BREAKING NEWS

මුදල් කතා කරන විට සත්‍ය නිහඬ වන්නේ ය’, යන කියමන අද පාර්ලිමේන්තුවේදී සත්‍ය වේවි


ජනතාවගේ විශ්වාසය භංග වී ඇති අගමැති රනිල් වික්‍රමසිංහ අද විශ්වාසභංග යෝජනාවෙන් ජය ගන්නේ පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හෘද සාක්ෂිය වෙනුවට මූල්‍ය සාක්ෂිය අවදිව ඇති නිසා බවත් ‘මුදල් කතා කරන විට සත්‍යය නිහඬ වන්නේ ය’ යන කියමන අද රාත්‍රියේ පාර්ලිමේන්තුවේ දී සත්‍ය වනු ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ම.

ඔහු මෙසේ පැවසුවේ අද (04) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත්ටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

පාර්ලිමේන්තුව තුළ මොනර කොළ කතා කරන්න පටන් අරන් තියනවා. ඇතැමුන්ගේ හෘද සාක්ෂිය වෙනුවට මූල්‍ය සාක්ෂිය කතා කිරීමට පටන් අරන්. මට මේ අවස්ථාවේ සිහියට එන්නේ ‘මුදල් කතා කරන විට සත්‍යය ද වන්නේ ය’ යන ප්‍රකට රුසියානු කියමනයි. මහනුවර සිදු වූ සිංහල – මුස්ලිම් ගැටුම සමනය කිරීමට කටයුතු නොකිරීම ගැන අගමැතිවරයාට, ආණ්ඩුවට ඇඟිල්ල දික් කරපු රවුෆ් හකීම් ඇමතිවරයා අද මේ මොනවද කියන්නේ ? ඒ සිදුවීමට එදා ආණ්ඩුවට ඇඟිල්ල දිගු කරපු මුස්ලිම් ඇමතිවරු අද අගමැතිවරයාට විශ්වාසය පළ කරනවා. අපි කියනවා, ‘මේ මොනර කොළවලට යට වෙලා අද පාර්ලිමේන්තුවේ කතා කරන තමුන්නාන්සේලාගේ රෙදි මුස්ලිම් ජනතාව ඉදිරියේ ගැලවිලා ඉවරයි’ කියලා. ලක්ෂ අටසීයකට, දාහකට විකිණෙන උදවිය නිසා රනිල් වික්‍රමසිංහට තමන්ගේ දේශපාලන ප්‍රාණය රැක ගැනීමට පුළුවන් වේවි. නමුත් මෙම විශ්වාසභංගයෙන් පසුව රටටත් ජනතාවටත් ලැබෙන ජයග්‍රහණ රැසක් තිබෙනවා. බටහිර – ඉන්දියාවේ උවමනාව අනුව කටයුතු කරන මේ ජාතික ආණ්ඩුවේ ප්‍රාණය අද රාත්‍රියේ අවසන් වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දීමෙන් එය සිදු වෙනවා. එ වගේම මින් ඉදිරියට මේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රෙජිමයට පාර්ලිමේන්තුවේ 2/3 බලය අහිමි වෙනවා රණවිරු දඩයම් පනත්, ජනතාවට බදු පනත් 2/3න් සම්මත කර ගත් කාලය අදින් ඉවරයි.

සති දෙකේ අලුත් රනිල් කෙනෙක්

අපි සති දෙකක කාලයකට එක්සත් ජාතික පක්ෂයට වෙනස් රනිල් කෙනෙකු හදා දුන්නා. පක්ෂ ප්‍රතිසංස්කරණය ගැන කතා කරන, මන්ත්‍රීවරුන්ට ඇහුම්කන් දෙන රනිල් කෙනෙක් අපි හදා දුන්නා. නමුත් ඒ සියල්ල අද රාත්‍රියෙන් අවසන්. ඔබ මේ විශ්වාසභංගය පරදවා ප්‍රාණය දෙන රනිල් වික්‍රමසිංහ අර පරණ රනිල් වික්‍රමසිංහමයි. තමුන්නාන්සේලා අද ප්‍රාණය දීලා, කරේ තියන් රනිල් වික්‍රමසිංහ සමග කොතැනද යන්න හදන්නේ? ගමේ එක්සත් ජාතික පාක්ෂිකයාට ලැජ්ජා හිතෙන අන්දමේ හොරකම් කරපු මේ රනිල් වික්‍රමසිංහ සමග එක්සත් ජාතික පක්ෂයට යන්න වෙන්නේ දේශපාලන කනත්තට පමණයි. දැනටත් එයා එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම 29%ට බස්සලා ඉවරයි.

බොරු දූෂණ විරෝධය පෙන්වන රන්ජන් රාමනායකලා, දොන් ජුවන් ධර්මපාල පෙරිය බණ්ඩාර ලෙසින් රනිල් වික්‍රමසිංහ හඳුන්වපු චම්පික රණවකලා අද මහ බැංකු හොරකමේ මහ මොළකරු රනිල් සුරකින්න සූදානම්. මොනර කොළවලට විකිණෙන, තම හෘදය සාක්ෂිය වෙනුවට මූල්‍ය සාක්ෂිය වෙනුවෙන් පෙනී සිටින ඔළුගෙඩිවලට ඉදිරි මැතිවරණයේදී හොඳ පාඩමක් ඉගැන්වීමට මේ රටේ ජනතාව පක්ෂ පාට භේදයෙන් තොරව කටයුතු කරන බව අපට විශ්වාසයි. ‘මේ විශ්වාසභංගය අපි දිනුවත් දිනුම් – පැරදුනත් දිනුම්’ කියලා කිව්වෙ නිකං නොවෙයි. මේ පරගැති ආණ්ඩුවේ ගමන රනිල් වික්‍රමසිංහ දිනුවත් පැරදුණත් එලෙසින්ම යා නොහැකි නිසයි. හෙට සිට ජාතික ආණ්ඩුව අහෝසියි. තුනෙන් දෙක අහෝසියි.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2018/04/04

 

 

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    අර මම මාතෘකාවෙන් පිට පැන පැන කතා කළා කියපු එක හරි ගැස්සුවා ඔන්න.

  2. Champa Reply

    මම කාලෙකින් විමල් කරපු කතා ගැන comments ලියල නැහැ. අද තමයි මතක් වුනේ. විමල් ඉන්න පැත්තේ දේශපාලනයට මම එකඟ නැහැ. ඒ හින්ද විමල් ගේ කතාවකට වුනත් හිතට එකඟව support කරලා comment එකක් ලියන්න බැහැ. දේශපාලනයට අදාල නැති රට වෙනුවෙන් කරන කතාවක් තිබුනොත් මොනවා හරි ලියන්න හිතෙයි.

  3. Champa Reply

    විමල් ඔයා ඔය කතා කරන දේවල් හොඳට හිතලද කතා කරන්නේ? ඔයා කවදාවත් script චලට කතා නොකලට, පොහොට්ටුවට එකතු වෙච්ච දවසේ ඉඳන් කතා කරන්නේ හරියට වෙන කවුරු හරි කියන්න කියන දේවල් වගේ. ඔයා කිව්වහම මෛත්‍රී වැනිච්ච හින්දයි විශ්වාස භංග යෝජනාව පැරදුනේ කියලා, ඒ කියන්නේ එයා ඕගොල්ලන්ව මෝඩයන් කරලා කියලා කියන එක. ඕගොල්ලෝ ඉච්ච බස් වලට, සීනිබෝල වලට රැවටෙන ළදරුවන් පිරිසක් කියල කියන එක. ඕගොල්ලෝ eventualities වලට ලැහැස්ති වෙලා නැහැ කියන එක. අනිත් එක මෛත්‍රී කලින් කැමති වෙලා පස්සේ පස්ස ගැහැව්වා නම් ඒකට හේතුව මහජන සහයෝගය නැති බව පෙනුණු නිසා වෙන්න ඇති. හැබැයි මට නම් මේක පේන්නේ අනිත් පැත්තට. කතාවක් කියන්නද? මිනිස්සු කට්ටියක් වේල්ලක් උඩ බලා ඉන්නවලු. ගඟට වැටිච්ච මිනිහෙක් ගිලෙන්න යනවලු පීනන්න්න බැරි හින්ද. හැමෝම අනිත් අයට කියනවලු අනේ ගඟට බහින්න කියලා. කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැයිලු. පස්සේ එක පාරටම මිනිහෙක් පැන්නලු. ඊට පස්සේ ටිකක් වෙලා නිකම් ඉඳල පස්සේ ගිහින් ගිලෙන්න යන මිනිහව බේරාගෙන ගොඩට ආවලු. බලා හිටපු මිනිස්සු අත් පොඩි ගැහැව්වලු. විසිල් තිබ්බලු. ඔබ නම් හරිම වීරයෙක් කිව්වලු. ඒ වුනාට ගොඩට ආපු ගමන් මිනිහ කිව්වලු මාව වතුරට තල්ලු කරපු එකා අහුවුනොත් ගහනව කියල. මේ කතාවේ වගේ ඕගොල්ලෝ තමයි මෛත්රීව වතුරට තල්ලු කරලා රනිල්ව බේරෙව්වේ.

    අනිත් එක මිනිස්සු ඕගොල්ලන්ට කවද්ද කිව්වේ මෛත්‍රී එක්ක එකතු වෙලා රනිල්ව එලවන්න කියල? අනේ NCM ගෙන්න ඉස්සෙල්ල JO එකට තිබුනේ අහන්න පොඩි ළමේක්ගෙන් . ඒ ළමයත් ඕක ඇහැව්වා නම් එක අතකින් කට වහන හිනා වෙයි. දැකල තියෙනව නේද ඉස්කෝලේ යන චූටි ළමයි හිනා වෙන හැටි. පොව් අනේ ඕගොල්ලන්.

    ඕගොල්ලන්ගේ NCM එකට මහජන සහයෝගයක් තිබ්බද? මට නම් ඒ බවක් පෙනුනේ නැහැ. කෙනෙක් කිව්වා NCM එකෙන් පස්සේ රනිල් පෞද්ගලික උත්සවයකට ගියපු වෙලාවක එයට වෙනද නැති පිලිගැනීමක් ගෞරවයක් ලැබුනා කියලා. හැමොමම නිකම් හරි සතුටින් හිනා මූණු වලින්ලු පිලි ගත්තේ හරියට අනේ කොහොම හරි බේරුනා නේද වගේලු. සමහර දේවල් දිහා දේශපාලකයොයි මහජනතාවයි බලන විදිය හාපුරා වෙනස්.

    • Champa Reply

      Oh my word, when I look at the No Confidence saga again, I am shocked at Rajapaksa style politics. I am so glad I am not a part of them anymore. We also wanted to do a power transition in the Parliament in 2015 and early 2016. But never like this. Remember we wanted Maithree’s faction to come and sit in JO’s side based on a clear understanding that they are on the wrong side and also to show that they put country before anything else, power, money or positions. But never like this, Wimal.

  4. Champa Reply

    On a separate matter Wimal, I am getting your message. The only thing is it is now getting louder, louder and louder, making me.. ok.. the right word didn’t come. Anyways, I am trying to adjust Wimal, I am trying… trying.

  5. Champa Reply

    හිනා යන කතාවක් දැක්ක. පෝර ගන්න දීපු සල්ලි වලින් ගොවීන් මත්පැන් බීලලු! කාලෙකට ඉස්සෙල්ල වහත් බිව්වද කොහෙද.

  6. Champa Reply

    අනේ හිනා නොවී බැහැ අනේ මේවට. ඒකාබද්ධ විපක්ෂේ විපක්ෂ නායකට එරෙහිව විශ්වාසභංගයක් ගේනවලු. අනේ මන්ද මං නම් හිතන්නේ නැහැ ලකාවේ කිසි සිංහලයෙක් විපක්ෂ නායකයා ගැන විශ්වාසයක් තියන් හිටිය කියල. නොතිබුණු විශ්වාසයක් භංග කරා කියලා චෝදනා කරන්නේ කොහොමද විමල්? මං හිතන්නේ විපක්ෂ නායක රනිල්ට චන්දෙ දුන්න නිසා ඒකාබද්ධ විපක්ෂය එක්ක මේච්චර කල් තිබ්බ පෞද්ගලික විශ්වාසය කැඩෙන්න ඇති. අපරාදේ ඒ නිසාම ඒකාබද්ධ විපක්ෂය ව්‍යවස්ථා සභාවේත් හිටියනේ චන්ද ගන්න කියලා අනාගතේ.

Leave a Reply

*