BREAKING NEWS

මේක තමයි ”Neo – Liberalism” න්‍යාය පත්‍රය : ගොවියා හතරගාතෙන් ඇද වට්ටලා සින්නක්කර ඔප්පුව දෙනවා ‘ඔන්න ඕක විකුණලා දාපන් මිනිහෝ ’ කියලා

මේක තමයි ”Neo – Liberalism” න්‍යාය පත්‍රය : ගොවියා හතරගාතෙන් ඇද වට්ටලා සින්නක්කර ඔප්පුව දෙනවා ‘ඔන්න ඕක විකුණලා දාපන් මිනිහෝ ’ කියලා
– ජානිපෙ නායක විමල් වීරවංශ

සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත වැනි නීති මගින් බැඳුම්කර සොරකම් නීතිගත කරමින්, සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම මගින් මේ රටේ වෘත්තිකයන්, ශ්‍රමිකයන්ගේ රැකියා අවස්ථා අහිමි කරමින් මේ ආණ්ඩුව තම බටහිර ස්වාමිවරුන්ගේ අභිලාෂයන් ඉටු කරමින් ක්‍රියාත්මක කරමින් සිටින්නේ නව ලිබරල්වාදී න්‍යාය පත්‍රයක් බවත් එමගින් මේ රටේ ආර්ථිකය හතරගාතෙන් ඇද වැට්ටවීම මිස අන් යමක් සිදු නොවන බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අද (25) පාර්ලිමේන්තුවේ පැවැති මුදල් පනත් කිහිපයකට අදාළ රෙගුලාසි පිළිබඳ විවාදයකට එක් වෙමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

‘පිත්තල කොපමණ මැද්දත් එහි ගඳ යවන්න බැහැ’ කියා කතාවක් තිබෙනවා. මේ ආණ්ඩුවත් ඒ වගේයි. බොරු දැන්වීම් කප්පරක් දැම්මත් ආණ්ඩුවේ ගඳ යවා ගන්න බැරි වෙලා තිබෙනවා. මේ ආණ්ඩුව බලය ලබා ගත්තේ ස්වදේශික ජනතාවගේ අපේක්‍ෂාවන් මල් ඵල ගැන්වීමට ද? එහෙම නැතිනම් තමන්ට බලයට ඒමට තිරය පිටුපස සිට උදව් කළ විදේශික ස්වාමිවරුන්ගේ අභිලාෂයන් ඉටුකර දීමට ද? කියා දැන් ජනතාවට පැහැදිලි වී තිබෙනවා.

නව ලිබරල්වාදී ආර්ථිකයට සිත් සේ වැඩීමට ඉඩකඩ සලසා දීමයි මේ ආණ්ඩුව වසර තුනක් තිස්සේ සිදු කළේ. ඒ අනුව විදේශ ව්‍යවසායකයාට, කළු සල්ලි ජාවාරම්කරුවාට මේ රටේ ආර්ථික මර්මස්ථානවලට කඩා වැදීමට පැවැති බාධාවන් ඉවත් කර දීම මේ වසර තුන තුළ ඉතා හොඳින් සිදු වුණා.

නව විනිමය පාලන පනතක් ගෙන ආවේ මේ රටට කළු සල්ලි ගෙනවිත් ඒ කළු සල්ලිවලින් මේ රටේ ආර්ථික මර්මස්ථාන මිලදී ගැනීමට විදේශිකයන්ට තිබූ සියලු බාධාවක් ඉවත් කරමින්. ඒ අනුව ජාත්‍යන්තර මාධ්‍ය මගින් අනාවරණය කර තිබෙනවා, ශ්‍රී ලංකාව ලෝකයේ කළු සල්ලි සුදු කරන ප්‍රධානතම රටවල් හතරපහෙන් එකක් කියලා. ‘කළු සල්ලි සුදු කරන තිප්පොළ’ කියන විරුදාවලිය මේ ආණ්ඩුව පසුගිය අවුරුදු තුන තුළ මේ රටට අරන් දුන්නා.

‘චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ මනෝ තිත්තවැල්ල’

ලයිකා මොබයිල් නැමැති කොටි හිතවාදී කුප්‍රකට සමාගමට ඊ. ඒ. පී. සමූහ ව්‍යාපාරය සතු සියලු සමාගම් විකුණන්න හදන ගනුදෙනුව පිටුපස ඉන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහ මනෝ තිත්තවැල්ල මහත්තයායි. ඊ. ඒ. පී. මාධ්‍ය ජාලය ලයිකා මොබයිල් සමාගමට දුන්නේ දේශීය සමාගමක් ඊට වඩා වැඩි ලංසුවක් තබා තිබියදීයි. නීතියට පටහැනිව ගොස් කැබිනට් අනුමැතියක් සහිතව ඒ කුප්‍රකට ගනුදෙනුව මේ ආණ්ඩුව විසින් සිදු කළා.

අද කළු සල්ලි සමඟ ලෝක පාතාලය, ලෝක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ශ්‍රී ලංකාවට රිංගමින් සිටිනවා. නව ලිබරල්වාදයට උවමනා ‘එන්ජින් ඔයිල් ටික’ තමයි හොරකම නීතිගත කිරීම. මහ බැංකු බැඳුම්කර හොරකම අහුවුණා. දැන් නැට්ටේ හිටං ගොම. ඒ නිසා බැඳුම්කර හොරකම් නිත්‍යනුකූලව සිදු කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහට දැන් සිංගප්පූරුවට වී සිටින අර්ජුන් මහේන්ද්‍රන් අලුත් නීතියක් හදලා දුන්නා. ඒක තමයි පසුගිය දිනවල සම්මත කර ගත් ‘සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත’. ඒ පනත අනුව ලංකාවේ මේ වන විට පවතින සමස්ත රාජ්‍ය ණය මුදලින් 10%ක් දක්වා වන ණයක් අගමැතිවරයාට කැමති පොලියකට, කැමති හෙට්ටියකුගෙන් ගන්න පුළුවන්. ඔන්න දැන් බැඳුම්කර හොරකම ආයතනගත කොට තිබෙනවා.

මේ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිය යටතේ මේ ආණ්ඩුව කළ තවත් දෙයක් තමයි, පාන්පිටි සමාගම්වලට හා කිරිපිටි සමාගම්වලට බදු සහන ලබා දීම. මේ ගජමිතුරු සමාගම්වලට බදු සහන දීමෙන් ඇමතිවරුන්ට කොමිස් ලැබුණාට පාන්පිටි හෝ කිරිපිටි මිල ශත පහකතින් හෝ අඩු වූයේ නැහැ. පාන්පිටි සමාගම්වලට වසරකට ලබාදෙන බදු සහනය රුපියල් මිලියන 34,000ක්. එය මහ බැංකු මහ මංකොල්ලයෙන් ක්‍ෂණිකව සිදු වූ පාඩුවට සමාන දැවැන්ත මුදලක්. කිරි ගොවියා ගැන ඇහැක් ඇරලා නොබලපු මේ ආණ්ඩුව කිරිපිටි සමාගම්වලට වසරකට දෙන බදු සහනය රුපියල් මිලියන 18,000ක්. වැට් බදු නොගෙවන සමාගම්වලට හිරේ යන්න වෙනවා. නමුත් මේ විදිහට මහා පරිමාණ සමාගම්වලට බදු සහන දීලා බදු නොගෙවීමේ හොරකම ආයතනගත කරනවා.

ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළඳ ගිවිසුම

දැන් කැබිනට් එකටත් කොළේ වහලා ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමක් ගහලා තිබෙනවා. මේක ගෙනවිත් තිබෙන්නෙත් හොරකම ගිවිසුම් හරහා නීතිගත කර ගැනීමේ නව ලිබරල්වාදී ආර්ථික මූලෝපායන් අනුවයි. මේ මගින් සිංගප්පූරුවේ ලියාපදිංචි මෑන්පවර් සමාගම්වලටත් මේ රටට සේවකයන් එවන්න ඉඩ සැලසෙනවා. වෘත්තිකයන්ගේ පමණක් නොවෙයි, මේ රටේ මේසන් බාස් උන්නැහේගේත් ශ්‍රමයේ වටිනාකම හෑල්ලු කරන්නයි මේ හදන්නේ. වී වවන්නේ නැති සිංගප්පූරුවට වී සඳහාත් බදු සහන දී තිබෙනවා. තායිලන්තයේ වී අතිරික්තයක් තිබෙන කාලයට ඒ බදු සහනය යටතේ සිංගප්පූරුව ලංකාවට වී පටවන්නත් පටන් ගනීවි. මේ ගිවිසුම අනුව ‘සිංගප්පූරුවේ නිෂ්පාදනය කරන ලදී’ කියන ලේබලය ගහලා මේ රටට ඕනෑම කුණුගොඩක් රැගෙන එන්න නීතිමය ඉඩකඩක් හදලා දීලා තිබෙනවා. අපේ රටේ අහිංසක අම්මලා මැද පෙරදිග කඹුරලා එවන ඩොලර් ටික හූරාගෙන යන්න සිංගප්පූරු ගිවිසුම අනුව එන විදේශික ශ්‍රමිකයාට දැන් ඉඩකඩ විවර වෙමින් තිබෙනවා.

‘මේ මව් පොළොව ගැන කිසිම හැඟීමක් නැති ආණ්ඩුවක්’

මේ මව් පොළොව පිළිබඳව කිසිදු තෙතමනයක්, හැඟීමක් තමන්ට නැහැ කියලා මේ ආණ්ඩුව දැනටමත් පෙන්වා දීලා ඉවරයි. ඔවුන් ක්‍රියාත්මක කරන්නේ තමන්ගේ විදේශික ස්වාමිවරුන්ගේ නව ලිබරල්වාදී උපායමාර්ගයට අදාළ ක්‍රියාමාර්ග පමණයි. දැන් බලන්න, බලපත්‍රලාභී ඉඩම් හිමි පවුල් ලක්‍ෂ 20කට සින්නක්කර ඔප්පු දෙන කතාවක් මට පෙර කථා කරපු එරාන් වික්‍රමරත්න ඇමතිවරයා පැවසුවා. මේ කතාව මතුපිටින් හරි සුන්දරයි, මානුෂිකයි. නමුත් මෙතැන තිබෙන මේ අයගේ පරමාර්ථය හොඳ එකක් නොවෙයි. දැන් එක පැත්තකින් විදේශිකයන්ට මේ රටේ ඉඩම් සින්නක්කරව මිලදී ගන්න නීති ගෙනාපු මේ ආණ්ඩුව මෙතැනදී බලාපොරොත්තු වෙන්නේ කුමක් ද? අපේ රට අධිනාගරීකරණය වී නැත්තේ, යටිතල පහසුකම් සහිතව ග්‍රාමීය කෘෂිකර්මාන්තය රැකී තිබෙන නිසයි. ඒ නිසා නගරයට සංක්‍රමණය නොවී ග්‍රාමීය ජනතාව කෘෂිනිෂ්පාදනයෙහි යෙදෙනවා. නමුත් මේ ආණ්ඩුව බලයට ආපු දවසේ ඉඳන් ගොවියාට වින කළා. පොහොර සහනාධාරය කැපුවා. වීවලට සහතික මිලක් ලබා දුන්නේ නැහැ. දැන් ගොවිබිමේ මුල් ඇද තිබූ ‘ගොවියා නැමැති ගස’ මුලෙන් උදුරා දමා තිබෙනවා. ණය තුරුස් වී සිටින බලපත්‍රලාභී ඉඩම් හිමි ගොවියාට දැන් සින්නක්කර ඔප්පුවක් ලබා දුන්නාම ඔහු ඉඩම් විකුණා ණය තුරුස්වලින් ගැලවීමට ඇති ඉඩකඩ වැඩියි. මේ ආණ්ඩුව පළමුව ගොවියා ණයකාරයකු කළා. පසුව සින්නක්කර ඔප්පු දී ගොවිබිම විකුණා යන තැනට ඔහුව පත් කරනවා.

ඒ විකුණා දමන කුඹුරුවල විදේශ සමාගම් සමඟ එකතු වී ‘සෝලා පවර් ප්ලාන්ට්’ හදන්න මේ ආණ්ඩුව දැන් සූදානම් වෙමින් ඉන්නවා. මේක තමයි මේ අයගේ බටහිර ස්වාමිවරුන්ගේ නව ලිබරල්වාදී ආර්ථික න්‍යාය පත්‍රය. මෙවැනි ඉරණමකට මේ රටේ ආර්ථිකය ඇද දමා ඇති මේ ආණ්ඩුවේ ජනාධිපතිවරයා කියනවා, ‘මේ විදියට වැස්සොත් ආර්ථික වර්ධන වේගය 2.5%කින් වැඩි වේවි’ කියා. එතුමාට අනුව මේ වැස්ස සල්ලි වැස්සක්. ඒක අතුරු කතාවක්. මේක තමයි ”Neo – Liberalism” න්‍යාය පත්‍රය. ඒ අනුව ගොවියා හතරගාතෙන් ඇද වට්ටලා සින්නක්කර ඔප්පුව දෙනවා. ‘ඔන්න ඕක විකුණාලා දාපන් මිනිහෝ’ කියලා. මුදලාලි අතට ඒ ඉඩම් යනවා. ඒ විදියට ග්‍රාමීය කෘෂිකාර්මික පැවැත්ම සම්පූර්ණයෙන්ම වැනසී ගිහිල්ලා ඒ ඉඩම් වාණිජකරණයට ලක් වෙනවා. මහින්ද රාජපක්‍ෂ ගෙදර යවලා බටහිර ස්වාමිවරුන් තමන්ගේ ‘සත්තු ටික’ බලයට ගෙනාවේ මේ පාපතර න්‍යාය පත්‍රය ක්‍රියාවට නඟන්න.

‘ණය බර 40%කින් ඉහළ දැම්මා’

මේ ආණ්ඩුවේ ආර්ථික වර්ධනය ගැන කථා කරන්නත් ලැජ්ජයි. මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ යුද්ධයක් තිබිලත් 2014 වන විට ආර්ථික වර්ධන වේගය 7%ක අගයකට ගෙන ආවා. නමුත් 2015 දී 5%, 2016 දී 4.5%, 2017 දී 3.1%යි. 2018 දී මේ ආණ්ඩුවට හොම්බෙන් යන්න තමයි වෙන්නේ. ඒ විතරක් නොවෙයි, 2014 අග වන විට පැවැති ණය බර රුපියල් බිලියන 7391යි. 2017 අග වන විට ණය බර රුපියල් බිලියන 10312යි. මේ ආණ්ඩුව වසර තුනක් තුළ මේ රටේ ණය බර 40%කින් ඉහළ දමා තිබෙනවා. මොන ඉටි ගෙඩියක්වත් හදලා නොවෙයි මෙලෙස ණය බර වැඩි කොට ඇත්තේ. මේ වසර තුන තුළ රුපියල 19%කින් බාල්දු කර තිබෙනවා. මෙවැනි දෙයක් යුද්ධය පැවැති කාලයේදීත් සිදු වුණා ද? එදා මංගල අපිත් සමඟ ඉන්නකොට කීවා, ‘රනිල්ට බැහැ’ කියලා. නමුත් දෙන්නා එකට ඉන්න කොට පෙනෙනවා ‘මේ දෙන්නාට නොවෙයි, මේ ආණ්ඩුවටම බැහැ’ කියලා. මේ ආණ්ඩුව මේ රටේ ආර්ථිකය හතරගාතෙන් ඇදවට්ටමින් තිබෙනවා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2018/05/25

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    එක්සත් ජාතීන්ගේ සංවිධානෙට කියල කියලා මැයි මාසේ පූර්ණ හඳ පායන දවස හෙවත් වෙසක් දවස විශේෂ නිවාඩු දිනයක් කර ගත්ත ලංකාව උඩ බලන් ඉන්දැද්දී එක්සත් ජාතීන්ගේ සංවිධානේ ඇතුළු ලෝකේ අනිත් රටවල් අද වෙසක් සමරනවා. දන්නවද විමල් මේ ආණ්ඩුව ජනතාවට අන්තෙටම එපා වෙලා තියෙන්නේ මොකොද කියලා ආයේ අළුතින් ජාත්‍යන්තරයට කියලා දෙන්න දෙයක් නැහැ. මුළු ලෝකෙම දන්නවා යහපාලන ආණ්ඩුවේ වැඩ සම්පූර්ණයෙන්ම රටට සහ ජනතාවට විරුද්ධ අතට කියලා.

  2. Champa Reply

    පෙත්තා කිව්වට තරහ වෙලා නැහැ. (තව රාජපක්ෂ කෙනෙක්ගෙ) බත් ගොට්ට කිව්වටත් තරහ වෙලා නැහැ. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම් එක්කෝ නපුරුවංශ දැන් ඉස්සර තරම් නපුරු නැහැ. නැත්නම් මට බයයි.

  3. Champa Reply

    I very much like this speech of yours at the Parliament. Impressive. You never stop amazing me.

  4. Champa Reply

    දැක්කද තලන්ගේ cartoon එක? කෝල්ස් 2යි, මිලියන 1යි. එතකොට සේනසිංහ නේද COPE එකේ ඉන්න ගමන් calls 200 ගානක්ද කොහෙද දීල තිබුනේ. කෝල්ස් 200යි මිලියන් 100යි. Not bad.

    • Champa Reply

      දැනුයි දැක්කේ “සරදම්ගේ” cartoon එක. 😀 😀 😀

  5. Champa Reply

    අද පෝය මොකක්ද ආණ්ඩුවේ කැලැන්ඩරේ හැටියට? අද පොසොන්ද? නැහැ නේද? පොසොන් වෙනස් කලේ නැත්ද? එතකොට මේ අද මැයි මාසේ පෝය මොකක්ද? බලන්න සාමාන්‍යයෙන් බෞද්ධයො වෙනද මොනවා කෑවත් පෝය දවසට මස් මාළු බිත්තර විතරක් නෙමෙයි උම්බලකඩවත් කන්නේ නැහැ. එළවලුයි බතුයි නේ කන්නේ. මම නම් මස් කන්නේ නැහැ. නමුත් මිනිස්සු එහෙමයි නේ පෝයට ඒවා කන්නේ නැහැ. ඊළඟට වෙසක් සහ පොසොන් දවස් විශේෂයි. වෙසක් වලට ඉස්සෙල්ල සති දෙකේ නැත්නම් ඉස්සෙල්ල සතියයි පස්සේ සතියයි, කොහොම හරි සති දෙකක්, සමහරු එක සතියක්, බෞද්ධයෝ මස් මාළු කන්නේ නැහැනේ නේද? ඊළඟට පොසොන් සතියෙත් එහෙමනේ. මස් මාළු උම්බලකඩ මුකුත් කන්නේ නැහැනේ නේද? දැන් බලන්න මේ පාර ඒක වැරදුනානෙ. නුවර වුනත් මට හරියට මතක නැහැ දැන්, වෙසක් සතියේ එක සතියක් හරි දෙකක් හරි මස් serve කරන්නේ නැහැ hotels වලවත් restaurants වලවත්. දැන් මේ පාර මොකක්ද දන්නේ නැහැ කරේ? අප්‍රේල් ආණ්ඩුව දාපු වෙසක් සතියේ නුවර restaurants වල මස් මාළු තිබුනද නැත්ද? නැත්නම් මේ සතියේද එහෙම කරන්නේ? අනේ බලන්න ඉතින්. මටත් මේක පැටලුනානේ. සමහරු කියන්න පුළුවන් හැමදාම ඒවා කනවා බොරුව එක දවසක් විතරක් කන්නේ නැහැ කියල. හැබැයි අපි මිනිස්සුන්ව encourage කරන්න ඕනේ අඩු ගානේ එක දවසක් හරි සතියක් එහෙමෙ මස් මාළු බිත්තර නොකා ඉන්න එක ගැන. බලන්න ඉතින් මේ ආණ්ඩුව තනිකරම අපේ වෙනද තිබුණු බෞද්ධ සිරිතුත් වෙනස් කරවලනේ. මීට කලින් මට කවදාවත් මේක පැටලුනේ නැහැනේ. අනේ ඇත්තමයි, පෝලිමට තියල රටෙන් පිටුවහල් කරන්න ඕනේ මෛත්‍රීයි රනිලුයි යහපාලන ඇම්බට්ට රැලයි.

  6. Champa Reply

    Iftar competition එක දැක්කහම මට හිනා යනව.

    This is about something else. Colombo port city එකට නම් මම පොඩ්ඩක් වත් කැමති නැහැ. හැබැයි අර අක්කර 120ක විතර මාගම්පුර හදපු man-made island එක හොඳ අදහසක්. ඔයාගේ godfatherට port city එක හදන්න තිබුනේ එතන හෙක්ටයාර් 40ස් ගානක නෙමෙයි හෙක්ටයාර් 200ක විතර, ලංකාවට අයිතිය තියාගෙන. අයියෝ එච්චර එකක් හිතුනේ නැත්තේ ඇයි?

  7. Champa Reply

    අයියෝ නැගෙනහිර තෙල් හාරන එකත් ඇමරිකන් කොම්පැනියකට දීල. Oil blocks ටිකත් හෙමිහිට විකුනන වැඩක් මේක. ඔයාට පේනවද මේ වගේ වැඩ හුඟක් එකපාරට දැන් වෙනවා. මම හිතන්නේ එක්කෝ මේ ආණ්ඩුව ගෙදර යන හින්ද ගන්න පුළුවන් හැමදේම ගන්න හදනවා අනිත් රටවල්. අනිත් අතට යහපාලන දේශපාලුවෝයි වටේ ඉන්න නිලධාරී ටිකයි හිතනවා ඇති යන යකා කොරහත් බිඳන් commissionනුත් ගහන යන්න. ලොකු commission එකක් දෙනවා කිව්වා ගමන් ඕනේ රටකට ඉඩ දෙනවා ඕනේ දෙයක කරගන්න.. කෝ ඔයාගේ press briefings? දෙන්නකො අනේ කන් අඩි පුපුරන්න. අඩු ගානේ මිනිස්සුන්වත් දැනුවත් වෙනවා. ඔයා නැතුව ඕව හරියට කියන්න කෙනෙක් නැහැ.
    Seriously, someone should keep a close tab on Yahapalanaya. There are many things to be corrected in the future.

  8. Champa Reply

    ලංකාවේ මේ අරන් යන්නේ කොහෙද මට තේරෙන්නේ නැහැ. මට තව කියන්න බැරි දේවලුත් තියෙනව. සිංහල ජාතියට අපේ සංස්කෘතියට හුරු ලැජ්ජා බය දෙකත් නැති කරන තැනට තමයි වැඩ සිද්ධ වෙන්නේ. බටහිර රටකත් නොවෙන විදියට.

  9. Champa Reply

    Where are you? Are you ok?

  10. Champa Reply

    You have sent a very sensible letter to the Speaker. Excellent. You can speak on behalf of MPs in the JO including MR. What you said is true. People have a right to know and those who are not involved also have a right to show people that they are not involved.
    But a non-Parliamentarian was handsomely rewarded through another person, I heard.

  11. Champa Reply

    අර පැත්තේ රණ්ඩුවක් වගේ නේද? හැබැයි මම හිතන්නේ ඒක එහෙම නෙමෙයි. දිගට හරහට රනිල්ට ගහන එකේ තේරුම මොකක්ද? මෛත්‍රී හදන්නේ රනිල්ව අයින් කරලා, නැහැ අයින් කරන්න බැහැනේ, රනිල්ට විරුධව UNP එකෙන් breakaway party එකක් වගේ හදල, හංසයාට චන්දෙ දුන්නු මිනිස්සුත් එකතු කරගෙන New-UNP, TNA, Muslim parties එක්ක ආපහු පෙරමුණක් හදා ගන්න. හැබැයි එයා ඉල්ලන්නේ නැහැ.

    අර බලන්න ඉතින් මෛත්‍රී ගේ අනිත් කතාව. කතාවෙන් පැහැදිලිවම පෙන්නේ මෛත්‍රී මහින්දට ආයේ බලය ලැබෙන්න දෙන්නේ නැහැ කියන එක. උඩින් මොනව පෙන්නුවත් යටින් වෛරය තියෙනව. ඒකයි තජුඩීන්ගෙ කතාව විතරක් කිව්වේ. ඇයි අනිත් කතා ලසන්ත, කීත් නොයාර් ගැන එහෙම කිව්වේ නැත්තේ? ඒවාට ගෑවිලා ඉන්නේ ගෝඨාභය නිසා . මෛත්‍රී කවදාවත් ගෝඨාභය හරි බැසිල් ගැන හරි මුකුත් කියල තියෙනව අහල තියෙනවද? පහුගිය චන්දෙදි මෛත්‍රී විවේචනය කලේ මහින්දව විතරයි. අනිත් දෙන්න ගැන වචනයක් කිව්වේ නැහැ. මොකක්ද මෙච්චර වෛරය? මට නම් තේරෙන්නේ නැහැ. පව් වැඩේ මහින්ද. හැබැයි ඉතින් මෛත්‍රීට ඕනේ දේ 2015 වුනාට, 2019 අග නම් සිද්ධ වෙන්න නැහැ.

    අර හෙලිකොප්ටර් කතාව ආයෙත් කියනවා. එයාට මතක නැහැ මහින්ද මැදමුලනට යනකොට එයා ජනාධිපති විදියට දිවුරුම් දීල නැහැ කියලා. රනිල් අගමැතිත් නෙමෙයි. එතකොට හිටිය අගමැති දිමුනේ. අලුත් ජනාධිපති දිවුරුම් දෙනකම් transitional period එකක් හැදෙනවා. හැබැයි අලුත් ජනාධිපතිට බලය ලැබෙන්නේ දිවුරුම් දුන්නට පස්සේ. බලන්න කිසි කෙනෙක් හිතුවේ නැහැ මහින්ද එහෙම පරාජය බාර අරගෙන අරලිය ගහ මන්දිරෙන් යයි කියලා නේද? සාමාන්‍යයෙන් කෙනෙකුට නොපිහිටන තරමේ උදාර ගතිගුණ මහින්දට තියෙනව. මම හිතනවා එදා මෙදාතුර ලංකාවට හිටපු හොඳම සහ එකම දූරදර්ශී රාජ්‍ය පාලකයා මහින්ද. අපරාදේ වටේ හිටපු ඇම්බැට්ට රැල හින්ද නිකම් නාස්ති වුන. 2020 ලංකාව වෙනස් ගමනක් යනවා විමල්. ඒක නවත්තන්න කාටවත් බැහැ. ඒ ගමනේ ගෞරවය ලැබෙන්න ඕනේ මහින්දට මිසක් ගෝඨාභයට නෙමෙයි. ඒ හින්ද මහින්දව අයින් කරන්න මොන සෙල්ලම් දැම්මත් ඒක හරි යන්නේ නැහැ. හැබැයි නිකම් බලය ගන්න නෙමෙයි. රට වෙනුවෙන් ඇත්තටම අලුත් වැඩ සටහනක් තියෙන්න ඕනේ මිනිස්සුන්ට ඉදිරිපත් කරන්න. දැම්ම ඕනේ නැහැ. ඒ දවස් වෙනකොට එක පැයක් ඇති ඒක සාකච්චා කරන්න. ඕගොල්ලෝ දාන්නේ කාවද මම දන්නේ නැහැ. හැබැයි රූපවාහිනිය ඉස්සරහට ගිහින් තමන්ගේ ප්‍රතිපත්ති මිනිස්සුන්ට convince වෙන විදියට කියන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. දැන් ඉන්න ම්නිස්සු 2015 වගේ නෙමෙයි. මිනිස්සුන්ට හැම එකම දැන ගන්න ඕනේ. DJ ලියල තිබුන LG චන්දෙන් ඕගොල්ලන්ට 40% ක් ලැබුන කියල. ඉතුරු ටිකට ඒ කියන්නේ තව 11%ක් හදා ගන්න UNP විරෝධී SLFP & other දේශපාලකයන් එක්ක එකතු වෙන්න ඕනේ කියලා. ඒ කතාවේ ඇති වැඩක් නැහැ. තියෙන එකම අභියෝගය අනිත් පැත්තේ චන්ද ආකර්ෂණය කර ගන්න එක. තව 20% ක් එකතු කරගන්න එක. ඒකට අනිත් පැත්තේ දේශපාලකයෝ පස්සේ ගිහින් වැඩක් නැහැ. ඒ මොකොද කිව්වා නම් අනිත් පැත්තේ බහුතරයක් මිනිස්සුන්ට පක්ෂ නැහැ නිසා දැන්. ඒ හින්ද කරන්න ඕනේ කෙලින්ම ජනතාවට කතා කරන එක. මිනිස්සුන්ගේ හදවතට කතා කරන එක. මිනිස්සුන්ගේ මොලේට කතා කරන එක.

  12. Champa Reply

    සරත් ෆොන්සේකා නම් චූටි රුපියලක් අරන් තියෙන්නේ. ඒක වැඩක් නැහැ. හැබැයි සේනසිංහට කොච්චර දීලද කියලා බලන්න වටිනවා.

Leave a Reply

*

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.