ පාර කෙලින්ම තක්කඩි, හොරු, දූෂිතයො, වංචා කාරයෝ, සල්ලි වලට මුළු රටම රවට්ටන්න බැසිල්ගේ තිර පිටපත කියවලු බූරුවෝ, කුමන්ත්‍රණ කාරයෝ, නීති විරෝධී වැඩ කරපු එවුන් ඔක්කොම කෙලින්ම පාර්ලිමේන්තු ගේනවා.
    මේ වගේ එවුන්ට පක්ෂයක් තිබ්බේ නැහැ කලින්. නෙද්දකින්. දැන් එවුන්ටම ගියපු පක්ෂයක් තියෙනව පොහොට්ටුව කියල. ඒකේ නායකයා මහින්ද රාජපක්ෂ කියලා කෙනෙක්ලු. මම නම් අඳුරන්නේ නැහැ. ඒ හින්ද චන්දයක් ආවොත් අනිවරයයනෙම තක්කඩි පොහොට්ටුව පරද්දන්න ඕනේ සහයෝගයක් දෙනවා.
    නෙද්දකින් මේ වගේ මිනිස්සු පාර්ලිමේන්තු යවන්න පුලුවන්ද දැන දැනම? ඊට පස්සේ මූ ඇමති කෙනෙකුත් වෙයිනෙ. තුක් විතරක්. එන්නකෝ චන්දෙකට ඕගොල්ලෝ.

  8. Champa Reply

    පොහොට්ටුව ඔක්කාරෙට එනව දැන්මම. අන්න අර සජින් de වාසුත් ඇවිල්ලලු නේද? යන්නකො ඔහොම.

  9. Champa Reply

    සිරිසේන කොර වුනා. බැසිල් කවුද කියලා දැන් හැමෝම දන්නවා. චික් විතරක් තොපි ඔක්කොම කෑව මහින්දව.

  10. Champa Reply

    මාර තුරුම්පු ගොඩක් තියෙනව කියල ජනාධිට්පතිතුමා කිව්වා නේද? එකයි ගැහැව්වේ මොකක්ද කියන්නේ එකෙන්ම සිරිසේන කපෝතිද නැත්නම් කුජීතද දෙකමද?

  11. Champa Reply

    (මම මේ එක “අද” එකට දැම්ම)

    Hey everybody, මේක මෙතනින් අමතක කරලා දාන්න හොඳද? මම RW ට පොඩි request එකක් දැම්ම Colombo Telegraph එකට. —
    මම හිටපු ජනාධිපතිතුමා වුනා නම් ලොකු හිනාවක් දාල මේක අමතක කරලා දානවා.
    මට නම් ආපහු හිතල බලන කොට ඇත්තටම දැනුත් හිනා යනවා.
    මම ආරාධනා කරනවා ජනාධිපතුමා ශ්‍රීලනිප යූඑන්පී ඔක්කොටම මේ කතාව හිනා වෙලා මෙතනින් ඉවර කරලා දාන්න කියල. ඒ මොකොද අපි හැම තිස්සෙම ඉස්සෙල්ලම හිතන්න ඕනේ අපේ රට ගැන. ලෝකයාගේ හිනාවට බඳුන් කරන්න හොඳ නැහැ අපේ රට.
    අනිත් එක මේ වගේ “tragicomedies ” අපේ ඉතිහාසයේ ඕනේ තරම් තිබිල තියෙනවනේ. ඇයි මතක නැත්ද “සුබ සහ යස”, “මනමේ”, තව “කාලගෝල දික්තලා”?

  12. Champa Reply

    මම කැමති නැහැ NCM එකට. කොහොමත් එක වෙච්ච එකේ, ඉල්ලා අස් වෙන්න තිබුනේ. ඉල්ලා අස් වුනා නම් credit එක තමන්ට. දැන් credit එක JVP එකට.

  13. Champa Reply

    හිටපු ජනාධිපතිතුමාට සුභ උපන් දිනයක් කිව්වා කියන්න. තව කියන්න දඟ වැඩ නවත්තල හැදෙන්න කියලා. ඒ වුනාට මේ දවස් ටික් පාර්ලිමේන්තුවේ කරපු දේවල් වලටයි ඒවා කරලා හිනා වෙවී හිනා වෙවී ගියපු එකටයි නම් දඬුවමක් දෙන්නම ඕනේ.

Leave a Reply

*

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.