BREAKING NEWS

මේක කළු කොටින්ට නිදහස ලැබෙන කොටි ත‍්‍රස්තවාදය පැරදවීමට නායකත්වය දුන් අයට හිරගෙවල් ලැබෙන යුගයක් – ජානිපෙ නායක විමල් වීරවංශ

11018639_419023841592496_4501672295443352641_nකළු කොටින්ට නිදහස් දිනයේදී නිදහස ලැබෙන, කොටි ත‍්‍රස්තවාදය පැරදවීමට නායකත්වය දුන් පුද්ගලයන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සිර ගෙවල් ලැබෙන යුගයක් දැන් උදාවී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අද(23* දිනයේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව කළ කැඳවීමකට අනුව, 2011 දී තමන්ට විරුද්ධව ඉදිරිපත්ව ඇති පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාදීමෙන් අනතුරුව එම අවස්ථාව ආවරණය කිරීමට පැමිණි දෙස් විදෙස් මාධ්‍යවේදීන් අමතමින් විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය

‘‘මේක කළු කොටින්ට නිදහස් දිනයේ නිදහස ලැබෙන, කොටි ත‍්‍රස්තවාදය පැරදවීමට නායකත්වය දීපු පුද්ගලයන්ට හා ඔවුන්ගේ පවුල්වල උදවියට හිර ගෙවල් ලැබෙන යුගයක්. ඒ වෙනස තමයි අද ලංකාවේ සිදුව තිබෙන්නේ.

2011 දී ලැබුණු පැමිණිල්ලකට අදාළව කටඋත්තර දීමට තමයි මාව අද අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයට කැඳවා තිබුණේ. ඒ අනුව මම මාගේ ප‍්‍රකාශය ඔවුන් ඉදිරිපිට සිදුකරනු ලැබුවා. ඉදිරියේදී යළි මාව මෙතනට කැඳවීමට ඉඩ තිබෙනවා. ‘මැතිවරණ සමයේදී පෙළපාළියක් ගියාය’ කියන චෝදනාව තමයි තියෙන්නේ. ‘අයුතු ජනරාශිය’ කියන පැත්තට බර වූ පැමිණිල්ලක් බවයි පෙනෙන්නේ. එපමණයි අද මේ සිදුවීම පිළිබඳ කීමට ඇත්තේ.

එහිදී මාධ්‍යවේදීන් නැ`ගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දුන් විමල් වීරවංශ මහතා

01. ඔබගේ බිරිඳගේ සිදුවීම පිළිබඳ කරුණු විමසුවාද?

ඒක වෙනම පැමිණිල්ලක්, මේක වෙනම පැමිණිල්ලක්, පැමිණිලි දෙකක්, නෝනාට එක පැමිණිල්ලක් තිබෙනවා. මට වෙනම පැමැණිල්ලක් තිබෙනවා. මම දන්නේ නැහැ 11017127_419024008259146_233690639112374786_oඉදිරියේදී දරුවන්ටත් විරුද්ධව පැමිණිලි ඉදිරිපත්වීමට ඉඩ තිබෙනවා.

02. මෙසේ ඔබලාට විරුද්ධව පැමිණිලි ඉදිරිපත්වීම පිළිබඳව කීමට ඇත්තේ කුමක්ද?

18 වැනිදා නුගේගොඩ රැුලියෙන් පස්සේ යපාලන බලධාරීන් බොහෝ විස්සෝපයට පත්ව ඇති බවයි අපට පෙනෙන්නේ. එම රැුලියෙන් පස්සේ එතුමන්ලාගේ හෘද ස්පන්දන වේගය වැඩිවනකොට අපිව මෙවැනි තැන්වලට කැඳවන එකත් වැඩිවෙනවා. අපට එරෙහිව නීතිය මේ විදියට බලගන්වන එකත් වැඩි වෙනවා. මගේ බිරිඳ, මම, එහෙම නැතිනම් මගේ දරුවන් මොන විදියකට හරි කොටු කරලා මේ යහපාලන බලධාරින් බලනවා, අපි යන දේශපාලන ගමන වළක්වන්න පුළුවන්ද කියලා. ඔහොම නොවෙයි කොහොම කළත් මේ අයට අපි යටත් වෙන්නේ නැහැ. අපි දණ ගහන්නෙත් නැහැ. අපි යන ගමන අපි තෝරලා තිබෙන ආකාරයට අපි යනවා. එහි කිසිදු වෙනසක් වෙන්නෙ නැහැ.

03. ව්‍යාජ ගමන් බලපත‍්‍රයක් සැකසීම පිළිබඳ වීරවංශ මහත්මියට එල්ලවී ඇති චෝදනාව ගැන කුමක්ද කීමට ඇත්තේ?

මේ චෝදනාව සම්පූර්ණයෙන්ම බොරුවක්. මේ ආකාරයට බොරුවක් සමාජගත කරලා අපේ දේශපාලන ගමන වළක්වන්නයි මේ අය හදන්නේ. මේ පිළිබඳව සත්‍ය අපි උසාවියේදී අනාවරණය කරනවා. එදාට ඔබලාට ඒ පිළිබඳව බලාගන්න පුළුවන්. බොහොම ස්තූතියි.

About the Author

Leave a Reply

*