BREAKING NEWS

මෙවැනි දේශපාලන දඩයමක් අප දන්නා ඉතිහාසය තුළ සිදුව නැහැ – ජානිපෙ නායක, විමල් වීරවංශ

වත්මන් ආණ්ඩුව සිදු කරන ආකාරයේ දේශපාලන දඩයමක් තමන් දන්නා ඉතිහාසය තුළ සිදුව නැතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අද(20) පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ ප‍්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ අවධාරණය කළේය.

මෙහිදී පැය 3 1/2කට කාලයක් අපරාධ පරීක්‍ෂණ අංශයේ නිලධාරීන් විමල් වීරවංශ මහතාගෙන් ප‍්‍රශ්න කර තිබිණි.

වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

‘‘බිරිඳගේ විදේශ ගමන් බලපත‍්‍රය පිළිබඳව මගෙන් ප‍්‍රශ්න කිරීමට අවශ්‍ය යැයි කියා තමයි රහස් පොලීසියේ මහත්තුරු මේ ස්ථානයට එන්න කීවේ. ඔවුන් ඒ පිළිබඳව කරුණු විමසුවා. ඒ අනුව මා ලබාදුන් ප‍්‍රකාශය සටහන් කරගනු ලැබුවා. අදට එම කටයුතු අවසන් වූවා. ඉදිරියේදී ඔවුන් ගන්නා පියවර පිළිබඳව මා දන්නේ නැහැ.’’

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දුන් විමල් වීරවංශ මහතා

ප‍්‍රශ්නය :- යහපාලනය ගැන මොකද හිතන්නේ?

පිළිතුර :- (සිනාසෙමින්) යහපාලනය ගැන අහලා මාව කූඩුවට දාන්නමද හදන්නේ?

මේ තමයි යහපාලනයේ හැටි. මෙවැනි දේශපාලන දඩයමක් අප දන්නා ඉතිහාසය තුළ සිදුව නැහැ. පැහැදිලිවම අද අපරාධ විමර්ශන අංශයේ, පොලීසියේ පිරිස් බලවත් පීඩාවට පත් කරලා මේ දඩයමට පොළඹවනවා. ‍මේ කටයුතු හිතක් පපුවක් තියෙන මිනිස්සු විදිහට මේ නිලධාරීන් හිතලා, සිය කැමැත්තෙන් කරන දේවල් කියලා අපි හිතන්නේ නැහැ. නමුත් අද මේ ආයතනවලට විශාල දේශපාලන බලපෑමක් එල්ල වී තිබෙනවා. වැරදි වුවත් නිවැරදි වුවත් මේ නිලධාරීන්ට ඇතැම් ක‍්‍රියාමාර්ග ගැනීමට බලකෙරී තිබෙනවා. අපි හිතනවා මේ තත්ත්වය වෙනස් කරන්න මේ රටේ ජනතාව ඉතාම බලවත්ව පෙරට ආ යුතුයි කියලා.

ප‍්‍රශ්නය :- ඔබගේ ඉදිරි දේශපාලන ක‍්‍රියාමාර්ග මොනවාද?

පිළිතුර :- ඉදිරියේදී එන මහ මැතිවරණයට අපි සූදානම්

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2015-05-20

06 07 08 09 10

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*